සෙරමික් ලලිත කලාවට අතින් නිර්මාණය කළ සෙරමික් සහ වෙනත් ප්‍රායෝජනයන් සඳහා නොව කලාත්මක වුවමනාවක් වෙනුවෙන් පමණක් සකසනු ලැබූ එනම් නැරඹීම සහ ද්‍රෘෂ්ඨිමය හා මනසින් සන්තෘෂ්ඨියට පත්වීම සඳහා නිර්මාණය කළ සෙරමික් නිර්මාණයන් අයත් වේ.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh5THpJNEwwMWhaRzl1Ym1GZlRXOWtaWEp1WVM1cWNHY3ZNakl3Y0hndFRXRmtiMjV1WVY5TmIyUmxjbTVoTG1wd1p3PT0uanBn.jpg)
නූතන කලානයට අනුව ලලිත කලා මැටි භාණ්ඩ නොඑසේනම් ප්රකාශනමය මැටි භාණ්ඩ යන යෙදුම හුදු උපයෝගීතා වටිනාකමෙන් ඔබ්බට ගිය සෞන්දර්යාත්මක වටිනාකමකින් යුත් සෙරමික් නිර්මාණයන් හැඳින්වීමට යොදාගනු ලබයි.
මෙම සංකල්පය විලියම් මරේ, ලූවිස් රේ, හෑන්ස් කොපර් වැනි පශ්චාත් යුධ කලාකරුවන් විසින් ඉදිරියට ගෙන එන ලදී.
නූතන මැටි භාණ්ඩ සෑදීමේ කලා ව්‍යාපාරයන් ස්වභාවයෙන්ම සම්පරීක්ෂණාත්මකය. බෙහොමයක් ශෛලීන් කලා හා අත්කම් ව්‍යාපාරය තුලින් පැනනැඟුනු ඒවා වන අතර නිෂ්පාදනය යාන්ති‍්‍රක ස්වරූපයට පරිවර්තනය වූ කාර්මීකරණ යුගයේදී අත්කම් පිලිබඳ අර්ථනිරූපනය තුල තමන්ට ස්ථානයක් දිනාගැනීමට කලාගාර මැටි භාණ්ඩ නිර්මාණ ශිල්පියෝ උත්සාහ කළහ. ඔවුන් තුල වූ අපේක්ෂාව වූයේ නැවතත් සෙරමික් කලාව ලලිත කලා මාධ්‍යයක් ලෙස ස්ථාපිත කිරීමයි. නූතන සෙරමික් කලාකරුවෝ ‘කලාවට එදිරිව අත්කම් සංවාදය’ නම් සංවාදයක නියැලී සිටිති.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය