දි.මු. ජයරත්න (දිසානායක මුදියන්සෙලාගේ ජයරත්න) ( උපත ජූනි 7, 1931 )( විපත නොවැම්බර් 19,2019 )) ශ්‍රී ලංකාවේ 14වන අග්‍රාමාත්‍යවරයා විය. වර්තමානයේ මොහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි ආරම්භක සාමාජිකයෙක් වන ජයරත්න, මුලින්ම පාර්ලිමේන්තුවට තේරී පත්වුනේ 1970 දීය. අග්‍රාමාත්‍ය වරයා ලෙසින් ඔහු දිවුරුම් දුන්නේ 2010, අප්‍රේල් 21 දිනදීය.
தி. மு. ஜயரத்ன D. M. Jayaratne | |
ශ්‍රී ලංකාවහි 14වන අග්‍රාමාත්‍යවරයා | |
තනතුර දරමින් 2010 අප්‍රියෙල් 21 – 9 ජනවාරි 2015 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | රත්නසිරි වික්‍රමනායක |
අනුප්‍රාප්තිකයා | රනිල් වික්‍රමසිංහ |
තනතුර දරමින් 2010 ජූලි 8 – 7 ජූලි 2015 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | ඔහුම |
වැවිලි අමාත්‍යවරයා | |
තනතුර දරමින් 2007 අගෝස්තු 6 – 2010 අගෝස්තු 6 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | රත්නසිරි වික්‍රමනායක |
තැපැල්, විදුලි සංදේශ හා උඩරට සංවර්ධන අමාත්‍ය | |
තනතුර දරමින් 8 August 2004 – 6 September 2007 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ චන්ද්‍රිකා කුමාරතුංග |
අග්‍රාමාත්‍යවරයා | රත්නසිරි වික්‍රමනායක මහින්ද රාජපක්ෂ |
කෘෂිකර්ම අමාත්‍ය | |
තනතුර දරමින් 1 ජුනි 2000 – 9 ජූලි 2001 | |
ජනාධිපතිවරයා | චන්ද්‍රිකා කුමාරතුංග |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
Member of the for මහනුවර දිස්ත්‍රික්කය | |
තනතුර දරමින් 5 ජනවාරි 2004 – 7 ජනවාරි 2010 | |
තනතුර දරමින් 1 ජූලි 1989 – 2001 දෙසැම්බර් 29 | |
Member of the for ජාතික ලැයිස්තුව | |
තනතුර දරමින් 7 ජනවාරි 2010 – 6 ජුනි 2015 | |
තනතුර දරමින් 2001 දෙසැම්බර් 30 – 2 ජනවාරි 2004 | |
පුද්ගලික තොරතුරු | |
උපත | දිසානායක මුදියන්සේලාගේ ජයරත්න 4 ජුනි 1931 කොළඹ, ශ්‍රී ලංකාව |
විපත | 19 November 2019 මහනුවර, ශ්‍රී ලංකාව | (වයස 88)
ජාතිය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය |
වෙනත් දේශපාලන සබැඳියා | එක්සත් ජනතා නිදහස් සන්ධානය |
දරුවන් | 3 |
මුල් දිවිය
දි. මු. ජයරත්න උපන්නේ 1931, ජූනි 7 වන දිනදීය. ඔහු අධ්‍යාපනය ලැබුයේ ගම්පොල පිහිටි දොළුව මහා විද්‍යාලයෙහිය. 1950 ගණන් වල මැද භාගයෙහිදී, ඔහු , කලා පීඨයෙහි ශිෂ්‍යයෙක් විය []. එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක විසින් 1951දී මහනුවරදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කිරීමෙන් අනතුරුව, ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 13 වන සාමාජිකයා වශයෙන් එහි සාමාජිකත්වය ලබා ගත්තේය. දි.මු.ජයරත්න දොළුව මහා විද්‍යාලයෙහි ගුරුවරයෙකු ලෙසින් සේවය කලේය. ඔහු පසුව දොළුව තැපැල් ස්ථානාධිපතිවරයා ලෙසින් 1960 සිට 1962 දක්වා සේවය කලේය.
දේශපාලනය
මෙතුමා පාර්ලිමේන්තුවට තේරී පත්වුනේ 1970 මහා මැතිවරණයෙහිදී, ගම්පොළ මැතිවරණ කොට්ඨාශය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි (ශ්‍රිලනිප) අපේක්ෂකයා වශයෙන් ඡන්ද 14,463 ලැබ එක්සත් ජාතික පක්ෂයෙහි (එජාප) ඩබ්.පී.බී. දිසානායක පරාජය කරමිනි. පසුව 1977 මැතිවරණයෙහිදී දිසානායක විසින් ඔහුව පරාජය කරන ලද අතර, එහිදී ශ්‍රීලනිප වෙතින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 8 දෙනෙක් විය..1989 දී ඔහු මහනුවර දිස්ත්‍රික්කය වෙනුවෙන් නැවත පාර්ලිමේන්තුවට තේරී පත් වුනේ නව සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේය. මනාප ඡන්ද 54,290 සංඛ්‍යාවක් ලැබූ ඔහු, මහනුවර දිස්ත්‍රික්කයෙහි ශ්‍රිලනිප ලැයිස්තුවෙහි මුල් තැන ලැබීය.
1994 දී, යටතේ පාර්ලිමේන්තුවට යළි-තේරී පත්වූ ජයරත්න මැතිතුමා, ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින්, ඉඩම්, කෘෂිකර්ම හා වන සංරක්ෂණ අමාත්‍යවරයා වශයෙන් පත් කරනු ලැබ, පළමු වරට ඇතුළත් විය.
දරන ලද කැබිනට් අමාත්‍ය ධූරයන්
- ඉඩම්, කෘෂිකර්ම සහ වන සම්පත් - 1994-2000
- කෘෂිකර්ම, ආහාර සහ සමූපකාර - 2000-2001
- තැපැල් සහ විදුලි සංදේශ ; උඩරට සංවර්ධන - 2004-2005
- තැපැල් සහ විදුලි සංදේශ; ග්‍රාමීය ආර්ථික සංවර්ධන - 2005-2007
- වැවිලි කර්මාන්ත 2007-2010
අග්‍රාමාත්‍ය
2010 මහා මැතිවරණයෙහිදී, මැතිවරණ ජයග්රහණයෙන් අනතුරුව, ශ්‍රිලනිපයෙහි ජ්‍යෙෂ්ඨතම සාමාජිකයාවූ ජයරත්න මැතිතුමා, 2010 අප්‍රේල් 21 දිනදී අග්‍රාමාත්‍ය වරයා ලෙසින් දිවුරුම් දෙනු ලැබීය. ඔහු බුද්ධ සාසන සහ ආගමික කටයුතු අමාත්‍යා පදවියද දරයි. දි.මු.ජයරත්න අග්‍රාමාත්‍යවරයාගේ පාලන සමයේදී 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති කාල පරිච්ඡේදය උදාවූ අතර ඒ සමයේ සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා අග්‍රාමාත්‍ය සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි දීප ව්‍යාප්තව වැඩසටහන් රැසක් දියත් කෙරිණි.
See also
ආශ්රිත
- Parliament profile
- D.M Jayaratne sworn in as PM, Daily Mirror, 2010-04-21
- "Sri Lanka's new Prime Minister is D. M Jayaratne". News.lk. 1931-06-07. සම්ප්‍රවේශය 2010-04-21.
- "Results Of Parliamentary General Election -1970" (PDF). Department of Elections. සම්ප්‍රවේශය 2010-04-21.
- "Results Of Parliamentary General Election -1977" (PDF). Department of Elections. සම්ප්‍රවේශය 2010-04-21.
- http://adaderana.lk/news.php?nid=7906
දේශපාලන පදවි | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා රත්නසිරි වික්‍රමනායක | ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු 2010–2015 | අනුප්‍රාප්තිකයා රනිල් වික්‍රමසිංහ |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය