පළමුවන වික්‍රමබාහු (පාලනය 1111–1132) යනු ලක්දිව මධ්‍යකාලීන රජකෙනෙක් ය. ඔහු රජුගේ සහ කාලිංග කුමරියක වූ තිලෝකසුන්දරී රැජිනගේ පුත්‍රයාය. ඔහු පළමුවන ජයබාහු රජුගේ පාලන සමයේදී රජු වෙනුවෙන් රුහුණු පාලනය කළ "මාපා" ("මහා ආර්ය පාද" නොහොත් කුමරු අනුප්‍රාප්තිකයා) විය.
පළමුවන වික්‍රමබාහු | |
---|---|
පොලොන්නරුවේ රජ | |
රාජ්‍ය සමය | 1111–1132 |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | දෙවන ගජබාහු |
මරණය | 1132 |
වල්ලභයා | |
දරුවන් | දෙවන ගජබාහු |
පියා | (මහා විජයබාහු) |
මව | තිලෝකසුන්දරී |
පළමුවන ජයබාහු රජුගේ අභාවයෙන් පසු පළමුවන වික්‍රමබාහු රුහුණේ සිටියදී තම පුත්‍රයාට සිහසුන ලබාදීමට පළමුවන වික්‍රමබාහුගේ නැන්දා සහ පළමුවැනි විජයබාහු රජුගේ සොහොයුරිය වූ මිත්තා දේවිය විසින් කුමන්ත්‍රණය කිරීම නිසා ගැටුම් රැසක් ඇති විය. කෙසේ වෙතත්, ඔහුගේ නැන්දා සහ ඇගේ පුතුන් රටින් පලා යන අතරතුර සිංහාසනයේ නියම උරුමක්කාරයා වූ වික්‍රමබාහු සමත් විය. ඔහුගේ පාලන සමයේදී වීරදේව නම් විදේශිකයකු ලංකාව ආක්‍රමණය කළෙන් ඔහු හා යුධ වදින්නටද සිදු විය. පසු කාලයකදී ජයබාහු හා සොහොයුරන් ද වික්‍රමබාහු ද වෙන් වශයෙන් විවිධ පලාත් පාලනය කලත් ඔවුන් ගේ පාලනය දරුණු විය. ඔවුහු රට වැසියා පෙළමින් බදු අය කළහ[]. මුලදී තමන්ට ද්‍රෝහි වූ බැවින් සංඝයා වහන්සේලා විහාර වලින් පිටමං කළ වික්‍රමබාහු එම විහාර හමුදා බැරැක්ක බවට පත් කළේය. පාලකයෝද ඔවුන් ගේ නිලධාරීහුද වැසියන්ගේ වස්තුව කොල්ල කෑවෝය. එය අභ්‍යන්තර අවුල් වලින් පිරි යුගයක් වූ අතර කිසිම සංවර්ධන කටයුත්තක් නොකරන ලදී.
මේවාද බලන්න
මූලාශ්‍ර
බාහිර සබැඳි
පළමුවන වික්‍රමබාහු රජ උපත: ? ? මරණය: ? ? | ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා | 1111–1132\31 | අනුප්‍රාප්තික දෙවන ගජබාහු |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය