පූජා ගෞතමී උමාශංකර්, බොහෝවිට දන්නා පූජා යනු ඉන්දු-ශ්‍රී ලාංකික සම්භවයක් සහිත නිළියකි, ඇය දෙමළ, සහ සිංහල,තෙලිගු, මලයාලම් සහ අමටුර් සිනමාවේ ජනප්‍රිය නිළියකි. ඇය වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ , 'ගේ චිත්‍රපටයෙනි. එහි දී පූජා ඉදිරිපත් කළ දෑස් අඳ සිඟන්නියකගේ චරිතය සඳහා සහ තමිල්නාඩු ප්‍රාන්ත සිනමා සම්මාන ලැබීය. ඇය සිංහල සිනමාවෙහි සාර්ථක නිළියක් වූයේ (2006), (2007), (2010) සහ කුස පබා (2012), චිත්‍රපට රඟපෑමෙනි.
පූජා උමාශංකර් | |
---|---|
පූජා උමාශංකර් 2012දී | |
උපත | පූජා ගෞතමී උමාශංකර් ජුනි 25, 1981 |
රැකියාව | නිරූපිකාවක, රංගන ශිල්පිණියක |
සක්‍රීය වසර | 2003–වර්ථමානය තෙක් |
වෙබ් අඩවිය | poojaumashankar.in |
ආගම | හින්දු |
මුල් අවදිය
පූජා සන්ධ්‍යා නම් ශ්‍රී ලාංකික සිංහල කාන්තාවකට හා ඉන්දියානු වන හි දිස්ත්‍රික්කයේ, කර්ණාටක ප්‍රාන්තයේ එච්.ආර්. උමාශංකර් නම් ව්‍යාපාරිකයෙකු හට දාව, ජුනි 25 දින ශ්‍රී ලංකාවේදී පූජා උපත ලැබුවාය.
ශ්‍රී ලංකාව තුලදී සිය පෙරපාසල් අධ්‍යාපනය හමාර කල පූජා, පසුව ඉන්දියාව වෙත සංක්‍රමණය වූවාය. එහිදී අඩ්ලූර් හී Poornapragnya වෙතිනුත්, පසුව මයිසෝර් (Mysore) හී නිර්මලා කන්‍යාරාමය වෙතිනුත් ඇය සිය අධ්‍යාපන කටයුතු හැදෑරුවාය. ඉක්බිති බැංගලෝරයේ බෝල්ඩ්වින්ස් බාලිකා උසස් පාසලෙන්ද සිය අධ්‍යයන කටයුතු සම්පූර්ණ කර ගත් පූජා, බැංගලෝරයේ මවුන්ට් කාමල් විද්‍යාලයෙන් B.Com උපාධියක් සහ MBA පශ්චාත් උපාධියක් හිමි කර ගත්තාය.
හී කළමනාකරුවෙකු වූ පූජාගේ පියා, සිනමා ක්ෂේත්රය කෙරෙහි රුචිකත්වයක් නොදක්වන්නෙක් වූවත්, පූජා ඊට සම්බන්ධ වූ බව පැවසෙයි. කන්නඩ, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා හැසිරවීමේ හැකියාවද පූජා සතු බව සඳහන් වෙයි.
පෞද්ගලික ජීවිතය
පූජා ශ්‍රී ලාංකික නිරූපන ශිල්පියෙකු වූ දීපක් ශන්මුගනාදන් සමඟින් 2014 දී විවාහය ගිවිස ගැනීය.
වෘත්තීය දිවිය
පූජා හඳුන්වා දෙනු ලැබූයේ ඇයගේ මිතුරෙකු වූ කැමරාකරණ ශිල්පී පසුව අධ්‍යක්ෂකවරයෙකු වූ , විසිනි.
පුංචි තිරයේ
, හා හී ජනප්‍රිය රියැලිටි නර්ථන වැඩසටහනක් වූ ආටම් පාටම් කොන්ඩාටම් (Aatam Paatam Kondatam) හා ටීවී දෙරණ "සිටි සිටි ඔෆ් ඩාන්ස්" හි විනිශ්චයකාරවරියක ලෙසද පූජා කටයුතු කර තිබෙයි.
රංගනයන්
වසර | චිත්‍රපටිය | චරිතය | භාෂාව | කරුණු |
---|---|---|---|---|
2003 | සීමා | දෙමළ | Amrutha Surabi හොඳම නැගීඑන නවක නිළිය චිත්‍රපටි සම්මානය | |
2004 | සප්නා | දෙමළ | ||
2005 | අයරින් | දෙමළ | ||
2005 | ප්‍රියා | දෙමළ | ||
2006 | අංජලිකා | අංජලිකා, උත්තරා | සිංහල | නිර්දේශිත - සරසවිය හොඳම නිළිය සම්මානය නිර්දේශිත - සරසවිය ජනප්‍රියම නිළිය සම්මානය |
2006 | සන්ධ්‍යා | දෙමළ | ||
2006 | ආචනා | දෙමළ | Sri Gell Kodai Fm Star of the year Award | |
2006 | මාරිකෝසුන්ධු ෂන්මුගම් | දෙමළ | ||
2007 | පූජා | දෙමළ | ||
2007 | ෂන්බගාම් | මලයාලම් | ||
2007 | රන්මලී / මලීෂා | සිංහල | නිර්දේශිත - සරසවිය හොඳම නිළිය සම්මානය නිර්දේශිත - සරසවිය ජනප්‍රියතම නිළිය සම්මානය | |
2007 | රාණි | දෙමළ | ||
2007 | මනෝරාණි | සිංහල | ||
2009 | (දෙවියන් මම වෙමි) | හම්ෂවල්ලි | දෙමළ | ෆිල්ම්ෆෙයාර් හොඳම නිළිය සම්මානය – දෙමළ තමිල්නාඩු ප්‍රාන්ත සිනමා සම්මානය - හොඳම කාන්තා චරිත නිරූපණය විජයි හොඳම නිළිය සම්මානය ලෝක මලයාලී කවුන්සිල චිත්‍රපටි හොඳම නිළිය සම්මානය - දෙමළ නිර්දේශිත - හොඳම නිළිය ජාතික චිත්‍රපටි සම්මානය |
2009 | TN-07 AL 4777 | දෙමළ | ආරාධිත රංගනය | |
2010 | රෂ්මි | සිංහල | ||
2010 | රෝජා | දෙමළ | ආරාධිත රංගනය | |
2010 | ඔරේන්ජ් | මීනක්ෂි ගුරුතුමිය | තෙළිඟු | ආරාධිත රංගනය |
2011 | ස්මෝකින්ග් කිල්ස් | පූජා | ඉංග්‍රීසි | කෙටි චිත්‍රපටිය |
2012 | කුස පබා | පබාවතී | සිංහල | නිර්දේශිත - නිර්දේශිත - හිරු ස්වර්ණ සිනමා සම්මාන ජනප්‍රියතම නිළිය |
2012 | Mirage | ප්‍රියා | ඉංග්‍රීසි | කෙටි චිත්‍රපටිය |
2013 | රේඛා | දෙමළ | නොර්වේ දෙමළ චිත්‍රපට සම්මාන උළෙල - හොඳම නිළිය විකටන් සම්මාන හොඳම නිළිය | |
2014 | දෙමළ | |||
2016 | පත්තිනි | කණ්ණගි | සිංහල | |
2017 | (මරියා) | සිංහල |
ටෙලිනාට්‍යය
වසර | ටෙලිනාට්‍යය | චරිතය | භාෂාව | විස්තර |
---|---|---|---|---|
2013 | දස්කොන් | ප්‍රමිලා රාජකුමාරි | සිංහල |
මූලාශ්‍ර
- "පූජා උමාශංකර්: අබවුට් මී". පූජා උමාශංකර්. සම්ප්‍රවේශය 2010-06-30.
- "I am enjoying every moment of acting". The Hindu. Chennai, India. 2007-05-30.
බාහිර සැබැඳි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
- පූජා උමාශංකර් සඳහා IMDb හි ඇති තොරතුරු
- Official Facebook Page of Pooja Umashankar
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය