2010 වසරෙහි ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය යනු, ශ්‍රී ලංකාවේ හයවන ජනාධිපතිවරණය විය. වසර 2011 දී සිදුවීමට නියමිතව තිබූ ඔහුගේ ධූර කාලය නිමාවීමට පෙර, නවමු ජන වරමක් උරගා බැලීමට, ධූරන්දර ජනාධිපති මහින්ද රාජපක්ෂ තීරණය කිරීමෙන් පසුව, 2009 නොවැම්බර් 23 දිනදී මෙම මැතිවරණය ප්‍රකාශයට පත් කෙරිණි. 2009 දෙසැම්බර් 17 දිනදී නාමයෝජනා භාර ගන්නා ලද අතර, මැතිවරණය පැවැත්වුණේ 2010 ජනවාරි 26 දිනදීය.
![]() | |||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||||
ඡන්දය ප්‍රකාශ කල ප්‍රමාණය | 74.50% | ||||||||||||||||||
| |||||||||||||||||||
![]() ජනාධිපතිවරණ ප්‍රතිඵල සිතියම. නිල් පෙන්නුම් කරන්නේ රාජපක්ෂ විසින් දිනූ දිස්ත්‍රික්ක වන අතර, කොළ පෙන්නුම් කරන්නේ ෆොන්සේකා දිනූ දිස්ත්‍රික්ක වෙති. | |||||||||||||||||||
|
2005 නොවැම්බර් මාසයේදී, වසර-6 ක ධූර කාලයකට ජනාධිපති වශයෙන් තේරී පත්ව සිටි රාජපක්ෂ, පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයෙහි අපේක්ෂකයා විය. ශ්‍රී ලාංකික යුද්ධ හමුදාවේ හිටපු හමුදාපතිවරයෙක් වූ ජනරාල් සරත් ෆොන්සේකා, මැතිවරණයෙහිදී ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා විය. එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු, ප්‍රධාන විපක්ෂ පක්ෂ ගණනාවක් විසින්, ෆොන්සේකා වෙත සහය පලකොට තිබුණි.
භාවිතා කෙරුණු සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 57% වැඩි ප්‍රමාණයක් ලැබූ ජනාධිපති රාජපක්ෂ, මැතිවරණ ජයග්‍රහණය ලැබ යළි-පත්කරනු ලැබීය. ෆොන්සේකා වෙත ඡන්ද 40% ට වඩා වැඩි ප්‍රමාණයක් ලැබුණු අතර, ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් ඔහු විසින් ජයග්‍රහණය කෙරිණි. ඉතිරි අපේඛ්ෂකයන් විසි දෙනාම එකතුව ලබා ගත්තේ ජනප්‍රිය ඡන්දයෙන් 0.5% ට අඩු ප්‍රමාණයක් පමණි.
පසුබිම
2005 වසරෙහිදී, එක්සත් ජාතික පක්ෂය (එජාප) අපේක්ෂක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පරාජය කල මහින්ද රාජපක්ෂ, ජනාධිපතිවරයා ලෙසින් ඔහුගේ පළමු ධූර කාලය සඳහා තේරී පත් විය. මහින්ද රාජපක්ෂ, මැතිවරණයට පෙර, ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග යටතේ අග්‍රාමාත්‍යවරයා විය. ජනප්‍රිය ඡන්දයෙන් 50.29% ලැබූ රාජපක්ෂ, ඡන්ද 190,000 ප්‍රමාණයකින් පටු ජයග්‍රහණයක් ලැබීය.
ප්‍රතිඵල
අපේක්ෂකයා | පක්ෂය | ඡන්ද | % | |
---|---|---|---|---|
මහින්ද රාජපක්ෂ | එක්සත් ජනතා නිදහස් සන්ධානය | 6,015,934 | 57.88% | |
සරත් ෆොන්සේකා | නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ | 4,173,185 | 40.15% | |
මොහොමඩ් කාසිම් මොහොම්ඩ් ඉස්මයිල් | ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ | 39,226 | 0.38% | |
අචල අශෝක සුරවීර | ජාතික සංවර්ධන පෙරමුණ | 26,266 | 0.25% | |
චන්න ජනක සුගත්සිරි ගමගේ | එක්සත් ප්රජාතන්ත්රවාදී පෙරමුණ | 23,290 | 0.22% | |
ඩබ්. වී. මහිමන් රංජිත් | 18,747 | 0.18% | ||
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය | 14,220 | 0.14% | ||
සරත් මනමේන්ද්‍ර | 9,684 | 0.09% | ||
9,662 | 0.09% | |||
උක්කුබණ්ඩා විජේකෝන් | 9,381 | 0.09% | ||
ලාල් පෙරේරා | අපේ ජතික පෙරමුණ | 9,353 | 0.09% | |
8,352 | 0.08% | |||
7,055 | 0.07% | |||
අයි. එම්. ඉල්යාස් | 6,131 | 0.06% | ||
විජේ ඩයස් | 4,195 | 0.04% | ||
සනත් පින්නදූව | ජාතික සන්ධානය | 3,523 | 0.03% | |
3,134 | 0.03% | |||
බත්තරමුල්ලේ සීලරතන හිමි | ජනසෙත පෙරමුණ | 2,770 | 0.03% | |
සේනාරත්න ද සිල්වා | දේශප්‍රේමී ජාතික පෙරමුණ | 2,620 | 0.03% | |
අරුණ ද සොයිසා | රුහුණු ජනතා පක්ෂය | 2,618 | 0.03% | |
උපාලි සරත් කෝන්ගහගේ | එක්සත් ජාතික විකල්ප පෙරමුණ | 2,260 | 0.02% | |
මුතු බණ්ඩාර තැමිණිමුල්ල | ඔක්කොම වැසියෝ, ඔක්කොම රජවරු සංවිධානය | 2,007 | 0.02% | |
වලංගු ඡන්ද | 10,393,613 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රමාණය | 101,838 | |||
සම්පූර්ණ ඡන්ද ප්‍රමාණය | 10,495,451 | |||
ලියාපදිංචි ඡන්දදායකයෝ | 14,088,500 | |||
ඡන්දය ප්‍රකාශ කිරීම | 74.50% | |||
මූලාශ්‍ර: මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව |
ආශ්රිත
- "ප්‍රසිඩන්ට් ඩිසයිඩ්ස් ටු හෝල්ඩ් ද ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන්". රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව. 23 නොවැම්බර් 2009. http://news.lk/index.php?option=com_content&task=view&id=12489&Itemid=44. සම්ප්‍රවේශය කෙරුණු දිනය 23 නොවැම්බර් 2009.
- "5 කැන්ඩිඩේට්ස් ඉන් ද ෆ්රේ". ද සන්ඩේ ටයිම්ස්. 29 නොවැම්බර් 2009. http://www.sundaytimes.lk/091129/News/nws_04.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 26 නොවැම්බර් 2009.
- සංරක්ෂිත පිටපත, http://www.chron.com/disp/story.mpl/ap/top/all/6837188.html, ප්‍රතිෂ්ඨාපනය 2014-11-13
- "රාජපක්ෂ ස්වීප්ස් ටු ශ්‍රී ලංකා වික්ටරි ඈස් ෆොන්සේකා ක්‍රයිස් ෆවුල්". BusinessWeek. 27 ජනවාරි 2010. සම්ප්‍රවේශය 21 August 2010.
Initial visibility: currently defaults to autocollapse
To set this template's initial visibility, the |state=
may be used:
|state=collapsed
:{{ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය, 2010|state=collapsed}}
භාවිතා කිරීමෙන්,- මෙම සැකිල්ල එහි අභිපාතිත තත්ත්වයෙහි ප්‍රදර්ශනය කළ හැක. එනම් මාතෘකා තීරුව හැර ඉතිරි සියල්ල සැඟවුනු ලෙස
|state=expanded
:{{ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය, 2010|state=expanded}}
භාවිතා කිරීමෙන්,- මෙම සැකිල්ල එහි ප්‍රදර්ශිත තත්ත්වයෙහි ප්‍රදර්ශනය කළ හැක. එනම් සම්පූර්ණයෙන් දෘශ්‍යමාන ලෙස
|state=autocollapse
:{{ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය, 2010|state=autocollapse}}
භාවිතා කිරීමෙන්,- එම පිටුව තුල වෙනත්
{{}}
,{{}}
හෝ වෙනත් ඕනෑම හැකිළිය හැකි ගුණාංගය සහිත වගුවක් තිබේනම්, මෙම සැකිල්ල අභිපාතිත තත්ත්වයෙහි ප්‍රදර්ශනය වේ - වෙනත් හැකිළිය හැකි ගුණාංගය සහිත අයිතමයක් නොමැති විට ප්‍රදර්ශිත තත්ත්වයෙහි ප්‍රදර්ශනය වේ
- එම පිටුව තුල වෙනත්
If the |state=
parameter in the template on this page is not set, the template's initial visibility is taken from the |default=
parameter in the Collapsible option template. For the template on this page, that currently evaluates to autocollapse
.