බ්‍රිතාන්‍ය ලංකාවේ සිටි මහමුදලිවරයෙකු වූ ගේ මාලිගය රිච්මන්ඩ් කාසල් නම් වේ. එය කළුතර පලාතොට අක්කර 42ක භූමිභාගයක ඉදිකොට තිබේ. වර්තමානයේ ශ්‍රී ලංකාවේ මහා බාරකරුගේ පාලනයේ පවතී.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgxTHpVMkwxSnBZMmh0YjI1a1gwTmhjM1JzWlY5TFlXeDFkR0Z5WVY5SlNTNXFjR2N2TWpVd2NIZ3RVbWxqYUcxdmJtUmZRMkZ6ZEd4bFgwdGhiSFYwWVhKaFgwbEpMbXB3Wnc9PS5qcGc=.jpg)
ඉතිහාසය
ආතර් ද සිල්වා වරක් ඉන්දියාවේ සිදුකල සංචාරයකදී දුටු මහාරාජා මන්දිරයක් පිළිබඳව සිත් ඇතිවීම මෙම මන්දිරය ඉදිකිරීමට හේතු පාදක වී යැයි තොරතුරු සඳහන් වේ. ඒ අනූව ඉදිකරනු ලැබූ රිච්මන්ඩ් කාසල් මැදුරෙහි ගෙවැදීම, ආතර් ද සිල්වා විසින් 1910 වර්ෂයේ මැයි 10 වන දින පැවැත්වූ සිය විවාහ මංගල්‍යය සමගම සිදුකරන ලදී.
එතැන් පටන් වර්ෂ 31ක් දරුවන් නොමැතිව සිය මැතිණියද සමග රිච්මන්ඩ් කාසල් හී දිවි ගෙවූ ආතර් ද සිල්වා, කිසියම් හේතුවක් මත 1941 ජූලි මස 4 වැනි දිනදී නොතාරිස් එස්. ජේ. එස්. කදිරගාමර් ඉදිරිපිටදී අත්සන් කොට, රිච්මන්ඩ් කාසල් ඇතුළු තමා සතු සියළු වත්කම් ශ්‍රී ලංකාවේ මහා භාරකාර දෙපාර්තමේන්තුවට පවරා දෙන ලදී. ඒ මෙම මන්දිරය ඔහුගේ ඇවෑමෙන් අනතුරුව අනාථ දරුවන් වෙනුවෙන් රැකවරණය සළසන ස්ථානයක් බවට සහ අනෙකුත් වතුපිටි වල ආදායම එම දරුවන්ගේ නඩත්තුව වෙනුවෙන් වෙන්විය යුතු බවට අවසන් කැමැත්ත ප්‍රකාශ වන පරිදිය.
ගෘහය
රිච්මන්ඩ් මැදුරෙහි ඉදිකිරීම් වෙනුවෙන් අමුද්‍රව්‍ය සමහරක් විදේශ රාජ්‍යයන්ගෙන් රැගෙන ආ බව පැවසෙයි. මැදුරට අවශ්‍ය ගඩොල් හා උළු ඉන්දියාවෙන්ද, තේක්ක හා ඕක් දැව බුරුමයෙන්ද, ජනෙල් වීදුරු ආදිය ඉතාලියෙන් හා නාන කාමර හා ගෙබිම මැටි පුවරු එංගලන්තයෙන්ද ගෙන්වා ගත් බව සඳහන් වේ. මෙම අමුද්‍රව්‍ය කොළඹ වරායේ සිට කළුතරට නැව් මගිනුත්, එතැන් සිට කළු ගඟ ඔස්සේ බත්තල් මඟිනුත් මන්දිරය ඉදි වන භූමිය වෙත ගෙන එනු ලැබ තිබේ.
ගෘහයෙහි වූ සම්පූර්ණ උළුවහු ප්‍රමාණය 99 ක් වේ. ජනෙල් ප්‍රමාණය 38 කි. පහත මාලයේ හා උඩු මහලේ වූ කාමර ප්‍රමාණය 14 කි. ඉන් බිම් මහලේ කාමර 5ක්ද, කන්තෝරු කාමර 2ක්ද, පින්තූර කාමරයක් හා නැටුම් ශාලාවක් වේ. මීට අමතරව පෝටිකෝවක්, බැල්කනියක්, මැද සාලයක් හා මැද මිදුලක් එහි දැකගත හැකි වේ. උඩුමහලේ කාමර 6ක්, නාන කාමර සහිත වැසිකිලි 4ක්, බැල්කනියක් හා තවත් එක් හිස් අවකාශයක් වේ.
උඩු මහලට නැගීම වෙනුවෙන් තරප්පු පේලි දෙකක් තිබෙන අතර ඉන් එකක් සේවකයින්ගේ භාවිතය පිණිස ඉදිකොට තිබේ. උඩුමහලට නගින තරප්පු පෙල මදක් ඉහලට වන්නට කොටසේදී, දෙපසට බෙදී යන අයුරින් තනා තිබේ. නිදන කාමරයන්හී බිත්ති, ශබ්ද පිටතට හා ඇතුලතට ගලා ඒම වැළකෙන පරිදි ඉදි කොට තිබේ. බිත්තියක් අඩියකට වඩා පළල් වන අතර එහි මධ්‍යයේ හිස් අවකාෂයක් රැඳෙන පරිදි ලෑලි කූඩුවක් සකස් කොට ඒ මත බදාම යොදා ඇත.
උද්‍යානය
රිච්මන්ඩ් කාසල් උද්‍යානයෙහි නිමවන ලද පොකුණක් දැක ගත හැකි වන අතර බිත්ති වලට සවිකොට ඇති සිංහ මුහුණු මගින් පොකුණට ජලය ගලා එන ආකාරයට එය නිමවා තිබේ. එසේම ග්‍රීක කැටයම් ශිල්පයට සමාන වූ කිරිගරුඩෙන් නෙලන ලද ප්‍රථිමා දොළහක් සහ, මුදලිගේ නිදන කාමරයට මුහුණලා කුඩා දරුවන් සත් දෙනෙකුගේ හා එය මධ්‍යයේ දරුවක නලවන මවකගේ ප්‍රථිමා මෙම උද්‍යානයෙහි දැකගත හැකිවේ.
වත්මන
වර්ථමානයේ මෙහි රිච්මන්ඞ් කාසල් පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයක් හා පිරිමි ළමයින් සඳහා රැක බලා ගැනීමේ මධ්‍යස්ථානයක් වේ.
ආශ්රිත
- "කලුතර රිච්මන්ඩ් වලව්ව". අමේසිං ලංකා. සම්ප්‍රවේශය 2015-07-21.
- "සියලු ආශා අත්හල වංශවතකුගේ කතාන්දරය". ලංකාදීප. 2012-01-15. සම්ප්‍රවේශය 2015-07-21.
- "ගෘහ නිර්මාණ ශිල්පයේ අභිමානය පෙන්වන - රිච්මන්ඩ් කාසල් මන බන්දන". මව්බිම. 2014-03-02. සම්ප්‍රවේශය 2015-07-21.
බාහිර සබැඳි
- කළුතර - මනෝ ප්‍රනාන්දු -
- රිච්මන්ඩ් කාසල් මන්දිරය 2015-02-05 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය