හිරෝෂිමා (ජපන්: 広島市 හිරොෂිමා-ශි) යනු ජපානයේ නගරයක් වන අතර හිරෝෂිමා දිස්ත්‍රික්කයේ අගනුවරද වේ. එමෙන්ම එය ජපානයේ විශාලතම දූපත වන හොන්ෂු දූපතේ බස්නාහිර ප්‍රදේශයේ පිහිටා ඇති විශාලතම නගරයද වේ. ජපන් බසින් හිරෝෂිමා (広島) යන්නෙන් අදහස් වන්නේ "පුළුල් දූපත" යන්නයි. 1889 අප්‍රේල් 1 වැනිදා සිට හිරෝෂිමාව 'නගරයක්' ලෙස සලකන ලදී. 1980 අප්‍රේල් 1 වැනිදා එය රජය විසින් නියම කරන ලද නගරයක් හෙවත් ලෙස නම් කරන ලදී. 2006 වසරේ ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛන වලට අනුව හිරෝෂිමාවේ 1,154,391ක ජනගහනයක් පදිංචි වී සිටී. 2011 අප්‍රේල් මාසයේ සිට හිරෝෂිමාවේ නගරාධිපති ධූරය හොබවයි.
හිරෝෂිමා 広島市 | |
---|---|
හිරෝෂිමා නගරය | |
![]() ඉහල වම්පස සිට: , පවත්වන බේස්බෝල් තරඟයක්, , හි රාත්‍රී දර්ශනයක්, | |
![]() ධජය | |
![]() හිරෝෂිමා දිස්ත්‍රික්කය තුල හිරෝෂිමා නගරයේ පිහිටීම | |
රට | ජපානය |
ප්‍රදේශය | () |
හිරෝෂිමා දිස්ත්‍රික්කය | |
ආණ්ඩුව / පරිපාලනය | |
• නගරාධිපති | |
සරිය | |
• මුළු | 905.01 කිමී2 (349.43 සතරැස් සැත) |
ජනගහණය(2010 ජනවාරි) | |
• මුළු | 1,173,980 |
• ඝණත්වය | 1,297.2/කිමී2 (3,360/වර්ග සැත) |
වේලා කලාප | ජපාන සම්මත වේලාව () |
- වෘක්ෂය | |
- පුෂ්පය | |
දුරකථන අංකය | 082-245-2111 |
ලිපිනය | 1-6-34 Kokutaiji, Naka-ku, Hiroshima-shi 730-8586 |
වෙබ් අඩවිය | Hiroshima City |
හිරෝෂිමාව ලෝකයා විසින් වඩාත් හොඳින් හඳුනාගෙන තිබෙන්නේ ලක් වූ ලොව ප්‍රථම නගරය ලෙසය. ඒ විසින් දෙවන ලෝක යුද්ධය අවසන් වීමට දින කිහිපයකට පෙර, එනම් 1945 අගෝස්තු 6 වැනිදා පෙ.ව. 8:15ට හිරෝෂිමා නගරයට ගුවනින් පරමාණු බෝම්බයක් හෙලීමෙන් අනතුරුවයි.
ඉතිහාසය
සෙන්ගොකු යුගය (1589–1871)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTloTDJFM0wwaHBjbTl6YUdsdFlWOURZWE4wYkdVdWFuQm5Mekl5TUhCNExVaHBjbTl6YUdsdFlWOURZWE4wYkdVdWFuQm4uanBn.jpg)
ජපානයේ බලවත් යුධ හමුදා අණදෙන නිලධාරියෙකු වූ විසින් 1589 දී සෙටෝ අභ්‍යන්තර මුහුදු ඉවුරේ ගංගා ඩෙල්ටාවේ හිරෝෂිමා නගරය පිහිටුවන ලදී. කෝරියාමා මාලිගය හැරදා පැමිණි ඔහු, හිරෝෂිමාව ඔහුගේ අගනුවර බවට පත්කර ගත්තේය. ඉතා ඉක්මනින් ඉදිකළ ඔහු 1593 දී එහි පදිංචි විය. එම කාලය වන විට ඔහු පරාජය වෙමින් සිටියේය. එම සටනේ ජයග්‍රාහකයා වූ පසුව හිරෝෂිමාව සහ අකි පළාත සියතට ගත් අතර, එයින් අකි පළාත ඔහුට සහය දැක්වූ වූ වෙත ලබාදෙන ලදී.
අධිරාජ්‍ය යුගය (1871–1939)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwaHBjbTl0ZFhObGRXMHVhbkJuTHpJeU1IQjRMVWhwY205dGRYTmxkVzB1YW5Cbi5qcGc=.jpg)
1871 දී අවලංගු කිරීමෙන් පසුව හිරෝෂිමාව, හිරෝෂිමා දිස්ත්‍රික්කයේ අගනුවර බවට පත්විය. අධිරාජ්‍ය යුගය තුල ජපාන ආර්ථිකය ප්‍රථමික ග්‍රාමීය මට්ටමේ සිට නාගරික මට්ටමට මාරුවීමේදී, හිරෝෂිමාව ප්‍රධාන නාගරික මධ්‍යස්ථානයක් බවට හැරිණි. 1870 දශකයේදී රාජ්‍ය අනුග්‍රහය ලැබූ ඉංග්‍රීසි පාසල් හතෙන් එකක් හිරෝෂිමාවේ පිහිටවනු ලැබීය. හිරෝෂිමාව වැදගත් වරාය නගරයක් බවට පත්කරමින්, 1880 දශකයේදී එවකට හිරෝෂිමා ආණ්ඩුකාර ගේ මූලිකත්වයෙන් උජිනා වරාය ඉදිකරන ලදී.
1894 වසරේදී හිරෝෂිමාව දක්වා දීර්ඝ කෙරිණි. පැවති සමයේදී යුධමය කටයුතු සඳහා හිරෝෂිමා ප්‍රධාන දුම්රියපළේ සිට වරාය දක්වා ද දුම්රිය මාර්ගයක් තනන ලදී. එම යුද්ධය අතරතුර කාලයේදී ජපාන රජය තාවකාලිකව හිරෝෂිමාවේ පිහිටුවන ලද අතර, විසින් 1894 සැප්තැම්බර් 15 සිට 1895 අප්‍රේල් 27 දක්වා කාලය තුල සිය මූලස්ථානය තුල පවත්වාගෙන යනු ලැබීය. චීන-ජපන් යුද්ධය අවසන් කිරීම සඳහා චීන සහ ජපන් නියෝජිතයින් අතර පළමු වටයේ සාකච්ඡා 1895 පෙබරවාරි 1 සිට 4 දක්වා කාලය තුල හිරෝෂිමාවේදී පැවැත්විණ. 19 වන සියවසේ අගභාගයේදී කපු මෝල් ඇතුළු තවත් කර්මාන්තශාලා රැසක් මෙම නගරයේ ස්ථාපනය කරන ලදී. 1904 වසරේ පැවතී සමයේදී යුධමය සැපයුම් නිෂ්පාදනය හා සංවර්ධනය කිරීම සඳහා හිරෝෂිමා නගරය තවදුරටත් කාර්මිකකරණය විය. හිරෝෂිමා දිස්ත්‍රික් වාණිජ ප්‍රදර්ශන ශාලාව 1915 දී ඉදිකරන ලද්දේ නව නිෂ්පාදන වෙළදාම් කිරීමේ සහ ප්‍රදර්ශනය කිරීමේ මධ්‍යස්ථානයක් ලෙසය. පසුව එහි නම හිරෝෂිමා දිස්ත්‍රික් නිෂ්පාදන ප්‍රදර්ශන ශාලාව ලෙසත්, ඊටත් පසුව එය හිරෝෂිමා දිස්ත්‍රික් කාර්මික ප්‍රවර්ධන ශාලාව ලෙසත් වෙනස් කෙරිණි.
පළමු ලෝක යුද්ධය පැවති සමයේදී ජපානය මිත්‍ර පාක්ෂික හමුදාවක් ලෙස යුද්ධයට එක්වීමත් සමග හිරෝෂිමාව යුධ කටයුතු වල කේන්ද්‍රස්ථානයක් බවට පත්විය. එම කාලයේදී ජර්මානු යුධ සිරකරුවන් 500ක් පමණ හිරෝෂිමා බොක්කේ පිහිටි නිනොශිමා දූපතේ සිර කර සිටියහ. පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව තවදුරටත් නගරයක් වශයෙන් වර්ධනය වූ හිරෝෂිමාවට 1923 මැයි 4 දින කතෝලික පල්ලිය විසින් අපෝස්තළුවරයෙක්ද පත්කරන ලදී.
දෙවන ලෝක යුද්ධය සහ පරමාණු බෝම්බ ප්‍රහාරය (1939-1945)
දෙවන ලෝක යුද්ධය පැවති සමයේදී ජපාන දෙවන සාමාන්‍ය හමුදාවත්, චූගොකු ප්‍රාදේශීය හමුදාවත් සිය මූලස්ථානය බවට පත්කරගෙන තිබූයේ හිරෝෂිමා නගරයයි. හමුදා නාවික අංශයේ මූලස්ථානය උජිනා වරායේ පිහිටුවා තිබුණි. නගරය තුල යුධ සැපයුම් ගබඩා රැසක් තිබූ අතර එය වැදගත් නාවික තොටුපලක්ද විය.
දෙවන ලෝක යුධ සමයේදී සහ ජපානයේ තවත් නගර රැසකට එල්ල වූ බෝම්බ ප්‍රහාර නිසා විශාල වශයෙන් ජීවිත හා දේපල හානි සිදුවිය. උදාහරණයක් වශයෙන් 128,000ක පිරිසක් ජීවත් වූ ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාර වලින් එම නගරය මුළුමනින්ම පාහේ විනාශ වූ අතර, ටෝකියෝවට එල්ල වූ ප්‍රහාර වලින් 100,000ක් පමණ මියගියහ. නමුත් එවැනි ගුවන් බෝම්බ ප්‍රහාර හිරෝෂිමාවට එල්ල වූයේ නැත. එහෙත් නගරයට එවැනි තර්ජනයක් තිබෙන බව බලධාරීහු හඳුනාගෙන සිටියහ. එබැවින් හිරෝෂිමාව එවැනි ප්‍රහාර වලින් ආරක්ෂා කරගැනීම සඳහා නිවාස කඩාදමා ඉදිකිරීමට වයස අවුරුදු 11-14 ත් අතර පාසල් සිසුන් යොදවන ලදී.
1945 අගෝස්තු 6 වැනි සඳුදා දින පෙ.ව. 8:15 ට හිරෝෂිමා වැසියන් 80,000ක් පමණ සෘජුවම ජීවිතක්ෂයට පත්කරමින්, කර්නල් විසින් පදවන ලද වර්ගයට අයත් නමැති ඇමරිකානු බෝම්බ හෙලීමේ ගුවන්යානය විසින් නමැති හිරෝෂිමාවට හෙලන ලදී. එම වසර අවසානය වනවිට එම ප්‍රහාරයෙන් තුවාල ලැබීම නිසා සහ අහිතකර විකිරණයන්ට නිරාවරණය වීම නිසා මියගිය ගණන 90,000-166,000 අතර විය. පරමාණු බෝම්බ ප්‍රහාරයට පෙර නගරයේ ජනගහනය 340,000-350,000 අතර විය. දලවශයෙන් නගරයේ ගොඩනැගිලිවලින් 70%ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර තවත් 7%ක් දරුණු හානි වලට ලක්විය.
දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජයග්‍රාහී කණ්ඩායම විසින් ජපානය අත්පත්කරගෙන සිටි කාලය තුලදී, හිරෝෂිමා නගරයේ විනාශය දැක්වෙන ඡායාරූප සහ පරමාණු බෝම්බ ප්‍රහාරය පිලිබඳ පරීක්ෂණ කල කොමිසමේ වාර්ථා ලෝක ප්‍රජාවට හෙලිකිරීම වාරණය කර තිබුණි. එම වාරණය ඉවත් වූයේ ජපානයට ස්වයං පාලන බලය ලබාදුන් 1951 පසුවය.
නගරයේ නිල පුෂ්පය වනුයේ මලයි. එලෙස කනේරු මල යොදාගැනීමට හේතුව වනුයේ, පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් පසුව නගරයේ පළමුව පිපුණු මල් වර්ගය වූයේ කනේරු මල් නිසාය.
- පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් පසු හිරෝෂිමා නගරය දිස්වූ අයුරු
- හිරෝෂිමා විනාශය
මූලාශ්‍ර
- Hakim, Joy (1995). A History of Us: War, Peace and all that Jazz. New York: Oxford University Press. ISBN .
- . Hiroshima Peace Culture Foundation. 2008-01-30 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-08-17.
- Scott O'Bryan (2009). "Hiroshima: History, City, Event". About Japan: A Teacher's Resource. සම්ප්‍රවේශය 2010-03-14.
- Kosaikai, Yoshiteru (2007). "History of Hiroshima". Hiroshima Peace Reader. Hiroshima Peace Culture Foundation.
- Bingham (US Legation in Tokyo) to Fish (US Department of State), September 20, 1876, in Papers relating to the foreign relations of the United States, transmitted to congress, with the annual message of the president, December 4, 1876, p. 384
- Dun (US Legation in Tokyo) to Gresham, February 4, 1895, in Foreign relations of United States, 1894, Appendix I, p. 97
- Jacobs, Norman (1958). The Origin of Modern Capitalism and Eastern Asia. Hong Kong University. p. 51.
- Sanko (1998). Hiroshima Peace Memorial (Genbaku Dome). The City of Hiroshima and the Hiroshima Peace Culture Foundation.
- සංරක්ෂිත පිටපත, http://www.hiroshimapeacemedia.jp/mediacenter/article.php?story=20100901131622626_en, ප්‍රතිෂ්ඨාපනය 2015-11-03
- United States Strategic Bombing Survey (June 1946). . nuclearfiles.org. 2004-10-11 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-07-26.
- Pape, Robert (1996). Bombing to Win: Airpower and Coercion in War. Cornell University Press. p. 129. ISBN .
{{}}
: Cite has empty unknown parameter:|coauthors=
() - "Japan in the Modern Age and Hiroshima as a Military City". The Chugoku Shimbun. සම්ප්‍රවේශය 2007-08-19.
- The Atomic Bombing of Hiroshima 2016-03-03 at the Wayback Machine, U.S. Department of Energy, Office of History and Heritage Resources.
- "Frequently Asked Questions - Radiation Effects Research Foundation". Rerf.or.jp. සම්ප්‍රවේශය 2011-07-29.
ආශ්රිත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය