රිජ්වේ තිලකරත්න (ඉංග්‍රීසි: Ridgeway Thilakeratne) යනු එවකට සිලෝන් ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් ධූරය දැරූ (1973 – 1977) කීර්තිමත් සිවිල් නිලධාරියකි. රිජ්වේ තිලකරත්න කවියෙක් මෙන්ම ගීත රචකයෙක්ද වෙයි.
රිජ්වේ තිලකරත්න | |
---|---|
උපත | 14 අගෝස්තු 1931 |
මියගිය දිනය | 19 අගෝස්තු 1981 |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
ප්‍රසිද්ධව ඇත්තේ | සිලෝන් ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් |
ආගම | බෞද්ධ |
ජීවන සටහන්
මීට අමතරව රිජ්වේ තිලකරත්න, පොලොන්නරුව, හම්බන්තොට, රත්නපුර දිස්ත්‍රීක්කයන්හි දිසාපති ධූර දරන ලදී. තවද ඔහු එවකට ප්‍රවෘත්ති හා ගුවන්විදුලි අමාත්‍යංශයේ ස්ථිර ලේකම් ධූරයද හොබවා ඇත.
රිජ්වේ තිලකරත්න කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. කරුණාරත්න අබේසේකර, චිත්‍රානන්ද අබේසේකර, ස්ටැන්ලි ජයසිංහ, හෙන්රි ජයසේන, ගුණදාස අමරසේකර රිජ්වේගේ නාලන්දා විද්‍යාලීය සමකාලීනයන්ය.
ආශ්‍රිත
- රිජ්වේ තිලකරත්නයන් ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු සිවිල් නිලධරයන්
- ප්‍රබුද්ධ ගී සංස්කෘතියක් බිහිකළ කලාකාමී සිවිල් නිලධාරියා 2010-08-30 at the Wayback Machine