පුත්තලම දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 3,072 කි. ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පිහිටා ඇත. සිතුවමක් වැනි මනරම් කලපුව නිසා පුත්තලම බොහෝ සේ ජනප්‍රියව පවතී. නොගැඹුරු මුහුදු තීරය ද මසුන් මරන්නන් හට පාරාදීසයක් ව පවතී. පුත්තලමේ ප්‍රසිද්ධියට හේතුවකි.
පුත්තලම දිස්ත්‍රික්කය Puttalam District புத்தளம் மாவட்டம் | |
---|---|
පරිපාලන දිස්ත්‍රික්කය | |
![]() පුත්තලම දිස්ත්‍රික්කය ඉස්මතු කරමින් ශ්‍රී ලංකාවේ සිතියම | |
රට | |
පළාත | වයඹ පළාත |
විශාලතම නගරය | පුත්තලම |
සරිය | |
• මුළු | 3,072 කිමී2 (1,186 සතරැස් සැත) |
• භූමිය | 2,882 කිමී2 (1,113 සතරැස් සැත) |
• ජලය | 190 කිමී2 (70 සතරැස් සැත) |
ජනගහණය(2012) | |
• මුළු | 760,778 |
• ඝණත්වය | 250/කිමී2 ( 640/වර්ග සැත) |
වේලා කලාප | ශ්‍රී ලංකාව () |
වෙබ් අඩවිය | www.puttalam.dist.gov.lk |
සාපේක්ෂ පිහිටීම
පුත්තලම දිස්ත්‍රික්කය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයට වන්නටය. පුත්තලම දිස්ත්‍රික්කයේ සීමා මායිම් වන්නේ,
උතුරින් : කලාඔය සහ මෝදරගම් ආරු
නැගෙනහිරින් : අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්ක
දකුණින් :
බටහිරින් : ඉන්දියන් සාගරය
ඉතිහාසය
මෙම වියළි කලාපික දිස්ත්‍රික්කයේ ඉතිහාසය, වසර 2500 ට පෙර උතුරු ඉන්දියානු විජය කුමරු ඇතුළු පිරිස පුත්තලම නගරයට එපිටින් පිහිටි තම්මැන්නා පුරයට සම්ප්රාප්තවීම දක්වා දිවයයි. මෙය සිදුවූයේ ඔහුගේ නෞකාව තම්මැන්නා වෙරළට ගසාගෙන ඒම නිසාය. දිස්ත්‍රික්කයේ ඈතට වන්නට කුවේණියගේ ගම වන තෝනිගල පිහිටා ඇත. බුතාරම් යන නම පසු කලෙක පුත්තලම ලෙස ව්‍යවහාර වන්නට ඇතැයි සැලකේ. බුතාරම් යනු බෞද්ධ සිද්ධස්ථාන සඳහා රජතුමා විසින්පූජාකළ ගම්මාන සංකීර්ණය යන්න හැදින්වීම සඳහා භාවිතකරන ලද නාමයක් ලෙස විශ්වාස කරයි. මෙහි පිහිටා ඇති ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන ලෙස, කල්පිටියේ ඉපැරණි ලන්දේසි කොටුව, තලවිල ශා.අන්තෝනි පල්ලිය, හලාවත මුන්නේශ්වරම් කෝවිල යනාදී ස්ථාන හදුන්වාදිය හැකිය.
බෝග වගාව
පොල් ත්‍රිකෝණයේ ඉහළින්ම පිහිටා තිබෙන පුත්තලම දිස්ත්‍රික්කය, ශ්‍රී ලංකාවේ දෙවෙනියට වැඩිම පොල් නිපදවන ප්‍රදේශය ලෙස සැලකේ. අක්කරයකට වැඩිම වී නිෂ්පාදනය කරන ප්‍රදේශය ලෙස තබ්බෝව කෘෂිකාර්මික වාර්තාවලට එකතුවී ඇත.
ආශ්රිත ලිපි
ආශ්රිත
- "ඒරියාස් ඔෆ් ශ්‍රී ලංකා බයි ප්‍රොවින්ස් ඇන්ඩ් ඩිස්ට්‍රික්ට්" (PDF). ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව. 2010. සම්ප්‍රවේශය 2013-02-07.
- "පොපියුලේෂන් ඔෆ් ශ්‍රී ලංකා බයි ඩිස්ට්‍රික්ට්" (PDF). ජනගහණ හා නිවාස සංගණනය 2011. ජන හා හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව. 2012-04-20. සම්ප්‍රවේශය 2013-02-07.