රාජ අම්ලය (ඉංග්‍රීසි:Aqua regia) යනු නයිට්‍රික් අම්ලය (HNO3) හා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය(HCl) මවුලික අනුපාතය 1:3 මිශ්‍රණයෙන් සාදා ගන්නා සධුම(ඉංග්‍රීසි:fuming) ද්‍රවයකි. කහ පැහැයට හුරු තැඹිලි පැහැයකින් යුතු මෙම ද්‍රවය සමහර උච්ච ලෝහ(ඉංග්‍රීසි:Noble metal) එනම් රත්තරං(Au) ,ප්ලැටිනම්(Pt) වැනි ලෝහ පවා දිය කිරීමට සමත් වෙනවා.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh3THpBeUwwRnhkV0ZmY21WbmFXRmZhVzVmUkdGMlpXNXdiM0owWDB4aFltOXlZWFJ2Y21sbGN5NXFjR2N2TWpJd2NIZ3RRWEYxWVY5eVpXZHBZVjlwYmw5RVlYWmxibkJ2Y25SZlRHRmliM0poZEc5eWFXVnpMbXB3Wnc9PS5qcGc=.jpg)
රසායනය
රත්තරං දිය කිරීම
රත්තරං (Au) යනු ඉතාම අඩු ප්‍රතික්‍රියාශීලි ලෝහයකි.වෙන වෙනම ගත් විට හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට හෝ නයිට්‍රික් අම්ලයට හෝ රත්තරං ලෝහය දිය කිරීමට නොහැක.නමුත් මෙම අම්ල දෙකෙහි මිශ්‍රණය වන රාජ අම්ලයට මෙය කළ හැකි වන්නේ එය තුළ අඩංගු අම්ල දෙකම එකිනෙකට වෙනස් කාර්යයන් සිදු කරන බැවිනි.HNO3(නයිට්‍රික් අම්ලය) ප්‍රභල ඔක්සිකාරකයකි.සැබැවින්ම මෙම අම්ලය නොගිනිය හැකි තරම් ප්‍රමාණයක් රත්තරං දිය කරයි ඒවා රත්තරං අයන(Au3+) සාදයි.HCl(හයිඩ්‍රොක්ලෝරික් අම්ලය) මඟින් ක්ලෝරීන් ඇනායන (Cl-) මුදා හරී. මෙම Cl-, Au3+ හා ප්‍රතික්‍රියා කර ටෙට්රාක්ලෝරවුරේට් ඇනායනය(AuCl4-) සාදයි.තව දුරටත් Au දිය වෙමින් අම්ලය තුල නිදයස් Cl සමඟ ප්‍රතික්‍රියා කර ක්ලෝරෝවුරික් අම්ලය(chloroauric acid) සෑදේ.තුලිත රසායනික සමීකරණය:
- Au + 3 HNO3 + 4 HCl
[AuCl4]− + 3 [NO2] + [H3O]+ + 2 H2O
- or
- Au + HNO3 + 4 HCl
[AuCl4]− + [NO] + [H3O]+ + H2O
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය