පුරාතන ඊජිප්තියානු ආගම යනු, බහුදේවවාදමය ඇදහිලි සහ පූජාවිධි සමූහයකින් සමන්විතවූ සංකීර්ණ පද්ධතියක් වූ අතර පුරාතන ඊජිප්තුමය සමාජයෙහි සංඝටනීය කොටසක් විය. ස්වභාවධර්මය තුල වැඩසිටි සහ ස්වභාවධර්ම බලවේගයන් පාලනය කල බවට ඔවුන් විශ්වාස කල බොහෝ දෙවිවරුන් හා සමගින් පැවැති ඊජිප්තියානුවන්ගේ අන්තර්-සම්බන්ධතාවය මත එය කේන්ද්‍රගත වී තිබුණි. යාච්ඤාකිරීම සහ පූජාවන් පැවැත්වීම වැනි පූජාවිධි තුලින් දෙවිවරුන් සෑහිමකට පත් කිරීම සහ ඔවුන්ගේ අනුග්‍රහය ලබා ගැනුම අපේක්ෂා කෙරිණි. ඔහුගේ නිලබලය තුලින් දිව්‍යමය බලාධිකාරියක් භුක්තිවිඳින බවට විශ්වාස කෙරුණු ඊජිප්තුවෙහි රජු වූ පාරාවෝවරයා කේන්ද්‍රගතව උපචාරමය ආගමික භාවිතයන් පැවතිණි. පවත්වාගෙන යෑමට එතුමන්ට හැකි වන පරිදී, පූජාවිධි සහ පූජාවන් ඔස්සේ දෙවිවරුන්ට පහසුකම් සැපයීමට පාරාවෝවරු බැඳී සිටි අතර, ඔහුගේ ජනතාව සහ දෙවිවරුන් අතර ලෙසින් පාරාවෝවරයා ක්‍රියා කලේය. ඊජිප්තියානු පූජාවිධි සඳහා සහ දේවාල ගොඩනැගීම සඳහා, රාජ්‍යය විසින් අතිමහත් සම්පත් සම්භාරයක් වෙන් කරන ලදි.
යාච්ඤාව ඔස්සේ උදවු ඉල්ලීමෙන් හෝ මායාබලයෙන් ක්‍රියාකිරීමට අයැදීමෙන් හෝ තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් දෙවිවරුන් හා අන්තර්-සම්බන්ධතා පැවැත්වීමට එක් එක් පුද්ගලයින්ට හැකියාව පැවතිණි. මෙම ක්‍රියාමාර්ගයන් එකිනෙකට වෙනස් විභින්න ආකාරයක් ගත් නමුදු, උපචාරමය පූජාවිධි සහ ආයතන හා සමග දැඩි ලෙසින් බැඳී පැවතිණි. ඊජිප්තියානු ඉතිහාසය තුලදී ජනප්‍රිය ආගමික සම්ප්රදායයන් වඩාත් ප්රමුඛත්වයක් ලැබුවේ පාරාවෝවරයාගේ සමාජ තත්ත්වය හා පිලිගැනුම අවරෝධනයට පත්වීම හා සමගිනි. අනෙක් වැදගත් අංගයන් වූයේ මරණින් මතු ජීවිතය පිළිබඳ විශ්වාසය සහ අවමංගල්‍යමය චාරිත්‍ර වූහ.
වසර 3,000 කට වඩා කාලයක් පැවති ඊජිප්තුවෙහි ප්‍රාග්ඉතිහාසය තුල පවා ආගමෙහි මූලයන් ගැබ්වී තිබුණි. කිසියම් විශේෂිත දෙවිවරුන්ගේ වැදගත් කම උච්චාවචනය වීම සහ ඔවුනතර පැවැති දුර්වාබෝධ සම්බන්ධතා විතැන්වීම අනුව ආගමික විශ්වාසයන්හී විස්තර කාලය අනුව වෙනස් විය. විවිධ කාලපරිච්ඡේදයන්හීදී, හිරු දෙවි රා, මැවුම්කාර දෙවි අමුන්, මවු දෙවඟන අයිසිස් වැනි සමහරක් දෙවිවරුන් අනෙකුන්ට වඩා ප්‍රකට හෝ විශිෂ්ට හෝ වූහ. කෙටි කාලසීමාවක් තුලදී පාරාවෝවරයා විසින් ප්‍රඥාපනය කෙරුණු පරිදී, නම්වූ එක් තනි දෙවිවරයෙක් විසින් සාම්ප්‍රදායික දේවමණ්ඩලය ප්‍රතිෂ්ඨාපනය කෙරිණි. පුරාතන ඊජිප්තියානු ආගම සහ මිථ්‍යාකථා සහ සබැඳි බොහෝ ලියැවිලි සහ සිහිවටන පවතින අතර, පුරාතන සහ නූතන සංස්කෘතීන් කෙරෙහි සැලකිය යුතු බලපෑම් සිදුකිරීමට එය සමත්වී ඇත. ඔවුන්ගේ මරණින් මතු නොනැසී පවත්වාගැනීමට ඊජිප්තියානුවෝ ඉමහත් පරිශ්‍රමයක් දැරූ අතර, එය සඳහා සොහොන්ගෙවල් තැනීම, සොහොන් භාණ්ඩ තැන්පත් කිරීම, දේහයන් සහ මළවුන්ගේ ආත්මයන් සංරක්ෂණය කර ගැනුමට පිදීම් සිදුකිරීම ආදිය කෙරිණි.
දේවධර්මවේදය
"පුරාතන ඊජිප්තු ආගම" ලෙසින් දැනට හැඳින්වෙන විශ්වාස සහ පූජාවිධි, ඊජිප්තියානු සංස්කෘතියෙහි සෑම පාර්ශවයක් තුලම සංඝටනීය ලෙසින් පැවතිණි. තුල ආගම පිළිබඳ නූතන යුරෝපියානු සංකල්පය හා අනුරූප වන එකදු පදයක් හෝ දැක ගත නොහැක. පුරාතන ඊජිප්තියානු ආගම, ඒකාශ්මික ආයතනයක් නොවූ අතර, මිනිස් ලෝකය සහ දිව්‍යමය ලෝකය අතර අන්තර්ක්‍රියාව පිළිබඳ පොදු අභිසරණය වෙතින් බැඳී තිබුණු, මහත් පුළුල් සහ වෙනස්වන විශ්වාස සහ පරිචයන් සමූහයකින් සමන්විත වී තිබුණි. දිව්‍යමය රාජ්‍යය තුල වැජඹුනු දෙවියන්ගේ ගුණාංග, ඔවුන් ජීවත්වූ ලෝකයෙහි ගුණාංග ඊජිප්තියානුවන් විසින් තේරුම්ගන්නා ලද ආකාරය සමගින් නොබිඳිය හැකි ලෙසින් වෙලී බැඳී පැවතිණි.
දෙවිවරු
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlpTDJJMEwweGhYMVJ2YldKbFgyUmxYMGh2Y21WdGFHVmlYMk55YjNCd1pXUXVhbkJuTHpJeU1IQjRMVXhoWDFSdmJXSmxYMlJsWDBodmNtVnRhR1ZpWDJOeWIzQndaV1F1YW5Cbi5qcGc=.jpg)
ස්වභාවධර්මයෙහි සිදුවන සංසිද්ධින්, දිව්‍යමය බලවේගයන් තුලින් සහ ඒවා මගින් සිදුවන බවට ඊජිප්තියානුවෝ විශ්වාස කලහ. මෙම දේවාත්වාරෝපිත බලවේගයන් අතර මූලධාතු, සත්ත්ව ගුණාංග, හෝ දුරවබෝධ බලවේගයන් වූහ. ස්වභාවධර්මයෙහි සහ මිනිස් සමාජයෙහි සියළු පාර්ශවයන් හා සමගින් සහසම්බන්ධිත දේව මණ්ඩලයක් පැවතුණු බවට ඊජිප්තියානුවෝ විශ්වාස කළහ. ඔවුන්ගේ ආගමික භාවිතයන් විසින් උත්සාහ කෙරුණේ, මෙම සංසිද්ධීන් පෝෂණය කොට සහ අස්වස්සවා ඒවා මිනිස් වාසියට හරවා ගැනුම සඳහා විය. මෙම බහුදේවවාදී පද්ධතිය අතිශයින් සංකීර්ණ වූයේ, සමහරක් දෙවිවරුන් බොහෝ විවිධ විද්‍යාමානවීම් සහිතව වැඩසිටි බවක් විශ්වාස කෙරුණු නිසාත්, සමහරක් සඳහා බහුවිධ මිථ්යාවේදීමය භූමිකාවන් තිබුණු නිසාත්ය. මෙයට ප්‍රතිවිරුද්ධ වශයෙන්, සූර්යයා වැනි බොහෝ ස්වභාවික බලවේගයන් අනුසාරයෙන් බහුවිධ දෙවිවවරු වැඩ සිටියහ. මෙම ප්රකීර්ණක දේව මණ්ඩලය තුල, විශ්වයේ අත්‍යවශ්‍යයික භූමිකාවක් දැරූ දෙවිවරුන්ගෙන් සිට ඉතා සීමිත හෝ ප්‍රාදේශීය ක්‍රියාකාරකම් සහිතවූ සුළුතර දෙවිවරුන් හෝ "භූතයන්" හෝ දක්වා විවිධත්ව පරාසයක් විය. විදේශීය සංස්කෘතින්ගෙන් අපත්‍යීකරණය කෙරුණු දෙවිවරුන්ද එහි අඩංගු වී තිබෙන්නට ඇති අතර මිය යෑමෙන් පසුව දිව්‍යමය බවක් ආරූඨ වන බව විශ්වාස කෙරුණු පාරාවෝවරුන් සහ කලාතුරකින් වැනි ප්රමුඛ ගණයේ සාමාන්‍ය වැසියන්ද දේවාත්වාරෝපිත විය හැකිව තිබූ බැවින් සමහරවිට මනුෂ්‍යයන්ද එහි අඩංගුව තිබෙන්නට ඇත.
ආශ්රිත
- අස්මාන් 2001, pp. 1–5, 80.
- අස්මාන් 2001, pp. 63–64, 82.
- Script error: The function "harvard_citation_no_bracket" does not exist..
- විල්කින්සන් 2003, pp. 30, 32, 89.
- සිල්වර්මන් 1991, pp. 55–58.
පුස්තක නාමාවලිය
- (2000). මිඩ්ල් ඊජිප්ෂන්: ඇන් ඉන්ට්‍රඩක්ෂන් ටු ද ලැන්වේජ් ඇන්ඩ් කල්චර් ඔෆ් හයිරග්ලිප්ස්. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. ISBN .
{{}}
: Invalid|ref=harv
() - (2001) [1984]. ද සර්ච් ෆො ගෝඩ් ඉන් ඒන්ෂන්ට් ඊජිප්ට්. ලෝටන්, ඩේවිඩ් පරිවර්තක. . ISBN .
{{}}
: Invalid|ref=harv
() - ——— (2005) [2001]. ඩෙත් ඇන්ඩ් සැල්වේෂන් ඉන් ඒන්ෂන්ට් ඊජිප්ට්. ලෝටන්, ඩේවිඩ් පරිවර්තක. කෝනල් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. ISBN .
{{}}
: Invalid|ref=harv
()
- ෂාෆර්, බයිරන් ඊ, ed. (1991). රිලිජන් ඉන් ඒන්ෂන්ට් ඊජිප්ට්: ගෝඩ්ස්, මිත්ස්, ඇන්ඩ් පර්සනල් ප්‍රැක්ටිස්. කෝනල් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. ISBN .
{{}}
: Invalid|ref=harv
() - ෂාෆර්, බයිරන් ඊ, ed. (1997). ටෙම්ප්ල්ස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. අයිබී ටෝරිස්. ISBN .
{{}}
: Invalid|ref=harv
()
- සිල්වර්මන්, ඩේවිඩ් පී (1991), ඩිවිනිටි ඇන්ඩ් ඩෙයටීස් ඉන් ඒන්ෂන්ට් ඊජිප්ට් Script error: The function "harvard_citation_no_bracket" does not exist. තුල.