අටවන එඩ්වර්ඩ්, Edward VIII (එඩ්වර්ඩ් ඇල්බර්ට් ක්‍රිස්ටියන් ජෝර්ජ් ඇන්ඩෲ පැට්රික් ඩේවිඩ්, 23 ජුනි 1894 – 28 මැයි 1972), 1936 ජනවාරි 20 සිට එම වසරේ දෙසැම්බර් 11 තෙක් එක්සත් රාජධානියේ සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ඩොමීනියන් රාජ්‍යවල රජු මෙන්ම ඉන්දියාවේ අධිරාජ්‍යයා විය.
අටවන එඩ්වර්ඩ් රජ | |||||
---|---|---|---|---|---|
![]() එඩ්වර්ඩ් 1919 දී වේල්ස හමුදාවේ කර්නල් නිළ ඇඳුමින් සැරසී | |||||
එක්සත් රාජධානියේ සහ ඩොමීනියන් රටවල රජු () | |||||
රාජ්‍ය සමය | 20 ජනවාරි 1936 – 11 දෙසැම්බර් 1936 | ||||
පූර්වප්‍රාප්තිකයා | පස්වන ජෝර්ජ් | ||||
අනුප්‍රාප්තිකයා | හයවන ජෝර්ජ් | ||||
Prime Ministers | |||||
උපත | 23 ජුනි 1894 , , , එක්සත් රාජධානිය | ||||
මරණය | 28 May 1972 , පැරිස්, ප්‍රංශය | (වයස 77)||||
භූමදානය | 5 ජුනි 1972 , , UK | ||||
වල්ලභයා | (වි. දෝෂය: අනීතික වේලාව) | ||||
| |||||
වංශය | වින්ඩ්සර් (17 ජුලි 1917 සිට) (until 17 July 1917) | ||||
පියා | පස්වන ජෝර්ජ් | ||||
මව | |||||
අත්සන | ![]() |
එඩ්වර්ඩ්, පස්වන ජෝර්ජ් රජු සහ මේරි බිසවගේ වැඩිමහළු පුත්‍රයා විය. ඔහුගේ දහසය වන උපන් දිනය දා, එනම් ඔහුගේ පියා රජ බවට පත් වී සති නවයකට පසු එඩ්වර්ඩ් වේල්සයේ කුමරු ලෙස නම් කරන ලදී. ඔහු පළමුවන ලෝක යුධ සමයේ බ්‍රිතාන්‍ය හමුදාවට සේවය කල අතර විදේශයන් කිහිපයකට ගමන් කළේය.
1936 දී ඔහුගේ පියාගේ මරණය සිදුවීම නිසා එඩ්වර්ඩ් රජු බවට පත්විය. කෙසේ නමුත්, රාජ සභාවේ ක්‍රියා පටිපාටි පිළිබඳව ඔහු නොයිවසිලිමත් ස්වභාවයක් පෙන්නුම් කල අතර ව්‍යවස්ථාපිත සම්මුතීන් කෙරෙහි ඔහුගෙන් විද්‍යමාන වූ පැහැදිලි නොසැළකිල්ල පිළිබඳව දේශපාලකයින්ගේ අවධානය යොමු විය. රජ බවට පත් වී මාස කීපයක් තුළ නමැති, පළමු කසාදයෙන් දික්කසාද වී දෙවන කසාදයෙන්ද දික්කසාද වීමේ බලාපොරොත්තුවෙන් සිටි ඇමෙරිකානු කාන්තාවකට විවාහ යෝජනා කිරීමෙන් ඔහු ව්‍යවස්ථාමය අර්බුධයක් ඇති කළේය. එක්සත් රාජධානියෙහි සහ ඩොමිනියන් රටවල අගමැතිවරු එම විවාහයට විරුද්ධත්වය ප්‍රකාශ කළහ; ජිවත්වන දික්කසාද වූ සැමියන් දෙදෙනෙකු සිටින කාන්තාවක් දේශපාලන සහ සමාජමය වශයෙන් රජ බිසවකගේ තත්ත්වයට සුදුසු නොවන බවට ඔවුහු තර්ක කළහ. තවද, එකල දික්කසාද වූ වල්ලභයා ජීවත්වන්නේ නම් නැවත විවාහ වීම අනුමත නොකළ එංගලන්ත පල්ලියේ (Church of England) ප්‍රධානියා වූ එඩ්වර්ඩ් එවැනි විවාහයකට ඇතුලත් වීම විශාල ආරවුලක්/විසංවාදයක් ඇතිකළ හැකිව තිබුණි. විවාහය සිදු කෙරුණහොත්, එනිසාවෙන්ම අගමැති ගේ රජය ඉල්ලා අස්වන බව සහ එනිසා මැතිවරණයකට යාමට සිදුවන බවත් එමගින් දේශපාලන වශයෙන් මධ්‍යස්ථ ව්‍යවස්ථාපිත රාජකියයෙකු වශයෙන් සිය තත්ත්වය විනාශ මුඛයට යා හැකි බවත් එඩ්වර්ඩ් දැන සිටියේය. වොලිස් විවාහ කරගතහොත් සිහසුන දැරීම සිදු කල නොහැකි වන බව ප්රත්යක්ෂ ලෙස පෙනෙන්නට වූ විට එඩ්වර්ඩ් රජ පදවිය අත් හැරියේය. ඔහුගේ බාල සොහොයුරු VI වන ජෝර්ජ් රජ බවට පත් විය. දින 326 ක රාජ්‍ය කාලයක් දැරූ එඩ්වර්ඩ්, බ්‍රිතාන්‍ය ඉතිහාසයේ කෙටිතම රාජ්‍ය රාජ්‍ය කාලයක් දැරූ රාජකීයයන්ගෙන් අයෙක් වෙයි.
රාජත්වය අත්හැරීමෙන් පසු ඔහු වින්ඩ්සර්හි ආදිපාදවරයා බවට පත්විය. 1937 ජුනි 3 ප්‍රංශයේ දී ඔහු වොලිස්ව, ඇගේ දෙවන දික්කසාදය සම්පූර්ණ වීමෙන් පසු විවාහ කර ගත්තේය. පසුව එම වසරේදී යුවළ ජර්මනියේ සංචාරය කළහ. දෙවන ලෝක යුධ සමයේදී ඔහු පළමුව බ්‍රිතාන්‍ය හමුදාවේ සේවය කළේය. නමුත් නාසින්ට අනුකම්පා කළ බවට ඔහුට පෞද්ගලික චෝදනා එල්ල වීමෙන් පසු ඔහුව බහමාස් හි ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන ලදී. යුද්ධයෙන් පසු ජිවිතයේ ඉතිරි කාලය ඔහු ප්‍රංශයේ විශ්‍රාමිකව ගත කළේය. 1972 ඔහුගේ මරණ තෙක් එඩ්වර්ඩ් සහ වොලිස් විවාහ දිවිය ගත කළහ.