පාලිත කුමාර තෙවරප්පෙරුම (Palitha Thewarapperuma, 3 මැයි 1960 – 16 අප්‍රේල් 2024), යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙකි. 2010 සිට 2020 දක්වා කාලය තුළ ඒ මහතා කළුතර දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇත. ඔහු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන සමයේදී සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය, තිරසාර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සහ අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
පාලිත තෙවරප්පෙරුම Palitha Thewarapperuma | |
සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය | |
තනතුර දරමින් 21 දෙසැම්බර් 2018 – 21 නොවැම්බර් 2019 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
විෂයභාර අමාත්‍ය | දයා ගමගේ |
පූර්වප්‍රාප්තිකයා | රන්ජන් රාමනායක |
අනුප්‍රාප්තිකයා | තනතුර පුරප්පාඩු වී ඇත |
තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය | |
තනතුර දරමින් 2 මැයි 2018 – 26 ඔක්තෝම්බර් 2018 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
විෂයභාර අමාත්‍ය | සරත් ෆොන්සේකා |
පූර්වප්‍රාප්තිකයා | සුමේධා ජයසේන |
අනුප්‍රාප්තිකයා | ආනන්ද අලුත්ගමගේ |
අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය | |
තනතුර දරමින් 6 අප්‍රේල් 2016 – 2 මැයි 2018 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
විෂයභාර අමාත්‍ය | එස්. බී. නාවින්න |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | |
කළුතර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 22 අප්‍රේල් 2010 – 3 මාර්තු 2020 | |
පුද්ගලික තොරතුරු | |
උපත | 3 මැයි 1960 ලංකා ඩොමීනියන් රාජ්‍යය (දැන් ශ්‍රී ලංකාව) |
විපත | 16 අප්‍රේල් 2024 (වයස 63) කළුතර, ශ්‍රී ලංකාව |
ජාතිය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | එක්සත් ජාතික පක්ෂය |
කලත්‍රයා | අමිතා නාලිංගනී අමරතුංග |
දරුවන් | 2 |
වාසස්ථාන | මතුගම |
ආනන්ද ශාස්ත්‍රාලය, මතුගම | |
රැකියාව | දේශපාලනඥ |
වෘත්තිය | ඉඩම් හිමිකරු |
මුල් දිවිය සහ අධ්‍යාපනය
පාලිත තෙවරප්පෙරුම මහතා 1960 මැයි මස 3 වැනිදා උපත ලැබීය. ඔහු මතුගම ආනන්ද ශාස්ත්රාල ජාතික පාසලේ ආදි සිසුවෙකි.
දේශපාලන දිවිය
පාලිත තෙවරප්පෙරුම මහතා දේශපාලනයට පිවිසියේ මතුගම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙසය. 2002 වසරේදී ඔහු එම සභාවේ සභාපතිවරයා බවට පත් විය. ඒ මහතා කලක් කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කළේය.
ඔහු 2010 වසරේදී පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර 2015 වසරේදී ඔහු නැවත තේරී පත් විය. 2015 වසරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ නායකත්වයෙන් යුත් යහපාලන රජය බලයට පත්වීමත් සමඟ පාලිත තෙවරප්පෙරුම මහතා නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස දිවුරුම් දුන්නේය. ඔහු තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා මෙන්ම අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා වැනි තනතුරු හෙබවීය.
2018 වසරේදී ඇති වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයකින් පසුව, බලයේ සිටි ඒ මහතා, තාවකාලික පිහිටුවන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජය යටතේ ඔහු, එම තනතුරුවලින් ඉවත් කරනු ලැබීය.
කෙසේවුවද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනා සහ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දු හේතුවෙන්, ඔහු සහ එක්සත් ජාතික පක්ෂය නැවත බලයට පත් කිරීමට සිදු කෙරුණි. ඒ පසුබිමකින් ඔහු සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
2019 වසරේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජය බලයට පත්වීමත් සමඟ, ඔහු රජයේ තනතුරවලින් ඉවත් වීමට තීරණය කර තිබේ. 2020 වසරේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් ඒ මහතා, නැවත වරක් තේරී පත්වීමට අසමත් වූ අතර සක්‍රීය දේශපාලනයෙන් සමුගැනීමට ඔහු තීරණය කර ඇත.
2020 වසරේදී ඇතිවූ කොවිඩ්-19 වසංගතය සමග පැනවූ නිරෝධායන ඇඳිරි නීති තත්ත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කය සිටින ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා ඔහු කටයුතු කරනු ලැබිය.
ආන්දෝලනාත්මක සිදුවීම්
2016 වසරේදී ගැටුමකට සම්බන්ධවීම හේතුවෙන් පාලිත තෙවරප්පෙරුම මහතා සතියක පාර්ලිමේන්තු තහනමකට පැනවීමට එවක පාර්ලිමේන්තු කථානායක කරූ ජයසූරිය මහතා විසින් පියවර ගෙන තිබුණි.2018 වසරේදී ඇතිවූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයේ පසුබිමක ඒ වසරේ නොවැම්බර් 15 වැනිදා පාර්ලිමේන්තු සභාගර්භය තුළ ඇති වූ තවත් ගැටුමකට සම්බන්ධ වූ ඒ මහතා, එහිදී ඔහු අතේ මොට පිහියක් තිබූ අතර එය භාවිතා කිරීමට අවශ්‍ය බව පෙනෙන්නට තිබුණත් සමහර මන්ත්‍රීවරුන් විසින් එය වළක්වනු ලැබීය.
2016 වසරේදී කළුතර මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට ළමුන් 9 දෙනෙකු ඇතුළත් කරන ලෙස බලකරමින් ඔහු උපවාසයක් ආරම්භ කළේය. එහිදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හෙන්තුවෙන් පොලිසිය විසින් ඒ මහතාව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළේය. සිද්ධය අතරතුර ඔහු ගෙල වැලලාගෙන සියදිවි නසා ගැනීමට තැත් කළේය. කෙසේ වෙතත් ඔහු කඩිනමින් රෝහලට ඇතුළත් කර සැත්කමකට භාජනය කර ඔහුගේ ජීවතය බේරා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය සමත් විය. සිද්ධියෙන් පසු එම සිසුන් පිරිස ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත් කර ඇත.
පෞද්ගලික දිවිය
පාලිත තෙවරප්පෙරුම මහතා අමිතා නාලිංගනී අමරතුංග මහත්මිය සමඟ විවාහ වී දෙදරු පියෙකු වූ අතර එක් දරුවෙකු 2015 අගෝස්තු මාසයේදී හදිසි අසනීපයකින් ජීවිතක්ෂයට පත්විය. ඔහු බෞද්ධයෙකි.
මරණය
2024 අප්‍රේල් 16 වැනිදා කළුතර දිස්ත්‍රික්කය, මතුගම, යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුට අයත් පොල් වත්තකට සිදුවූ අනතුරකින් විදුලි සැර වැදී පාලිත තෙවරප්පෙරුම මහතා ජිවිතක්ෂයට පත්වී ඇත. සිද්ධියෙන් පසු පෞද්ගලික වෑන් රථයකින් ඔහු කඩිනමින් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිටියේය. ඒ මහතා මිය යන විට 63වන විය පසුවිය. විදුලිසැර වැදීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් එම මරණය සිදුව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු විය.
පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 2024 අප්‍රේල් 19 වන දින ඔහු ජීවත්ව සිටියදී ඔහු විසින්ම තනාගනු ලැබූ සුසාන භූමියේදී සිදුකෙරුණි.
මූලාශ්‍ර
- හිටපු මන්ත්‍රීවරුන්ගේ නාමාවලිය. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව. 20 ඔක්තෝබර් 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 මාර්තු 2013.
- "පාලිත තෙවරප්පෙරුම : දිවි ගමනට සමුදුන් ජනතා සේවකයා". බී.බී.සී. පුවත් සේවය. 16 අප්‍රේල් 2024. සම්ප්‍රවේශය 23 අප්‍රේල් 2024.
{{}}
: CS1 maint: url-status () - පොතුපිටිය, රක්ෂණ ශ්‍රියන්ත; බණ්ඩාරගම, සුමිත් ප්‍රේමතිලක; ජයසිංහ, බිමල් (16 අප්‍රේල් 2024). . දිනමිණ. 17 අප්‍රේල් 2024 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 අප්‍රේල් 2024.
- සම්මන්, තාරකා (16 අප්‍රේල් 2024). "පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට". මව්බිම පුවත්පත. 17 අප්‍රේල් 2024 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 23 අප්‍රේල් 2024.
- ජයසිංහ, බිමල් ශ්‍යාමන්; පොතුපිටිය, සුමිත් (16 අප්‍රේල් 2024). "පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට". ලංකාදීප පුවත්පත. 17 අප්‍රේල් 2024 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 23 අප්‍රේල් 2024.
- "ශ්‍රී ලංකා අර්බුදය: බල අර්බුදයක ලේ විලක් ඇති වී ගැන බියක්". බී.බී.සී. පුවත් සේවය (ඉංග්‍රීසි බසින්). 29 ඔක්තෝම්බර් 2018. 30 ඔක්තෝම්බර් 2018 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 23 අප්‍රේල් 2024.
- අබි-හබීබ්, මරියා; බැස්ටියන්ස්, ධාරිෂා (16 දෙසැම්බර් 2018). "ශ්‍රී ලංකාවේ නොපිළිගත් අගමැති ධුරයෙන් ඉවත් වෙයි". ද නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත. 15 දෙසැම්බර් 2018 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 23 අප්‍රේල් 2024.
- අනුෂා ඔන්ඩාට්ජී (20 නොවැම්බර් 2019). "ජනාධිපතිවරණ පරාජයෙන් පසු ශ්‍රී ලංකා අගමැති ඉල්ලා අස්වෙයි". බීඑන්එන් බ්ලූම්බර්ග් පුවත් වෙබ් අඩවිය. 18 පෙබරවාරි 2024 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2024.
- "පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරණයට පත්වේ". ගොසිප් ලංකා නිව්ස් වෙබ් අඩවිය. 16 අප්‍රේල් 2024. සම්ප්‍රවේශය 24 අප්‍රේල් 2024.
{{}}
: CS1 maint: url-status () - "පාලිත තෙවරප්පෙරුමගේ මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් කෙරේ". අද දෙරණ. 17 අප්‍රේල් 2024. සම්ප්‍රවේශය 24 අප්‍රේල් 2024.
{{}}
: CS1 maint: url-status () - "ආදරණීයයන්ගේ සෝ සුසුම් මැද නිසල නිවහනට ගිය දඩබ්බරයා". අද දෙරණ. 19 අප්‍රේල් 2024. සම්ප්‍රවේශය 24 අප්‍රේල් 2024.
{{}}
: CS1 maint: url-status ()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය