ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව 2023 දී ආරම්භ කර 2023 ජුලි 31 දින සිට අතිහිටුවා දමන ලදී. මිට හේතුව වන්නේ ගමන් බලපත්‍රයක් සඳහා වැයවන ඩොලර් 20 ක මුදල සොයාගැනීමට නොහැකි වීමය.
දිනය | සිද්ධිය |
---|---|
2023 ජුනි 15 | අන්තර්ජාලය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම පසුගිය ජුනි 15 වන දින සිට ඇරඹිම |
2023 ජුලි 31 | ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර හෙවත් ඊ-පාස්පෝට් නිකුත් කිරීම රජය මගින් අත්හිටුවන ලදී |
ප්‍රකාශ
“මාර්ගගත ක්‍රමය” ඔස්සේ දිවයින පුරා විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සමාරම්භක වැඩසටහනට සහභාගි 2023 ජූනි 15 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ කීය.
“විදෙස් ගමන් බලපත්‍ර අයැදුම්කරුවන්ට තම විදෙස් ගමන් බලපත්‍රය වඩා ත් පහසුවෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ දිවයින පුරා දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51ක් හරහා විදේශ ගමන් බලපත්‍ර මාර්ගගත ක්‍රමය ඔස්සේ නිකුත් කිරීමේ වැඩසටහන අද අපි ආරම්භ කරනවා. මේ සමග රටේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ශීඝ්‍රයෙන් ඉදිරියට ගෙන යමින්, ඊළඟ වසර කිහිපය තුළ රටේ සෑම ක්ෂේත්රයක ම ඩිජිටල්කරණය ක්‍රියාත්මක කිරීම අපේ අරමුණයි.
අත්සිටුවිමට හේතුව සහ එහි අසාධාරණත්වය
මෙම ක්‍රමය ඉතා පහසු හා කාර්යක්ෂම ක්‍රමයක්බවට පාරිබෝගිකයින්ගේ ප්‍රසාදය දිනාගෙන තිබුණ නමුත් රජය පවසන්නේ වියදම ආදායමට වඩා වැඩි නිසා අත්හිටුවීම සිදු කළ බවයි.
විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර 750,000කට වැඩි සංඛ්‍යාවක් වර්ෂයකට නිකුත් කළ යුතු බවත් ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15ක් පමණ වැයවන බවත් පැවසේ.
නිෂ්පාදන වියදම වැඩි යයි සලකා කාර්යක්ෂම ක්‍රමය අත්හැර දැමීමට තීරණය කර නැවත අකාර්යක්ෂම හා ප්‍රමාද සහිත ක්‍රමයට වෙනස්වීම අවාසනාවන්ත කාරණාවක් බව මීට ප්‍රතිචාර ලෙස පාරිභොගික විරෝධය ලැබී ඇත.
එක් ගමන් බලපත්‍රයක් සඳහා වැයවන වියදම
එක් ගමන් බලපත්‍රයක් සඳහා වැයවන වියදම = මුළු වියදම / වාර්ෂිකව නිකුත් කරන ගමන් බලපත්‍ර සංක්‍යාව
ඇ.ඩො 15,000,000 / 750,000
ඇ.ඩො 20 (දල වශයෙන් රු.6400)
ඒ අනුව ශ්‍රී ලංකික රාජ්‍ය බුද්ධිමතුන් පවසන්නේ එක් ගමන් බලපත්‍රයක් සඳහා වැයවන ඩොලර් 20 ක මුදල ඉතා ඇති විශාල බවය.
මුලාශ්‍ර
- පාස්පෝට් වදේ දැන් ඉවරයි: ඔන්ලයින් ගන්නෙ මෙන්න මෙහෙමයි - මව්බිම (mawbima.lk)
- වියදං වැඩී කියා මාස එකහමාරකින් පසු E-Passport හබක් (gossiplankanews.com)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය