අයිරිස් (紙本金地著色燕子花図, shihonkinjichakushokukakitsubata-zu) යනුවෙන් හැඳින්වෙන්නේ ජපන් ශිල්පියකු වන විසින් නිර්මාණය කරන ලද පනේල සයකින් යුත් යකි (බ්යෝබු). මෙමගින් නිරූපණය වන්නේ ජලයේ දර්ශනයක් වන අතර (Iris laevigata) මල් එහි පාවී යයි. මෙම කෘතිය බොහෝවිට 1701–05 අතර කාලයේ නිර්මාණය වන්නට ඇත. මෙය නැමැති සුඛෝපභෝගී දර්ශන කාලසීමාවක නිර්මාණය වී ඇත.
මෙම තිර වර්ෂ 200කට අධික කාලයක් කියෝතෝවේ නම් බෞද්ධ විහාරයේ තැන්පත් කොට තිබිණි. වර්තමානයේ මේවා තැන්පත් කොට ඇති අතර, එය ද වේ.
මෙයට වසර 5 සිට 12 දක්වා කාලයකට පමණ පසුව ඔගතා කෝරින් විසින් නිර්මාණය කළ අයිරිස් මල් නිරූපිත මෙයට සමාන තිර යුගළක් නිව් යෝක් නගරයේ තැන්පත් කොට ඇත. සියවසකට පමණ පසු ප්‍රථම වරට මෙම අයිරිස් තිර හතරම එකට ප්‍රදර්ශනය කෙරුණේ 2012දී පැවති "කොරින්: නේසු කෞතුකාගාරයේ ජාතික වස්තුව අයිරිස් සහ මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ පාලම්-අට" නම් ප්‍රදර්ශනයේ දී ය.
මෙම තිර ද්විත්වයම (伊勢物語, ඉසේමොනාගතරි) තුළ එන කථා පුවතකින් ආභාසය ලබා ඇත. එපමණක් නොව මෙම තිරවල පිටපතක් වින්සන්ට් වැන් ගෝගේ ඇතුළු උපස්ථිතිවාදී සිතුවම් සඳහා ආබාසය සපයන්නට ඇතැයි විශ්වාස කෙරේ.
අයිරිස්
බෞද්ධ කලා ශිල්පීන් සඳහා පිදෙන තෙවන ඉහළම පදවි නාමය වූ හොක්ක්යෝ (法橋) (අර්ථය "ධර්මයේ පාලම") හිමිවීමෙන් පසුව (尾形光琳) විසින් නිර්මාණය කළ පළමු කෘති අතුරින් එකක් ලෙස මෙම තිරය සැලකේ. මෙමගින් උපස්ථිතිවාදීව නිරූපිත පිපුණු නිල් ජපන් අයිරිස් පොකුරක් සහ ඒවායේ කොළ පැහැ අතුරිකිලි දක්නට ලැබේ. මෙය පනේල ඔස්සේ රිද්මයානුකූල දර්ශනයක් මවා පායි. ඇතැම් මල් පොහොට්ටුවල ඇති සමානකම් මගින් ස්ටෙන්සිල් අච්චුවක් භාවිතා වූ බැව් පෙනී යයි. මෙම කෘතියේ ගේ ආභාසය දක්නට ලැබේ. මෙය නව ශිල්පී ගුරුකුලයක් වන (琳派) සම්ප්රදායේ දර්ශීය නිර්මාණයක් වන අතර, එම ගුරුකුලයට මෙම නම ලැබී ඇත්තේ "කෝරින්" යන්නෙහි අවසන් අක්ෂරයෙනි.
කෝරින් ඉතා සීමිත වර්ණ පදාසයක් අනුගමනය කොට ඇති අතර, එය මල්වල නිල, ඒවායේ පත්‍රවල වූ කොළ පැහැය සහ රන්වන් පසුබිම තුළින් දක්නට ලැබේ. කඩදාසිය මත තීන්ත සහ වර්ණවලින් නිමවූ මෙහි වලින් තැනූ චතුරස්‍ර සිතුවම් කළ ප්‍රදේශ වටා යෙදීමෙන් මෙයට දිදුලක පසුබිමක් ලැබී ඇත. එය ජලයේ ස්වභාවය සිහිගන්වයි. තද නිල් වර්ණය නිර්මාණය කොට ඇත්තේ කුඩු කරන ලද (群青 (ගුන්ජෝ)) භාවිතයෙනි.
සෑම තිර සයේ පනේලයක්ම 150.9 by 338.8 සෙන්ටිමීටර (59.4 in × 133.4 in) යන මිනුම්වලින් යුක්ත ය. මෙම තිර බොහෝවිට සඳහා නිර්මාණය කොට ඇති බැව් පෙනෙන අතර, ඒවා කියෝතෝවේ බෞද්ධ විහාරස්ථානයට ප්රදානය කොට ඇත. 1913දී විහාරයෙන් මේවා අලෙවි කරන ලදී.
යට්සුහෂිහි අයිරිස්
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh4THpFd0wwbHlhWE5sYzE5aGRGOVpZWFJ6ZFdoaGMyaHBYeVV5T0d4bFpuUWxNamt1YW5Cbkx6TXdNSEI0TFVseWFYTmxjMTloZEY5WllYUnpkV2hoYzJocFh5VXlPR3hsWm5RbE1qa3VhbkJuLmpwZw==.jpg)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlrTDJSbEwwbHlhWE5sYzE5aGRGOVpZWFJ6ZFdoaGMyaHBYeVV5T0hKcFoyaDBKVEk1TG1wd1p5OHpNREJ3ZUMxSmNtbHpaWE5mWVhSZldXRjBjM1ZvWVhOb2FWOGxNamh5YVdkb2RDVXlPUzVxY0djPS5qcGc=.jpg)
අවුරුදු 5 සිට 12 දක්වා කාලයකට පසු කෝරින් විසින් මෙයට සමාන තවත් පනේල සයකින් යුත් නිර්මාණයක් සිදුකොට ඇති අතර, එය යට්සුහෂිහි (පාලම් අටේ) අයිරිස් (八橋図屏風) ලෙස හැඳින්වේ. මෙම දෙවන තිර යුගල 1953දී නිව් යෝක් නගරයේ ප්‍රදර්ශනයට තබා ඇත. 2013දී ඒවා අවසන් වරට ප්‍රදර්ශනය කෙරිණි.
1710–16 අවට කාලයේ නිමවූ මෙම දෙවන අයිරිස් තිර යුගල ද නිර්මාණය කොට ඇත්තේ රන් පත්‍ර ඇලවූ කඩදාසිය මත තීන්ත සහ වර්ණ යොදාගනිමිනි. මේවා එක එකක් සෙන්ටිමීටර 163.7 × 352.4 (64.4 in × 138.7 in) යන මිනුම්වලින් යුක්ත වේ.
මුල් අයිරිස් තිර යුගල මෙන් නොව, දෙවන අයිරිස් තිර යුගලේ කෝණික පාලමක නිරූපණයක් ද ඇතුළත් ය.
ඉසේහි කථා
මෙම තිර යුගල සඳහාම පෙළඹවීමක් ලැබී ඇත්තේ (伊勢物語, ඉසේමොනොගතරි) තුළ එන කථා පුවතකිනි. කථාවේ එන නමක් නොමැති ප්‍රධාන චරිතය (බොහෝවිට ) ගඟකට ඉහළින් වූ පුවරු අටකින් යුත් ග්‍රාම්‍ය පාලමක් අසල දී මල් දකියි. එය ප්‍රේමාන්විත පද්‍යයකට පෙරළී ඇත. මෙහි සෑම පේළියකම පළමු අක්ෂරය එක පෙළට ලියුවහොත් අයිරිස් සඳහා යෙදෙන ජපන් වදන ලැබේ. (ක-කි-ත්සු-හ-(බ)-තා). ජපන් අයිරිස් විශේෂය වන (කකිත්සුබතා (カキツバタ)) වැවෙන්නේ වගුරු සහිත තෙත්බිම්වල ය.
මුල් පෙළ | උච්චාරණය | අර්ථය |
---|---|---|
からごろも | කරගොරොමෝ | මෙවර මෙම ගමනේ දී මා දිගු දුරක් පැමිණ ඇති අතර, කියෝතෝවේ මා හැර දමා ආ මගේ බිරිය ගැන සිතමි |
බලපෑම
පැහැදිළිවම වින්සන්ට් වැන් ගෝගේ සිතුවම සඳහා මෙම සිතුවමේ ආභාසය බලපාන්නට ඇත: ඔහුට මෙහි සැබෑ සිතුවම දැකගත නොහැකි විය. තවමත් මෙහි මුල් පිටපත ජපානයේ ඇති අතර, කොරින් හ්යකුසු කොහෙන් එකතුවේ දැව කැටයමක් ලෙස එය ප්‍රතිනිර්මාණය වී ඇත.
මේවාත් බලන්න
සටහන්
- Daugherty 2003, පිටු අංකය: 42.
- "Irises". Columbia University. සම්ප්‍රවේශය 2017-09-16.
- "Irises at Yatsuhashi (Eight Bridges)". Metropolitan Museum of Art. සම්ප්‍රවේශය 2017-09-20.
- "National Treasure Irises of the Nezu Museum and Eight-Bridge of the Metropolitan Museum of Art". Nezu Museum. සම්ප්‍රවේශය 2017-09-20.
- "National Treasure Irises of the Nezu Museum and Eight-Bridge of the Metropolitan Museum of Art". Nezu Museum. සම්ප්‍රවේශය 2017-09-20.
- "Irises at Yatsuhashi (Eight Bridges)". Metropolitan Museum of Art. සම්ප්‍රවේශය 2017-09-20.
- "Irises at Yatsuhashi (Eight Bridges)". Metropolitan Museum of Art. සම්ප්‍රවේශය 2017-09-20.
- "Irises at Yatsuhashi (Eight Bridges)". Metropolitan Museum of Art. සම්ප්‍රවේශය 2017-09-20.
- "National Treasure Irises of the Nezu Museum and Eight-Bridge of the Metropolitan Museum of Art". Nezu Museum. සම්ප්‍රවේශය 2017-09-20.
- "National Treasure Irises of the Nezu Museum and Eight-Bridge of the Metropolitan Museum of Art". Nezu Museum. සම්ප්‍රවේශය 2017-09-20.
- "Irises at Yatsuhashi (Eight Bridges)". Metropolitan Museum of Art. සම්ප්‍රවේශය 2017-09-20.
- "Irises at Yatsuhashi (Eight Bridges)". Metropolitan Museum of Art. සම්ප්‍රවේශය 2017-09-20.
ආශ්‍රේයයන්
- Irises, Nezu Museum
- 燕子花図 (kakitsubata-zu), Nezu Museum
- 八橋図屏風 Irises at Yatsuhashi (Eight Bridges), Metropolitan Museum of Art
- Designing Nature: The Rinpa Aesthetic in Japanese Art, John T. Carpenter, Metropolitan Museum of Art p.210
- Irises: Vincent Van Gogh in the Garden, Jennifer Helvey, p.118
- Twenty-Five Words for Iris: Ogata Korin at the Nezu Museum, Alan Gleason, artscape Japan
- Irises (kakitsubata) by Ogata Korn, Columbia University
- Daugherty, Cynthia (March 2003). "Historiography and Iconography in Ogata Korin's Iris and Plum Screens". Ningen Kagaku Hen (16). Kyushu Institute of Technology: 39–91.
{{}}
: Invalid|ref=harv
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය