සීඑන්එන්-අයිබීඑන් (CNN-Indian Broadcasting Network) (CNN-IBN) යනු ඉන්දියාව පදනම් කරගත් ඉංග්‍රීසී ප්රවෘත්ති නාලිකාවකි. මෙම නාලිකාවේ හිමිකාරීත්වය TV18 Broadcast Limited සහ Turner International India යන සමාගම් සතු වෙයි.
සීඑන්එන්-අයිබීඑන් CNN-IBN | |
---|---|
![]() | |
CNN-IBN | |
දියත්කල දිනය | 2005 දෙසැම්බර් 16 |
ජාලය | සීඑන්එන් |
අයිතිකරුවෝ | TV18 (NBCUniversal සහ Network 18) Turner International India |
රූප ආකෘතිය | 4:3 (576i, SDTV) 1080i (HDTV) |
ප්‍රචාරණ උද්යෝග පාඨය | "Whatever it takes". |
රට | |
භෘෂාව | ඉංග්‍රීසි |
විකාශන සරිය | ඉන්දියාව |
මූලස්ථානය | Noida, Gautam Buddh Nagar , උත්තර් ප්‍රදේශ් |
සහෝදර නාලිකා(ව) | IBN7 IBN-Lokmat |
වෙබ් අඩවිය | IBNLive.com |
ජාත්‍යන්තර පුවත් ආවරණය සීඑන්එන් විසින් සිදුකරන අතර, අයිබීඑන් (Indian Broadcasting Network) විසින් දේශීය පුවත් ආවරණය කරනු ලබයි.
ඉතිහාසය
සීඑන්එන්-අයිබීඑන් (CNN-IBN) නාලිකාවේ ප්‍රථම විකාශනය 2005 දෙසැම්බර් 16 දින සිදුකරන ලදී.
වර්ථමානයේදී, සීඑන්එන් ඉන්ටර්නැෂනල් නාලිකාවට වඩා වැඩි ප්‍රේක්ෂක පිරිසක් සීඑන්එන්-අයිබීඑන් නාලිකාව සතු වෙයි. මෙම නාලිකා ද්විත්වයම ඉංග්‍රීසි පුවත් නාලිකා වෙයි.
Network 18 ට අනූව, දිනකට මිලියන 45 ක පමණ ප්‍රේක්ෂක පිරිසක් මෙම නාලිකාව නරඹයි.
සීඑන්එන්-අයිබීඑන් විසින් ප්‍රධානය කරනු ලබන සම්මාන
- CNN-IBN Indian of the Year
- Real Heroes
- Young Indian Leaders
- Citizen Journalist Awards
- India Positive Awards
මතභේදයට ලක්වීම්
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා විකාශන කොන්ත්‍රාත්තුව
2011 අගෝතු 5 දින ඉන්දියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ වාර්ථාවක දැක්වුනේ 2010 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ප්‍රචාරණ කටයුතු සඳහා ටෙන්ඩර කැඳවූ අවස්ථාවේ එහි නිලදාරීන් විසින් එම කොන්ත්‍රාත්තු හිතුමනාප ලෙස එන්ඩීටීවී සහ සීඑන්එන්-අයිබීඑන් (CNN-IBN) නාලිකා වෙත ලබා දීමට කටයුතු කර ඇති බවයි.
ව්‍යාජ ට්විටර් ප්‍රතිචාර
සංවාදමය පුවත් වැඩසටහනක් අතරතුර, තිරය යටින් ප්‍රේක්ෂකයින් විසින් එවනු ලැබූ බව කියන ව්‍යාජ ට්විටර් (Twitter) ප්‍රතිචාර දැක්වීමක් පිළිබඳව මෙම නාලිකාවට චෝදනා එල්ල වී තිබෙයි.
ව්‍යාජ සජීවී සංවාද
2012 නොවැම්බරයේදී, මෙම නාලිකාව සජීවී යන නාමය යටතේ කලින් පටිගත කොට තුබූ සංවාද වැඩසටහනක් විකාශනය කරන ලදී.
සේවකයින් නෙරපා දැමීම
2013 අගෝස්තුවේදී, සීඑන්එන්-අයිබීඑන් නාලිකාවේ සේවකයන්ද ඇතුළත් වන පරිදි, TV18 විසින් සමාගමේ සේවකයින් 400 ක පමණ පිරිසක් නෙරපා දැමූ අතර, සමාගම මේ පිළිබඳව හේතු දැක්වීමක් සිදු නොකරන ලදී.
මේවාද බලන්න
මූලාශ්‍ර
- Network18 Website on CNN-IBN, http://www.network18online.com/cnnIbn.html, ප්‍රතිෂ්ඨාපනය 2014-02-11
- Philip Seib. The Al Jazeera Effect: How the New Global Media Are Reshaping World Politics Potomac Books, Inc., 2008.
- Ulrike Rohn. Cultural Barriers to the Success of Foreign Media Content: Western Media in China, India, and Japan Peter Lang, 2009 p. 278-279, 293
- CNN-IBN reaches out to 45 million households every day, http://www.network18online.com/aboutus.html, ප්‍රතිෂ්ඨාපනය 2014-02-11
- Indian of the Year
- CNN-IBN Real Heroes honours extraordinary services of ordinary women
- Honouring the young Indian leaders
- About the Citizen Journalist Awards, http://cjkhabar.ibnlive.com/cjawards/cj_2013/index.php, ප්‍රතිෂ්ඨාපනය 2014-02-11
- Inspirational people felicitated at India Positive Awards, http://southasia.oneworld.net/news/inspirational-people-felicitated-at-india-positive-awards, ප්‍රතිෂ්ඨාපනය 2014-02-11
- "CAG Report on XIX Commonwealth Games" (PDF). Comptroller & Auditor General of India (Pdf).
- . News of Delhi. 2012-01-06 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-02-11.
{{}}
: More than one of|archivedate=
and|archive-date=
specified (); More than one of|archiveurl=
and|archive-url=
specified () - "Games contracts to media houses arbitrary and biased: CAG". India Today.
- Priscilla Jebaraj (2010-12-19). "Thehindu.com". Thehindu.com. සම්ප්‍රවේශය 2011-06-07.
- "Face The Nation: A clarification and an apology". November 10, 2011. සම්ප්‍රවේශය November 21, 2011.
- "CNN-IBN 'small' apology to Sri Sri". November 11, 2011. සම්ප්‍රවේශය November 21, 2011.
- Layoffs at TV18 group | Business Standard