අරන්තලාව භික්ෂු ඝාතනය ලෙසද හැඳින්වෙන අරන්තලාව සමූලඝාතනය හැඳින්වෙන්නේ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විසින් (දෙමළ කොටි) 1987 ජූනි 2 වැනිදා අම්පාර දිස්ත්‍රික්කයේ සිදුකල සමූලඝාතනයකි. බෞද්ධ භික්ෂූන් (ඔවුන්ගෙන් බහුතරයක් කුඩා සාමණේර භික්ෂූන් විය) 33 දෙනෙකු සහ සිවිල් වැසියන් සිව්දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමයි. මෙම කුරිරු ඝාතනය සිවිල් යුද සමයේ කොටි සංවිධානය විසින් සිදුකළ වඩාත්ම අපකීර්තිමත්ම විනාශකාරී ක්‍රියාව ලෙස සැලකෙන අතර ශ්‍රී ලාංකිකයන් විසින් වාර්ෂිකව මෙම සිදුවීම අනුස්මරණය කරනු ලැබේ.
අරන්තලාව භික්ෂු ඝාතනය | |
---|---|
ස්ථානය | , ශ්‍රී ලංකාව |
දිනය | ජුනි 2, 1987UTC+5:30) | (
ප්‍රහාර මාදිලිය | සමූලඝාතනය |
මරණ | 33 |
අපරාධකරුවෝ | දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) |
මරණයට පත්වූවෝ
- උපසපන් භික්ෂූන් 1
- සාමනේරවරු 32
- ගිහියන් 3
සමූලඝාතනය
අරන්තලාව භික්ෂු ඝාතනය 1987 ජූනි 2 වැනිදා සිදුවිය. අම්පාර මහාවාපී විහාරයේ සිට කැළණිය රජ මහා විහාරයට වන්දනා ගමනක් යාමේ අරමුණින් පැමිණි බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ සිවිල් වැසියන් කිහිපදෙනෙක් සිටි බස් රථයට නුවරතැන්න ගම්මානය අසලදී දෙමළ කොටි සංවිධානයේ සාමාජිකයන් 20කගෙන් යුතු පිරිසක් සැඟවී සිට පහර දුන්හ. ඔවුන් එහි රියැදුරාට බස් රථය අසල පිහිටි අරන්තලාව වනාන්තරයට ගෙන යන ලෙස අණ දුන්හ. බස් රථය අරන්තලාවේදී නැවතූ වහා ඉමහත් කෝපයෙන් පරුෂ වචනයෙන් බණිමින් කොටි සාමාජිකන් පිරිස වෙඩි තබමින් සහ කඩු පහර දෙමින් භික්ෂූන් වහන්සේලාට පහර දෙන ලදී.
ප්‍රහාරයෙන් ජීවිතක්ෂයකට පත්වූවන් අතර කුඩා සාමනේර භික්ෂූන් වහන්සේලා 30 නමක් ද, ඔවුන්ගේ ගුරු හිමියන් වූ විද්‍යානන්ද මහා පිරිවෙන් අධිපති හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර හිමියන්ද විය. බස් රියේ ගමන් කළ සිවිල් වැසියන් 4 දෙනෙක්ද ප්‍රහාරයෙන් මිය ගියහ.
භික්ෂූන් වහන්සේලා 3 දෙනෙක් ප්‍රහාරයෙන් බේරී පලා ආ අතර දරුණු තුවාල හේතුවෙන් ජීවිත කාලය පුරාම ඔවුන්ට වෛද්‍ය ආධාර අවශ්‍ය වන තත්ත්වයක් පවතී. තවත් භික්ෂූන් වහන්සේ නමක් ස්ථීරවම ආබාධිත තත්ත්වයට පත් විය.
චේතනාව
මෙවන් කුරිරු ප්‍රහාර රැසක් සිය ගැටුම පවත්වාගෙන යාමට සමත් වූ කාලසීමාවේදී කොටි සංවිධානය දියත් කළ අතර ඉන් ඔවුන් බලාපොරොත්තු වූයේ රටේ බහුතර සිංහල ජනතාව සාමාන්‍ය දමිළ වැසියන්ට එරෙහිව කුපිත කරවා ඔවුනොවුන් අතර ගැටුම් ඇති කිරීමයි. එය දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට ලැබෙන සහය සහ ආධාර මුදල් වැඩි කරගැනීමට පාවිච්චි කිරීමට ඔවුන් සැලසුම් කරන ලදී.
සමාන පහරදීම්
සිය විනාශකාරී අරගලය ගෙනයාමට කොටි සංවිධානය සමත් වූ කාලවකවානුවේදී ඔවුන් විසින් බෞද්ධ පුදබිම් රැසකට ප්‍රහාර එල්ල කරන ලදී. එවන් ප්‍රහාර අතර,
- ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ සිටි සිංහල වන්දනාකරුවන් 146දෙනෙකු මරා දමමින් එල්ල කළ ප්‍රහාරය,
- දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කිතුලගම සීලාලංකාර නායක තෙරණුවන් ඝාතනය කිරීම. (අවදානම්/මායිම් ගම්මාන වල විසූ සිංහල වැසියන්ට කොටි ආක්‍රමණ වලට එරෙහිව සටන් වැදීමට සහය දීම හේතුවෙන්)
- මහනුවර දළදා මාලිගාවට එල්ල වූ මරාගෙන මැරෙන් බෝම්බ ප්‍රහාරය (මින් වන්දනාකරුවන් 17 දෙනෙක් මිය ගිය අතර දළදා මාලිගාවටද තදබල හානි සිදුවිය)
- වෙසක් පොහොය දින සමරමින් සිටි මඩකලපුවේ බෞද්ධ විහාරයක සිටි කුඩා දරුවන් ඇතුළු 23 දෙනෙකු මරා දමමින් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය.
මේවාද බලන්න
මූලාශ්‍ර
- . Lanka Library. 2007-06-08. 2017-02-11 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-06-05.
- . ද සන්ඩේ ඔබ්සවර්. 2007-06-03. 2007-06-30 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-06-06.
- . ජයම්පති ජයසිංහ. සන්ඩේ ඔබ්සවර්. May 20, 2007. September 30, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය April 18, 2013.
- Athas, Iqbal (1996-10-15). "ඊස්ට්: අ ප්‍රයිස් කැච්, තින්ක්ස් LTTE". ද සන්ඩේ ටයිම්ස්. සම්ප්‍රවේශය 2007-06-05.
- Jayawardhana, Walter (2006-07-10). . Ministry of Defence, Sri Lanka. 2007-10-09 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-06-02.
- "Three LTTEers killed by STF". Rafik Jalaldeen. Daily News. February 15, 2007.
- Gunatilleke, Nadira (2007-05-24). "Aranthalawa commemoration from May 31 to June 3". Daily News. සම්ප්‍රවේශය 2007-06-02.
- "The aranthalawa bhikku massacre". Divaina, Editorial. June 2, 2000.
{{}}
:|access-date=
requires|url=
() - United States Department of State (February 23, 2001). "Sri Lanka". Country Reports on Human Rights Practices - 2000. සම්ප්‍රවේශය 2007-06-02.
බාහිර අඩවි
- LTTE massacre site is haven for Tamil victims, BBC News
- 20 Years for the Aranthalawa Massacre 2007-06-03 at the Wayback Machine
- Editorial - LTTE's gun culture continues 2007-06-30 at the Wayback Machine, Sunday Observer
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය