නටරාජ (සංස්කෘත: नटराज, "නර්තනයට අධිපති") යනු හින්දු දෙවි ශිව විශ්වීය නර්තන ශිල්පියා ලෙස නිරූපණය කිරීමයි. ඔහුගේ නර්තනය සංදර්භය මත පදනම්ව හෝ නඩාන්ත ලෙස හැඳින්වේ. මෙම ඉරියව්ව සහ කලාකෘති පිළිබඳ අංශුමාද්භේද ආගම සහ උත්තරකාමික ආගම වැනි බොහෝ හින්දු ග්‍රන්ථවල සඳහන් වන අතර, මෙම නර්තන කැටයම් හෝ ප්‍රතිමා සියලු ප්‍රධාන ශෛවාගමික හින්දු දේවාලවල දක්නට ලැබේ.
නටරාජ | |
---|---|
නර්තනයට අධිපති | |
![]() ඇති 10වන සියවසට අයත් චෝළ රාජවංශ නර්තනයට අධිපති ශිවගේ ලෝකඩ ප්‍රතිමාවක් | |
අනුබැඳිය | ශිව |
සංකේත | අග්නි |
අංශුමාද්භේද ආගම උත්තරකාමික ආගම |
මෙහි සම්භාව්‍ය නිරූපණය 6වන සියවස අවට එල්ලෝරා ලෙන් සහ බදාමි ලෙන් කැටයම්වල දක්නට ලැබේ. 10වන සියවස අවට, තමිල් නාඩුව තුළ එහි වඩාත් පරිණතම සහ ප්‍රකටම නිදසුන් වලින් දැකගත හැක. විවිධ උසින් යුත් මෙම ප්‍රතිමා සාමාන්‍යයෙන් අඩි හතරට වඩා උසින් අඩු අතර වැඩි අවස්ථා ද හමුවේ. ඓතිහාසික කලා නිර්මාණ අතර නටරාජා කැටම් දකුණු ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ, අග්නිදිග ආසියාවේ හා කාම්බෝජය වැනි ප්‍රදේශවලින් සහ මධ්‍ය ආසියාවෙන් හමුවේ.
නර්තන සහ නාට්‍යමය කලාවන්ට අධිපති ලෙස ශිව දෙවියන් නිරූපණය කළ මෙම ප්‍රතිමා කලාව පිළිබඳ හින්දු ග්‍රන්ථවල සඳහන් ශෛලීන් සහ මිනුම් උපයෝගී කොටගෙන නිර්මාණය කරන ලදී. එමගින් දර්ශීයව ශිව එක් නාට්‍ය ශාස්ත්‍ර ඉරියව්වකින් යුතුව, සිය පසුපස වම් හස්තයේ අග්නිය දරාසිටින අතර, එහි ඉදිරි හස්තයෙන් ගජහස්ත හෙවත් දණ්ඩහස්ත මුද්‍රාවත්, නාගයකු එතී සිටින ඉදිරිපස දකුණු හස්තයේ අභය (බිය නොවීම) මුද්‍රාවත් නිරූපණය වේ. එය සූත්‍ර පාඨයක් කෙරෙහි යොමු කොට ඇත. පසුපස දකුණු හස්තයෙහි බොහෝවිට නම් උඩැක්කියක් වැනි සංගීත භාණ්ඩයක් දරාසිටිනු නිරූපිත ය. ඔහුගේ සිරුර, ඇඟිලි, වළලුකර, ගෙල, මුහුණ, හිස, කන් පෙති සහ වස්ත්‍රය විවිධ මෝස්තරවලින් අලංකාර කොට ඇති අතර, ඒවා ඓතිහාසික යුගය සහ ප්‍රදේශය අනුව වෙනස් විය හැක. ඔහු වටා ගිනි සිළු වළල්ලක් ඇති අතර, පද්ම පීඨයක් මත සිය වම් පාදය ඔසවාගෙන (කලාතුරකින් දකුණු පාදය ඔසවා සිටින අවස්ථා ද හමුවේ) සිටියි. සිය දකුණු පාදයෙන් වාමනයකු පාගාගෙන සමබරව සිටියි. මෙම වාමන රුව (අපස්මාර හෝ මූයලක) මගින් අවිද්‍යාව සංකේතවත් කෙරේ. මෙම උද්වේගී නර්තනයේ ඇති ගතික ස්වභාවය කැරකැවී ගිය කේශ කලාපයෙන් පෙනී යන අතර, එහි සිහින් කෙස් වැටි හිසට පිටුපසින් විජිනියක් මෙන් සැකසී ඇත. 12වන සියවසේ සිටම ඉන්දියානු විද්වතුන් විසින් නටරාජ රුවේ ලක්ෂණ විවිධ අයුරින් අර්ථ දක්වා ඇති අතර, එහි සංකේතාත්මක සහ දාර්ශනික අර්ථය එහි දී ඉදිරිපත් කොට ඇත.
ඉන්දියාවේ වඩාත් ප්‍රචලිත ප්‍රතිමා සංකේතයක් වන නටරාජ රුව ඇතැම් අවස්ථාවල දී ඉන්දීය සංස්කෘතියේ සංකේතයක් ලෙස ද භාවිතා වේ. එපමණක් නොව එය හින්දු කලාවේ අග්‍රගන්‍ය නිර්මාණයක් ලෙස ද සැලකේ.
ගැලරිය
- බදාමි ලෙන් දේවාල අංක 1හි ඇති 6වන/7වන සියවසට අයත් නටරාජා රුවක්
- හානියට පත් 6වන සියවසට අයත් නටරාජා ප්‍රතිමාවක්, එලිෆන්ටා ලෙන්
- 6වනක සියවසට අයත් නටරාජා ප්‍රතිමාවක්, ලෙන් අංක 21, එල්ලෝරා
- එල්ලෝරා ලෙන්වල ඇති 7වන/8වන සියවසට අයත් නටරාජා ප්‍රතිමාවක්
- (ලෙන් අංක 16) ඇති 8වන සියවසට අයත් නටරාජා ප්‍රතිමාවක්, එල්ලෝරා ලෙන්
- මධ්‍ය ප්‍රදේශයෙන් හමුවූ 8වන සියවසට අයත් නටරාජා වැලිගල් ප්‍රතිමාවක්
- ශිව නටරාජා, මැදි-ක්‍රි.ව. 10වන සියවස, බ්‍රිතාන්‍ය කෞතුකාගාරය
- (ஆயிரம் கால் மண்டபம்) ඇති හිව නටරාජා ප්‍රතිමාවක්, මදුරෛ, තමිල් නාඩු, ඉන්දියාව
- හි ශිව දේවාලයෙහි අත් දහයක් සහිතව නටරාජා සිය ගවයා මත නැගී සිටිනු නිරූපිත විරළ ගණයේ පාල ප්‍රතිමාවක් ඇත.
- නටරාජා, නර්තනයට අධිපති ලෙස.
ආශ්‍රේයයන්
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Verma2011p19
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Nataraja, Encyclopedia Britannica (2015)
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;rao223
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - James C. Harle (1994). The Art and Architecture of the Indian Subcontinent. Yale University Press. p. 126. ISBN .
- Archana Verma (2012). Temple Imagery from Early Mediaeval Peninsular India. Ashgate Publishing. pp. 150–151. ISBN .
- T. A. Gopinatha Rao (1997). Elements of Hindu Iconography. Motilal Banarsidass. pp. 223–229, 237. ISBN .
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;jharle309
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Saroj Panthey (1987). Iconography of Śiva in Pahāṛī Paintings. Mittal Publications. pp. 59–60, 88. ISBN .
- Banerjee, P. (1969). "A Siva Icon from Piandjikent". Artibus Asiae. 31 (1): 73–80. doi:10.2307/3249451.
{{}}
:|access-date=
requires|url=
() - Mahadev Chakravarti (1986). The Concept of Rudra-Śiva Through the Ages. Motilal Banarsidass. p. 178 with footnotes. ISBN .
- T. A. Gopinatha Rao (1997). Elements of Hindu Iconography. Motilal Banarsidass. pp. 236–238, 247–258. ISBN .
- Shiva as Lord of the Dance (Nataraja), Chola period, c. 10th/11th century The Art Institute of Chicago, United States
- Ananda Coomaraswamy (1922), Saiva Sculptures: Recent Acquisitions, Museum of Fine Arts Bulletin, Vol. 20, No. 118 (Apr., 1922), pages 18-19
- Gomathi Narayanan (1986), SHIVA NATARAJA AS A SYMBOL OF PARADOX, Journal of South Asian Literature, Vol. 21, No. 2, page 215
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;coomarados
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;narayanan208
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Anna Libera Dallapiccola (2007). Indian Art in Detail. Harvard University Press. p. 28. ISBN .
- David Smith (2003). The Dance of Siva: Religion, Art and Poetry in South India. Cambridge University Press. pp. 1–2. ISBN .
- Frank Burch Brown (2014). The Oxford Handbook of Religion and the Arts. Oxford University Press. pp. 489–490. ISBN .
- James C. Harle (1994). The Art and Architecture of the Indian Subcontinent. Yale University Press. p. 123. ISBN .
- British Museum Collection
වැඩිදුර කියවීමට
නටරාජ ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න | |
![]() | කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය |
- Ananda Coomaraswamy (1957). The Dance of Śiva: Fourteen Indian Essays. 2155403.
- Jansen, Eva Rudy (1993). The Book of Hindu Imagery. Havelte, Holland: Binkey Kok Publications BV. ISBN .
{{}}
: Cite has empty unknown parameter:|coauthors=
() - Vivek Nanda; George Michell (2004). Chidambaram: Home of Nataraja. Marg Publications. ISBN . 56598256.
- C Sivaramamurti (1974). Nataraja in Art, Thought, and Literature. National Museum. ISBN . 1501803.
- David Smith (2003). The Dance of Siva: Religion, Art and Poetry in South India. Cambridge University Press. ISBN .
බාහිර සබැඳි
- ශිවගේ නර්තනය: දකුණු සහ අග්නිදිග ආසියාවේ ප්‍රතිමා ශිල්පය සහ නර්තන සම්ප්රදාය, ඇලසැන්ඩ්රා අයියර් (2000), කලාව තුළ සංගීතය
- ශිව නටරාජා ප්‍රතිමා ශිල්පය 2016-07-21 at the Wayback Machine, ෆ්‍රියර් සැක්ලර් ගැලරිය, ස්මිත්සෝනියානු
- නටරාජ: ඉන්දියාවේ අග්නි චක්‍රය, ස්ටීවන් පයින් (1994)
- චිදම්බරේස්වරර් නටරාජා දේවාලය
- නටරාජා පින්තූර එකතුව