ශ්‍රී ලංකාවේ ගාලු නගරයේ ගාලු කොටුව ආසන්නයේ ඉන්දියන් සාගරයට දෙපැත්තකින් සීමා වී මෙය පිහිටා ඇත. එහි පළමු පෙළ තරඟයක් පැවැත්වූයේ 1984 පෙබරවාරි 29 වන දිනය. පළමුවරට ටෙස්ට් ක්‍රිකට් තරඟයක් පවත්වන ලද්දේ 1998 ජුනි 03 වන දිනය. මෙම ක්‍රීඩාංගනය දඟ පන්දු යැවීම සඳහා මහත් ප්‍රසිද්ධය. ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ෂේන් වෝන් ඔහුගේ 500 වෙනි ටෙස්ට් කඩුල්ල ලබා ගැනීමේ වාර්තාව පිහිට වූයේ 2004 මාර්තු මාසයේ දී මෙම ක්‍රීඩාංගනයේ දීය. මුත්තයියා මුරලිදරන් විසින් තම 800 වන ටෙස්ට් කඩුල්ල ලබාගත්තේද මෙහිදීය. ඉන්දියානු සාගරයේ භූමිකම්පාවෙන් වූ සුනාමි තත්වය නිසා මෙම ක්‍රීඩාංගනයට හානි සිදු විය. එය නැවත යථාතත්වයට පත්කිරීම ආරම්භ කළේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන් සහ මෙල්බර්න් නගරවාසීන් විසින් දුන් ආධාරවලිනි. ක්‍රීඩාංගනය නැවත විවෘත කරනු ලැබූයේ තුන්වන එංගලන්ත ටෙස්ට් තරඟ සංචාරය සඳහා 2007 ඔක්තෝබර් මාසයේදීය.
Ground information | |
---|---|
Location | ගාල්ල, ශ්‍රී ලංකාව |
Coordinates | 6°01′54″N 80°12′58″E / 6.0316°N 80.2160°Eඛණ්ඩාංක: 6°01′54″N 80°12′58″E / 6.0316°N 80.2160°E |
Establishment | 1876 |
Capacity | 35,000 |
Owner | ගාල්ල ක්‍රිකට් සමාජය |
Tenants | ගාල්ල ක්‍රිකට් සමාජය |
End names | |
නගර අන්තය කොටුපවුර අන්තය | |
International information | |
First Test | 3–7 June 1998: v |
Last Test | 29 නොවැම්බර් – 3 දෙසැම්බර් 2021: v |
First ODI | 25 ජුනි 1998: v |
Last ODI | 2 July 2017: v |
Domestic team information | |
ගාල්ල ක්‍රිකට් සමාජය (1876–present) | |
As of 29 November 2021 Source: Cricinfo |
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpRM0wwZGhiR3hsWDBSMWRHTm9YMFp2Y25SZlkzSnBZMnRsZEY5bmNtOTFibVF1YW5Cbkx6SXlNSEI0TFVkaGJHeGxYMFIxZEdOb1gwWnZjblJmWTNKcFkydGxkRjluY205MWJtUXVhbkJuLmpwZw==.jpg)
බාහිර සබැදි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
- Guide to Galle Cricket Stadium 2012-04-25 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය