ටීවී දෙරණ යනු ශ්‍රී ලංකාවේ සිංහල භාෂාවෙන් විකාශන කටයුතු සිදු කරන වින්දනාත්මක රූපවාහිනී නාලිකාවකි. 2005 ඔක්තෝම්බර් 11 වන දින ඇරඹි මෙම නාලිකාවේ හිමිකාරීත්වය, Power House Ltd සමාගම සතු වෙයි. නාලිකාවේ ප්‍රධාන සම්ප්‍රේෂණ කුළුණ කොළඹ පිහිටුවා තිබෙන අතර, නුවරඑළිය, දෙණියාය, , මහනුවර සහ කළුතර යන ප්‍රදේශ වල ස්ථාපනය කොට තිබෙන අනෙකුත් සම්ප්‍රේෂණ උපපොළවල් හරහා, සිය විකාශනයන් දිවයින පුරා විසිරුවා හරියි.
වැඩසටහන්
ටීවී දෙරණ නාලිකාව, දිනකට පැය 17 ක පමණ කාලයක් (පැය 0600-2300 අතර) තුල ටෙලි නාට්‍ය, රියලටි වැඩසටහන්, ලමා වැඩසටහන්, සංගීත සහ අනෙකුත් විවිධ වැඩසටහන් විකාශනය කරනු ලබයි.
අද දෙරණ
අද දෙරණ යනු ටීවී දෙරණ නාලිකාව විසින් ඉදිරිපත් කරනු ලබන ප්රවෘත්ති සේවාව හඳුන්වනු ලබන නාමයයි. වර්ථමානයේදී අද දෙරණ පුවත් සේවාව ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ යන භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වෙයි. Alexa Internet වර්ගීකරණය අනූව අද දෙරණ පුවත් වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ ප්රමුඛ අවධානයක් සහිත ප්රවෘත්ති වෙබ් අඩවියකි.
2007 වසරේ අග භාගයේදී, සමග සම්බන්ධ වූ අද දෙරණ පුවත් සේවාව, සිය ඩයලොග් ජංගම දුරකථන ප්‍රේක්ෂකයින් වෙනුවෙන්, පුවත් කෙටි පණිවිඩ සේවාවක් අරඹන ලදී.
අද දෙරණ 24x7
2014 වර්ෂයේදී දෙරණ නාලිකාව විසින් අද දෙරණ 24x7 නමින් මෙරට ප්‍රථම 24 පැය පුරාම විකාශය වන ප්රවෘත්ති නාලිකාවක් ආරම්භ කරන ලදී.
තරඟ සහ රියැලිටි වැඩසටහන්
ශ්‍රී ලංකා රූ රැජින
ලෝක රූ රැජින තරඟය නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබන ශ්‍රී ලංකා යුවතිය තෝරා ගන්නා, ශ්‍රී ලංකා රූ රැජින (Miss Sri Lanka) තරඟයට, 2007 වසරේ පටන් ටීවී දෙරණ නාලිකාව අනුග්‍රහය සපයයි.
දෙරණ ඩ්‍රීම් ස්ටාර්
2009 වසරේ සිට දෙරණ ඩ්‍රීම් ස්ටාර් නමින් ගායන හැකියාව සහිත තාරකාවක් තෝරන රියැලිටි වැඩසටහනක්, ටීවී දෙරණ නාලිකාව ආරම්භ කරන ලදී.
දෙරණ ඩ්‍රීම් ස්ටාර් එක් එක් වාරයන්හී ජයග්‍රාහකයින්.
වාරය | පැවැත්වූ වසර | දෙරණ ඩ්‍රීම් ස්ටාර් | අනු ශූරයා |
---|---|---|---|
සීසන් 1 | 2009 | උදේශ් ඉන්දුල | |
සීසන් 2 | 2010 | ||
සීසන් 3 | 2011 | ||
සීසන් 4 | 2012 | ||
සීසන් 5 | 2014 | ||
සීසන් 6 | 2015 | ජනිත් ඉද්දමල්ගොඩ | |
සීසන් 7 | 2016-17 | සුනීර සුමංග | |
සීසන් 8 | 2018 | තනුර මදුගීත් දිසානායක | |
සීසන් 9 | 2019 | ෆැල්න් ඇන්ඩ්‍රියා | නුවන්ධිකා සේනාරත්න |
මේවාද බලන්න
මූලාශ්‍ර
- "Derena celebrates Sixth anniversary", The Island Online, 1 October 2011
- DeranaTV Program Schedule
- Ada Derana News
- Top sites in Sri Lanka 2011-11-15 at the Wayback Machine, Alexa
- "Dialog Telekom launches Derana news alert service", Telecompaper, 13 November 2007
- Derana Veet Miss Sri Lanka
භාහිර සබැදි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය