නෙෆර්නෙෆරුආටන් ටැෂෙරිට් හෙවත් කනිෂ්ඨ නෙෆර්නෙෆරුආටන් (ක්‍රි.පූ. 14වන සියවස) යනුවේන හැඳින්වෙන්නේ පුරාතන ඊජිප්තුවේ දහඅටවන රාජවංශයේ විසූ කුමරියකි. ඇය පාරාවෝ අක්නාටන් සහ ඔහුගේ මහා රාජකීය බිරිඳ වූ නෙෆර්ටිටිගේ සිව්වන දියණිය වූවා ය.
නෙෆර්නෙෆරුආටන් ටැෂෙරිට් රූපාක්ෂර වලින් | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
ආටන්ගේ වඩාත් රූමත්ම තැනත්තිය - කනිෂ්ඨ | |||||||||||
![]() |
පවුල
නෙෆර්නෙෆරුආටන් උපත ලැබූයේ ඇගේ පියාගේ රාජ්‍ය සමයේ 8වන සහ 9වන වර්ෂය අවටද කාලයේ ය. ඇය මෙම රාජකීය යුවලගේ හඳුනාගත් දියණියන් සයදෙනා අතුරින් සතරවැන්නිය විය. ඇයගේ උපත ඇගේ පියා විසින් පිහිටුවූ අගනුවර වූ අක්ටාටන්හි සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඇගේ නාමය වන නෙෆර්නෙෆරුආටන් ("ආටන්ගේ රූමතියන් අතර රූමතිය" හෙවත් "ආටන්ගේ වඩාත් රූමත්ම තැනැත්තිය") යන්න නෙෆර්ටිටි විසින් 5වන වර්ෂයේ දී භාවිතා කළේ නමෙහි අනුකරණයක් බව නිසැක ය. ("ටා-ෂෙරිට්" යන්නෙහි සරල අරුත "ලාබාල තැනැත්තා" යන්නයි) ඇයට මෙරිටාටන්, මෙකෙටාටන්, සහ අන්ඛෙසෙන්පාටන් නැමැති වැඩිමහල් සොයුරියන් තිදෙනකු ද, නෙෆර්නෙෆරුරේ සහ සෙටෙපෙන්රේ නැමැති බාල සොයුරියන් දෙදෙනකු ද විය.
දිවිය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh6THpNMkx6TmtZWFZuYUhSbGNuTXRRV3RvWlc1aGRHVnVMbXB3Wnk4eU56QndlQzB6WkdGMVoyaDBaWEp6TFVGcmFHVnVZWFJsYmk1cWNHYz0uanBn.jpg)
නෙෆර්නෙෆරුආටන් ටැෂෙරිට්ගේ පැරණිතම නිරූපණයක් අමර්ණහි රජුගේ මාලිගයේ බිතු සිතුවමක දක්නට ලැබේ. එහි ඇය ඇගේ සොයුරිය වූ නෙෆර්නෙෆරුරේ සමග කොට්ටයක අසුන්ගෙන සිටින අයුරු නිරූපිත ය. මෙම සිතුවම අක්නාටන්ගේ 9වන වර්ෂයට පමණ අයත් යැයි නිර්ණය කොට ඇත. මෙහි සෙටෙපෙන්රේ බිළිඳිය ඇතුළු පවුලේ සාමාජිකයන් සියලු දෙනාම නිරූපණය කර තිබේ.
නෙෆර්නෙෆර්ආටන් ටැෂෙරිට්ගේ රුව අමර්ණහි සොහොන්ගැබ් කිහිපයකම සහ ස්මාරකවල නිරූපණය කර තිබේ. මුලින් අමර්ණහි තිබී පසුව හීලියොපොලිස් වෙත ගෙනගිය ප්‍රතිමා පාදමක සහ අක්නාටන් පිළිබඳ සඳහන් වන අතර, එහි පහළින් රාජකීය දියණියන් වූ අන්ඛෙසෙන්පාටන් සහ නෙෆර්නෙෆරුආටන් ටැෂෙරිට්ගේ නාමයන් ද දක්වා ඇත.
නෙෆර්නෙෆරුආටන්ගේ මිත්තනිය වූ ටියේ රැජිනගේ ප්‍රධාන ආරක්ෂකයා වූ ගේ සොහොන්ගැබේ උතුරු බිත්තියේ උඩලිපතක පවුලේ දර්ශනයක නෙෆර්නෙෆරුආටන්ව නිරූපණය කර තිබේ. මෙම දර්ශනයෙහි වම්පස අක්නාටන් සහ නෙෆර්ටිටි ඔවුන්ගේ වැඩිමහල් දියණියන් සිව්දෙනා සමග සිටිනු නිරූපිත ය. එහි දකුණුපස IIIවන අමෙන්හොටෙප්, ටියේ රැජින සහ බෙකෙටාටන් කුමරියගේ රූ දක්නට ලැබේ. IIවන මෙරිරේගේ සොහොන්ගැබේ ත්‍යාග ප්‍රදාන දර්ශනයෙහි, නෙෆර්නෙෆරුආටන් ටැෂෙරිට් සිය සොයුරියන් සිව්දෙනකු සමග සිටිනු (සෙටෙපෙන්රේගේ රුව පමණක් දක්නට නොලැබේ) නිරූපණය කර තිබේ.
අමර්ණහි රාජකීය මාලිග භාරව කටයුතු කළ IIවන මෙරිරේගේ සොහොන්ගැබේ 12වන වර්ෂයට අයත් රජමාලිග දර්ශනයක ද ඇගේ රුව දක්නට ලැබේ. අක්නාටන් සහ නෙෆර්ටිටි කුටියක් තුළ අසුන්ගෙන විදේශයන්ගෙන් පඬුරු පිළිගන්නා අයුරු නිරූපිත ය. රාජකීය යුවළගේ දියණියන් දෙමව්පියන්ට පසුපසින් සිටගෙන සිටිනු නිරූපිත ය. එහි පහළ ලේඛනයෙහි පළමුව නිරූපිත දියණිය නෙෆර්නෙෆරුආටන් ය. ඇය විසින් දරා සිටින භාණ්ඩය හඳුනාගත නොහැකි තරමට විනාශ වී ඇත. ඇගේ සොයුරියන් වන නෙෆර්නෙෆරුරේ සහ සෙටෙපෙන්රේ ඇයට පසුපසින් සිටගෙන සිටිති. නෙෆර්නෙෆරුරේ සිය අතෙහි සුරතල් ගැසෙල් මුවකු දරා සිටින අතර, සෙටෙපෙන්රේ එම සුරතල් සතා වෙත ළඟාවනු නිරූපිත ය.
පැනෙහෙසිගේ ත්‍යාග ප්‍රදාන දර්ශනයේ ද, නෙෆර්නෙෆරුආටන්ගේ රුව නිරූපණය කර තිබේ. එහි ඇය ගොඩනැගිලි කවුළුවක් අසල අක්නාටන් සහ නෙෆර්ටිටි සමග පැනෙහෙසි නැමැති ගේ පළමු සේවකයාට ත්‍යාග ප්රදානය කරනු නිරූපිත ය. මෙම සොහොන්ගැබේම තවත් දර්ශනයක, නෙෆර්නෙෆරුආටන් සහ ඇගේ වැඩිමහල් සොයුරයන් තිදෙනා ට මල් පුදන දෙමව්පියන්හට උපකාර කරනු නිරූපිත ය. මෙහි රාජකීය දියණියන් සිව්දෙනාම මල් කළඹවල් අතින් දරා සිටිනු නිරූපිත ය.
අමර්ණහි නෙෆර්නෙෆරුආටන් ටැෂෙරිට් සිය සොයුරයන් වන මෙරිටාටන් සහ අන්ඛෙසෙන්පාටන් සමග රජුගේ 14වන වර්ෂයේ දී මෙකෙටාටන්ගේ මරණය වෙනුවේන ශෝක වනු නිරූපිත ය. ඇගේ ලාබාල සොයුරියන් වන නෙෆර්නෙෆරුරේ සහ සෙටෙපෙන්රේ මෙම දර්ශනයෙහි දක්නට නැත.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh5THpJMUwwUnBZblZxYjE5a1pWOTBkVzFpWVM1cWNHY3ZOVGMxY0hndFJHbGlkV3B2WDJSbFgzUjFiV0poTG1wd1p3PT0uanBn.jpg)
අවසන් වර්ෂ සහ මරණය
නෙෆර්නෙෆරුආටන් ටැෂෙරිට් හට කුමක් සිදුවූයේ ද යන්න හඳුනාගෙන නැත. නමුත් ඇය ටූටන්ඛාමූන් සහ අන්ඛෙනේපාටන් සිහසුනට පත්වීමට පෙර මිය යන්නට ඇතැයි යෝජනා වී ඇත.අමර්ණහි කුටියෙහි ඇතැම්විට ඇයගේ දේහය ද භූමදානය කෙරෙන්නට ඇත.
ඇතැම්විට අක්නාටන්ගේ සම-අනුරාජිනිය ඇය වන්නට ඇතැයි යෝජනා වී ඇත. ඇගේ නියම අනන්‍යතාව මතභේදයට ලක්ව ඇත. මෙම පාරාවෝවරියගේ නාමය සඳහා යෝජනා වී ඇති සෙසු තැනැත්තියන් නම් නෙෆර්ටිටි රැජින (ඇගේ මව) සහ ඇගේ වැඩිමහල් සොයුරිය වූ මෙරිටාටන් ය.
මූලාශ්‍ර
- ඇල්ඩ්‍රඩ්, සිරිල්, අක්නාටන්: කිං ඔෆ් ඊජිප්ට්, තේම්ස් ඇන්ඩ් හඩ්සන්, 1991 (කඩදාසි බැම්ම සහිත),
- ටිල්ඩෙස්ලි, ජොයිස්. නෙෆර්ටිටි: ඊජිප්ට්'ස් සන් ක්වීන්. පෙන්ගුයින්. 1998.
- ඩොඩ්සන්, ර්ඩන් සහ හිල්ටන්, ඩියෑන්. ද කම්ප්ලීට් රෝයල් ෆැමිලීස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. තේම්ස් ඇන්ඩ් හඩ්සන්. 2004.
- මර්නේන්, විලියම් ජේ., ටෙක්ස්ට්ස් ෆ්‍රොම් ද අමර්ණ පීරියඩ් ඉන් ඊජිප්ට්, බයිබලීය සාහිත්‍ය සංගමය, 1995
- ඩොඩ්සන්, ඒඩන්; අමර්ණ සන්සෙට්: නෙෆර්ටිටි, ටූටන්ඛාමූන්, ආයි, හොරෙම්හෙබ්, ඇන්ඩ් ද ඊජිප්ටියන් කවුන්ටර්-රිෆෝමේෂන්. කයිරෝවේ ඇමරිකානු විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. 2009,
- , , ඉන් කෝසිං හිස් නේම් ටු ලිව්: ස්ටඩීස් ඉන් ඊජිප්ටියන් එපිග්‍රැෆි ඇන්ඩ් හිස්ට්‍රි ඉන් මෙමරි ඔෆ් විලියම් ජේ. මර්නේන්, සංස්. පී. බ්‍රෑන්ඩ් සහ එල්. කූපර්, කල්චර් ඇන්ඩ් හිස්ට්‍රි ඔෆ් ද ඒන්ෂන්ට් නියර් ඊස්ට් 37. ලෙයිඩ්න්: බ්‍රිල්, 2009 පි. 14.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය