ආචාර්ය ඒබ්‍රහම් තෝමස් කොවූර් (අප්‍රේල් 10, 1898 – සැප්තැම්බර් 18, 1978) යනු තම වෘත්තියෙන් විශ්‍රාම යාමෙන් අනතුරු ව, ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ දේව පුත්‍රයන් යැයි කියා ගන්නා පුද්ගලයන්ගේ සහ වෙනත් අවිද්‍යාත්මක මිත්‍යාවන්ගේ ප්රයෝගයන් ලෝකයට අනාවරණය කිරීමේ ව්‍යාපාරය නිසා ප්‍රසිද්ධියට පත් වූ හේතු වාදියෙකි. අධ්‍යාත්මික මිත්‍යාවන් සහ සංවිධානාත්මක ආගම් පිළිබඳ ඔහුගේ ඍජු, එමෙන්ම ඇනුම්පද සහිත වූ විවේචන, ශ්රාවකයා ඉතා උද්යෝගයෙන් යුතු ව පිළිගැනීම, ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ හේතුවාදී සංගම්වල නව ප්රබෝධයක් ඇති කිරීමට ප්‍රබල හේතුවක් විය.
ඒබ්‍රහම් තෝමස් කොවූර් | |
---|---|
උපත | අප්‍රේල් 10, 1898 , , , |
විපත | සැප්තැම්බර් 18, 1978 කොළඹ, |
වෘත්තිය | ගුරු වෘත්තිය |
වල්ලභයා | අක්කා කොවූර් |
අධ්‍යාපනය සහ පෞද්ගලික තොරතුරු
කේරළයේ තිරුවල්ලා හි කොවූර් උපත ලැබුවේ මලබාර් හි මාර්තොම්මා සිරියානු පල්ලියේ ප්‍රාදේශීය දේවගැති පූජ්‍ය කොවූර් අයිපේ තොම්මා කට්ඨානර් (Kovoor Eipe Thomma Katthanar) ගේ දෙවන විවාහයේ පුත්‍රයා ලෙස යි. තිරුවල්ලා හි ක්‍රිස්තියානි පාසලේ මූලික අධ්‍යාපනය අවසන් කළ ඔහු කල්කටාවේ බංගබාසි විද්‍යාලයට ඇතුලත් ව සහ සත්ව විද්‍යාව විෂයයන්ගෙන් උපාධිය සමත් වූවේ ය.
1925 වසරේ දී, ඉන්දියාවේ ට්රැවන්කෝර් අධිකරණයේ විනිසුරු කේ. එම්. ඉටි මහතාගේ වැඩිමහල් දියණිය වූ අක්කා මෙනවිය සමග කොවූර් විවාහ වූවේ ය. ඇය ද ඔහු මෙන් ම දෙවියන් සහ භූතයින් නොඇදහූ කාන්තාවකි. දක්ෂ ටෙනිස් ක්‍රීඩිකාවක් වූ ඈ ශ්‍රී ලංකාවේ හේතුවාදීන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ද, වූවා ය. කොවූර් ගේ පුතු එරිස් කොවූර් ප්‍රංශ ජාතික ජැකලීන් සමග විවාහ වූ අතර 2006 දී ඔහු මිය ගියේ ය.
වෘත්තිමය ජීවිතය
උපාධිය ලැබීමෙන් අනතුරු ව කොවූර්, තෘණ විද්‍යාව පිළිබඳ සහාකාර කථිකාචාර්යවරයෙකු ලෙස කෙටි කලක් කොට්ටාගම් හි සී. එම්. එස්. විද්‍යාලයේ සේවය කළේය. තවත් ඔහු වැනිම තෘණ විද්‍යාඥයකු වූ එවකට විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ පූජ්‍ය පී. ටී. කෑෂ් පියතුමා ගේ ආරාධනයෙන් කොවූර් එම විද්‍යාලයේ ඉගැන්වීමට ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූයේ ය. එතැන් පටන් ඔහු ශ්‍රී ලංකාවේ ස්ථිර පදිංචිකරුවකු වූයේ ය. කෑෂ් පියතුමා විශ්‍රාම ගන්නා තුරු වසර 15 ක් පමණ යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගැන්වීමෙහි යෙදුණු හෙතෙම අනතුරු ව 1943 දී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයටත්, ඉන්පසු 1947 දී ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයටත් බැඳී සේවය කළේ ය. අනතුරු ව 1953 වසරේ සිට 1959 වසරේ දී ඔහු විශ්‍රාම යනතුරු ම, කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ ය.
හේතුවාදියකු ලෙස
විශ්‍රාමිකයෙකු වූ පසු කොවූර් තම ජීවිත කාලය කැප කළේ හේතුවාදීන්ගේ සංගමය වෙනුවෙනි. ශ්‍රී ලංකා හේතුවාදීන්ගේ සංගමය ගොඩනැංවීමට මහත් පරිශ්‍රමයක් දැරූ හේ 1960 වසරේ දී එහි සභාපතිවරයා ලෙස තේරී පත් විය. ඔහු 1978 වසරේ දී පිළිකාවක් වැළඳී මිය යන තුරු ම එම තනතුර හෙබවූයේ ය. The Ceylon Rationalist Ambassador යන වාර්ෂික සඟරාව ඔහු විසින් සංස්කරණය කරන ලද්දකි. 1961 වසරේ දී ඔහු යුරෝපයේ සංචාරය කළ අතර නිදහස් චින්තකයන්ගේ ලෝක සංවිධානය සමග සම්බන්ධතා ඇති කර ගත්තේ ය. නාර්සීසස් (Narcissus) නම් අන්වර්ත නාමයකින්, මිත්‍යා විශ්වාසවලට එරෙහි ව පුවත්පත් සහ සඟරාවලට ලිපි ලිවීමට කොවූර් කටයුතු කළේ ය. මෙම ලිපි ජෝෂප් ඒදමරුකු විසින් මලයාලම් බසට පරිවර්තනය කොට පල කරන ලද අතර පසු කාලීන ව ඉන්දියාවේ අනෙකුත් භාෂාවන්ට ද සිංහල බසට ද පරිවර්තනය විය. (නාර්සීසස් යන අන්වර්ත නාමයෙන් නොවේ.)
1960 සහ 1970 කාලයන් තුළ ඔහු විවිධ රැස්වීම් ඇමතීම සඳහා කිහිපවරක් ම ඉන්දියාවට සංචාරය කළේ ය. විද්‍යාත්මක පිවිසුමකින් යුක්ත වූත් විවේචනාත්මක වූත්, ඔහුගේ ප්‍රබෝධමත් දේශන සහ චතුර කතිකත්වය ඉන්දියාවේ ගම් දනව්වල වැසියන්ට ඉන්ද්‍රජාල මෙන් විය. ඉන්දියානු හේතුවාදීන්ගේ සංගමය මගින් සංවිධානය කරනු ලැබූ ආශ්චර්යයන් හෙළිදරව් කිරීමේ දේශන හතරකදී ඔහු ප්‍රසිද්ධියේ දේව පුත්‍රයන්ට අභියෝග කරමින් ඔවුන්ගේ ආශ්චර්යයන් ලොවට අනාවරණය කළේ ය. 1976 දී ඔහු ඉන්දියවේ කළ අවසන් සංචාරයේ දී තමන් දේව පුත්‍රයකු යැයි හඳුන්වාගන්නා ගේ ආශ්රමයට ගිය ඔහු ප්‍රසිද්ධියේ ඔහුට අභියෝග කළේ ය. ඒ, තමන් පෙන්වන ශ්‍රී ලංකාවේ රුපියල් දෙකේ නෝට්ටුවක් දේව හාස්කම් බලයෙන් මවා පෙන්වන ලෙස යි. සායි බාබා එය පිළිගැනීමට හෝ කොවූර් මුණ ගැසීමට හෝ නොපැමිණියේ ය.
"භෞතිකවාදී පල්ලියෙහි" දේවධර්මය පිළිබඳ වූ පූජ්‍ය විද්‍යාලයක් යැයි කියා ගන්නා අප්‍රකට ආයතනයක් වූ (දැනට අක්‍රීය ව පවතින) ඇමරිකා එක්සත් ජනපදයේ මිනසෝටා දර්ශන විද්‍යායතනය විසින් කොවූර් ගේ මානසික සහ අධිමානසික ශක්තීන් පිළිබඳ කෘතිය වෙනුවෙන් ඔහුට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමීම මතභේදයට තුඩුදුන්නේ ය. කෙසේ වෙතත් කොවූර් කිසි දිනෙක ඇමරිකා එක්සත් ජනපදයට සංචාරය නොකළ අතර වංචනිකයන් විසින් භාවිතා කරනු ලබන ව්‍යාජ ඩිප්ලෝමා සහ උපාධි පිළිබඳ තදබල විවේචන හේතුවෙන් ඔහු තම ගෞරව ආචාර්ය උපාධිය නැවත ලබා දුන්නේ ය.
1978 සැප්තැම්බර් 18 දින කොවූර් මිය ගියේ ය. "මම මරණයට හෝ මරණයෙන් පසු ජීවිතයට බිය නොවෙමි" යනුවෙන් ඔහු තම අවසන් කැමැත්තෙහි සටහන් කර තිබුණි. තමන් ව භුමදානය නොකරන ලෙස ද කොවූර් එහි දී ඉල්ලා තිබුණි. ඔහු තම දෑස් අක්ෂි බැංකුවට පරිත්‍යාග කළේ ය. ඔහුගේ මෘත ශරීරය ව්‍යවච්ඡේදක අධ්‍යයනයන් සඳහා වෛද්‍ය විද්‍යාලයට ත් පසු ව ඇටසැකිල්ල තර්ස්ටන් විද්‍යාලයීය විද්‍යාගාරයට ත් ලබා දෙන ලෙස ඔහු මහතාගෙන් ඉල්ලා තිබුණි. මෙම ඉල්ලීම් සියල්ල ඒ අයුරින් ම ඉටු කෙරිණ.
පිළිබඳ හෙලි කිරීම
ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ පුත්තපාර්ති හි සත්‍ය සායි බාබා, කොවූර්ගේ, ආශ්චර්යන් හෙළිදරවු කිරීමේ මෙහෙයුමේ ප්‍රධාන ඉලක්කයක් විය. කොවූර්ගේ කාලයේ මෙන්ම, 2011 අප්‍රේල් 24 දින මිය යන තුරු ම ඉන්දියාවේ චිරප්රසිද්ධ දේව පුත්‍රයා වූයේ සායි බාබා ය. සායි බාබාට දිව්‍යමය බලයකින් විභූති නම් පූජනීය අළු මවා පෙන්වීම ඇතුළු ආශ්චර්යයන් රැසක් කළ හැකි බවට පතළ ව තිබුණි. මෙය බාබා විසින් අතින් කරනු ලබන ව්‍යාජ මවාපෑමක් බව කොවූර් තදින් ම විශ්වාස කළේ ය. බොහෝ ඉන්දියානුවෝ මෙවැනි ප්රයෝගකාරී ආශ්චර්යයන් දැක බලා ගැනීම සඳහා දේව පුත්‍රයන් යැයි කියා ගන්නා මිනිසුන්ගේ ආශ්‍රම වටා රැස්කමින් සිටියහ. සායි බාබා ගේ සහ අනෙකුත් වංචනිකයන්ගේ ප්‍රයෝග හෙළි කිරීම සඳහා කොවූර් ද අළු මවා ප්‍රේක්ෂක ජනයා වෙත බෙදා දුන්නේ ය. අනතුරු ව ඔහු එය තමා විසින් අතින් කළ ව්‍යාජ මවාපෑමක් බව ත්, හොඳ පුහුණුවකින් පසු ඕනෑම අයෙකුට එම දුෂ්කර කාර්යය කළ හැකි බව ත්, පවසා එය කරන අයුරු ප්‍රේක්ෂකයාට ආදර්ශනය කළේ ය.
සායි බාබාගේ ආශ්චර්යමත් බලයන් පිළිබඳ ව සාකාච්ඡා කිරීම සඳහා ඔහුව හමු වීමට අවැසි බව සඳහන් කරමින් කොවූර් දිගින් දිගටම බාබා වෙත ලිපි යැව්වේ ය. කිසිඳු ප්‍රතිචාරයක් නොලැබූ කල බැංගලෝරයේ වයිට් ෆීල්ඩ් හි සායි බාබාගේ ආශ්රමයට තමන් පැමිණෙන බව කොවූර් දන්වා යැව්වේ ය. කොවූර් එහි යන විට සායි බාබා පුත්තපාර්ති හි ඔහුගේ අනෙක් ආශ්රමයට පලා ගොස් ඇත.
කොවූර් කාර්යශූර මෝහන චිකිත්සකයකු මෙන් ම ප්‍රායෝගික මනෝ විද්‍යාඥයකු ද වූවේ ය."පුනර්ජන්මම්" (1972) නම් ප්‍රකට මලයාලම් විත්රපටය ද, "මරුපිරවි" (1973) නම් දමිළ චිත්‍රපටය ද, "නින්තකාත" නම් තෙළිඟු චිත්‍රපටය ද කොවූර් ගේ විෂයීය අධ්‍යයනයන් ඇසුරින් නිර්මාණය කරන ලද නිර්මාණ වේ.
භාරතීය යුක්තිවාදී සංගමය විසින් කොවූර් ට ගරු කිරීමක් වශයෙන් කලාකරුවන් වෙත පිදෙන සම්මානයක් ඒ. ටී. කොවූර් සම්මානය ලෙස නම් කර ඇත. පළමු වරට, දමිල සිනමාවේ ඉතිහාසගත කලාකරුවකු වන කමල් හසන්, ඔහුගේ මානව හිතවාදී ක්‍රියාකාරීත්වය වෙනුවෙන් කොවූර් සම්මානය දිනාගත්තේ ය.
කොවූර් ගේ අභියෝග සහ ඔහුගේ ප්‍රකාශන
තමන් සතුව අධ්‍යාත්මික බලයන් ඇතැයි කියා ගත් නොයෙක් දේව පුත්‍රයන්, දෛවඥයන් සහ අනෙකුත් පුද්ගලයන් බොහෝ වාර ගණනක් මුණ ගැසීමෙන් අනතුරුව, ඔවුන්ගේ ප්‍රකාශවල කිසිඳු සත්‍යතාවයක් නැතැයි කොවූර්ට පැහැදිලි විය. කොවූර් ප්‍රකාශ කළේ, "අද්භූත බලවේගයන් සහිත තැනැත්තකු මෙලොව සිටියේ ද සිටින්නේ ද නැත. එවන් බලවේගයන් පවතිනුයේ ආගමික ලියවිලිවල සහ හැඟීම් වෙළඳාමේ යෙදෙන පුවත්පත්වල පිටු අතරේ පමණි." යනුවෙනි. අධ්‍යාත්මික බලයන් සතුවන බව පැවසූ එවැනි පුද්ගලයන් පිළිබඳ ඔහු විසින් සම්පාදිත Begone Godmen සහ Gods, Demons and Spirits යන කෘති තවමත් ඉන්දියාවේ වැඩිම අලෙවියක් ඇති ග්රන්ථ යි.
2008 වසරේ දී පන්ජාබි ප්‍රධාන අමාත්‍යවරයා වූ ප්‍රකාශ් සිං බදාල් විසින් කොවූර්ගේ ප්‍රකට කෘතිය වූ 'God, Demons and Spirits',ග්‍රන්ථයේ පන්ජාබ් පරිවර්තනය තහනම් කරන ලදී.
ආශ්චර්යවත් බලවේගයන් විශ්වාස කටයුතු ලෙස තමන් ඉදිරියේ සිදු කර පෙන්විය හැකි ඕනෑම අයකුට රු. 100,000 ක ත්‍යාග මුදලක් ලබා දෙන බව 1963 දී කොවූර් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළේ ය. දේව පුත්‍රයන් විසින් හෝ බටහිර ගුප්ත විශේෂයන් විසින් හෝ යූර් ගෙලර්, ජේන් ඩික්සන් වැනි මායා සංදර්ශකයන්ට ද කොවූර් අභියෝග කලේ එම කාර්යයන් 23 න් එකක් තමා ඉදිරියේ විශ්වාස කටයුතු ලෙස කර පෙන්වා රු. 100,000 දිනා ගන්නා ලෙස යි. ඇතැම් පුද්ගලයෝ ප්‍රසිද්ධියේ දී අභියෝගය පිළිගැනීමට ඉදිරිපත් වී ආරම්භක තැන්පතු මුදල වන රුපියල් දහස ද අහිමි කර ගත් හ.
1978 වසරේ දී කොවූර් මිය යාමෙන් අනතුරු ව ද ඉන්දීය හේතුවාදී සංගමය රු.100,000 අභියෝගය තවදුරට ත් ක්‍රියාත්මක කර ගෙන යන අතර තවමත් රු. 100,000 සුරැකි ව පවතී. බසාවා ප්රේමනාන්ද් සහ ජේම්ස් රන්දි වැන්නවුන් ද මෙවැනි ම අභියෝග පසුකාලීනව ඉදිරිපත් කරන ලදී.
අභියෝගය
- කොළඹ 06, පාමංකඩ පටුමගේ "තිරුවල්ලා" හි පදිංචි ව සිටින ඒබ්‍රහම් ටී කොවූර් වන මම තමා සතුව යම් ගුප්ත හෝ අද්භූතජනක බලයන් ඇතැයි කියන, ලෝකයේ ඕනෑම කෙනෙකු එකී අද්භූත බලයන් සැබැවින් ම පෙන්නුම් කළහොත් ඔහුට රුපියල් ලක්ෂයක ත්‍යාගයක් දීමට සූදානම් බව මෙයින් ප්‍රකාශ කර සිටිමි. මෙම ත්‍යාග දීමනාව මෙවැනි බලයක් ඇති අයෙකු හමුවන තෙක් හෝ මාගේ මරණය තෙක් විවෘත ව පවතී.
දේවපුත්‍රයන්, ශුද්ධවන්තයන්, ස්වාමිවරුන්, යෝගීන් මෙන් ම අන් ඕනෑම අයකුට තමා සතු ව ඇතැයි කියන දේව බලයෙන් හෝ මානසික ශක්තීන් මගින් හෝ පහත දැක්වෙන අද්භූත ජනක දේවල්වලින් එකක් කර පෙන්නුවොත් මේ ත්‍යාගය ලැබිය හැකි ය.
- සීල් තබා ඇති කවරයක් තුළ ඇති මුදල් නෝට්ටුවක අංකය කීම.
- මුදල් නෝට්ටුවක් ඒ අයුරින් ම මවා පෙන්වීම.
- පතුලේ දිය බුබුළු නොනැගී රත් වූ ගල් අඟුරු මත තත්පර 30 ක් සිටගෙන සිටීම.
- මා පවසන කිසියම් වස්තුවක් මවා පෙන්වීම.
- මානසික බලයක් මගින් භෞතික වස්තුවක් චලනය කිරීම හෝ මැදින් නවා පෙන්වීම.
- පරචිත්ත විජානන බලයන් ඇසුරින් අන් පුද්ගලයන්ගේ සිත් කියැවීම.
- යාග, අධ්‍යාත්මික බලයන්, ලුර්දු ජලය, දේවාශිර්වාද, ශුද්ධ වූ අළු ආදී ක්‍රමයකින් සැත්කමකින් කපා වෙන් කළ මිනිසකුගේ අතක් හෝ පයක් අඟලකින් දික් කර පෙන්වීම.
- යෝගී බලයන් මගින් අහසේ පාවීම.
- යෝගී බලයන් මගින් මිනිත්තු පහක් හෘද ස්පන්දනය නවතා තැබීම.
- යෝගී බලයන් මගින් ශ්වසනය කිරීම තත්පර 30 ක් පුරා නවතා තැබීම.
- දිය මත ඇවිදීම.
- එක් ස්ථානයක දී සිරුරෙන් ඉවත් වී වෙනත් ස්ථානයක දී එම මොහොකත් ම නැවත දර්ශනය වීම.
- අනාගත සංසිද්ධියක් පිළීබඳ පේන කීම.
- අනුභූතික හෝ යෝගී භාවනා ඇසුරින් රහත් වී පෙන්වීම.
- දේව හෝ යක්ෂ ආත්මයක් ආරූඪ වීමෙන් හෝ පුනරුත්පත්තියෙහි ප්‍රතිඵලයක් ලෙස හෝ කිසිදිනක නොඇසූ භාෂාවක් තේරුම් ගැනීම හෝ කතා කිරීම.
- ආත්මයක් හෝ භූතයකු ඡායාරූපයට නැගීම.
- ඡායාරූපගත කළ විට එහි සේයා පටලයේ දර්ශනයෙන් අතුරුදහන් වීම.
- අධ්‍යාත්මික බලයන්ගෙන් අගුළු දැමූ කාමරයකින් එලියට පැමිණීම.
- දිව්‍යමය බලයකින් කිසියම් ද්‍රව්‍යයක ස්කන්ධය වැඩි කිරීම.
- සැඟවූ වස්තුවක් අනාවරණය කර ගැනීම.
- ජලය, පෙට්‍රල් හෝ වයින් බවට පරිවර්තනය කිරීම.
- වයින් රුධිරය බවට පරිවර්තනය කිරීම.
- පුද්ගලයන් දහ දෙනෙකුගේ හස්ත රේඛා සටහන් හෝ නක්ෂත්ර සටහන්, ඉතා නිවැරදි වූ උපන් වේලාව සහ උපන් ස්ථානයේ අක්ෂාංශ දේශාංශ ලබා දුන් විට එම පුද්ගලයන්ගේ ස්ත්‍රී පුරුෂ බව සහ ජීවත්ව සිටී ද නැද්ද යන වග 5% ක උපරිම දෝශ ප්‍රතිශතයකට යටත් ව පැවසීම. ජ්‍යෝතිශ්ශාස්ත්‍රය සහ හස්ත රේඛා ශාස්ත්‍රය විද්‍යාත්මක යැයි කියමින් පහසුවෙන් රැවටෙන පුද්ගලයන් වංචලික ව රවටන ප්‍රෝඩාකාරී දෛවඥයන්ට සහ හස්ත රේඛා ශාස්ත්‍රඥයන්ට මාගේ මෙම ත්‍යාගය දිනා ගැනීමට ඉදිරිපත් විය හැක.
, පද්රිමලායි ස්වාමිගල්, නීලකාන්ත තඨාජි, නිර්මලා දේවි ශ්රීවාස්ත,පූජ්‍ය දදාජි, දත්තාබල්, ත්රිප්යාර් යෝගිනී, තිරුදේව් ආනන්ද මූර්ති තිරුදේව් ආනන්දමූර්ති, කාමුබායි, චින්මයානන්ද්, ආචාර්ය රාජ්නේෂ්, මුක්තානන්ද්, ස්වාමිරාමා, ස්වාමි හරිදාස්, ශිවබාලයෝගී, භාගවන් ඥානානන්ද, ගුරු මහරාජ්, මහාඍෂි මහේෂ් යෝගී, හසාරත් අලි, ආචාර්ය වද්ලායිමුදි, සී. එස්. තීර්තන්කර්, ආර්. පී. තිවාරි, යූරි ගෙලර්, නෙලියා මිචෙයිලෝවා, ජේන් ඩික්සන්, සිබිල් ලීක්, ඉන්දියාවේ ජ්‍යෝතිශ්ශාස්ත්‍රය සහ හස්ත රේඛා ශාස්ත්‍රය පිළිබඳ මහාචාර්යවරුන්, සහ අනේක විධ ගුරු, ස්වාමි, මහන්තා, ආචාර්ය, අන්දා, බාබා, භාගවන් යැයි කියා ගනිමින් බටහිර රටවල ධනවත් මුග්ධයන් ගොදුරු කර ගන්නා පුද්ගලයන් යන සියළුම දෙනාට මා ගෞරවයෙන් ආරාධනා කරනුයේ මෙම අභියෝගය භාර ගෙන මා වැනි හේතුවාදීන්ට තමන් වංචාකරුවන් නොවන බව ඔප්පු කරන ලෙස යි.
කොවූර් ට අභියෝගයක්
1977 අගෝස්තු 14 වන දා , "Is There Life After Death? (මරණයට පසු ජීවිතයක් තිබේ ද?)" යන මාතෘකාවෙන් සන්ඩේ ටයිම්ස් පුවත්පතේහි කොවූර් ලිපියක් පල කළේ ය. එම ලිපියෙහි කොවූර් සඳහන් කර ඇත්තේ ජීවය වනාහි සංකීර්ණ රසායනික ක්‍රියාවලියක් බව ත් ආත්මය යනුවෙන් කිසිවක් නොමැති බව ත් ඒ නිසා මරණයෙන් පසු ව ආත්මයක් තිබිය නොහැකි බව ත් ය. මෙම ලිපිය, සන්ඩේ ටයිම්ස් පුවත්පත හරහා මෙන්ම හංසදත්තා ස්වාමි හා කොවූර් අතර ලිපි හුවමාරුවීම් හරහා උණුසුම් විවාදයකට මුල පිරුවේ ය. රසායනික ද්‍රව්‍ය මගින් මදුරුවකු හෝ මකුළුවකු වැනි ජීවියකු නිර්මාණය කරන ලෙස හංසදත්තා ස්වාමි රු. 500,000 ක ත්‍යාග මුදලක් ලබා දෙන බව පවසමින් කොවූර්ට අභියෝග කළේ ය.
කෙසේ වෙතත්, කොවූර්ගේ ආරම්භක ලිපි හංසදත්තා ගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයූවේ ය.
අසාමාන්‍ය ජීවන පුරුදු
සරසවියෙහි ඉගෙන ගන්නා කාලයේ පටන් ම මිත්‍යා මත බිඳ හෙළීමට කොවූර් දැඩි වෙහෙසක් ගත්තේ ය. යෝගීන් විසින් මන්ත්‍ර බලයෙන් කරන බව පවසන විජ්ජාවන් ඔහු කිසිඳු මැතිරීමකින් තොරව විද්‍යාත්මක සංසිද්ධි සහ අතින් කරන මවාපෑම් තුළින් කර පෙන්වීමට දක්ෂතාවක් දැක්වූයේ ය. දැල්වෙන කපුරු දිව මත තබා ගැනීම, තත්පර කිහිපයකට නාඩි වැටීම නැවැත්වීම, උණු තෙල් තාච්චියකට අත දැමීම, පොල් කටු මත කවඩි තබා දියරයක් වත් කොට කවඩි චලනය වන අයුරු පෙන්වීම, ගිණී පෑගීම, ගිණි පන්දමක් මුව තුළ තබා ගනෙ සිටීම වැනි ක්‍රියා ඊට ඇතුලත් වේ.
මිත්‍යා මත බිඳ දැමීම ත්, විජ්ජාවන් පෙන්වා අහිංසක ජනතාවගෙන් මුදල් ගරාගැනීම නැවතීම ත්, නිසා කොවූර් ට විවිධ තර්ජන ගර්ජන පැමිණියේ ය. ඔහුගේ පඹයන් සාදා පුළුස්සනු ලැබූවේ වරක් දෙවරක් නොවේ. සමහර විටෙක අසැබි වචනයෙන් ඇමතූ ලිපි ද ඔහුට ලැබුණි. ඔහු මරා දමන බව පවසමින් මතුරන ලද තඹ සුරක් ද ඔහු වෙත එවන ලදී. අසාමාන්‍ය පුද්ගලයකු වූ ඔහු එය කොට්ටය යටම තබා ගෙන නිදා ගත්තේ ය. එමගින් කිසිඳු හානියක් නොවූ බව ඔහු තම දේශනවලදී ඒවා ඉදිරිපත් කරමින් ජනතාවට කරුණු පැහැදිලි කර දුන්නේ ය. ඔහු තම බිරිඳ ද සමග හොල්මන් ඇල්ලීම සඳහා මධ්‍යම රාත්‍රියේ සොහොන්පිටිවල ගත කළ වාර ගණන අනන්ත ය.
කොවූර් තම දිවියේ සෑම වැදගත් කටයුත්තක් ම ඇරඹුවේ සාමාන්‍ය ජනයා අශුභ යැයි පැවසූ වෙලාවන් වලදී ය. ඔහු තම නිවසට මුල් ගල තැබූවේ ත් එවැනි මොහොතක ය. නිවස සෑදීමේ දී වළලනු ලැබුවේ පූජා ද්‍රව්‍ය අඩංගු පෙට්ටියක් නොව මිනී අළු වැනි දෑ අඩංගු පෙට්ටියකි. ඔහු සෑම විට ම නිවසින් පිට වූයේ වම් පය පෙරට තබා ය.
ගරු බුහුමන්
පරිනාමවාදය පිළිබඳ අප දැනුමේ හිස්තැන් පිරවීමේ අරමුණ ඇති ව ඉන්දියන් සාගරයෙන් ජීවින් එකතු කිරීම සඳහා වූ හේකල් ගවේෂණ විද්‍යාඥයන් කණ්ඩායමට බැඳෙන ලෙස එක්සත් ජනපදයේ අර්නස්ට් හේකල් පරිසර විද්‍යා මධ්‍යස්ථානය විසින් ආරාධනා කරනු ලැබූ එක ම ආසියාතිකයා ඒබ්‍රහම් ටී. කොවූර් වේ. තම බිරිඳගේ අසනීප තත්ත්වය සහ මරණය නිසා එම ආරාධනාව පිළිගැනීමට ඔහුට නොහැකි විය.
ට්‍රොම්බේ හි පරමාණු පර්යේෂණ මධ්‍යස්ථානය සහ ඉන්දියානු හේතුවාදී සංගමය විසින් යෝජනා කරන ලද පරිදි ඉන්දියාවේ විශ්වවිද්‍යාල ගණනාවක් සහ විද්‍යා සංගම් රාශියක් ම විසින් ජාත්‍යන්තර සහයෝගය සඳහා වූ ජවහර්ලාල් නේරු ත්‍යාගය සඳහා ඔහුගේ නම ඉදිරිපත් කොට ඇත.
යුනෙස්කෝව සහ පොදු වෙළඳ හවුලේ පරිසර විද්‍යා දෙපාර්තමේන්තුව ද විසින් ලෝකයේ විවිධ රටවල ගෝත්‍රික ජනතාව ත්, ඔවුන්ගේ සංස්කෘතිය ත් රැක ගැනීම සඳහා වූ ජාත්‍යන්තර අරමුදලේ භාරකාර මණ්ඩලයේ සාමාජිකත්වය ලැබූ එක ම ආසියාතිකයා ද ඔහු ය. බොහෝ රටවල ලෝක සම්මන්ත්රණයන් හි කොවූර් දේශන පවත්වා ඇත. ඔහුගේ ගවේශණ ග්රන්ථ බොහෝ රටවල පළ වී ඇත. කොවූර් ගේ ග්රන්ථ හා ලේඛන ඇසුරින් වේදිකා නාට්‍ය, චිත්‍රපට වැනි නිර්මාණ ද බිහි වී තිබේ.
ඇට සැකිල්ල
මරණයට පෙර ඔහු කල ඉල්ලීම පරිදි ඔහුගේ ඇට සැකිල්ල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු උදෙසා තර්ස්ටන් විද්‍යාලයීය ජීව විද්‍යාගාරයට බාරදෙන ලදි. අදටත් ඇට සැකිල්ල එහි දක්නට ලැබේ.
කොවූර් ගේ ග්රන්ථ සහ ඔහු පිළිබඳ ග්රන්ථ
ඉංග්‍රීසි
- Begone Godmen - ජායිකෝ ප්‍රකාශන, මුම්බායි, ඉන්දියාව
- Gods, Demons and Spirits - ජායිකෝ ප්‍රකාශන, මුම්බායි, ඉන්දියාව
- Selected Works of A T Kovoor- ඉන්දියානු අදේවවාදී ප්‍රකාශකයෝ, නව දිල්ලිය, ඉන්දියාව
- Exposing Paranormal Claims - ඉන්දීය CSICOP, පෝදනූර්, තමිල්නාඩු, ඉන්දියාව
- Soul, Spiril, Rebirth & Possession - ඉන්දීය CSICOP, පෝදනූර්, තමිල්නාඩු, ඉන්දියාව
- On Christianity - ඉන්දීය CSICOP, පෝදනූර්, තමිල්නාඩු, ඉන්දියාව
- On Buddhism - ඉන්දීය CSICOP, පෝදනූර්, තමිල්නාඩු, ඉන්දියාව
- Astrology & Hinduism - ඉන්දීය CSICOP, පෝදනූර්, තමිල්නාඩු, ඉන්දියාව
හින්දි
- Te Dev Purush Har Gaye - තරක්බාර්ති ප්‍රකාශන, බර්නාලා, පන්ජාබ්, ඉන්දියාව
- Dev, Daint Te Ruhan - තරක්බාරති ප්‍රකාශන
මලයාලම්
- Kovoorinte Sampoorna Kruthikal (කොවූර්ගේ සියළු කර්තව්‍යයන්) - පරිවර්තනය: ජෝෂප් ඒදමරුකු ඉන්දියානු අදේවවාදී ප්‍රකාශකයෝ 2007-10-30 at the Wayback Machine, නව දිල්ලිය, ඉන්දියාව
- Kovoorinte Thiranjetutha Kruthikal (කොවූර් ගේ තෝරාගත් කර්තව්‍යයන්) - පරිවර්තනය: ජෝෂප් ඒදමරුකු, ප්‍රභාත් ග්රන්ථ ප්‍රකාශකයෝ, තිරුවනන්තපුරම්, කේරල, ඉන්දියාව
- Samsarikkunna Kuthira (කතාකරන අශ්වයා) - පරිවර්තනය: ජෝෂප් ඒදමරුකු Current Books, තිසූර්, කේරල, ඉන්දියාව
- Yukthivadam(හේතුවාදය) - පරිවර්තනය: ජෝෂප් ඒදමරුකු. Current Books, තිසූර්, කේරල, ඉන්දියාව
- Anamarutha - පරිවර්තනය: ජෝෂප් ඒදමරුකු. D C ග්රන්ථ, කොට්ටායම්, කේරල, ඉන්දියාව.
- Indriyatheetha Jnanavum Parapsychologiyum - පරිවර්තනය: ජෝෂප් ඒදමරුකු ඉන්දියානු අදේවවාදී ප්‍රකාශකයෝ 2007-10-30 at the Wayback Machine, නව දිල්ලිය, ඉන්දියාව
- Yukthichintha(Rational Thought) - පරිවර්තනය: ජෝෂප් ඒදමරුකු. Current Books, කොට්ටායම්, කේරල, ඉන්දියාව. http://www.puzha.com/malayalam/bookstore/cgi-bin/book-detail.cgi?code=157 2011-05-18 at the Wayback Machine
පන්ජාබි
- Tey Dev Pursh Har Gaye - තාරක්බාරතී ප්‍රකාශන, බර්නාලා, පන්ජාබ්.
- Pret Atma Puner Janam Te Kasran - තාරක්බාරතී ප්‍රකාශන
- Kramatan Da Pardan Phash - තාරක්බාරතී ප්‍රකාශන
- Dev, Daint te Ruhan - තාරක්බාරතී ප්‍රකාශන
දෙමළ
- Kora Iravukal, වීරකේසරී ප්‍රකාශන, කොළඹ
- ManakolangkaL, වීරකේසරී ප්‍රකාශන, කොළඹ
පරිශීලන
- "Dr Abraham T. Kovoor: The Rationalist of Indian Subcontinent". Dr Prakash Arumugam , Germany. 1998-01-30. සම්ප්‍රවේශය 2007-03-07.
- කොවූර් පිළිබඳ රිවිර ඉරිදා සංග්‍රහයේ පල වූ ලිපිය,2010-09-26 අමර සමර විශේෂාංගය
- දෙවියෝ සහ භූතයෝ ග්‍රන්ථය, කොවූර් ගේ ලිපි එකතුවක් ඇසුරින් සම්පාදිත ය. 1978 (සරසවි ප්‍රකාශන)
- http://www.iheu.org/node/3119
- http://www.hansadutta.com/CHALLENGE/sci.html
- http://www.hansadutta.com/CHALLENGE/sci2.html
බාහිර සබැඳි
- The Rationalist of the Indian Subcontinent - Dr Prakash Arumugam
- The Miracle of the Ganga Water: ඒබ්‍රහම් කොවූර් විසින් සම්පාදිත ය.- Dr Prakash Arumugam
- Dr. Bhagavantham and Sai Baba
- Challenge of James Randi
- "Kovoor" in Rationalism, Humanism and Atheism in Twentieth Century Indian Thought 2008-01-12 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ආච ර ය ඒබ රහම ත මස ක ව ර අප ර ල 10 1898 ස ප ත ම බර 18 1978 යන තම ව ත ත ය න ව ශ ර ම ය ම න අනත ර ව ඉන ද ය ව සහ ශ ර ල ක ව ද ව ප ත රයන ය ය ක ය ගන න ප ද ගලයන ග සහ ව නත අව ද ය ත මක ම ත ය වන ග ප රය ගයන ල කයට අන වරණය ක ර ම ව ය ප රය න ස ප රස ද ධ යට පත ව හ ත ව ද ය ක අධ ය ත ම ක ම ත ය වන සහ ස ව ධ න ත මක ආගම ප ළ බඳ ඔහ ග ඍජ එම න ම ඇන ම පද සහ ත ව ව ව චන ශ ර වකය ඉත උද ය ගය න ය ත ව ප ළ ග න ම ශ ර ල ක ව සහ ඉන ද ය ව හ ත ව ද ස ගම වල නව ප රබ ධයක ඇත ක ර මට ප රබල හ ත වක ව ය ඒබ රහම ත මස ක ව ර උපතඅප ර ල 10 1898 1898 04 10 ඉන ද ය වව පතස ප ත ම බර 18 1978 ක ළඹ ශ ර ල ක වව ත ත යග ර ව ත ත යවල ලභය අක ක ක ව ර අධ ය පනය සහ ප ද ගල ක ත රත ර ක රළය ත ර වල ල හ ක ව ර උපත ල බ ව මලබ ර හ ම ර ත ම ම ස ර ය න පල ල ය ප ර ද ශ ය ද වග ත ප ජ ය ක ව ර අය ප ත ම ම කට ඨ නර Kovoor Eipe Thomma Katthanar ග ද වන ව ව හය ප ත රය ල ස ය ත ර වල ල හ ක ර ස ත ය න ප සල ම ල ක අධ ය පනය අවසන කළ ඔහ කල කට ව බ ගබ ස ව ද ය ලයට ඇත ලත ව සහ සත ව ව ද ය ව ව ෂයයන ග න උප ධ ය සමත ව ව ය 1925 වසර ද ඉන ද ය ව ට ර වන ක ර අධ කරණය ව න ස ර ක එම ඉට මහත ග ව ඩ මහල ද යණ ය ව අක ක ම නව ය සමග ක ව ර ව ව හ ව ව ය ඇය ද ඔහ ම න ම ද ව යන සහ භ තය න න ඇදහ ක න ත වක දක ෂ ට න ස ක ර ඩ ක වක ව ඈ ශ ර ල ක ව හ ත ව ද න ග ස ගමය භ ණ ඩ ග ර ක ද ව ව ය ක ව ර ග ප ත එර ස ක ව ර ප ර ශ ජ ත ක ජ කල න සමග ව ව හ ව අතර 2006 ද ඔහ ම ය ග ය ය ව ත ත මය ජ ව තයඋප ධ ය ල බ ම න අනත ර ව ක ව ර ත ණ ව ද ය ව ප ළ බඳ සහ ක ර කථ ක ච ර යවරය ක ල ස ක ට කලක ක ට ට ගම හ ස එම එස ව ද ය ලය ස වය කළ ය තවත ඔහ ව න ම ත ණ ව ද ය ඥයක ව එවකට ව ද හල පත වරය ල ස කටය ත කළ ප ජ ය ප ට ක ෂ ප යත ම ග ආර ධනය න ක ව ර එම ව ද ය ලය ඉග න ව මට ශ ර ල ක වට ස ක රමණය ව ය ය එත න පටන ඔහ ශ ර ල ක ව ස ථ ර පද ච කර වක ව ය ය ක ෂ ප යත ම ව ශ ර ම ගන න ත ර වසර 15 ක පමණ ය පනය මධ ය මහ ව ද ය ලය ඉග න ව ම හ ය ද ණ හ ත ම අනත ර ව 1943 ද ග ල ල ර ච මන ඩ ව ද ය ලයටත ඉන පස 1947 ද ගල ක ස ස ශ න ත ත මස ව ද ය ලයටත බ ඳ ස වය කළ ය අනත ර ව 1953 වසර ස ට 1959 වසර ද ඔහ ව ශ ර ම යනත ර ම ක ළඹ තර ස ටන ව ද ය ලය ය ව ද ය ද ප ර තම න ත ව ප රධ න ය ල ස කටය ත කළ ය හ ත ව ද යක ල සව ශ ර ම කය ක ව පස ක ව ර තම ජ ව ත ක ලය ක ප ක ළ හ ත ව ද න ග ස ගමය ව න ව න ශ ර ල ක හ ත ව ද න ග ස ගමය ග ඩන ව මට මහත පර ශ රමයක ද ර හ 1960 වසර ද එහ සභ පත වරය ල ස ත ර පත ව ය ඔහ 1978 වසර ද ප ළ ක වක ව ළඳ ම ය යන ත ර ම එම තනත ර හ බව ය ය The Ceylon Rationalist Ambassador යන ව ර ෂ ක සඟර ව ඔහ ව ස න ස ස කරණය කරන ලද දක 1961 වසර ද ඔහ ය ර පය ස ච රය කළ අතර න දහස ච න තකයන ග ල ක ස ව ධ නය සමග සම බන ධත ඇත කර ගත ත ය න ර ස සස Narcissus නම අන වර ත න මයක න ම ත ය ව ශ ව සවලට එර හ ව ප වත පත සහ සඟර වලට ල ප ල ව මට ක ව ර කටය ත කළ ය ම ම ල ප ජ ෂප ඒදමර ක ව ස න මලය ලම බසට පර වර තනය ක ට පල කරන ලද අතර පස ක ල න ව ඉන ද ය ව අන ක ත භ ෂ වන ට ද ස හල බසට ද පර වර තනය ව ය න ර ස සස යන අන වර ත න මය න න ව 1960 සහ 1970 ක ලයන ත ළ ඔහ ව ව ධ ර ස ව ම ඇමත ම සඳහ ක හ පවරක ම ඉන ද ය වට ස ච රය කළ ය ව ද ය ත මක ප ව ස මක න ය ක ත ව ත ව ව චන ත මක ව ත ඔහ ග ප රබ ධමත ද ශන සහ චත ර කත කත වය ඉන ද ය ව ගම දනව වල ව ස යන ට ඉන ද රජ ල ම න ව ය ඉන ද ය න හ ත ව ද න ග ස ගමය මග න ස ව ධ නය කරන ල බ ආශ චර යයන හ ළ දරව ක ර ම ද ශන හතරකද ඔහ ප රස ද ධ ය ද ව ප ත රයන ට අභ ය ග කරම න ඔව න ග ආශ චර යයන ල වට අන වරණය කළ ය 1976 ද ඔහ ඉන ද යව කළ අවසන ස ච රය ද තමන ද ව ප ත රයක ය ය හඳ න ව ගන න ග ආශ රමයට ග ය ඔහ ප රස ද ධ ය ඔහ ට අභ ය ග කළ ය ඒ තමන ප න වන ශ ර ල ක ව ර ප යල ද ක න ට ට වක ද ව හ ස කම බලය න මව ප න වන ල ස ය ස ය බ බ එය ප ළ ග න මට හ ක ව ර ම ණ ග ස මට හ න ප ම ණ ය ය භ ත කව ද පල ල ය හ ද වධර මය ප ළ බඳ ව ප ජ ය ව ද ය ලයක ය ය ක ය ගන න අප රකට ආයතනයක ව ද නට අක ර ය ව පවත න ඇමර ක එක සත ජනපදය ම නස ට දර ශන ව ද ය යතනය ව ස න ක ව ර ග ම නස ක සහ අධ ම නස ක ශක ත න ප ළ බඳ ක ත ය ව න ව න ඔහ ට ග රව ආච ර ය උප ධ යක ප ර න ම ම මතභ දයට ත ඩ ද න න ය ක ස ව තත ක ව ර ක ස ද න ක ඇමර ක එක සත ජනපදයට ස ච රය න කළ අතර ව චන කයන ව ස න භ ව ත කරන ලබන ව ය ජ ඩ ප ල ම සහ උප ධ ප ළ බඳ තදබල ව ව චන හ ත ව න ඔහ තම ග රව ආච ර ය උප ධ ය න වත ලබ ද න න ය 1978 ස ප ත ම බර 18 ද න ක ව ර ම ය ග ය ය මම මරණයට හ මරණය න පස ජ ව තයට බ ය න ව ම යන ව න ඔහ තම අවසන ක ම ත ත හ සටහන කර ත බ ණ තමන ව භ මද නය න කරන ල ස ද ක ව ර එහ ද ඉල ල ත බ ණ ඔහ තම ද ස අක ෂ බ ක වට පර ත ය ග ක ළ ය ඔහ ග ම ත ශර රය ව යවච ඡ දක අධ යයනයන සඳහ ව ද ය ව ද ය ලයට ත පස ව ඇටස ක ල ල තර ස ටන ව ද ය ලය ය ව ද ය ග රයට ත ලබ ද න ල ස ඔහ මහත ග න ඉල ල ත බ ණ ම ම ඉල ල ම ස යල ල ඒ අය ර න ම ඉට ක ර ණ ප ළ බඳ හ ල ක ර මඉන ද ය ව ආන ද ර ප රද ශ ප ර න තය ප ත තප ර ත හ සත ය ස ය බ බ ක ව ර ග ආශ චර යන හ ළ දරව ක ර ම ම හ ය ම ප රධ න ඉලක කයක ව ය ක ව ර ග ක ලය ම න ම 2011 අප ර ල 24 ද න ම ය යන ත ර ම ඉන ද ය ව ච රප රස ද ධ ද ව ප ත රය ව ය ස ය බ බ ය ස ය බ බ ට ද ව යමය බලයක න ව භ ත නම ප ජන ය අළ මව ප න ව ම ඇත ළ ආශ චර යයන ර සක කළ හ ක බවට පතළ ව ත බ ණ ම ය බ බ ව ස න අත න කරන ලබන ව ය ජ මව ප මක බව ක ව ර තද න ම ව ශ ව ස කළ ය බ හ ඉන ද ය න ව ම ව න ප රය ගක ර ආශ චර යයන ද ක බල ග න ම සඳහ ද ව ප ත රයන ය ය ක ය ගන න ම න ස න ග ආශ රම වට ර ස කම න ස ට යහ ස ය බ බ ග සහ අන ක ත ව චන කයන ග ප රය ග හ ළ ක ර ම සඳහ ක ව ර ද අළ මව ප ර ක ෂක ජනය ව ත බ ද ද න න ය අනත ර ව ඔහ එය තම ව ස න අත න කළ ව ය ජ මව ප මක බව ත හ ඳ ප හ ණ වක න පස ඕන ම අය ක ට එම ද ෂ කර ක ර යය කළ හ ක බව ත පවස එය කරන අය ර ප ර ක ෂකය ට ආදර ශනය කළ ය ස ය බ බ ග ආශ චර යමත බලයන ප ළ බඳ ව ස ක ච ඡ ක ර ම සඳහ ඔහ ව හම ව මට අව ස බව සඳහන කරම න ක ව ර ද ග න ද ගටම බ බ ව ත ල ප ය ව ව ය ක ස ඳ ප රත ච රයක න ල බ කල බ ගල රය වය ට ෆ ල ඩ හ ස ය බ බ ග ආශ රමයට තමන ප ම ණ න බව ක ව ර දන ව ය ව ව ය ක ව ර එහ යන ව ට ස ය බ බ ප ත තප ර ත හ ඔහ ග අන ක ආශ රමයට පල ග ස ඇත ක ව ර ක ර යශ ර ම හන ච ක ත සකයක ම න ම ප ර ය ග ක මන ව ද ය ඥයක ද ව ව ය ප නර ජන මම 1972 නම ප රකට මලය ලම ව ත රපටය ද මර ප රව 1973 නම දම ළ ච ත රපටය ද න න තක ත නම ත ළ ඟ ච ත රපටය ද ක ව ර ග ව ෂය ය අධ යයනයන ඇස ර න න ර ම ණය කරන ලද න ර ම ණ ව භ රත ය ය ක ත ව ද ස ගමය ව ස න ක ව ර ට ගර ක ර මක වශය න කල කර වන ව ත ප ද න සම ම නයක ඒ ට ක ව ර සම ම නය ල ස නම කර ඇත පළම වරට දම ල ස නම ව ඉත හ සගත කල කර වක වන කමල හසන ඔහ ග ම නව හ තව ද ක ර ය ක ර ත වය ව න ව න ක ව ර සම ම නය ද න ගත ත ය ක ව ර ග අභ ය ග සහ ඔහ ග ප රක ශනතමන සත ව අධ ය ත ම ක බලයන ඇත ය ක ය ගත න ය ක ද ව ප ත රයන ද වඥයන සහ අන ක ත ප ද ගලයන බ හ ව ර ගණනක ම ණ ග ස ම න අනත ර ව ඔව න ග ප රක ශවල ක ස ඳ සත යත වයක න ත ය ක ව ර ට ප හ ද ල ව ය ක ව ර ප රක ශ කළ අද භ ත බලව ගයන සහ ත ත න ත තක ම ල ව ස ට ය ද ස ට න න ද න ත එවන බලව ගයන පවත න ය ආගම ක ල යව ල වල සහ හ ඟ ම ව ළඳ ම ය ද න ප වත පත වල ප ට අතර පමණ යන ව න අධ ය ත ම ක බලයන සත වන බව ප වස එව න ප ද ගලයන ප ළ බඳ ඔහ ව ස න සම ප ද ත Begone Godmen සහ Gods Demons and Spirits යන ක ත තවමත ඉන ද ය ව ව ඩ ම අල ව යක ඇත ග රන ථ ය 2008 වසර ද පන ජ බ ප රධ න අම ත යවරය ව ප රක ශ ස බද ල ව ස න ක ව ර ග ප රකට ක ත ය ව God Demons and Spirits ග රන ථය පන ජ බ පර වර තනය තහනම කරන ලද ආශ චර යවත බලව ගයන ව ශ ව ස කටය ත ල ස තමන ඉද ර ය ස ද කර ප න ව ය හ ක ඕන ම අයක ට ර 100 000 ක ත ය ග ම දලක ලබ ද න බව 1963 ද ක ව ර ප රස ද ධ ය ප රක ශයට පත කළ ය ද ව ප ත රයන ව ස න හ බටහ ර ග ප ත ව ශ ෂයන ව ස න හ ය ර ග ලර ජ න ඩ ක සන ව න ම ය ස දර ශකයන ට ද ක ව ර අභ ය ග කල එම ක ර යයන 23 න එකක තම ඉද ර ය ව ශ ව ස කටය ත ල ස කර ප න ව ර 100 000 ද න ගන න ල ස ය ඇත ම ප ද ගලය ප රස ද ධ ය ද අභ ය ගය ප ළ ග න මට ඉද ර පත ව ආරම භක ත න පත ම දල වන ර ප යල දහස ද අහ ම කර ගත හ 1978 වසර ද ක ව ර ම ය ය ම න අනත ර ව ද ඉන ද ය හ ත ව ද ස ගමය ර 100 000 අභ ය ගය තවද රට ත ක ර ය ත මක කර ග න යන අතර තවමත ර 100 000 ස ර ක ව පවත බස ව ප ර මන න ද සහ ජ ම ස රන ද ව න නව න ද ම ව න ම අභ ය ග පස ක ල නව ඉද ර පත කරන ලද අභ ය ගය ක ළඹ 06 ප ම කඩ පට මග ත ර වල ල හ පද ච ව ස ට න ඒබ රහම ට ක ව ර වන මම තම සත ව යම ග ප ත හ අද භ තජනක බලයන ඇත ය ක යන ල කය ඕන ම ක න ක එක අද භ ත බලයන ස බ ව න ම ප න න ම කළහ ත ඔහ ට ර ප යල ලක ෂයක ත ය ගයක ද මට ස ද නම බව ම ය න ප රක ශ කර ස ට ම ම ම ත ය ග ද මන ව ම ව න බලයක ඇත අය ක හම වන ත ක හ ම ග මරණය ත ක ව ව ත ව පවත ද වප ත රයන ශ ද ධවන තයන ස ව ම වර න ය ග න ම න ම අන ඕන ම අයක ට තම සත ව ඇත ය ක යන ද ව බලය න හ ම නස ක ශක ත න මග න හ පහත ද ක ව න අද භ ත ජනක ද වල වල න එකක කර ප න න ව ත ම ත ය ගය ල බ ය හ ක ය ස ල තබ ඇත කවරයක ත ළ ඇත ම දල න ට ට වක අ කය ක ම ම දල න ට ට වක ඒ අය ර න ම මව ප න ව ම පත ල ද ය බ බ ළ න න ග රත ව ගල අඟ ර මත තත පර 30 ක ස ටග න ස ට ම ම පවසන ක ස යම වස ත වක මව ප න ව ම ම නස ක බලයක මග න භ ත ක වස ත වක චලනය ක ර ම හ ම ද න නව ප න ව ම පරච ත ත ව ජ නන බලයන ඇස ර න අන ප ද ගලයන ග ස ත ක ය ව ම ය ග අධ ය ත ම ක බලයන ල ර ද ජලය ද ව ශ ර ව ද ශ ද ධ ව අළ ආද ක රමයක න ස ත කමක න කප ව න කළ ම න සක ග අතක හ පයක අඟලක න ද ක කර ප න ව ම ය ග බලයන මග න අහස ප ව ම ය ග බලයන මග න ම න ත ත පහක හ ද ස පන දනය නවත ත බ ම ය ග බලයන මග න ශ වසනය ක ර ම තත පර 30 ක ප ර නවත ත බ ම ද ය මත ඇව ද ම එක ස ථ නයක ද ස ර ර න ඉවත ව ව නත ස ථ නයක ද එම ම හ කත ම න වත දර ශනය ව ම අන ගත ස ස ද ධ යක ප ළ බඳ ප න ක ම අන භ ත ක හ ය ග භ වන ඇස ර න රහත ව ප න ව ම ද ව හ යක ෂ ආත මයක ආර ඪ ව ම න හ ප නර ත පත ත ය හ ප රත ඵලයක ල ස හ ක ස ද නක න ඇස භ ෂ වක ත ර ම ග න ම හ කත ක ර ම ආත මයක හ භ තයක ඡ ය ර පයට න ග ම ඡ ය ර පගත කළ ව ට එහ ස ය පටලය දර ශනය න අත ර දහන ව ම අධ ය ත ම ක බලයන ග න අග ළ ද ම ක මරයක න එල යට ප ම ණ ම ද ව යමය බලයක න ක ස යම ද රව යයක ස කන ධය ව ඩ ක ර ම ස ඟව වස ත වක අන වරණය කර ග න ම ජලය ප ට රල හ වය න බවට පර වර තනය ක ර ම වය න ර ධ රය බවට පර වර තනය ක ර ම ප ද ගලයන දහ ද න ක ග හස ත ර ඛ සටහන හ නක ෂත ර සටහන ඉත න ව රද ව උපන ව ල ව සහ උපන ස ථ නය අක ෂ ශ ද ශ ශ ලබ ද න ව ට එම ප ද ගලයන ග ස ත ර ප ර ෂ බව සහ ජ වත ව ස ට ද න ද ද යන වග 5 ක උපර ම ද ශ ප රත ශතයකට යටත ව ප වස ම ජ ය ත ශ ශ ස ත රය සහ හස ත ර ඛ ශ ස ත රය ව ද ය ත මක ය ය ක යම න පහස ව න ර වට න ප ද ගලයන ව චල ක ව රවටන ප ර ඩ ක ර ද වඥයන ට සහ හස ත ර ඛ ශ ස ත රඥයන ට ම ග ම ම ත ය ගය ද න ග න මට ඉද ර පත ව ය හ ක පද ර මල ය ස ව ම ගල න ලක න ත තඨ ජ න ර මල ද ව ශ ර ව ස ත ප ජ ය දද ජ දත ත බල ත ර ප ය ර ය ග න ත ර ද ව ආනන ද ම ර ත ත ර ද ව ආනන දම ර ත ක ම බ ය ච න මය නන ද ආච ර ය ර ජ න ෂ ම ක ත නන ද ස ව ම ර ම ස ව ම හර ද ස ශ වබ ලය ග භ ගවන ඥ න නන ද ග ර මහර ජ මහ ඍෂ මහ ෂ ය ග හස රත අල ආච ර ය වද ල ය ම ද ස එස ත ර තන කර ආර ප ත ව ර ය ර ග ලර න ල ය ම ච ය ල ව ජ න ඩ ක සන ස බ ල ල ක ඉන ද ය ව ජ ය ත ශ ශ ස ත රය සහ හස ත ර ඛ ශ ස ත රය ප ළ බඳ මහ ච ර යවර න සහ අන ක ව ධ ග ර ස ව ම මහන ත ආච ර ය අන ද බ බ භ ගවන ය ය ක ය ගන ම න බටහ ර රටවල ධනවත ම ග ධයන ග ද ර කර ගන න ප ද ගලයන යන ස යළ ම ද න ට ම ග රවය න ආර ධන කරන ය ම ම අභ ය ගය භ ර ග න ම ව න හ ත ව ද න ට තමන ව ච කර වන න වන බව ඔප ප කරන ල ස ය ක ව ර ට අභ ය ගයක 1977 අග ස ත 14 වන ද Is There Life After Death මරණයට පස ජ ව තයක ත බ ද යන ම ත ක ව න සන ඩ ටය ම ස ප වත පත හ ක ව ර ල ප යක පල කළ ය එම ල ප ය හ ක ව ර සඳහන කර ඇත ත ජ වය වන හ ස ක ර ණ රස යන ක ක ර ය වල යක බව ත ආත මය යන ව න ක ස වක න ම ත බව ත ඒ න ස මරණය න පස ව ආත මයක ත බ ය න හ ක බව ත ය ම ම ල ප ය සන ඩ ටය ම ස ප වත පත හරහ ම න ම හ සදත ත ස ව ම හ ක ව ර අතර ල ප හ වම ර ව ම හරහ උණ ස ම ව ව දයකට ම ල ප ර ව ය රස යන ක ද රව ය මග න මද ර වක හ මක ළ වක ව න ජ ව යක න ර ම ණය කරන ල ස හ සදත ත ස ව ම ර 500 000 ක ත ය ග ම දලක ලබ ද න බව පවසම න ක ව ර ට අභ ය ග කළ ය ක ස ව තත ක ව ර ග ආරම භක ල ප හ සදත ත ග ප රශ නවලට ප ළ ත ර ස පය ව ය අස ම න ය ජ වන ප ර ද සරසව ය හ ඉග න ගන න ක ලය පටන ම ම ත ය මත බ ඳ හ ළ මට ක ව ර ද ඩ ව හ සක ගත ත ය ය ග න ව ස න මන ත ර බලය න කරන බව පවසන ව ජ ජ වන ඔහ ක ස ඳ ම ත ර මක න ත රව ව ද ය ත මක ස ස ද ධ සහ අත න කරන මව ප ම ත ළ න කර ප න ව මට දක ෂත වක ද ක ව ය ය ද ල ව න කප ර ද ව මත තබ ග න ම තත පර ක හ පයකට න ඩ ව ට ම න ව ත ව ම උණ ත ල ත ච ච යකට අත ද ම ම ප ල කට මත කවඩ තබ ද යරයක වත ක ට කවඩ චලනය වන අය ර ප න ව ම ග ණ ප ග ම ග ණ පන දමක ම ව ත ළ තබ ගන ස ට ම ව න ක ර ය ඊට ඇත ලත ව ම ත ය මත බ ඳ ද ම ම ත ව ජ ජ වන ප න ව අහ සක ජනත වග න ම දල ගර ග න ම න වත ම ත න ස ක ව ර ට ව ව ධ තර ජන ගර ජන ප ම ණ ය ය ඔහ ග පඹයන ස ද ප ළ ස සන ල බ ව වරක ද වරක න ව සමහර ව ට ක අස බ වචනය න ඇමත ල ප ද ඔහ ට ල බ ණ ඔහ මර දමන බව පවසම න මත රන ලද තඹ ස රක ද ඔහ ව ත එවන ලද අස ම න ය ප ද ගලයක ව ඔහ එය ක ට ටය යටම තබ ග න න ද ගත ත ය එමග න ක ස ඳ හ න යක න ව බව ඔහ තම ද ශනවලද ඒව ඉද ර පත කරම න ජනත වට කර ණ ප හ ද ල කර ද න න ය ඔහ තම බ ර ඳ ද සමග හ ල මන ඇල ල ම සඳහ මධ යම ර ත ර ය ස හ න ප ට වල ගත කළ ව ර ගණන අනන ත ය ක ව ර තම ද ව ය ස ම ව දගත කටය ත තක ම ඇරඹ ව ස ම න ය ජනය අශ භ ය ය ප වස ව ල වන වලද ය ඔහ තම න වසට ම ල ගල ත බ ව ත එව න ම හ තක ය න වස ස ද ම ද වළලන ල බ ව ප ජ ද රව ය අඩ ග ප ට ට යක න ව ම න අළ ව න ද අඩ ග ප ට ට යක ඔහ ස ම ව ට ම න වස න ප ට ව ය වම පය ප රට තබ ය ගර බ හ මන පර න මව දය ප ළ බඳ අප ද න ම හ ස ත න ප රව ම අරම ණ ඇත ව ඉන ද යන ස ගරය න ජ ව න එකත ක ර ම සඳහ ව හ කල ගව ෂණ ව ද ය ඥයන කණ ඩ යමට බ ඳ න ල ස එක සත ජනපදය අර නස ට හ කල පර සර ව ද ය මධ යස ථ නය ව ස න ආර ධන කරන ල බ එක ම ආස ය ත කය ඒබ රහම ට ක ව ර ව තම බ ර ඳග අසන ප තත ත වය සහ මරණය න ස එම ආර ධන ව ප ළ ග න මට ඔහ ට න හ ක ව ය ට ර ම බ හ පරම ණ පර ය ෂණ මධ යස ථ නය සහ ඉන ද ය න හ ත ව ද ස ගමය ව ස න ය ජන කරන ලද පර ද ඉන ද ය ව ව ශ වව ද ය ල ගණන වක සහ ව ද ය ස ගම ර ශ යක ම ව ස න ජ ත යන තර සහය ගය සඳහ ව ජවහර ල ල න ර ත ය ගය සඳහ ඔහ ග නම ඉද ර පත ක ට ඇත ය න ස ක ව සහ ප ද ව ළඳ හව ල පර සර ව ද ය ද ප ර තම න ත ව ද ව ස න ල කය ව ව ධ රටවල ග ත ර ක ජනත ව ත ඔව න ග ස ස ක ත ය ත ර ක ග න ම සඳහ ව ජ ත යන තර අරම දල භ රක ර මණ ඩලය ස ම ජ කත වය ල බ එක ම ආස ය ත කය ද ඔහ ය බ හ රටවල ල ක සම මන ත රණයන හ ක ව ර ද ශන පවත ව ඇත ඔහ ග ගව ශණ ග රන ථ බ හ රටවල පළ ව ඇත ක ව ර ග ග රන ථ හ ල ඛන ඇස ර න ව ද ක න ට ය ච ත රපට ව න න ර ම ණ ද බ හ ව ත බ ඇට ස ක ල ලමරණයට ප ර ඔහ කල ඉල ල ම පර ද ඔහ ග ඇට ස ක ල ල ස ස න ග අධ ය පන කටය ත උද ස තර ස ටන ව ද ය ලය ය ජ ව ව ද ය ග රයට බ රද න ලද අදටත ඇට ස ක ල ල එහ දක නට ල බ ක ව ර ග ග රන ථ සහ ඔහ ප ළ බඳ ග රන ථඉ ග ර ස Begone Godmen ජ ය ක ප රක ශන ම ම බ ය ඉන ද ය ව Gods Demons and Spirits ජ ය ක ප රක ශන ම ම බ ය ඉන ද ය ව Selected Works of A T Kovoor ඉන ද ය න අද වව ද ප රක ශකය නව ද ල ල ය ඉන ද ය ව Exposing Paranormal Claims ඉන ද ය CSICOP ප දන ර තම ල න ඩ ඉන ද ය ව Soul Spiril Rebirth amp Possession ඉන ද ය CSICOP ප දන ර තම ල න ඩ ඉන ද ය ව On Christianity ඉන ද ය CSICOP ප දන ර තම ල න ඩ ඉන ද ය ව On Buddhism ඉන ද ය CSICOP ප දන ර තම ල න ඩ ඉන ද ය ව Astrology amp Hinduism ඉන ද ය CSICOP ප දන ර තම ල න ඩ ඉන ද ය වහ න ද Te Dev Purush Har Gaye තරක බ ර ත ප රක ශන බර න ල පන ජ බ ඉන ද ය ව Dev Daint Te Ruhan තරක බ රත ප රක ශනමලය ලම Kovoorinte Sampoorna Kruthikal ක ව ර ග ස යළ කර තව යයන පර වර තනය ජ ෂප ඒදමර ක ඉන ද ය න අද වව ද ප රක ශකය 2007 10 30 at the Wayback Machine නව ද ල ල ය ඉන ද ය ව Kovoorinte Thiranjetutha Kruthikal ක ව ර ග ත ර ගත කර තව යයන පර වර තනය ජ ෂප ඒදමර ක ප රභ ත ග රන ථ ප රක ශකය ත ර වනන තප රම ක රල ඉන ද ය ව Samsarikkunna Kuthira කත කරන අශ වය පර වර තනය ජ ෂප ඒදමර ක Current Books ත ස ර ක රල ඉන ද ය ව Yukthivadam හ ත ව දය පර වර තනය ජ ෂප ඒදමර ක Current Books ත ස ර ක රල ඉන ද ය ව Anamarutha පර වර තනය ජ ෂප ඒදමර ක D C ග රන ථ ක ට ට යම ක රල ඉන ද ය ව Indriyatheetha Jnanavum Parapsychologiyum පර වර තනය ජ ෂප ඒදමර ක ඉන ද ය න අද වව ද ප රක ශකය 2007 10 30 at the Wayback Machine නව ද ල ල ය ඉන ද ය ව Yukthichintha Rational Thought පර වර තනය ජ ෂප ඒදමර ක Current Books ක ට ට යම ක රල ඉන ද ය ව http www puzha com malayalam bookstore cgi bin book detail cgi code 157 2011 05 18 at the Wayback Machineපන ජ බ Tey Dev Pursh Har Gaye ත රක බ රත ප රක ශන බර න ල පන ජ බ Pret Atma Puner Janam Te Kasran ත රක බ රත ප රක ශන Kramatan Da Pardan Phash ත රක බ රත ප රක ශන Dev Daint te Ruhan ත රක බ රත ප රක ශනද මළ Kora Iravukal ව රක සර ප රක ශන ක ළඹ ManakolangkaL ව රක සර ප රක ශන ක ළඹපර ශ ලන Dr Abraham T Kovoor The Rationalist of Indian Subcontinent Dr Prakash Arumugam Germany 1998 01 30 සම ප රව ශය 2007 03 07 ක ව ර ප ළ බඳ ර ව ර ඉර ද ස ග රහය පල ව ල ප ය 2010 09 26 අමර සමර ව ශ ෂ ගය ද ව ය සහ භ තය ග රන ථය ක ව ර ග ල ප එකත වක ඇස ර න සම ප ද ත ය 1978 සරසව ප රක ශන http www iheu org node 3119 http www hansadutta com CHALLENGE sci html http www hansadutta com CHALLENGE sci2 htmlබ හ ර සබ ඳ The Rationalist of the Indian Subcontinent Dr Prakash Arumugam The Miracle of the Ganga Water ඒබ රහම ක ව ර ව ස න සම ප ද ත ය Dr Prakash Arumugam Dr Bhagavantham and Sai Baba Challenge of James Randi Kovoor in Rationalism Humanism and Atheism in Twentieth Century Indian Thought 2008 01 12 at the Wayback Machine