ගෞතමීපුත්‍ර සාතකර්ණී (බ්රාහ්මී: 𑀕𑁄𑀢𑀫𑀺𑀧𑀼𑀢 𑀲𑀸𑀢𑀓𑀡𑀺, ගෝතමීපුත සාතකණි, : Gautamīputra Śatakarṇi) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ වර්තමාන ඩෙකෑන් ප්‍රදේශය පාලනය කළ සාතවාහන අධිරාජ්‍යයේ පාලකයෙකි. ඔහුගේ පාලන සමය නිවැරදිව හඳුනාගෙන නොමැති නමුත් එය ක්‍රි.ව. 1 හෝ 2වන සියවසෙහි පවතින්නට ඇතැයි සැලකේ. ඔහුගේ රාජ්‍ය සමය ලෙස ක්‍රි.ව. 86-110, ක්‍රි.ව. 103-127, ක්‍රි.ව. 106-130, හෝ වඩාත් මෑතකාලීනව ක්‍රි.ව. 60-85 යෝජනා වී ඇත.
ගෞතමීපුත්‍ර සාතකර්ණී | |
---|---|
![]() බ්රාහ්මී අක්ෂර සහිත ගෞතමීපුත්‍ර සාතකර්ණීගේ කාසියක්; "මහා සාතකර්ණී රජ, ගෝතමීගේ පුත්‍ර" යනුවෙන් මෙහි සඳහන් ය. මෙහි භාවිත සැරසිලි මෝස්තර වන්නේ "" සහ " සංකේතය". මෙම කාසි ගේ රිදී කාසිවලින් නිර්මාණය කොට ඇත. | |
සාතවාහන පාලක | |
රාජ්‍ය සමය | ක්‍රි.ව. පළමු හෝ දෙවන සියවස |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | වාශිෂ්ඨීපුත්‍ර ශ්‍රී පුලමාවී |
දරුවන් | වාශිෂ්ඨීපුත්‍ර ශ්‍රී පුලමාවී, වාශිෂ්ඨීපුත්‍ර සාතකර්ණී |
රාජවංශය | සාතවාහන |
මව | ගෞතමී බාලාශ්රී |
ගෞතමීපුත්‍ර සාතකර්ණී පිළිබඳ බොහෝ තොරතුරු ලැබෙන්නේ ඔහුගේ කාසි, සාතවාහන සෙල්ලිපි, සහ විවිධ පුරාණයන් හි එන රාජවංශ විස්තර මඟිනි. මින් වඩාත්ම ප්‍රකට මූලාශ්‍රය වන්නේ යි. මෙය ඔහුගේ මෑණියන් වූ ගෞතමී බාලාශ්රී විසින් කරවූවක් වන අතර, එහි ඔහුගෙර් විවිධ යුධ ජයග්‍රහණ පිළිබඳ සඳහන් වේ. ඓතිහාසික මූලාශ්‍ර අනුව පෙනීයන්නේ ආක්‍රමණ නිසා පර්හානියට පත්ව තිබූ සාතවාහන බලය යළි ගොඩනැගීමට ගෞතමීපුත්‍ර සමත් වූ බවයි.
චරිතාපදානය
බොහෝ ඉතිහාසඥයන් විසින් ශ්‍රේෂ්ඨතම සාතවාහන පාලකයා ලෙස සලකන ගෞතමීපුත්‍ර සාතකර්ණී සිය පියා වූ සාතකර්ණීගේ ඇවෑමෙන් රජකමට පත්වන්නට ඇත. සාතකර්ණී විසින් මින් පෙර සාතවාහන අධිරාජ්‍යය පුළුල් කොට තිබූ අතර, සිය අශ්වමේධ යාග ද්විත්වය නිසා ඔහු සැලකිය යුතු සාර්ථකත්වයක් අත්කරගෙන තිබූ බැව් පෙනේ. ගෞතමීපුත්‍ර සිහසුනට පත්වන විට, සාතවාහන අධිරාජ්‍යය වෙත සහ යන්ගේ ආක්‍රමණ එල්ලවෙමින් පැවතිණි. යන්, යන්, සහ යන් පරාජය කළ ගෞතමීපුත්‍ර සාතවාහනයන්ගේ පැරණි ශ්‍රීවිභූතිය නැවත ගොඩනැගීමට සමත් විය. රජුව බලයෙන් පහකළ ඔහු ජොගල්තෙම්බි නිධානයෙහි වූ කාසි විශාල සංඛ්‍යාවක් විකරණය කොට සිය නමින් නිකුත් කළේ ය.
නාසික් ප්රශස්තිය අනුව ගෞතමීපුත්‍ර විසින් අපරන්ත, අනූප, සෞරාෂ්ට්‍ර, කුකුර, ආකාර, සහ අවන්ති රාජ්‍ය පාලනය කළ බව සඳහන් වේ. මෙම ප්‍රදේශ ඔහු නාහපානගෙන් නතු කරගත් ඒවා විය හැක. සිය මුතුන්මිත්තන් සතුව තිබූ මධ්‍යම ඩෙකෑනයේ භූමි ප්‍රදේශ ද නැවත හිමි කරග්න්නට ඔහු සමත් විය. ඔහුගේ පාලනය යටතේ, සාතවාහන හමුදා වැනි දකුණු ප්‍රදේශ කරා ද ගමන්කොට ඇති බව පෙනේ. එසේම ඔහු දකුණු මහාරාෂ්ට්‍රයේ ප්‍රදේශය ආනන්ද පාලකයන් වෙතින් සියතට ගන්නට සමත් විය. එසේම බනාවාසි ප්‍රදේශය ඈඳාගත් ගෞතමීපුත්‍ර කර්ණාටකයෙහි ද සිය බලය ව්‍යාප්ත කරවීමට සමත් විය. ඔහුගෙන් පසු ක්‍රි.ව. 130 පමණ ඔහුගේ පුත්, වාශිෂ්ඨීපුත්‍ර ශ්‍රී පුලමාවී රාජ්‍යත්වයට පත් විය.
ගෞතමීපුත්‍ර සාතකර්ණී විසින් රජ[]ව පරාජය කොට, ශාලිවාහන වර්ෂ ක්‍රමය හෙවත් ශක දින් දර්ශන ක්‍රමය ආරම්භ කළේ ය. මෙම ක්‍රමය , න්, සහ අතර භාවිතයේ පවතී.
ගෞතමීපුත්‍ර සාතකර්ණී විසින් පහත විරුද නාමයන් භාවිතා කොට තිබේ:
- ත්රීසමුද්රපිත්තෝයිවාහන (සමුද්‍ර ත්‍රිත්වයෙන්ම දිය පානය කළ අශ්වයා හිමි තැනැත්තා)
- ශකයවනපල්ලවනිදූෂණ (, සහ යන් විනාශ කරන්නා)
පූර්වප්‍රාප්තික වූයේ: . | සාතවාහන පාලක (-102) | අනුප්‍රාප්තික වූයේ: වාශිෂ්ඨීපුත්‍ර ශ්‍රී පුලමාවී |
සටහන්
- "Gautamiputra Satakarni counter-struck the silver coins of Mahaksatrapa Nahapana with three-arched or six-arched on the obverse and Ujjain symbol on the reverse." Jain, Rekha (1995). Ancient Indian coinage: a systematic study of money economy from janapada period to early medieval period (600 BC to AD 1200) (ඉංග්‍රීසි බසින්). D.K. Printworld. ISBN .
- Rapson, E. J. (Edward James) (1908). Catalogue of the coins of the Andhra dynasty, the Western Ksatrapas, the Traikutaka dynasty, and the "Bodhi" dynasty. London : Printed by order of the Trustees. p. Plate IX.
- Carla M. Sinopoli 2001, පිටු අංක: 166-168.
- Charles Hingham 2009, පිටු අංකය: 299.
- Rajesh Kumar Singh (2013). Ajanta Paintings: 86 Panels of Jatakas and Other Themes. Hari Sena. pp. 15–16. ISBN .
- Bhandare, Shailendra (1999). Historical Analysis, pp.168-178; Shimada, Akira, (2012). Early Buddhist Architecture in Context: The Great Stupa at Amaravati (ca 300 BCE - 300 CE), Brill, p. 51
- Ollett, Andrew, (2017). Language of the Snakes: Prakrit, Sanskrit, and the Language Order of remodern India, University of California Press, Okland, (Table 2, Appendix A), p. 189.
- Rao 1994, පිටු අංකය: 13.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය