ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසය වසර 3000ක් පමණ අතීතයට විහිදෙන අතර සහ සාක්ෂ්‍ය සහිත ප්රාග් ඓතිහාසික මානව ජනාවාසයන්ගේ ඉතිහාසය අවම වශයෙන් වසර 125,000 ක් දක්වා විහිදේ. දිවයිනෙහි භූගෝලීය පිහිටුම සහ ඒ සබැඳි වරාය පිහිටීම්, පුරාණ සේද මාවත ක්‍රියාත්මකවූ සමයේ පටන් දෙවන ලෝක යුද්ධය දක්වාද ශ්‍රී ලංකාවට උපායමාර්ගික වැදගත්කමක් ඇතිකරවා තිබිණි අතීතයේ දී අපරදිග විදේශිකයන් විසින් නිල වශයෙන් හෙලංකා, ලංකා, සිංහලේ යනුවෙන්ද, අරාබිවරුන් සීලාන්, සිලෝන්, සහ තැප්‍රෝබේන් යන නම්වලින් හඳුන්වා ඇත. හෙළය, තම්බපන්නි, , , ඉන්දියන් සාගරයෙහි මුතු ඇටය හා පෙරදිග ධාන්‍යාගාරය ආදී අන්වර්ථ නාම සහ විරුදාවලිවලින් ද ශ්‍රී ලංකාව හඳුන්වන ලදී. දෑත් එක්කොට ආයුබෝවන්/ආයිබෝං කීම ශ්‍රී ලාංකික සිංහලයන් අන් අය පිළි ගැනීමට භාවිතා කරන සාම්ප්‍රදායික ක්‍රමයයි
ජාතික ගීය: "ශ්‍රී ලංකා මාතා" (ඉංග්‍රීසි: "Mother Sri Lanka") මෙනුව 0:00 | |
අගනුවර | ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ(පරිපාලන) කොළඹ (වාණිජ) |
---|---|
විශාලතම නගරය | අනුරාධපුරය |
නිල භාෂාව(න්) | සිංහලදෙමළ |
Recognized | ඉංග්‍රීසි |
ශ්‍රී ලාංකික | |
රජය | ඒකීය ප්‍රජාතාන්ත්‍රික ජනරජයකි |
• ජනාධිපතිවරයා | රනිල් වික්‍රමසිංහ |
• අග්‍රාමාත්‍යවරයා | දිනේෂ් ගුණවර්ධන |
• පාර්ලිමේන්තු කථානායක | මහින්ද යාපා අබේවර්ධන |
• අගවිනිසුරු | |
ව්‍යවස්ථාදායකය | පාර්ලිමේන්තුව |
නිදහස | |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 65,610 km2 (25,330 sq mi) (122වන ස්ථානය) |
• ජලය (%) | 4.4 |
ජනගහණය | |
• 2012 ජන සංගණනය | 20,277,597 () |
• ඝණත්වය | 309/km2 (800.3/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2016 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | ඇ.ඩො.බි.237.791 |
• ඒක පුද්ගල | ඇ.ඩො.11,189 |
දදේනි (නාමික) | 2016 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | ඇ.ඩො.බි.82.239 |
• ඒක පුද්ගල | ඇ.ඩො.3,870 |
ගිනි (2010) | 36.4 මධ්‍යම |
මාසද (2014) | 0.757 ඉහළ · 73වන ස්ථානය |
ව්‍යවහාර මුදල | ශ්‍රී ලංකා රුපියල () |
වේලා කලාපය | UTC+5:30 (SLST) |
දින ආකෘති |
|
ඇමතුම් කේතය | +94 |
වෙබ් අඩවිය gov.lk |
ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකා ඡායාරූපයක් ශ්‍රී ලංකාව (ඉංග්‍රීසි: Sri Lanka or i;, දෙමළ: இலங்கை ඉලං(ඞ්)ගෛ), නිල නාමය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය (පැරණි නාමය ලංකාව), යනු දකුණු ආසියාවට අයත්, ඉන්දියාවේ අග්නිදිග ප්‍රදේශයට සමීපව පිහිටා ඇති දූපත් රාජ්‍යයක් වේ. ශ්‍රී ලංකාව සතුව පවතින සමුද්‍රීය සීමාව වයඹ දෙසින් ඉන්දියාව සමගත් සහ නිරිත දෙසින් මාලදිවයින සමගත් මායිම්ව පවතී.
ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසය වසර 3000ක් පමණ අතීතයට විහිදෙන අතර සහ සාක්ෂ්‍ය සහිත ප්රාග් ඓතිහාසික මානව ජනාවාසයන්ගේ ඉතිහාසය අවම වශයෙන් වසර 125,000 ක් දක්වා විහිදේ. දිවයිනෙහි භූගෝලීය පිහිටුම සහ ඒ සබැඳි වරාය පිහිටීම්, පුරාණ සේද මාවත ක්‍රියාත්මකවූ සමයේ පටන් දෙවන ලෝක යුද්ධය දක්වාද ශ්‍රී ලංකාවට උපායමාර්ගික වැදගත්කමක් ඇතිකරවා තිබිණි. පසුකාලීනව ඇරඹුණු බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය සමයේ සිට වර්ෂ 1972 දක්වා කාලසීමාවේදී ශ්‍රී ලංකාව, ලංකාව (ඉංග්‍රීසී: Ceylon ) ලෙස හඳුන්වනු ලැබිණි.
බහුවිධ හා බහුසංස්කෘතික රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව, බොහෝ ආගම්, ජන වර්ග සහ භාෂා රැසකට නිවහන වේ. දිවයිනෙහි බහුතරය වූ සිංහල ජනතාවට අමතරව, එහි අනෙකුත් සුළු වාර්ගික කණ්ඩායම් ලෙස ශ්‍රී ලාංකික දෙමළ, , මරක්කල, බර්ගර්, මැලේ, සහ ස්වදේශීය වැදි ජනතාව වාසය කරනු ලබයි. ඉතා පොහොසත් බෞද්ධ උරුමයක් සතු ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉතිහාසමය බෞද්ධ ලේඛනගත කිරීම වන පාලි ත්‍රිපිටකය, ක්‍රි.පූ. 29 සිව්වන ධර්ම සංගායනා සමය තෙක් දිවයයි.
ශ්‍රී ලංකාව යටතේ පාලනය වන ඒකීය වේ. එහි පරිපාලන අගනගරය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වන අතර, වාණිජ අගනගරය කොළඹ නගරයයි.
ශ්‍රී ලංකාව සතු විදේශ සබඳතා දිගු ඉතිහාසයකින් සමන්විතය. ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ (සාර්ක් සංවිධානය) ආරම්භක සාමාජිකයෙකු වන අතර, එක්සත් ජාතීන්, පොදු රාජ්‍ය මණ්ඩලය, , සහ නොබැඳි ජාතීන් යන සංවිධානවලද වත්මන් සාමාජිකයෙකු වේ. ශ්‍රී ලංකාව වර්ථමානයේ දකුණු ආසියානු කලාපය තුල ඉහලම මානව සංවර්ධන දර්ශක අනුස්ථිතියක් පෙන්නුම් කරන රටවල් ද්විත්වය (අනෙක මාලදිවයින වේ) අතුරින් එකක්ද වේ.
පටුන
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය