කෙනෙත් ලේන් "කෙන්" තොම්සන් (උපත 1943 පෙබරවාරි 4), හැකර් සමූහයන් වලදී කෙන් ලෙසින් හඳුන්වනු ලබන අතර ඔහු ඇමරිකානු ජාතික පරිගණක විද්‍යා ක්ෂේත්රයේ පුරෝගාමියකි. වෘතීය ජීවිතයේ බොහෝ කාලයක් ඔහු බෙල් විද්‍යාගරයේ සේවය කර ඇත. යුනික්ස් මෙහෙයුම් පද්ධතිය සැලසුම් කිරීම තොම්සන් විසින් බෙල් විද්‍යාගාරයේදී සිදුකරන ලද වැදගත් කාර්යයක් වේ. ඊට අමතරව, සී පරිගණක ක්‍රමලේඛණ භාෂාවේ ප්රභවය ලෙස සැලකෙන බී පරිගණක ක්‍රමලේඛණ භාෂාව නිර්මාණයෙන්ද, Plan 9 පරිගණක මෙහෙයුම් පද්ධතිය නිර්මාණය හා මූලික සංවර්ධන කටයුතු වලටද ඔහු දායක විය. 2006 වසරේ සිට තොම්සන් ගූගල් ආයතනයේ සේවය කරනු ලබන අතර, එහිදී ඔහු සම-නිර්මාණය කිරීමට දායකත්වය සපයන ලදි.
කෙනෙත් තොම්සන් | |
---|---|
![]() තොම්සන් (වමේ) ඩෙනිස් රිචී සමග | |
උපත | පෙබරවාරි 4, 1943 නිව් ඔලින්ස්, ලුයිසියානා, ඇමරිකා එක්සත් ජනපදය. |
ජාතිකත්වය | ඇමරිකානු |
උගත් ශාස්ත්‍රාලය | කැලිෆෝනියා සරසවිය (විද්‍යාවේදී, 1965; විද්‍යා ශාස්ත්‍රපති 1966) |
ප්‍රසිද්ධව ඇත්තේ | යුනික්ස් බී (ක්‍රමලේඛණ භාෂාව) බෙලී (චෙස් යන්ත්‍රය) UTF-8 එන්ඩ්ගේම් වගුව ගෝ (ක්‍රමලේඛණ භාෂාව) |
සම්මාන | (1982) (1983) (1994) හවුල්කරු (1997) (1998) (1999) (2011) |
Scientific career | |
ක්ෂේත්රය | පරිගණක විද්‍යාව |
ආයතන | එන්ට්රිපියර් සමාගම ගූගල් |
, යුනිකෝඩ් කේතකරණය සහ පරිගණකගත චෙස් ක්‍රීඩාව අහුගේ වෙනත් වැදගත් දායකත්වයන් අතර වේ.
චරිතාපදානය
මුල් කාලය
ඇමරිකාවේ නිව් ඔලින්ස් හිදී තොම්සන් උපත ලබන ලදි.
1960
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgxTHpVeUwxQmtjRGN0YjNOc2J5MHlNREExTG1wd1pXY3ZNakl3Y0hndFVHUndOeTF2YzJ4dkxUSXdNRFV1YW5CbFp3PT0uanBlZw==.jpeg)
කැලිෆෝනියා සරසවියේදී 1965දී තොම්සන් විසින් විද්‍යාවේදී උපාධිය හා 1966 දී විද්‍යා ශාස්ත්‍රපති උපාධිය ලබාගන්නා ලදි. ඔහු ශාස්ත්‍රපති උපාධිය ලබාගන්නා ලද්දේ ඉලෙක්ට්‍රොනික හා පරිගණක විද්‍යා අංශයෙනි.
බෙල් විද්‍යාගාරය විසින් 1966දී තොම්සන්ව එම ආයතනයේ සේවයට බඳවා ගෙන ඇත. එම කාලය තුල ඔහු සමග එක්ව මෙහෙයුම් පද්ධතිය නිර්මාණයට සම්බන්ධ වී ඇත. එම මෙහෙයුම් පද්ධතියේ වැඩකටයුතු අතර තුර තොම්සන් විසින් බොන් නැමැති ක්‍රමලේඛණ භාෂාවක්ද නිර්මාණය කර තිබේ. ඊට අමතරව ඔහු විසින් ස්පේස් ට්‍රැවල් නැමති පරිගණක ක්‍රීඩාවක්ද නිර්මාණය කර තිබේ. විසින් මෙහෙයුම් පදධතියේ වැඩකටයුතු අතරමග නවතා දැමීම හේතුවෙන්, තොම්සන් ඔහුගේ ස්පේස් ට්‍රැවල් පරිගණක ක්‍රීඩාව පැරනී PDP-7 පරිගණකයක් මත නැවත නිර්මාණය කරන ලදි. අවසානයේ එම කියාවලියේදී නිර්මාණය කරන ලද උපාංග යුනික්ස් මෙහෙයුම් පද්ධතිය බවට පත් විය. යුනික්ස් මෙහෙයුම් පද්ධතියේ මූලික වැඩ කටයුතු වලින් පසුව, යුනික්ස් සඳහා පද්ධති ක්‍රමලේඛණ භාෂාවක අවශ්‍යතාවය තොම්සන් හට දැනෙන්නට විය. ඒ අනුව ඔහු ක්‍රමලේඛණ භාශාව නිර්මාණය කරන ලදි. එය ඔහුම විසින් නිර්මාණය කරන ලද ක්‍රමලේඛණ භාෂාවේ පූර්වගාමී වේ.
ඊට අමතරව 1960 දශකයේදී ඔහු ආශ්රිත වැඩ කටයුතු හා QED අකුරු සකසනයේ වැඩ කටයුතු ආරම්භ කර ඇත.
1970
1970 දශකය තුල තොම්සන් සහ එක්ව යුනික්ස් මෙහෙයුම් පද්ධතිය වැඩිදියුනු කිරීම කරන ලදි. 2011 වසරේ පවත්වන ලද සම්මුඛ සාකච්චාවකදී තොම්සන් විසින්, මුල් කාලයේ යුනික්ස් මෙහෙයුම් පද්ධතියේ වැඩකටයුතු තමා විසින් පමණක් සිදුකරන ලද බවත්, පසුව රිචී විසින් එය වැඩිදියුනු කිරීමට දායක වූ බවත් පවසා ඇත.
1975 වසරේදී තොම්සන් කෙටි කාලීනව බෙල් විද්‍යාගාරයේ සේවයෙන් ඉවත් වී වැඩකටයුතු වලට සම්බන්ධ විය. එහිදී ඔහු යුනික්ස් 6 වන සංස්කරණය PDP-11/70 පරිගණක වල ස්ථාපනය කිරීමට සහයෝගය ලබා දී ඇත. පසු කාලීනව කැලිෆෝනියා සරසවිය විසින් එම යුනික්ස් පද්ධතිය වෙනත් මෙහෙයුම් පද්ධතියක් ලෙස පවත්වාගෙන යාම ආරමභ කල අතර එය බාක්ලි මෘදුකාංග බෙදා හැරීම ලෙස හඳුන්වනු ලබයි.
සහ තොම්සන් එක්ව චෙස් යන්ත්‍රයේ මෘදුකාංග හා දෘඩාංග නිර්මාණය කර ඇත. බෙලී යන්ත්‍රය පසුකාලීනව ලෝක ශූර චෙස් යන්ත්‍රය බවට පත් විය.
1980
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh6THpNMUwxQnNZVzVmT1Y5bWNtOXRYMEpsYkd4ZlRHRmljMThsTWpoM2FYUm9YMkZqYldVbE1qa3VjRzVuTHpJeU1IQjRMVkJzWVc1Zk9WOW1jbTl0WDBKbGJHeGZUR0ZpYzE4bE1qaDNhWFJvWDJGamJXVWxNamt1Y0c1bi5wbmc=.png)
1980 දශකය පුරාවට තොම්සන් සහ රිචී එක්ව යුනික්ස් මෙහෙයුම් පද්ධතිය ආශ්රිත පරීක්ෂණ සහ වැඩි දියුණු කිරීම් කරන ලදි. 8, 9 සහ 10 වන යුනික් සංස්කරණ BSD මෙහෙයුම් පද්ධතියේ කේත ගොනු ආශ්රයෙන් නිර්මාණය කිරීම මෙම කාලය තුල සිදු විය. 1980 මැද භාගයේශී බෙල් විද්‍යාගාරය විසින් නව මෙහෙයුම් පද්ධතියක් වන Plan 9 මෙහෙයුම් පද්ධතියේ වැඩ කටයුතු තොම්සන්ගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලදි. මෙම මෙහෙයුම් පද්ධතිය සඳහා යුනික්ස් මෙහෙයුම් පද්ධතියේ න්‍යායන් වඩාත් හොඳින් භාවිතා කිරීමට සැලසුම් කර තිබින.
1990
1992 වර්ෂයේදී තොම්සන් සහ විසින් කේතකරණ ක්‍රමය නිරමාණය කරන ලදි. UTF-8 අන්තර්ජාලය තුල ප්‍රධානතම අක්ෂර කේතකරණ ක්‍රමය බවට පත් වූ අතර එය ලෝකයේ මුළු වෙබ් අඩවි ප්‍රමාණයෙන් අඩකට අධික ප්‍රමාණයක භාවිතා කරනු ලබයි.
ඊට අමතරව මෙම කාලය තුල තොම්සන් සහ රිචී විසින් නම් තවත් පර්යේෂණාත්ම මෙහෙයුම් පද්ධතියක නිර්මාණ කටයුතු ආරම්භ කර ඇත.
2000
2000 දශකයේ අවසාන භාගයේදී තොම්සන් බෙල් විද්‍යාගාරයෙන් ඉවත් වෙන ලදි. ඔහු වසර 2006 පමණ වන තෙක් Entrisphere නම් සමාගමේ හවුල් කරුවෙකු ලෙස සේවය කල අතර වර්තමානයේ ඔහු ගූගල් ආයතනයේ සේවය කරනු ලබයි. තොම්සන් ගූගල් ආයතනයේ සේවය කරන අතරතුර ක්‍රමලේඛණ භාෂාවට සම-නිර්මාණයෙන් දායක විය.
2009 වසරේ පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකට අනුව තොම්සන් වර්තමානයේදී ලිනක්ස් පාදක වූ මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරනු ලබයි.
සම්මානයන්
ජාතික ඉංජිනේරු අධ්‍යනායතනය
යුනික්ස් මෙහෙයුම් පද්ධතිය නිර්මාණය සහ එමගින් පරිගණක ක්ෂේත්රයට සිදු වූ සේවය වෙනුවෙන් 1980 වසරේදී තොම්සන්ව ජාතික ඉංජිනේරු අධ්යනායතනයට තෝරා පත් කරගන්නා ලදි.
ටියුරින් සම්මානය
පරිගණක මෙහෙයුම් පද්ධති සඳහා පොදු න්‍යායන් නිර්මාණය කිරීම හා යුනික්ස් මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කිරීම වෙනුවෙන් තොම්සන් හා රිචී හට 1980 වසරේදී පිරිනමන ලදි.
IEEE රිචර්ඩ් W. හැමින්ග් පදක්කම
යුනික්ස් මෙහෙයුම් පද්ධතිය හා නිර්මාණය කිරීම උදෙසා, 1990 වසරේදී මෙම සම්මානය තොම්සන් හා රිචී හට පිරිනමන ලදි.
පරිගණක ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ හවුල්කරු
යුනික්ස් මෙහෙයුම් පද්ධතිය හා සී පරිගණක භාෂාව නිර්මාණය උදෙසා තොම්සන් සහ රිචී දෙදෙනා පරිගණක ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ හවුල්කරුවන් ලෙස 1997 වසරේදී නම් කරන ලදි.
තාක්ෂණය පිළිබඳ ජාතික පදක්කම
යුනික්ස් මෙහෙයුම් පද්ධතිය හා සී පරිගණක භාෂාව නිර්මාණයෙන් පරිගණක දෘඩාංග, මෘදුකාංග හා පරිගණක ජාලකරණ ක්ෂේත්රයට සිදු වූ සේවය වෙනුවෙන් 1999 අප්‍රේල් 27 වන දින තොම්සන් සහ රිචී දෙදෙනාට තාක්ෂණය පිළිබඳ ජාතික පදක්කම පිරිනමන ලදි. පදක්කම පිරිනමනු ලැබුවේ එවකට ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් විසිනි.
සුමොටු කනායි සම්මානය
විසින් පළමු පිරිනැමීම සඳහා තොම්සන්ව තෝරා ගන්නා ලදි. ඒ අනුව 1999 වසරේදී යුනික්ස් මෙහෙයුම් පද්ධතිය හා එමගින් විසිරි පද්ධති සඳහා වූ සේවාව වෙනුවෙන් තොම්සන්ට මෙමෙ සම්මානය පිළිගන්වන ලදි.
ජපන් ත්‍යාගය
තොරතුරු හා සන්නිවේදනය සඳහා වූ ජපන් ත්‍යාගය තොම්සන් සහ රිචී හට 2011 වසරේදි පිරිනමන ලදි.
මූලාශ්‍ර
- "ken". The (version 4.4.7).
- "Ken Thompson: developed UNIX at Bell Labs". සම්ප්‍රවේශය 2016-10-31.
- Ritchie, Dennis. "The Development of the C Language". . සම්ප්‍රවේශය 2016-10-31.
- (2001). "Space Travel: Exploring the solar system and the PDP-7". . 2015-12-26 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2016-02-04.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "Dr. Dobb's: Interview with Ken Thompson". 2011-05-18. සම්ප්‍රවේශය 2014-11-10.
- (2005). "Chapter 7. BSD and the CSRG". The Daemon, the Gnu and the Penguin. .
- "Joe Condon (obituary)". . සම්ප්‍රවේශය 5 November 2015.
- Pike, Rob (April 30, 2003). "UTF-8 history".
- (28 January 2010). "Unicode nearing 50% of the web". Official Google Blog. Google. සම්ප්‍රවේශය 5 December 2010.
- Seibel, Peter (2009). Coders At Work. p. 479.