විවිධ කරුණු මත සිංහල නාම පද වර්ග කල හැක.
පණ අනුව
- පණ ඇති (සප්‍රාණ වාචී)
- පණ නැති (අප්‍රාණ වාචී)
පණ ඇති පද, නැවත පුරුෂවාචී සහ ස්ත්‍රීවාචී ලෙස වර්ග 2කට බෙදේ
සංඛ්‍යාව අනුව
- ඒක වචන
- බහු වචන
ඒක වචන, නැවත නියත නාම පද සහ අනියත නාමපද ලෙස වර්ග 2කට බෙදේ
කාර්ය භේදය
ලිවීමේදී පමණක් සලකන භේදයකි
- උක්ත
- අනුක්ත
සම්භවය අනුව
- හෙළ (ශුද්ධ සිංහල) වදන්
- ඉල්ලාගත් වදන්
- බාහිර වදන්
සැකැස්ම අනුව
- තනි නාම පද
- සමාස පද
- සංයුක්ත නාම පද
- ක්‍රියානාම
- යුගල නාම පද
සමාස පද
ලොකු ද කුඩා ද ළමයි සියල්ලෝම පාන් ද බත් ද කමින් දිවා ආහාරය ගත්හ.
ලොකු කුඩා ළමයි සියල්ලෝම බත් පාන් කමින් දිවා ආහාරය ගත්හ.
මෙම වාක්‍ය දෙකෙන් ම එකම අර්ථය දෙන අතර දෙවන වාක්‍ය කෙටිය. මෙසේ පද කෙටිවීම සමාස ලෙස හැදින්වේ. අර්ථයට අදාල වන ලෙස මනාලෙස ගැලපීම මෙහිදී සිදුවිය යුතුය. ප්‍රධාන වශයෙන් සමාස වර්ග පහකි.
- 'ද' කාරාර්ථ සමාසය
- පද එක් කිරීමේ දී නැතහොත් සමුච්ඡයාර්ථයේ දී යොදනු ලබන ‘ද’ අක්ෂරය ඉවත් කිරීමෙන් පසුව සමාස වන නාම මෙනමින් හැදින්වේ.
- උදා - ගස් ද වැල් ද = ගස්වැල්
- දකාරාර්ථ සමාස නාම අනු කොටස් දෙකකට බෙදේ.
- අවයව ප්රමධානත්ව දකාරාර්ථ නාම.
- සමුදාය ප්රඅධානත්ව දකාරාර්ථ නාම.
- අවයව ප්රධානත්ව දකාරාර්ථ නාම.
- මෙම වර්ගයේ දී ජාති නාම, සංඥා නාම, අර්ථ ක්‍රියා නාම එකට එක් වීම සිදු වේ. වාන්යවල යෙදීමේ දී බහු වචනයෙන් යෙදේ.
- උදා - මව්පියෝ තම දූදරුවන් තම පණ සේ රකිති.
- දූ ද දරු ද = දූදරු
- මව් ද පිය ද= මව්පිය
- අර්ථ ක්‍රියා නාම, කන ද බොන ද = කනබොන - අවුරුදු සමයේ කනබොන දෑ බොහෝය
- අව්‍යය සමාසය
- විශේෂණ සමාසය
- විභක්ති සමාසය
- අන්‍යාර්ථ සමාසය
ආශ්රිත ලිපි
යොමුව
සටහන්
බැහැර පිටු
- ශ්‍රී ලංකා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව 2017-06-19 at the Wayback Machine
- සිංහල හෝඩිය 2009-08-06 at the Wayback Machine
- සිංහල ශබ්දකෝෂය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය