රජ කරන රැජින යනු පදවියට සමාන කාන්තා රාජ්‍ය පාලකයායි. ඇය ඇගේම අයිතියෙන් යුතුව රාජ්‍ය පාලනය කරන්නී ය. මෙය රජ කරන රජුගේ බිසව වන වල්ලභ රැජින හෝ ළමා පාලකයාගේ භාරකාරයා වන, තාවකාලිකව එම ස්ථානයේ වැඩබලන යන පදවි දෙකට වඩා වෙනස් ය. රජ කරන අධිරාජිනිය යනු ස්වකීය අයිතියෙන් යුතුව අධිරාජ්‍යයක් පාලනය කරන රාජ්‍ය පාලිකාවකි.
රජ කරන රැජිනක ස්වෛරී බලයන්ට හිමිකම් කියන්නී ය. වල්ලභ රැජිනක සිය සැමියාගේ පදවි නාමවලට හිමිකම් කියන නමුත්, සිය සැමියාගේ ස්වෛරීභාවය භුක්ති විඳින්නේ නැත. සාමාන්‍යයෙන් රජ කරන රැජිනකගේ සැමියා සිය භාර්යාවගේ පදවිය, තත්ත්වය හෝ ස්වෛරීභාවයට හිමිකම් නොකියයි. කෙසේනමුත් සංකල්පය අධ්‍යතන හෝ සම්භාව්‍ය යුගවල දී නොඇසූවකි.
යනු රජකුගේ වැන්දඹුවයි. මව් රැජින යනු රජකරන රාජ්‍යේශයාගේ මෑණියන් වන වැන්දඹු රැජිනකි.
ඉතිහාසය
පුරාතන ඊජිප්තුව, පුරාතන පර්සියාව, ආසියානු සහ පැසිෆික් සංස්කෘතීන්වල ද, ඇතැම් යුරෝපීය රටවල පවා රාජ්‍ය පාලිකාවනට රජ හෝ පාරාවෝ වැනි එයට අනුරූප පදවි භාවිතා විය. මෙහි දී ඇතැම්විට ලිංගය වැදගත් නොවන පදවි නාම භාවිතා කෙරුණු අතර, ඇතැම් අවස්ථාවල ලිංගය සැලකීමේ දී වදනේ පුරුෂ ලිංග ස්වරූපය ද භාවිතා කොට ඇත. ඇතැම් අවස්ථාවල දී ඇයව බැසිලිසා (βασίλισσα), 'අධිරාජිනිය' වෙනුවට (βασιλεύς), 'අධිරාජයා' ලෙස හඳුන්වාගෙන ඇත. අභිෂේක කෙරුණේ රෙක්ස් පොලෝනියේ, පෝලන්තයේ රජ ලෙසයි.
ජුදා රාජධානියේ රජවරුන් අතර නම් තනි රජ කරන රැජිනක පිළිබඳ තොරතුරු හමුවේ. නමුත් ඇය සිහසුන පැහැරගත්තකු ලෙස ඍණාත්මක අයුරින් සලකා ඇත. පුසකාලීනව රැජිනක වූ (ෂ්ලොම් ට්ෂියන්) අතිශයින් ජනප්‍රිය විය.[]
ජාතියේ අවසර දේ නම් රාජ්‍යෙශයකුට අනුප්‍රාප්තියට පත් විය හැක. රාජධානි, රැජිනිධානි, ගෝත්‍රික නායක පදවි සඳහා අනුප්‍රාප්ති ක්‍රමවේද ඇති අතර, රජ කරන රජු හෝ රාජ්‍ය මණ්ඩලය උරුමකරුවකු නම් කරන විට, වැඩිමලාගෙන් බාලයාට උපත පරිදි ඇතිවිට රජ හෝ ප්‍රධානියාගේ රාජ්‍යාධිකාරී වීම සහ එයට ප්‍රතිවිරුද්ධ අයුරින් බාලයාගෙන් වැඩිමලාට පරිදි රාජ්‍යාධිකාරීත්වය හිමි වන වැනි පිළිවෙත් ද්කනට ලැබිණි. අනුප්‍රාප්ති අවකාශය මව් පෙළපතින්, පිය පෙළපතින් හෝ දෙදෙනාගෙන්ම ලැබිය හැකි අතර, කලාතුරකින් ඡන්දයක් පවත්වා තෝරාගැනීම ද සිදු වේ. අනුප්‍රාප්ති අයිතිය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම හෝ පුරුෂයන්ට පමණක් හෝ ස්ත්‍රීන්ට පමණක් සීමා විය හැක.
සිට විසිවන සියවස දක්වා යුරෝපීය රාජාණ්ඩුවල බොහෝ දර්ශීය අනුප්‍රාප්ති ක් විය. එනම් අනුප්‍රාප්තිය චක්‍රීකරණය වූයේ පුත්‍රයන් හරහා උපත අනුව ය. ඔවුන්ගෙන් පසුව දියණියන් හෝ මුණුපරන් ද අනුප්‍රාප්තිය ලබා ඇත. ඓතිහාසිකව බොහෝ රාජ්‍යවල[] ස්ත්‍රීනට අනුප්‍රාප්තිය තහනම් කළ අතර, ස්ත්‍රී පෙළපත් සඳහා ද අවසර ලබා නොදුන්නේ අනුව ය. මෙය වර්තමානයේ ඇතැම් රාජ්‍යවල[] තවමත් දක්නට ලැබේ. නිදසුනක් ලෙස ප්‍රංශයේ කිසිදු රජ කරන රැජිනියක සිට නැත. නම් එකම රැජිනක පමණක් ඔස්ට්‍රියාව පාලනය කොට තිබේ. පහත ලැයිස්තුවෙහි දක්වා ඇති පරිදි, පුළුල්ව හඳුනන රජ කරන රැජිනියන් බොහෝ දෙනා යුරෝපීය රාජාණ්ඩු පාලනය කළ තැනැත්තියක් වේ.
20වන සියවසේ අග කාලයේ සහ 21වන සියවසේ මුල් කාලයේ ස්වීඩනය, නෝර්වේ, , නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ලක්සම්බර්ග් සහ එක්සත් රාජධානිය විසින් සිය පණත් මත පදනම්ව සංශෝධනය කොට ඇත. ඇතැම් අවස්ථාවල දී නීතිය පැනවෙන සමයේ පෙළපතෙහි වූ ජනයාගේ ජීවිත කාලය තුළ මෙම වෙනස්කම් ක්‍රියාවට නොනැංවේ.
2011දී, පොදුරාජ්‍ය මණ්ඩලීය රාජධානි 16ක් එක්ව පුරුෂ-අභිරුචි ප්‍රථමජන්මාධිකාරීත්ව පාලනය ඉවත් කිරීමට එකඟ වී ඇත. සුදුසු ව්‍යවස්ථා සම්පාදනයක් පැමිණි විට, මෙමගින් අර්ථ ගැන්වෙන්නේ විලියම් කුමරුන්ට පළමුව දියණියක වුවහොත්, ඔහුගේ බාල පුත්‍රයා ඔහුගේ උරුමකරු නොවන බවයි.
නැගෙනහිර ආසියාව
චීනයේ චීන රජ කරන අධිරාජිනිය බවට පත් වූ සේටියෑන් චෞ රාජවංශය පිහිටුවූයේ ඇගේ පුත්‍රයින් ධුරයෙන් පහකිරීමෙනි. කෙසේනමුත්, වැදගත් කරුණක් වන්නේ වූ අධිරාජිනිය හුවාංඩි (皇帝, "අධිරාජයා") යන්න භාවිතා කොට තිබීමයි. බොහෝ යුරෝපීය ප්‍රභවවල මෙය රජ කරන අධිරාජිනියක ලෙස නොව ස්ත්‍රී අධිරාජයා ලෙස අර්ථ දක්වා ඇත. මීට සමානව මෙම යුගයට දශක කිහිපයකට පෙර කොරියාවේ සිල්ලාහි සොන්දොක් රැජින සහ සිල්ලාහි ජින්දොක් රැජින විසින් තමන්ව හැඳින්වීමට යෝවං (여왕, "ස්ත්‍රී රජ") යන වදන භාවිතා කොට ඇත. ඔවුන් රජුගේ හෝ අධිරාජයාගේ භාර්යාව සඳහා යෙදෙන "වල්ලභ රැජින" ලෙස සාමාන්‍යයෙන් පරිවර්තනය කෙරෙන වංබි (왕비) යන යෙදුම භාවිතා කොට නැත.
වර්තමානයේ ජපානයේ කාන්තාවන්ට අකැප වුව ද, ජපන් ඉතිහාසය පුරා රජ කරන අධිරාජිනියන් අට දෙනකු සිට ඇත. මේ නිසා සිංහලෙන් "රජ කරන අධිරාජිනිය" යැයි භාවිතා කළ හැකි ජොසෙයි තෙන්නෝ (女性天皇, "කාන්තා අධිරාජකීය පාලකයා") යන ජපන් භාෂා වදන මේ සඳහා භාවිතා වේ. කෝගෝ (皇后) යන්න වල්ලභ අධිරාජිනියන් සඳහා යෙදේ.
වර්තමාන රාජ්‍ය කරන රැජිනියන්
රැජින | රටවල් | දිනය |
---|---|---|
එලිසබෙත් II | එක්සත් රාජධානිය | 1952 පෙබරවාරි 6 |
කැනඩාව | ||
ඕස්ට්‍රේලියාව | ||
නවසීලන්තය | ||
ජැමෙයිකාව | 1962 අගෝස්තු 6 | |
1966 නොවැම්බර් 30 | ||
බහාමාස් | 1973 ජූලි 10 | |
ග්‍රෙනාඩා | 1974 පෙබරවාරි 7 | |
පපුවා නවගිනිය | 1975 සැප්තැම්බර් 16 | |
1978 ජූලි 7 | ||
ටුවාලු | 1978 ඔක්තෝබර් | |
ශාන්ත ලුසියා | 1979 පෙබරවාරි 22 | |
1979 ඔක්තෝබර් 27 | ||
බෙලීස් | 1981 සැප්තැම්බර් 21 | |
1981 නොවැම්බර් 1 | ||
ශාන්ත කිට්ස් සහ නේවිස් | 1983 සැප්තැම්බර් 19 | |
ඩෙන්මාර්කය | 1972 ජනවාරි 14 |
රජ කරන රැජිනියන් ලැයිස්තුව
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- "Overturning centuries of royal rules". BBC News.
- "New rules on royal succession come into force". BBC News.
- Bloxham, Andy (28 October 2011). "Centuries-old rule of primogeniture in Royal Family scrapped". Telegraph. London. සම්ප්‍රවේශය 2011-12-31.
වැඩිදුර කියවීමට
- Monter, William (2012). The Rise of Female Kings in Europe, 1300-1800. . p. 271. ISBN .; මෙමගින් යුරෝපයේ පූර්ණ රාජ්‍යේශ අධිකාරීත්වය ලද ස්ත්‍රීන් 30 දෙනකු පිළිබඳ අද්‍යයනය කෙරේ.
බාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය