උතුරු සයිප්‍රසය (තුර්කි: Kuzey Kıbrıs), නිල වශයෙන් උතුරු සයිප්‍රසයේ තුර්කි ජනරජය (TRNC; තුර්කි: Kuzey Kıbrıs Türk Cumhuriyeti) ලෙස හැඳින්වෙන්නේ සයිප්‍රස දිවයිනේ ඊසාන දිග කොටසේ පිහිටි ස්වයං ප්‍රකාශිත රාජ්‍යයක් වේ. එය පිළිගනු ලබන්නේ තුර්කිය විසින් පමණි. උතුරු සයිප්‍රසය, සයිප්‍රස් ජනරජයේ කොටසක් විය යුතු බවට අන්තර්ජාතික ප්‍රජාව විසින් සළකනු ලබයි.
උතුරු සයිප්‍රසයේ තුර්කි ජනරජය (Turkish Republic of Northern Cyprus) Kuzey Kıbrıs Türk Cumhuriyeti (තුර්කි) | |
---|---|
![]() කොඩිය Coat of arms | |
ජාතික ගීය: İstiklal Marşı නිදහස් පාගමන | |
![]() | |
අගනුවර | |
විශාලතම නගරය | අගනුවර |
නිල භාෂා(ව) | තුර්කි |
තුර්කි සිප්රියෝට් | |
රජය | ඒකීය |
• ජනාධිපති | මුස්ටාෆා අකින්සි |
• අගමැති | ඕමෙර් කලිඔන්සු |
ව්‍යවස්ථාදායකය | ජනරජයේ සභාව |
සයිප්‍රස් ජනරජය වෙතින් | |
• ප්‍රකාශයට පත් | 15 නොවැම්බර් 1983 |
• පිළිගැනීම | තුර්කිය පමණි |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 3,355 km2 (1,295 sq mi) (174වන ශ්‍රේණිගත නම්) |
• ජලය (%) | 2.7 |
ජනගහණය | |
• 2013 ඇස්තමේන්තුව | 301,988 |
• 2011 ජන සංගණනය | 286,257 |
• ඝණත්වය | 86/km2 (222.7/sq mi) () |
දදේනි (නාමික) | 2014 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $4.273 7බිලියන |
• ඒක පුද්ගල | $15,302 (for 2013) |
ව්‍යවහාර මුදල | ![]() |
වේලා කලාපය | UTC+2 (EET) |
• ගිම්හාන () | UTC+3 (EEST) |
වම | |
ඇමතුම් කේතය | +90 392 |
.nc.tr or .ct.tr; wide use of |
උතුරු සයිප්‍රසය ඊසානදිගින් කෙළවරේ සිට මොර්ෆියු බොක්ක, කොර්මකයිටිස් තුඩුව සහ බටහිරින් කොකිනාව තෙක් විහිදී පවතී. එහි වඩාත් දකුණින්ම පිහිටා ඇත්තේ ලොව්රව්ජිනා ගම්මානය යි. එක්සත් ජාතීන්ගේ පාලනය යටතේ පවතින ප්‍රේරක කලාපයක් උතුරු සයිප්‍රසය හා සයිප්‍රස දිවයිනේ ඉතිරි ප්‍රදේශය අතරමැදින් විහිදී පවතින අතර එමගින් දිවයිනේ විශාලතම නගරය වන ව බෙදීමකට ලක් කරයි. රාජ්‍යයන් දෙකෙහිම අගනගරය වන්නේ නිකොසියාව යි.
දිවයින, ග්‍රීසිය වෙතට අත්පත් කරගැනීමේ වෑයමක් ලෙස 1974 දී සිදු වූ කුමන්ත්‍රණයක්, සයිප්‍රසය වෙත තුර්කි ආක්‍රමණයක් සිදු වීමට මග පාදන ලදී. මේ නිසා බොහෝ ග්‍රීක-සයිප්‍රස වැසියන් උතුරින් නෙරපාහැරීම, දකුණින් තුර්කි-සයිප්‍රස වැසියන් සම්ප්‍රාප්ත වීම සහ 1983 දී උතුරෙහි ස්වාධීනත්වය පිළිබඳ ඒකපාර්ශ්විකව ප්‍රකාශයට තුඩුදෙමින් දිවයින කොටස්වලට බෙදීයාම වැනි සිදුවීම් ප්‍රතිඵල විය. අන්තර්ජාතික පිළිගැනීම ඉතා මඳ බැවින් උතුරු සයිප්‍රසය ආර්ථික, දේශපාලනික සහ හමුදාමය සහාය සඳහා තුර්කිය මත විශාල වශයෙන් යැපේ.
සයිප්‍රස අර්බුදයට විසඳුමක් සෙවීමට දරණ ලද වෑයම් අසාර්ථක වී ඇත. උතුරු සයිප්‍රසය තුළ විශාල බලයක් හිමිකරගෙන සිටී. එහි පැවැත්ම TRNC රජය විසින් අනුමත කර සහයෝගය ලබාදෙන නමුත් සයිප්‍රස ජනරජය සහ අන්තර්ජාතික ප්‍රජාව විසින් එය බලෙන් අත්පත් කර ගැනීමක් ලෙස සළකනු ලබන අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවලීන් කිහිපයකදීම එහි පැවැත්ම හෙළාදකිනු ලැබ ඇත.
විවිධ ආභාෂයන්ගෙන් පෝෂණය වූ සංස්කෘතිකමය උරුමයක් සහ සේවා අංශයේ ආධිපත්‍යයට නතු වූ ආර්ථිකයක් සහිත උතුරු සයිප්‍රසය, අර්ධ-ජනාධිපති, ප්රජාතන්ත්රවාදී ජනරජයක් වේ. 2000 සහ 2010 කාල වකවානු වලදී, 2000 කාලයේදී පැවතියාට වඩා තෙගුණයක ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනයක් සමඟ ආර්ථිකය වර්ධනය වී ඇති නමුත් සයිප්‍රස් ජනරජය විසින් උතුරු සයිප්‍රසයේ වරායයන් නිළ වශයෙන් වසා දැමීම නිසා පැවැත්වෙන අන්තර්ජාතික සම්බාධකයක් මගින් එය රඳවාගෙන සිටිනු ලබයි. පැහැදිලිව වෙනස් දේශීය භාෂාවක් භාවිතයේ තිබුණ ද නිළ භාෂාව වන්නේ තුර්කි භාෂාවයි. ආගමික ආකල්ප, මධ්‍යස්ථ හා ලෞකික වන අතර ජනගහණයෙන් අති මහත් බහුතරය සුන්නි මුස්ලිම්වරුන් වෙයි.
ආශ්රිත
- ආර්ථික හා සමාජ දර්ශක 2013. TRNC රාජ්‍ය සැලසුම්කරණ සංවිධානය. pp. 2–3.
- "KKTC". තුර්කි ආර්ථික අමාත්‍යාංශය. සම්ප්‍රවේශය 28 ජුලි 2015.
- International Chamber of Commerce (1 November 2003). Europe Review 2003/04: The Economic and Business Report. Kogan Page Publishers. p. 79. ISBN .
The Turkish Cypriot-dominated north is the Turkish Republic of Northern Cyprus' which elects its own government and is recognised only by Turkey.
- The CIA World Factbook 2010. Skyhorse Publishing Inc. 2009. p. 182. ISBN .
the formation of a "Turkish Republic of Northern Cyprus" ("TRNC"), which is recognized only by Turkey
- Scott Leckie (28 May 2007). Housing and Property Restitution Rights of Refugees and Displaced Persons: Laws, Cases, and Materials. Cambridge University Press. p. 448. ISBN .
The complaints raised in this application arise out of the Turkish military operations in northern Cyprus in July and August ... This development was condemned by the international community. ... of the establishment of the "TRNC" legally invalid and calling upon all States not to recognise any Cypriot State other than the ...
- Central Intelligence Agency (8 October 2013). The CIA World Factbook 2014. Skyhorse Publishing Company, Incorporated. p. 691. ISBN .
The Turkish Cypriots are heavily dependent on transfers from the Turkish Government. Ankara directly finances about one-third of the Turkish Cypriot "administration's" budget.
- Gideon Boas (1 January 2012). Public International Law: Contemporary Principles and Perspectives. Edward Elgar Publishing. p. 177. ISBN .
For example, the Turkish Republic of Northern Cyprus, located in the northern portion of the island of Cyprus, came about through ... from only one state – Turkey, upon which it is entirely dependent for economic, political and military support.
බාහිර සබැඳි
- නිළ
- උතුරු සයිප්‍රස තුර්කි ජනරජයේ රිපබ්ලිකන් සභාව (පාර්ලිමේන්තුව)
- ජනාධිපති, උතුරු සයිප්‍රසයේ තුර්කි ජනරජය
- අන්කාරා හි ටී.ආර්.එන්.සී තානාපති කාර්යාලය 2012-05-21 at the Wayback Machine
- ටී.ආර්.එන්.සී මහ බැංකුව
- වෙනත්
- සම්බාධක!, උතුරු සයිප්‍රසයේ ජනගහනය මත පනවා ඇති සමස්ත ආර්ථික සම්බාධක වලට එරෙහිව ලාභ නොලබන සංගමයේ ව්‍යාපෘති අඩවිය.
- ATCA පුවත්, විදේශ රටවල තුර්කි සයිප්‍රසයේ සංගමය 2008-02-21 at the Wayback Machine
- උතුරු සයිප්‍රසයේ මුල් පිටුව
- "ඉස්ලාමීය සම්මේලන පාර්ලිමේන්තු ටී.ආර්.එන්.සී 'සයිප්‍රස් තුර්කි රාජ්‍ය'" ජේ.ඩබ්ලිව්.ටී 2006-10-09 at the Wayback Machine
- සයිප්‍රසයේ යුරෝපීය විසඳුම සඳහා ජාත්‍යාන්තර විශේෂඥ කමිටුවේ අඩවිය
- සයිප්‍රසයේ එක්සත් රාජධානි පාර්ලිමේන්තු කණ්ඩායමේ අඩවිය 2013-05-22 at the Wayback Machine
- බී.බී.සී විසින් නිකුත් කළ සයිප්‍රස් කාල රේඛාව
- තුර්කි ඇමරිකානු සමිති සභාව
- ඕස්ට්‍රේලියාවේ තුර්කි සයිප්‍රසය - ඓතිහාසික පොත් 2009-02-16 at the Wayback Machine
- සයිප්‍රස් තුර්කි ප්‍රජාව සදහා යුරෝපා සංගමය කාර්ය බලකාය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය