, ලවණ සේතුවක් යනු, වර්ගයක් වන, ගැල්වානි කෝෂයක (වෝල්ටීය කෝෂයක) අර්ධ-කෝෂ එකිනෙක සම්බන්ධ කිරීමට භාවිතා කරන පරික්ෂණාගාර උපකරණයකි. . සාමාන්‍යයෙන්, ලවණ සේතු වර්ග දෙකකින් පවතියි: වීදුරු බට සහ යනුවෙනි.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh6THpOaUwwVnNaV04wY205amFHVnRhV05oYkY5bGJHVnRaVzUwWDNkcGRHaGZjMkZzZEY5aWNtbGtaMlV1Y0c1bkx6TXdNSEI0TFVWc1pXTjBjbTlqYUdWdGFXTmhiRjlsYkdWdFpXNTBYM2RwZEdoZmMyRnNkRjlpY21sa1oyVXVjRzVuLnBuZw==.png)
වීදුරු බට සේතු
සාපේක්ෂ වශයෙන් නිෂ්ක්‍රීය පිරවූ U-හැඩැතිි වීදුරු බටයකින් එක් වර්ගයක ලුණු සේතු සමන්විත වෙයි; සාමාන්‍යයෙන් හෝ භාවිතා කරන නමුදු, රූප සටහනෙහි දක්වා ඇත්තේ ද්‍රාවණයක් භාවිතා කරන ආකාරයකි.
විද්‍යුත් විච්ඡේද්‍යය තෝරා ගැනීමේදී පහත දේ සැලකෙයි
- කෝෂයෙහි භාවිතා කෙරෙන කිසිදු රසායනික ද්‍රව්‍යයක් සමග එය ප්‍රතික්‍රියා නොකරන බව, සහ
- ඇනායනය සහ කැටායනය සමසම සන්නායකතාව සහිත වීම සහ, එබැවින් සමසම පර්යටක වේගයන් සහිත වීම.
එසේ නොකළහොත් ද්‍රවයන් හා සමග සම්මිශ්‍රණය විය හැකි බැවින් එය වැලැක්වීමට විද්‍යුත් විච්ඡේදය බොහෝ විට ඇගාර්-ඇගාර් භාවිතයෙන් ජෙලිකෘත කෙරෙයි.
වීදුරු බට සේතුවක බෙහෙවින් රඳා පවතිනුයේ විද්‍යුත් විච්ඡේද්‍යය ද්‍රාවණයෙහි සාන්ද්‍රණය මතය. පහළ මට්ටමක පවතින පරිදී, සාන්ද්‍රණය ඉහළ නැංවීමක් විසින් සන්නායකතාව ඉහළ නැංවෙයි. සන්තෘප්තියෙන්-ඔබ්බෙහිදී විද්‍යුත් විච්ඡේද්‍යය අන්තර්ගතය සහ බටයෙහි පටු විෂ්කම්භය යන කරුණු දෙකම විසින් සන්නායකතාව පහළ දමනු ඇත.