සෝබර්ස්-තිසේරා කුසලානය යනු බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරඟමාලාවේ ජයග්රාහකයින්ට පිරිනමන ක්‍රිකට් කුසලානයකි. එය මුලින්ම ප්රදානය කරනු ලැබුවේ 2015-16 දෙරට අතර පැවති තරඟමාලාවෙන් පසුවය. මෙම කුසලානය නම් කර ඇත්තේ දෙරටේ පැරණි ක්‍රිකට් ක්‍රීඩකයින් වන ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් සහ මයිකල් තිසේරාගේ නමින්ය.
සෝබර්-තිසේරා කුසලානය | |
---|---|
රටවල් | ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් |
පරිපාලක | |
ආකෘතිය | ටෙස්ට් ක්‍රිකට් |
පළමු තරගාවලිය | |
අවසාන තරගාවලිය | 2021-22 |
මිලඟ තරගාවලිය | තවම තීරණය කර නැත |
තරගාවලි ආකෘතිය | ටෙස්ට් තරගමාලා |
කණ්ඩායම් ගණන | 2 |
වත්මන් ජයස්මාරකය හිමිකරු | ශ්‍රී ලංකාව |
වඩාත් ජයග්‍රාහී | ශ්‍රී ලංකාව (දෙවරක්) |
වඩාත් ලකුණු | (288) |
වඩාත් කඩුළු | (20) |
පළමු සෝබර්ස්-තිසේරා කුසලානය ශ්‍රී ලංකාව විසින් 2015 දී පවත්වන ලදී.
පසුබිම
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඉදිරි බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සංචාර ගාෆීල්ඩ් සෝබර්ස් - මයිකල් තිසේරා තරගමාලා ලෙස නම් කරන බවයි. සෝබර්ස් පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් දැක්වීම නිසා ඔහු ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස සැලකේ. දකුණත් පිතිකරුවෙකු සහ පා දඟ පන්දු යවන්නෙකු වන තිසේරා, සෝබර්ස්ගේ යුගයේම ක්‍රීඩා කළ නමුත් ශ්‍රී ලංකාව අයිසීසී පූර්ණ සාමාජික රටක් නොවූ නිසා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා නොකළ බැවින් ඔහුගේ වෘත්තීය ජීවිතය පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සීමා විය. එහිදී ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදී සුප්‍රසිද්ධ ජයග්‍රහණයක් ලබා ගැනීමට තිසේරා ලංකා කණ්ඩායම මෙහෙයවීය.
සෝබර්ස්-තිසේරා කුසලාන තරඟමාලාවේ ලැයිස්තුව
කණ්ඩායම් | එකතුව | බටහිර ඉන්දීය කොදෙව් ජයගත් | ශ්‍රී ලංකාව ජයගත් | ජය පරාජයෙන් තොර | |
---|---|---|---|---|---|
බටහිර ඉන්දීය කොදෙව් එදිරිව ශ්‍රී ලංකාව | තරගමාලා | 4 | 0 | 2 | 2 |
තරගමාලාව | වාරය | සත්කාරය | ක්‍රීඩා කල තරග | බ.ඉ.කො ජයගත් | ශ්‍රී ලංකාව ජයගත් | විසදුමක් නොමැති | තරගමාලාවේ ක්‍රීඩකයා | තරගමාලාවේ ප්‍රතිඵලය | කුසලානය රදවා ගැනීම |
---|---|---|---|---|---|---|---|---|---|
1 | ශ්‍රී ලංකාව | 2 | 0 | 2 | 0 | රංගන හේරත් | ශ්‍රී ලංකාව | ශ්‍රී ලංකාව | |
2 | 2018 | බටහිර ඉන්දීය කොදෙව් | 3 | 1 | 1 | 1 | විසදුමක් නැත | ශ්‍රී ලංකාව | |
3 | 2021 | බටහිර ඉන්දීය කොදෙව් | 2 | 0 | 0 | 2 | විසදුමක් නැත | ශ්‍රී ලංකාව | |
4 | 2021–22 | ශ්‍රී ලංකාව | 2 | 0 | 2 | 0 | රමේෂ් මෙන්ඩිස් | ශ්‍රී ලංකාව | ශ්‍රී ලංකාව |
බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ජය | ශ්‍රී ලංකාවට ටෙස්ට් ජය | විසදුමක් නොමැති ටෙස්ට් |
---|---|---|
1 | 5 | 3 |
තරඟ පැවැත්වූ ක්‍රීඩාංගණ
ශ්‍රී ලංකාවේ දී | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
ක්‍රීඩාංගණය | පලමු තරගය | අවසාන තරගය | ක්‍රීඩා කල තරග | ශ්‍රී ලංකාවට ජය | විසදුමක් නොමැති | බ.ඉ.කොදෙව්වන්ට ජය | |||||
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, ගාල්ල | 2021-22 | 3 | 3 | 0 | 0 | ||||||
, කොළඹ | 1 | 1 | 0 | 0 | |||||||
බටහිර ඉන්දීය කොදෙව් හීදී | |||||||||||
ක්‍රීඩාංගණය | පලමු තරගය | අවසාන තරගය | ක්‍රීඩා කල තරග | බ.ඉ.කොදෙව්වන්ට ජය | විසදුමක් නොමැති | ශ්‍රී ලංකාවට ජය | |||||
, | 2021 | 2021 | 2 | 0 | 2 | 0 | |||||
, | 2018 | 2018 | 1 | 1 | 0 | 0 | |||||
, | 2018 | 2018 | 1 | 0 | 1 | 0 | |||||
, | 2018 | 2018 | 1 | 0 | 0 | 1 |
මේවාද බලන්න
යොමු කිරීම්
- "Sobers-Tissera Trophy". Nations.lk. සම්ප්‍රවේශය 8 September 2015.
- "Herath and Siriwardana seal 2-0 series win". ESPNcricinfo.com. සම්ප්‍රවේශය 16 November 2021.
- "Records | Test matches | Team records | Results summary (by opposition)". ESPNcricinfo.com. සම්ප්‍රවේශය 16 November 2021.