ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව යනු, නිර්දේශ ප්‍රකාර, ලංකාවේ විධායක සභාව හා සමගින් 1833 වසරෙහිදී පිහිටවුනු, ලංකාවේ (වර්තමානයේ ශ්‍රී ලංකාව) වෙයි. එය දිවයිනෙහි නියෝජනාත්මක රජයක පළමුවන ස්වරූපය විය. 1931 වසරෙහිදී ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ව්‍යවස්ථාදායක සභාව වෙනුවට පිහිටුවන ලදි.
ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව | |
---|---|
බ්‍රිතාන්‍ය ලංකාව | |
වර්ගය | |
වර්ගය | ඒකමණ්ඩල |
ඉතිහාසය | |
සංස්ථාපනය | 13 මාර්තු, 1833 |
විසුරුවාහැරීම | 1931 |
පූර්ව ප්රපාප්තිය | කිසිවක් නැත |
අනු ප්‍රාප්තිය | |
ආසන | 16 (1833-1889) 18 (1889-1910) 21 (1910-1920) 37 (1920-1923) 49 (1923-1931) |
මැතිවරණ | |
අවසන් මැතිවරණය | |
රැස්වන ස්ථානය | |
![]() | |
ව්‍යස්ථාදායක සභා ගොඩනැගිල්ල. විසින් 1947 සිට 1971 දක්වා මෙම ගොඩනැගිල්ල භාවිතා කරන ලදි . වර්තමානයේ එය හැඳින්වෙන්නේ වශයෙන් වන අතර කටයුතු එහි පවත්වාගෙන යයි. |
ඉතිහාසය
හැඳින්වීම
1833 වසරෙහිදී විසින්, බ්‍රිතාන්‍ය ලංකාවේ නියෝජනාත්මක රජයක පළමු පියවර ලෙසින්, ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව ස්ථාපනය කරන ලදි. ආරම්භයෙහිදී, ව්‍යවස්ථාදායක සභාව සමන්විත වූයේ සාමාජිකයන් 16 දෙනෙකු ගෙනි: බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා, ලංකාවේ විධායක සභාවේ පත්කල සාමාජිකයන් පස්දෙනා ( , නීතිපතිවරයා, , භාණ්ඩාගාරිකවරයා සහ ), වෙනත් රජයේ නිලධාරින් සතරදෙනෙක් (බස්නාහිර සහ මධ්‍යම පළතේවල ඇතුළුව) සහ පත්කල නිලනොලත් සාමාජිකයන් සයදෙනෙක් (යුරෝපියානුවන් තිදෙනෙක්, එක් සිංහල ජාතිකයෙක්, එක් සහ එක් බර්ගර් ජාතිකයෙක්) යනුවෙනි. නිලනොලත් සාමාජිකයන්හට නීති සම්පාදන සඳහා මුල පිරීමට හිමිකම් නොවීය; ඔවුනට අවකාශ තිබුයේ සාකච්ඡා වලට සම්මාදම් වීමට පමණි. රටෙහි පරිපාලනය සඳහා හඬක් නැගීමට එහි ජනතාවට ලැබුනු පළමු අවස්ථාව මෙය විය. කෙසේවෙතත්, 1860 වසරෙහිදී, මූල්‍යමය කටයුතු හා සම්බන්ධ නොවූ නීති සම්පාදන ඉදිරිපත්කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ට අවසර ලැබිණි.
1889 වසරෙහිදී, පත්කල නිලනොලත් සාමාජිකයන් ගණන අට දක්වා ඉහළ නංවන ලදි (යුරෝපියානුවන් තිදෙනෙක්, පහතරට සිංහල එක් අයෙක්, උඩරට සිංහල එක් අයෙක්, එක් දෙමළ ජාතිකයෙක්, එක් මුස්ලිම් ජාතිකයෙක් සහ එක් බර්ගර් ජාතිකයෙක්).
මැකලම් ප්‍රතිසංස්කරණ
1910 වසරෙහිදී සිදුකෙරුණු මැකලම් ප්‍රතිසංස්කරණ තුලින්, ව්‍යවස්ථාදායක සභාව ප්‍රතිසංස්කරණය කෙරිණි. සාමාජිකත්වය 18 සිට 21 දක්වා ඉහළ දමන ලද අතර, එයින් 11 දෙනෙකු නිල සාමාජිකයෝ සහ 10 දෙනෙකු නිල-නොවන සාමාජිකයෝ වූහ. නිල-නොවන සාමාජිකයන් අතුරින්, සය දෙනෙකු ආණ්ඩුකාරවරයා විසින් පත් කරන ලද අතර (පහත රට සිංහල ජාතිකයෝ දෙදෙනෙක්, දෙමළ ජාතිකයෝ දෙදෙනෙක්, උඩරට සිංහල ජාතිකයෝ එක් අයෙක් සහ මුස්ලිම් ජාතිකයෝ එක් අයෙක්) ඉතිරි සතර දෙන තෝරා පත් කර ගන්නා ලදි (යුරෝපියානුවෝ දෙදෙනෙක්, බර්ගර් ජාතිකයෝ එක් අයෙක් සහ උගත් ලාංකිකයෝ එක් අයෙක්).
මැකලම් ප්‍රතිසංස්කරණයන්හී ඉතාමත් වැදගත් පාර්ශවය වූයේ තෝරා පත් කර ගන්නා සාමාජිකයන් හඳුන්වාදීමයි. කෙසේවෙතත්, 3,000 ට අඩු (4%) ප්‍රමාණයක් ජනතාවට පමණක් ඡන්දය ප්‍රකාශ කල හැකිවූයේ, ඡන්දය දීමේ අයිතිය දානය කෙරුණේ උගත් බව සහ දැරූ වත්කම් මත පදනම්ව බැවිණි. තෝරා පත් කර ගත්, නිල-නොවන සාමාජිකයන් සතර දෙනා අතුරින් එක් අයෙකු වූයේ පොන්නම්බලම් රාමනාදන් මහතාය. ආදායම පාලනය කිරීමට, මූල්‍ය කාරක සභාවක්ද පත් කෙරිණි. එය සමන්විත වූයේ යටත් විජිත භාර ලේකම්, යටත් විජිත භාර භාණ්ඩාගාරික, ආදායම් පාලක සහ මියළු කිල-නොවන තෝරා පත් කර ගත් සාමාජිකයන් වෙතිනි. මෙම වෙනස්කම් විසින් ලාංකිකයන් සෑහීමකට පත් නොවූ අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා ව්‍යාපාරය තවදුරටත් තීව්ර විය.
පළමුවන මැනිං ප්‍රතිසංස්කරණ
1920 වසරෙහිදී සිදුවූ පළමුවන මැනිං ප්‍රතිසංස්කරණ වෙතින් තවද ප්‍රතිසංස්කරණ නීතිගත කෙරිණි. සාමාජිකත්වය 21 සිට 37 දක්වා ඉහළ නංවන ලද අතර, එයින් 14 දෙනෙකු නිලලත් සහ 23 දෙනෙකු නිල-නොවන වූහ. නිල-නොවන සාමාජිකයන් අතරින්, සතරදෙනෙකු ආණ්ඩුකාරවරයා විසින් පත් කරන ලද අතර (උඩරට සිංහල දෙදෙනෙක්, මුස්ලිම් එක් අයෙකු සහ එක් අයෙකු) ඉතිරි 19 දෙනා තෝරා පත් කර ගන්නා ලදහ (11 දෙනෙකු ප්‍රාදේශික පදනමෙන්, යුරෝපියානුවෝ පස්දෙනෙක්, බර්ගර් ජාතිකයන් දෙදෙනෙක් සහ වාණිජ මණ්ඩලය වෙතින් එක් අයෙකු).
සැලකිය යුතු වෙනසක් වූයේ ප්‍රාදේශීය පදනමකින් ඡන්ද බල ප්‍රදේශ හඳුන්වාදීමයි. ප්‍රාදේශීය ඡන්ද බල ප්‍රදේශ 11 අතරින්, තුනක් බස්නාහිර පළාත තුලද අනෙක් පළාත් අට තුල එක බැගින්ද පිහිටියේය.විධායක සභාවට නිල-නොවන සාමාජිකයෝ තිදෙනෙක් තෝරා පත් කර ගන්නා ලදි. මෙම ප්‍රතිසංස්කරණ කෙරෙහිද ලාංකිකයෝ සතුටට පත් නොවූ අතර තවද වෙනස්කම් ඉල්ලා සිටියහ.
මැනිං ඩෙවොන්ශයර් ප්‍රතිසංස්කරණ
1923 වසරෙහිදී ක්‍රියාත්මකවූ දෙවන මැනිං ප්‍රතිසංස්කරණ වෙතින්, 37 සිට 49 දක්වා සාමාජිකත්වය ඉහළ නංවන ලද අතර, එයින් 12 දෙනෙකු නිලලත් සාමාජිකයන්ද 37 දෙනෙකු නිල-නොවන සාමාජිකයෝද වූහ. නිල-නොවන සාමාජිකයන් අතරින්, ආණ්ඩුකාරවරයා විසින් අටදෙනෙකු පත් කරන ලද අතර (මුස්ලිම් තිදෙනෙක්, ඉන්දියානු දෙමළ දෙදෙනෙක් සහ වෙනත් තිදෙනෙක්) ඉතිරි 29 දෙනා තෝරා පත්කරගන්නා ලදහ (ප්‍රාදේශීය පදනමකින් 23 දෙනෙකු, යුරෝපියානුවන් තිදෙනෙකු, බර්ගර් ජාතිකයන් දෙදෙනෙකු, බස්නාහිර පළාත සඳහා ලංකා දෙමළ එක් අයෙකු). ප්‍රාදේශීය ඡන්ද බල ප්‍රදේශ 23 බෙදී ගියේ පහත පරිදීය:
- මධ්‍යම පළාත 2
- නැගෙනහිර පළාත 2
- උතුරු පළාත 5
- උතුරු මැද පළාත 1
- වයඹ පළාත 2
- සබරගමුව පළාත 2
- දකුණු පළාත 3
- ඌව පළාත 1
- බස්නාහිර පළාත 5
ආශ්රිත
- රාජසිංහම්, කේ. ටී. "චැප්ටර් 2: බිගිනිං ඔෆ් බ්‍රිටිෂ් රූල්". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි.
- "ෆර්ස්ට් ටේස්ට් ඔෆ් රෙප්රසන්ටේටිව් ගවර්න්මන්ට්". සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව). 18 මාර්තු 2007. http://sundaytimes.lk/070318/FunDay/heritage.html.
- සෙරින් සිරිවර්ධන, ශ්‍රී ලංකා ලෝ කොලේජ් එන්ට්‍රන්ස් එග්සැමිනේෂන් කෝර්ස් බුක්,(දි ඉන්කෝපරේටඩ් කවුන්සිල් ඔෆ් ලීගල් එඩියුකේෂන් /ශ්‍රී ලංකා ලෝ කොලේජ්, 1998), 26.
බාහිර සබැඳි
- අර්ලි 20ත් සෙන්චරි පොලිටිකල් ෆෝර්මේෂන්ස් ඔෆ් ශ්‍රී ලංකා 1815- 1948 2010-12-05 at the Wayback Machine
- ශ්‍රී ලංකා හිස්ට්‍රි 2011-07-17 at the Wayback Machine
- ශ්‍රී ලංකා හිස්ට්‍රි,worldxtravel 2011-09-02 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය