නාලන්දා විද්‍යාලය, (ඉංග්‍රීසි: Nalanda College, Colombo) ශ්‍රී ලංකාවේ කොළඹහි පිහිටා ඇති අධ්‍යාපන අමාත්‍යංශය යටතේ මෙහෙයවනු ලබන රාජ්‍ය පාසලකි. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම බෞද්ධ පාසලක් වන අතර විශිෂ්ඨම පාසල් අතරින් එකකි.
නාලන්දා විද්‍යාලය, කොළඹ Nalanda College, Colombo | |
---|---|
![]() | |
Location | |
![]() | |
තොරතුරු | |
වර්ගය | රාජ්‍ය පාසලකි |
ආදර්ශ පාඨය | "අපදාන ශෝභිනී පඤ්ඤා" ප්‍රඥාවෙන් චරිතය උපනැංවේ |
ආරම්භ කලේ | 1924 නොවැම්බර් 01 වනදා |
ආදිකර්තෘ | පැට්රික් ද සිල්වා කුලරත්න |
විදුහල්පති | ඉරාන් චම්පික ද සිල්වා |
ශ්‍රේණි | ශ්‍රේණිය 1 - 13 |
බාලක/බාලිකා | පිරිමි |
Enrollment | 5000 |
වර්ණ(ය) | ලෝහිත(maroon ) හා රිදී (silver) |
ආදී ශිෂ්‍ය | ආදී නාලන්දියන් |
වෙබ් අඩවිය | www.nalanda.sch.lk |
අතීතය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k4NUx6bGhMMDVoYkdGdVpHRmZRMjlzYkdWblpWOUZiblJ5WVc1alpTNXFjR2M9LmpwZw==.jpg)
නාලන්දා විද්‍යාලය පී.ද.ඒස්. කුලරත්න විසින් ආනන්ද විද්‍යාලයේ ශාඛාවක් ලෙස ක්‍රි.ව. 1925 නොවැම්බර් මස 1 වන දින පිහිටුවන ලදී. ආනන්ද විද්‍යාලය ලෙසම මෙම විද්‍යාලයද පරමවිඥානාර්ථවාදී අමෙරිකානු ජාතික කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් විසින් මෙහෙයවනු ලැබූ පරමවිඥාණාර්ථ සංගමයේ සහය ඇතිව ආරම්භකරන ලදී.
ආනන්ද විදුහලේ කොටසක් ලෙස
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k4MEx6Um1MMDVoYkdGdVpHRmZRMjlzYkdWblpWOVhZWGxmZEc5ZlEyOXNiR1ZuWlM1cWNHYz0uanBn.jpg)
නාලන්දා විද්‍යාලයේ ආරම්භය මූලික හේතුව වූයේ කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුලත් වීමට තිබූ අධික ඉල්ලුමට විකල්ප විසඳුමක් ලබාදීමවේ. එවකට විදුහල්පති පී.ද.ඒස්. කුලරත්න මැතිදා ආනන්ද විද්‍යාලයට යාබඳ කැම්බල් පෙදෙස ක්‍රීඩා පිටිය බද්දට ගෙන එහි උණ ලීයෙන් හා පොල් අතු සෙවිලිකල පංති කාමර තනා අමතර සිසුන් ඇතුලත් කරගන්නා ලදී.
වෙනම පාසලක් වීම
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k4d0x6QmxMMDVoYkdGdVpHRmZRMjlzYkdWblpWOGxNamhVYUdGcmMyaHBiR0ZmU0dGc2JDVXlPUzVxY0djPS5qcGc=.jpg)
අනතුරුව කොළඹ ආනන්ද විද්‍යාලයේ 39 වන සංවසර වන 1925 නොවැම්බර් පළමුදා පී.ද.ඒස්. කුලරත්න විසින් නාලන්දා විද්‍යාලය වෙනම පාසලක් ලෙස ආණ්ඩුවේ ලියා පදිංචි කරන ලදී. විසිවන ශතවර්ෂයේ ශ්‍රි ලංකාවේ ථෙරවාදී බුදුදහමේ විශිෂ්ට චරිතයක් වන බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමිපානන් මෙම නවතම පාසැලට නාලන්දා යන නම තැබූ අතර එහි උපදේශ වාක්‍යය අපදාන ශෝභිනී පඤ්ඤා හෙවත් “ප්‍රඥාවෙන් චරිතය උපනැංවේ“ යන්න තෝරාගන්නා ලදී. එල්.එච්.මෙත්තානන්ද ආරම්භක විදුහල්පති වරයා වශයෙන් පත් කරන ලදී.
තවද පී.ද.ඒස්. කුලරත්න මැතිදා ආනන්ද විද්‍යාලයෙන් තෝරාගත් හොඳම සිසුන් 330 නාලන්දා විද්‍යාලයේ ප්‍රාථමික හා උසස් පෙළ සිසුන් ලෙස ඇතුලත් කරගන්නා ලදී.
නව ගොඩනැගිලි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5akwyTmpMMDVoYkdGdVpHRmZRMjlzYkdWblpWOU1ZVzVuZFdGblpWOU1ZV0p2Y21GMGIzSjVMbXB3Wnc9PS5qcGc=.jpg)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5bEwyVTJMMDVoYkdGdVpHRmZRMjlzYkdWblpWOVRkMmx0YldsdVoxOVFiMjlzTG1wd1p3PT0uanBn.jpg)
අනතුරුව 1926 දී මහාචාර්ය ගුණපාල මලලසේකර මෑතිතුමා විදුහල්පති වීමෙන් පසු අනගාරික ධර්මපාල තුමාගේ සහයෝගයෙන් පංති කාමර ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් තනන ලදී. නාලන්දාවේ 1926 හිටපු විදුහල්පති මහාචාර්ය ගුණපාල මලලසේකර මෑතිතුමා සිහිවනු වස් නාලන්දා විද්‍යාලයයේ ශිෂ්‍ය රැස්වීම් ශාලාව මලලසේකර රඟහල නමින් නම් කරන ලදී.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTloTDJFMUwwMWhiR0ZzWVhObGEyRnlZVjlJWVd4c0xtcHdaeTh5TWpCd2VDMU5ZV3hoYkdGelpXdGhjbUZmU0dGc2JDNXFjR2M9LmpwZw==.jpg)
නාලන්ද සිසුන්ගේ විශේෂ දක්ෂතා
අධ්‍යාපනය
නාලන්දාවෙ සිංහල බස ප්‍රධාන භාෂාව වන අතර හය වසරේ සිට නාලන්දා සිසු දරුවනට ඉංග්‍රීසි බසින් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාවද ඇත. සෑම වසරකම නාලන්දා ශිෂ්‍යයන් අ:පො:ස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ඉතා උසස් අන්දමින් සමත් වන්නාහුය.
විදෙස් ජයග්‍රහණ
නාලන්දාවෙන් සිප් සතර හැදෑරූ සිසුන් බොහොමයක් අද ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු මහත් ලොවටම මහඟු සේවයක් කරති. සමහරුන් ඉගෙනීමට පමණක් නොව ක්‍රීඩාවටද දක්ෂයෝය. නාලන්දා සිසුවෝ වසර 2011 දී ඇමරිකානු පරිගණක ආයතන ඔරැකල් තින්ක්ක්වෙස්ට් මගින් පවත්වනු ලැබූ ජ්‍යාත්‍යන්තර පරිගණක වැඩසටහන් නිර්මාණය කිරීමේ තරගයෙන් ලොව පළමු තැන හිමිකරගත්හ. වසර 2014 දී නාලන්දා සිසුවකු නැනෝ තාක්ෂණය යොදා ගෙන පියයුරු පිළිකා රෝගීන්ගේ ලියුකේමියා සෛල විනාශ කිරීමේ තාක්ෂණය තුළින් ප්‍රතිකර්මයක් සොයාගෙන ශ්‍රී ලංකා විද්‍යා හා ඉංජිනේරු සැණකෙළියේ දී පළමුවන ස්ථානය දිනා ඇමරිකානු ලෝස් ඇන්ජලිස් ඉන්ටෙල් අන්තර්ජාතික විද්‍යා හා තාක්ෂණ සැණකෙළිය නියෝජනය කරන්නට වරම් ලබා ලංකාවට අතිමහත් කීර්තියක් ගෙනදුන්නේය. වසර 2017 දී නාලන්දා සිසුවකු ජර්මනියේ ස්ටුට්ගාඩ් නුවරදී පැවැති ලෝක තරුණ විද්‍යාඥයන්ගේ සමුළුවේදී රුසියාව, ප්‍රංශය, ජර්මනිය ආදී ප්‍රබල රටවල් 40ක තරගකරුවන් 300ක් අතරින් රිදී පදක්කම දිනාගෙන ලෝකයේ දෙවන ලාබාලතම විද්‍යාඥයා වි ඇත.
සමිති හා සංගම්
|
|
|
අතීත කාර්යමණ්ඩලය
හිටපු විදුහල්පතිවරු
නම | සිට | දක්වා |
---|---|---|
එල්.එච්.මෙත්තානන්ද | ||
මහාචාර්ය ගුණපාල මලලසේකර | ||
ජී.කේ.ඩබ්ලිව්.පෙරේරා | ||
ජේ.එන්.ජිනේන්ද්‍රදාස | ||
ඩී.සී.ලෝරිස් | ||
එම් ද එස්.ජයරත්න | ||
එම්.ඩබ්ලිව්.කරුණාරත්න | ||
කේ.එම්.ඩබ්ලිව්.කුරුප්පු | ||
ඩී.ජේ.එදිරිසිංහ | ||
ගුණපාල වික්‍රමරත්න | ||
සුගුනදාස අතුකෝරාල | ||
ධර්මා ගුණසිංහ | ||
ඩී.ජී.සුමනසේකර | ||
එඩ්වඩ් රණසිංහ | ||
හේමන්ත ප්‍රේමතිලක | ||
රන්ජිත් ජයසුන්දර | ||
තිලක් වත්තුහේවා | ||
ඉරාන් චම්පික ද සිල්වා |
කීර්තිමත් ගුරුවරු
-
- ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි
- මහාචාර්ය ගුණපාල මලලසේකර
- ශ්‍රී ලංකාභිමාන්‍ය ආචාර්ය ඒ.ටී. ආරියරත්න
- නීතිඥ සිරි පෙරේරා
- ආචාර්ය එස්. පණීභාරත
- ගරු සාගර පලන්සූරිය
- රංගන ශිල්පී වික්‍රම සෙනෙවිරත්න
- සිනමා ශිල්පි සෝමලතා සුභසිංහ
- සංගීතඥ එඩ්වඩ් ජයකොඩි
- බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි - විසිවන ශතවර්ෂයේ ශ්‍රිලංකාවේ ථෙරවාදී බුදුදහමේ විශිෂ්ඨ චරිතයකි
- පොල්වත්තේ බුද්ධදත්ත හිමි - විසිවන ශතවර්ෂයේ ශ්‍රිලංකාවේ ථෙරවාදී බුදුදහමේ විශිෂ්ඨ චරිතයකි
- හීනටියන ධම්මාලෝක මහානාහිමි - විසිවන ශතවර්ෂයේ ශ්‍රිලංකාවේ ථෙරවාදී බුදුදහමේ විශිෂ්ඨ චරිතයකි
- මහාචාර්ය පරවාහැර වජිරඥාන හිමි - විසිවන ශතවර්ෂයේ ශ්‍රිලංකාවේ ථෙරවාදී බුදුදහමේ විශිෂ්ඨ චරිතයකි
- එස්. මහින්ද හිමි - ප්‍රවීන කවි රචක
- ශ්‍රී ලංකාභිමාන්‍ය ආචාර්ය ඒ.ටී. ආරියරත්න - සර්වෝදය සභාවේ නිර්මාතෘ
- ආචාර්ය එස්. පණීභාරත - ප්‍රවීණ නර්තන කලා සූරී
- එඩ්වඩ් ජයකොඩි - ප්‍රවීන ගායක හා ගීත රචක
- පියසේන රතුවිතාන - කීර්තිමත් ජ්‍යොතීර්වේදී,ප්‍රවීණ වාස්තු විද්‍යාඥ , කාව්‍ය රචක,ලේඛක , පත්‍ර කලාවේදී හා පරිපාලක
- වික්‍රම සෙනෙවිරත්න - කීර්තිමත් ටෙලි නාට්‍ය හා වේදිකා නට්‍ය නළු
- සෝමලතා සුභසිංහ - කීර්තිමත් ටෙලි නාට්‍ය හා වේදිකා නට්‍ය නළු
- ලයනල් අල්ගම - ප්‍රවීන සංගීතඥ
- ඔරුවල බන්දු - ප්‍රවීන ලේඛක
- කලා සූරී ප්‍රේමසර ඈපාසිංහ - ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩා ගුවන් විදුලි නිවේදක
- සිරි පෙරේරා (යූ. ඒ. එස්. පෙරේරා / සිරි අය්යා) - ප්‍රසිද්ධ ගුවන් විදුලි ළමා පිටිය වැඞසටහන් නිවේදක, හිටපු ගරු ශ්‍රී ලංකා තානාපති ඉන්දියාව
- සාගර පලන්සූරිය - ප්‍රකට කිවිපති
- නෙල්සන් මෙන්ඩිස් - ප්‍රවීන ක්‍රිකට් පුහුනුකරු
ආදි නාලන්දියයන්
කොළඹ නාලන්දා විද්‍යාලයේ පෙර ඉගෙනුම ලැබූ සිසුන් '"ආදි නාලන්දියයන්"නම්වේ. කීර්තිමත් සම්භාවනීය ආදි නාලන්දියයන් රැසක් අතුරින් කිහිප දෙනෙක් නම්:
- හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ
-
-
- ගරු එම්.ඩී. බන්ඩා
- ගරු වෛද්‍ය ධර්මසේන ආටිගල
- ගෞරවණීය කනල් (විශ්‍රාම) සී.ඒ. ධර්මපාල
- ගරු රියර් අඩ්මිරාල් සරත් වීරසේකර
-
- ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න
- ගරු තිලංග සුමතිපාල
- මහින්ද රාජපක්ෂ - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 5 වන විධායක ජනාධිපතිවරයා
- මෛත්‍රීපාල සේනානායක - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හිටපු නියෝජ්‍ය අගමැති
- ඇම්. ජේ. පෙරේරා - හිටපු කුලපති පේරාදෙනිය විශ්ව විද්‍යාලය, ප්‍රතම ශ්‍රී ලාංකික ඩිරෙක්ටර් ජෙනරාල්ර් ගුවන් ව්දුලි සංස්ථාව, ප්‍රතම සභාපති රූපවාහිනී සංස්ථාව
- ඉංජිනේරු බී. ඩී. රම්පාල - ප්‍රතම ශ්‍රී ලාංකික ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු දුම්රිය දෙපාර්තමේන්තුව
- මහාචාර්ය එච්. එ. ද එස් ගුනසේකර - ප්‍රථම ශ්‍රී ලාංකික සිංහල ආර්ථික විද්‍යා මහාචාර්ය පේරාදෙනිය විශ්ව විද්‍යාලය පේරාදෙනිය
- දේශබන්දු වෛද්‍ය හඩ්සන් සිල්වා - ලෝක අක්ෂි දාන සංගමයයේ ආදි කර්තෘ හා ආරම්භක සභාපති, අක්ෂි ශල්‍ය වෛද්‍ය
- වෛද්‍ය වජිරනාත් ලක්ෂ්මන් ද සිල්වා - ශ්‍රී ලංකා සෞකඛ්යදාන ව්‍යාපාරයයේ ආදි කර්තෘ
- මහාචාර්ය අභය ඉඳුරුව - හිටපු ප්‍රථම ආරම්භක පරිගණක පීඨාධිපති මොරටුව විශ්ව විද්‍යාලය මොරටුව
- පූජ්‍ය පාද පියදස්සි තෙරණුවෝ - හිටපු බම්බලපිටිය වජිරාරාමාධිකාරි
- ගෞරවණීය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බංඩාර - මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේ ගිහි භාරකාර දියවඩන නිලමේ මහනුවර
- වෛද්‍ය ගුණදාස අමරසේකර - ප්‍රවීන ශ්‍රී ලාංකික ලේඛකක, විශේඥ ධන්ත වෛද්‍ය
- කරුණාරත්න අබේසේකර - ශ්‍රී ලංකා ප්‍රථම ගුවන් විදුලි වැඩසටහන සිංහල නිවේදක, ප්‍රවීන ගීත රචක
- කලා කීර්ති ආචාර්ය හෙන්රි ජයසේන - ප්‍රවීන චිත්‍රපට නළු සහ වේදිකා නළු, නාටක කර්තෘ
- ශ්‍රී ලංකා රන්ජන ආචාර්ය සරත් ගුණපාල - ඇමරිකන් නාසා අයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ අභෟවකාශ විද්‍යාඥ
-
- දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල
- දේශබන්දු වෛද්‍ය හඩ්සන් සිල්වා
- කලා කීර්ති දේශමාන්‍ය මහාචාර්ය නන්දදාස කෝදාගොඩ
- මහාචාර්ය අභය ඉඳුරුව
- මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් ද සිල්වා
- ගරු මහාචාර්ය කමල් කරුණානායක
- ශ්‍රී ලංකා රන්ජන ආචාර්ය සරත් ගුණපාල
- කලා කීර්ති ආචාර්ය හෙන්රි ජයසේන
- ජනප්‍රිය ගායක සිසිර සේනාරත්න
-
- ආචාර්ය (වෛද්‍ය) ගුණදාස අමරසේකර
- විශේෂඥ ස්නායු වෛද්‍ය ප්‍රසන්න ගුණසේන
- දේශමාන්‍ය ජනාධිපති නීතිඥ එච්. ඇල් ද සිල්වා
- අභියාචනාධිකරණ විනිසුරු අධිනීතිඥ සෝභිත රාජකරුණා
- සිවිල් නිලධර ඇම්. ජේ. පෙරේරා
- ඉංජිනේරු බී. ඩී. රම්පාල
- එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල 15 වැනි ගුවන් හමුදාපතිවරයා
- 36 වැනි පොලිස්පතිවරයා දේශබන්ධු තෙන්නකෝන්
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකමහේල ජයවර්ධන
ක්‍රීඩා
|
|
|
|
|
හර්මන් ලෝස්
හර්මන් ලෝස් අභියෝගතා කුසලානය දිනාගත් වර්ෂ
- 1926 - ලුතිනන් වී.අයි.පෙරේරා
- 1928 - ලුතිනන් වී.අයි.පෙරේරා
- 1929 - ලුතිනන් වී.අයි.පෙරේරා
- 1930 - ලුතිනන් වී.අයි.පෙරේරා
- 1931 - ලුතිනන් වී.අයි.පෙරේරා
- 1932 - ලුතිනන් වී.අයි.පෙරේරා
- 1933 - ලුතිනන් වී.අයි.පෙරේරා
- 1935 - ලුතිනන් වී.අයි.පෙරේරා
- 1939 - උප ලුතිනන් ටී.ඇන්.මුණසිංහ
- 1940 - උප ලුතිනන් ටී.ඇන්.මුණසිංහ
- 1977 - ලුතිනන් ඒ.එම්.ඩබ්.ධනංජය
- 1978 - ලුතිනන් ඒ.එම්.ඩ්බ්.ධනංජය
- 2013 - ලුතිනන් එල්.එම්.ඇන්.විජේසේකර
- 2016 - කපිතාන් එල්.එම්.ඇන්.විජේසේකර
ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගය
(ඉංග්‍රීසි: Ananda-Nalanda cricket match)
කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලය අතර පවත්වන වාර්ශික ක්‍රිකට් ක්‍රීඩා තගරය ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගයයි. ප්‍රතම වතාවට මෙය 1924 දී පවත්වන ලදී.
- මේ දක්වා ආනන්ද විද්‍යාලය හා නාලන්දා විද්‍යාලය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිලට දායාද කල ක්‍රිකට් ක්‍රීඩකයින් 30 දෙනෙකි.
- ශ්‍රී ලංකා ප්‍රතම ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්නපුර ආදි නාලන්දියකි.
- ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ආදි නාලන්දියකි.
- ලංකාවට ප්‍රතම ලෝක කුසලානය 1996 ගෙනදුන් ක්‍රිකට් කන්ඩායමහි නායකයා වූයේ ආදි ආනන්දීය අර්ජුන රණතුංගයි.
- ලෝකයේ ප්‍රතමයෙන්ම ගුවන් විදුලියෙන් සිංහල බසින් ක්‍රිකට් ක්‍රීඩා විචාරයක් පැවැත්වූයේද ආදි නාලන්දයීය කරුණාරත්න අබේසේකර මහතායි.
- ආදි නාලන්දිය හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක රොෂාන් මහානාම අද ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල එලය්ට් පැනල් විනිසුරුවරයෙකි.
- ආදි නාලන්දිය හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කුමාර ධර්මසේන ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල විනිසුරුවරයෙකි.
- ශ්‍රී ලංකාවට ජ්‍යාත්‍යන්තර ටෙස්ට් හා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරඟ වලින් එකම හා ප්‍රතම ලකුණු දස දහස රැස් කලේද ආදි නාලන්දිය මහේල ජයවර්ධනය.
නාලන්ද - ත්‍රිත්ව ක්‍රිකට් තරගය
(ඉංග්‍රීසි: Mahela-Sanga Challenge Trophy)
කොළඹ නාලන්දා විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර පවත්වන වාර්ශික ක්‍රිකට් ක්‍රීඩා තගරය මහේල සංගා කුසලානය වෙනුවෙන් පවත්වනු ලබයි.
වාර්ශික උත්සව
නාලන්දා කීර්තී ශ්‍රී සම්මානය
(ඉංග්‍රීසි: Nalanda Keerthi Sri)
ඒ ඒ රැකියාවෙහි විශේෂඥ වූ කීර්තිමත් ආදි නාලන්දියයන් ශ්‍රී ලංකාව ඇතුලු මුළු මහත් ලොවට කරන්නාවු මහඟු සේවයට ප්‍රසංසාත්මක පිළිගැනීමක් වශයෙන් නාලන්දා විදුහල පුදන ගෞරව සම්මානය නාලන්දා කීර්තී ශ්‍රී සම්මානය ගෞරව සම්මානය නමින් හැඳින්වේ.
ෆියුචර් මයින්ඩ්ස් අධ්‍යාපනික ප්‍රදර්ශනය
(ඉංග්‍රීසි: FUTURE MINDS)
කොළඹ නාලන්දා විද්‍යාලයයේ කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන, ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ලත් අධ්‍යානික සංදර්ශනය ෆියුචර් මයින්ඩ්ස් නමින් හැදින් වේ.
නාලන්දා පාගමන
(ඉංග්‍රීසි: Nalanda Walk)
කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදී නාලන්දීය ක්‍රීඩා සංගමය මගින් නාලන්ද කනිෂ්ඨ ආදී ශිෂ්‍ය සංගමය හා අනිත් සියලු ආදී ශිෂ්‍ය සංගම් වල සහභාගිත්වයෙන් සංවිධානය කරනු ලබන වාර්ශෂික උත්සවයකි. මෙමගින් ලැබෙන සියලු ආදායම පාසලේ ඉදිරි ක්‍රීඩා කටයුතු ඉහල නැංවීම සඳහා යොදවනු ඇත.
නාලන්දා සෑය
2600 සම්බුද්ධත්ව ජයන්තියේ වෙහෙර විහාර දහසේ ව්‍යාපෘති වෙනුවෙන් කොළඹ නාලන්දා විද්‍යාලයේ සිසු දරුවන් විසින් තනන ලද විහාරස්ථානයයි. නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට මායිම්ව සේරුවිල හා මැදවච්චියට මායිම්වයි පිහිටා තිබෙන පදවිය දලුක්ගල නමැති ගම්මානයේ මෙම විහාරස්ථානය තනවා ප්‍රදේශයේ බෞද්ධ ගම්වැසියනට 2011 හි ජූනි මාස පූජා කරන ලදී.
නාලන්දා ගුරු ප්රණාම පිං බිම
කොළඹ නාලන්දා විද්‍යාලයයේ බෞද්ධ සංගමය මගින් නාලන්දාවේ ගුරුවරුන්ට විශ්‍රාම යෑමෙන් පසු නවාතැන් ගැනිම සදහා කඩුවෙල ඉහළ බෝමිරියේ තනනු ලබන ගුරු උපහාර ගම්මානය මෙනමින් හදුන්වනු ලැබේ.
වැඩිදුර කියවීම්
- අධිරාජ්‍යවාදී ධනයෙන් නොව පොදු මහජනතාවගේ සම්මාදමෙන් ගොඩනැඟුණු නාලන්දය යනු පාසලක් පමණක් නොව ශ්‍රේෂ්ඨ ජාතික වස්තුවක සංකේතයක් - ජනාධිපති මහින්ද රාජපක්ෂ 2016-03-06 at the Wayback Machine
- සාමාන්‍ය පෙළවිශිෂ්ඨයා බාලදක්ෂයෙක් - බාලදක්ෂ සංගමයෙන් විශේෂ ඇගයීමක් 2016-03-04 at the Wayback Machine
- විභාගයට බය වෙන්න එපා: සා/පෙළ පළමුවැනියා නිව්ස්ෆස්ට් මැදිරියේදී කියයි 2015-05-03 at the Wayback Machine
- උසස් ලෙස සා/පෙ ජයගත් දැයේ දරුවෝ 2015-04-03 at the Wayback Machine
- සාමාන්‍ය පෙළ විශිෂ්ඨයෝ මෙන්න 2015-04-02 at the Wayback Machine
- දැයේ මල් පිබිදෙයි! ලක්මෑණි හිනැහෙයි! සා/පෙ ජයගත් විශිෂ්ටයෝ 2015-04-07 at the Wayback Machine
- ප්‍රථම වතාවට තරුණ විද්‍යාඥයන්ගේ සමුළුවේ රිදී පදක්කම නාලන්දාවේ රකිඳු දිනා ගනී 2017-06-02 at the Wayback Machine
- වත්මන් මෙහෙවර - නාලන්දා ගුරු ප්රණාම පිං බිම 2017-12-23 at the Wayback Machine
බාහිර සබැඳුම්
- නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය
- නාලන්දා කණිෂ්ඪ ආදි ශිෂ්‍ය සංගමය 2014-06-06 at the Wayback Machine
- අදි නාලන්දයීය බොදු හඞ
- නාලන්දා විද්‍යාලයීය බෞද්ධ සංගමය
- නාලන්දා විද්‍යාලයීය බාලදක්ෂ සංගමය
- නාලන්දා විද්‍යාලයීය Communication Unit
- ආනන්ද නාලන්දා සුලෝහිත සංග්‍රාමය
- නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය ඇමරිකා එක්සත් ජනපදය
- නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය කැනඩාව
- නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය එන්ගලන්තය 2017-11-16 at the Wayback Machine
- නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සිඩ්නි ඕස්ට්‍රේලියාව
- නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මෙල්බර්න් ඕස්ට්‍රේලියාව 2021-04-10 at the Wayback Machine
- නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය කුවීන්ස්ලන්තය ඕස්ට්‍රේලියාව 2019-06-27 at the Wayback Machine
- නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය පර්ත් ඕස්ට්‍රේලියාව
- නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය එක්සත් අරාබි රාජධානිය 2014-12-18 at the Wayback Machine
- නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය නවසීලන්තය
- නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සිඩ්නි ඕස්ට්‍රේලියාව - නාලන්දා ඩිරෙක්ටරි 2012 2014-06-22 at the Wayback Machine
- ෆියුචර් මයින්ඩ්ස් අධ්‍යානික සංදර්ශනය
- Pinbara Udesana (පින්බර උදෑසන) | 2017-02-12 | 8.30 AM (නාලන්දා විද්‍යාලය (කොළඹ 10))
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය