දෙවන ලෝක යුද්ධයෙහි මිත්‍ර පාක්ෂිකයෝ යනු දෙවන ලෝක යුද්ධ සමයේ (1939–1945) නිර්මාණය වූ අන්තර්ජාතික හමුදාමය සන්ධානයකි. 1941 වන විට එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, සෝවියට් සංගමය සහ චීනය මෙහි ප්‍රධාන සාමාජිකයින් වූ අතර, ඔවුන් නාසි ජර්මනිය, සහ පැසිස්ට් ඉතාලියෙන් සමන්විත වූ අක්ෂ බලවතුන්ට එරෙහිව ක්‍රියා කළහ.
අක්ෂ බලවතුන් ඇරඹීමත් සමග නෙදර්ලන්තය, බෙල්ජියම, නෝර්වේ, ග්‍රීසිය සහ යුගෝස්ලාවියාව මිත්‍ර පක්ෂයට එකතු විය. ජර්මනිය සමග නම් ගිවිසුමක් අත්සන් කොට තිබූ සෝවියට් සංගමය මුලින් ජර්මනියේ පෝලන්ත ආක්‍රමණයට සහය දැක්වීය. එහෙත් නොහොත් ජර්මනියේ සෝවියට් ආක්රමණයත් සමග සෝවියට් සංගමය මිත්‍ර පක්ෂයට එක් විය. 1940 සැප්තැම්බර් වන විට එක්සත් ජනපදය යුරෝපානු මිත්‍ර පාක්ෂිකයන් හට ද්‍රව්‍යයමය වශයෙන් උපකාර කළද නිළ වශයෙන් මධ්‍යස්ථව සිටියේය. එහෙත් 1940 දෙසැම්බර් මස ජපානය සමග එක්සත් ජනපදය අක්ෂ පාර්ශවයට එරෙහිව යුධ ප්‍රකාශ කරමින් මිත්‍ර පාර්ශවය හා එක් විය. චීනය 1937 සිටම සිටියද ඔවුන් මිත්‍ර පක්ෂයට නිළ වශයෙන් එකතු වූයේ 1941 දෙසැම්බර් මස දීය.