සිල්ලා හි ජින්සොං (865–897 පමණ) යනුවෙන් හැඳින්වෙන්නේ කොරියාවේ සිල්ලා රාජධානියෙහි පනස් එක්වන පාලකයා ය. ඇය සොන්දොක් සහ ජින්දොක් රැජිනියන්ට පසුව සිල්ලාව පාලනය කළ තෙවන සහ අවසාන රැජිනිය ලෙස සැළකේ. ඇගේ රාජ්‍ය සමය එක්සත් සිල්ලාවේ අවසානය සනිටුහන් කළ අතර, එය පසුකාලීන තුන් රාජධානි යුගයෙහි ආරම්භය ද වේ.
සිල්ලා හි ජින්සොං | |
හංගුල් | 진성여왕 |
---|---|
හන්ජා | 眞聖女王 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Jinseong yeowang |
මැකූන්–රයිෂවර් | Chinsŏng yŏwang |
උපන් නාමය | |
හංගුල් | 김만, එසේම 김원 |
හන්ජා | 金曼, එසේම 金垣 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Gim Man, එසේම Gim Won |
මැකූන්–රයිෂවර් | Kim Man, එසේම Kim Wŏn |
කොරියාවේ රජවරු සිල්ලා (එක්සත් කිරීමෙන් පසු) |
දිවිය
ජින්සොං යනු ග්යොංමුන් රජු සහ ගේ දියණියයි. හොන්ගං සහ රජවරුන්ගේ නැගණිය වූ මැය රාජ්‍යත්වයට පත්වූයේ සිය සොහොයුරන් දෙදෙනාම දරුවන් නොමැතිව මියයාම නිසායි. සොන්දොක් සහ ජින්දොක් රැජිනියන්ගේ සාර්ථක රාජ්‍ය සමයයන් සිහිගන්වමින් ඇය රාජ්‍යත්වයට පත්වුවද, මැය එම රැජිනියන් මෙන් සාර්ථක වූයේ නැත.
රාජ්‍ය සමය
ජින්සොංගේ රාජ්‍ය සමය පිළිබඳ සම්ගුක් සගි තුළ සඳහන් වන්නේ එය දූෂිත පාලන සමයයක් බවත්, මෙකල අල්ලස් ලබාගැනීම බහුලව දක්නට ලැබුණු බවත් ආකර්ෂණීය පුරුෂයන් මාලිගාවට ගෙන්වා නොයෙකුත් දුරාචාරී ක්‍රියාවන් සිදුවූ බවත් ය. එසේම ඇය සහ ඉහළ සෙන්පතියකු () වූ සමඟ සම්බන්ධයක් පැවති බවත් සඳහන් ය. සම්ගුක් සගි ග්‍රන්ථය කොන්ෆියුසියානුවාදීන් විසින් රචනා කරන ලද්දක් බැවින් ස්ත්‍රියක රාජ්‍ය පාලනය කිරීම පිළිබඳ පසුගාමී ආකල්ප ඔවුන් තුළ පවතින්නට ඇත. මෙම නිසා එම තොරතුරු සත්‍ය යැයි සිතීම අපහසු ය.
නමුත්, ගේ වාර්තාවල සඳහන් වන්නේ ඇය කරුණාවන්ත හදවතක් සහිත තෘෂ්ණා රහිත පාලිකාවක වූ බවයි.
ඇගේ රාජ්‍ය සමය තුළ ජනයා නොසන්සුන් වූ අතර, බදු තවදුරටත් අය කළ නොහැකි විය. හමුදාවට සෙබළුන් බඳවා ගැනීම ද අසාර්ථක වූයේ ය. මෙම අභ්‍යන්තර ආකූලත්වයෙහි වාසිය ගත් වයඹදිග සහ නිරිතදිග ග්යොන් හ්වොන් කැරැලි ඇතිකොට තමන්ගේම රාජධානි පිහිටුවූහ.
895 දී, ජින්සොං රැජින විසින් හොන්ගංගේ නීත්‍යානුකූල නොවන පුත්‍රයා වූ ව කිරුළ හිමි කුමරුන් ලෙස නම්කරන ලදී. 897 ජූලි 4 දින ඇය සිහසුන අත්හැරි අතර, 897 දෙසැම්බර් 31 වන දින ඇය මරණයට පත් විය. ඇගේ දේහය හි විහාරස්ථානයට උතුරින් භූමිදානය කරන ලදී.
උරුමය
ඇයගේ නියෝගයක් පරිදි කෘතිවල පළමුවැන්න වූ නිර්මාණය කෙරිණි.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- Lee Bae-yong, Women in Korean History, Ewha Womans University Press, 2008, pp. 145-147, ISBN .
සිල්ලා හි ජින්සොං උපත: ආ. 865 මරණය: 897 | ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා | සිල්ලාවේ රැජින සිල්ලා 887–897 | අනුප්‍රාප්තික ග්යොන් හ්වොන් |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය