ශ්‍රී ලංකාභිමාන්‍ය ලෙස්ටර් ජේම්ස් පීරිස් (උපත 1919 අප්‍රේල් 5) ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර වූ ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු, තිර රචකයකු සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. 1949 සිට ඔහු චිත්‍රපට 28කට වඩා නිෂ්පාදනය කර ඇත. ඔහු රේඛාව, ගම්පෙරළිය, නිධානය, ගොළු හදවත, කලි යුගය, අවරගිර සහ යුගාන්තය වැනි චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් විශාල ගෞරවයක් දිනා ගත්තේය. එතුමාගේ චිත්‍රපට ශ්‍රී ලාංකීය පවුල් සංස්ථාවේ ගැමි ජීවිත තුළින් ලබා ගත් අත් දැකීම් අනුසාරයෙන් නිෂ්පාදනය වී ඇත.
ශ්‍රී ලංකාභිමාන්‍ය ලෙස්ටර් ජේම්ස් පීරිස් | |
---|---|
![]() | |
උපත | අප්‍රේල් 5, 1919 |
මියගිය දිනය | 2018 අප්‍රේල් 28 (වයස 99) |
රැකියාව | චිත්‍රපට අධ්‍යක්ෂක, චිත්‍රපට නිෂ්පාදක, තිර රචක |
සක්‍රීය වසර | 1949–2018 |
කලත්‍රයා(යන්) | සුමිත්‍රා පීරිස් (1964– වර්ථමානය තෙක්) |
1919 අප්‍රේල් 05 වන දින දෙහිවල දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා උපත ලැබීය. ඔහුගේ පියා වෛද්‍ය ජේම්ස් ෆ්‍රැන්සිස් පීරිස් මහතා වූ අතර ඈන් ගෙස්ට්‍රියට් විනිෆ්‍රච් ජයසූරිය මැතිණිය ඔහුගේ මව වූවාය. ලෙස්ටර් මහතාට සහෝදරයන් තිදෙනකු සිටිය හ.
පීරිස් පවුල ඉංග්‍රීසි රෝමානු කතෝලික පවුලකි. හැදෙන වැඩෙන කාලයේ දී පටන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඉංග්‍රීසි භාෂාව පමණක් කතා කළේය.
ඔහු පසුව කොළඔ ශාන්ත පීතර විද්‍යාලයට ඇතුලු වී ඉගෙන ගත්තේ ය. 1939 දී ඔහු ටයිම්ස් ඔෆ් සිලෝන් පතෙහි ඉන්දියානු සංස්කාරකවරයෙකු වූ ෆ්රෑන්ක් වොරේස් යටතේ සේවය කළේය. ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කෙටි කාලයක් වැඩ කළේය. ඔහුගේ චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳව දැනුම තව තවත් පුළුල් වූයේ ඔහු නාට්‍ය මණ්ඩලයේ කණ්ඩායමට එකතු වූ පසුය.
මාර්ටින් වික්‍රමසිංහ මහතා ලියන ලද ජනප්‍රිය නවකතාවක් වූ ගම්පෙරළිය නවකතාව ඇසුරෙන් 1964 දි සෑදූ ගම්පෙරළිය චිත්‍රපටය ඉතාමත් ප්රබලය. එවැනි චිත්‍රපට බොහෝ ද සහ එවැනි චිත්‍රපට රැසක් සෑදුවේය. ඔහු චිත්‍රපට 20කට අධික සංඛ්‍යාවක් අධ්‍යයනය කළේය.
අප රටට උසස් සේවයක් කළ මෙතුමා 2018 අප්‍රේල් 28 දා දැවයෙන් සමුගත්තේය.
සිනමාව
අධ්යක්ෂණයන්
වසර | චිත්‍රපට | කරුණු |
---|---|---|
1956 | රේඛාව | |
1960 | සංදේශය | |
1964 | ගම්පෙරළිය | |
1966 | දෙලොවක් අතර | |
1967 | රන්සළු | |
1968 | ගොළු හදවත | |
1969 | අක්කර පහ | |
1970 | නිධානය | |
1972 | දෑස නිසා | |
1975 | ද ගොඩ් කිං | ඉංග්‍රීසි චිත්‍රපටය |
1976 | මඩොල් දූව | |
1978 | අහසින් පොළවට | |
1979 | පිං හාමි | විස්තරාත්මක චිත්‍රපටය |
1979 | වීර පුරන් අප්පු | |
1980 | බැද්දේගම | |
1982 | කලියුගය | |
1983 | යුගාන්තය | |
1995 | අවරගිර | |
2003 | වෑකන්ද වලව්ව | |
2006 | අම්මාවරුනේ |
2018 ||වෛෂ්ණාවී
නිෂ්පාදනයන්
වසර | චිත්‍රපට | කරුණු |
---|---|---|
1956 | රේඛාව | |
1978 | ගැහැනු ළමයි | |
1984 | මායා |
තිර රචනයන්
වසර | චිත්‍රපට |
---|---|
1956 | රේඛාව |
1988 | සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා |
සංස්කරණයන්
වසර | චිත්‍රපට | කරුණු |
---|---|---|
1972 | නිධානය |
සම්මාන
- 1981 - බැද්දේගම - ප්‍රංශ කාන්ස් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය
- 1981 - බැද්දේගම - ලන්ඩන් සිනමා උළෙල නියෝජනය
- 1982 - කලියුගය -ප්‍රංශ කාන්ස් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය
- යුගාන්තය - ජනාධිපති සම්මානය - හොදම අධ්‍යක්ෂණය
- 1985 - යුගාන්තය - මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය
- පිං හාමි - මොස්කව් ළමා චිත්‍රපට උළෙල නියෝජනය හා ප්‍රථම ත්‍යාගය ලබා ගැනීම.
- 1997ජනාධිපති සම්මාන උළලේ ‘ගෝල්ඩන් ලයන්’ (ස්වර්ණ සිංහ සම්මානය)
- 2000‘දිල්ලි’ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය- මයුර සම්මානය
- 2001‘ස්වර්ණ පද්ම’ සම්මානය- ආසියානු සිනමාව ස`දහා දැක් වූ දායකත්වය වෙනුවෙන්
- 2002ආසියානු සිනමා සංස්කෘතිය පිළිබ`ද වූ සම්මානය
2002 අපේ‍්‍රල් 5 වන දා ඔහු වෙනුවෙන් මුද්දරයක් ද නිකුත් කරන ලදී. 2003 වසරේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලය ම`ගින් ගෞරව ආචාර්ය පදවියක් ද ඔහුට පිරිනමනු ලැබීය.
මූලාශ්‍ර
- ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ මෑණියන් 2011-12-11 at the Wayback Machine
- http://www.priu.gov.lk 2015-08-10 at the Wayback Machine (පින්තූරය)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය