ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි. ඉංගිරිය මෙහි ප්‍රධාන නගරය වේ.
ඉංගිරිය | |
---|---|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | |
ඉංගිරිය නගරය | |
![]() ඉංගිරිය සිතියම | |
රට | |
පළාත | බස්නාහිර පළාත |
දිස්ත්‍රික්කය | කළුතර දිස්ත්‍රික්කය |
ආරම්භක දිනය | 2000/08/14 |
ආණ්ඩුව / පරිපාලනය | |
• ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය | ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් |
සරිය | |
• මුළු | 35.54 සතරැස් සැත (92.04 කිමී2) |
උන්නතාංශය | 449 ft (137 m) |
ජනගහණය(2012) | |
• මුළු | 53,645 |
• ඝණත්වය | 237.9/වර්ග සැත (91.84/කිමී2) |
වේලා කලාප | ශ්‍රී ලංකාවේ සම්මත වේලාව () |
තැපැල් අංකය | 12440 |
දුරකථන කේතය | 0094-3422 XXXXX |
වෙබ් අඩවිය | www.ingiriya.ds.gov.lk |
හැඳින්වීම
2000 වසර තෙක් හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ව තිබූ මෙම ප්‍රදේශය එම වසරේ අගෝස්තු මස 14 දින, ග්‍රාම නිලධාරී වසම් 31ක් වෙන් කර ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වශයෙන් නම් කරන ලදී. හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ප්‍රදේශයක් වශයෙන් විශාල වීමත්, ජනගහනයේ සීඝ්‍ර වර්ධනය නිසාත්, කොට්ඨාසයේ පරිපාලනමය පහසුව හා ජනතාවගේ පහසුව තකා මෙසේ මෙම කලාපය බෙදා වෙන් කරන ලදී.
ප්‍රදේශයේ පිහිටි විශාලතම ග්‍රාම නිලධාරී වසම කොට්ටියාවත්ත වන අතර එය හෙක්ටයාර 10.33 වේ. කලාපයේ නැගෙනහිර කොටසේ පිහිටි මෙම කොටස දළ බෑවුම් සහිත වන අතර වන වගා, වනාන්තර, රබර් හා තේ වගාවන් ගෙන් යුක්ත වන අතර ජනාවාස ද ඉතා පහත් අගයක පවතී. භූමි ප්‍රමාණය අනුව කුඩාම ග්‍රාම නිලධාරී වසම වන්නේ කුරණ දකුණ හා කැකුළාදොලයි.
පිහිටීම
කළුතර දිස්ත්‍රික්කයේ උතුරු කොටසේ පිහිටි ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හා කලටුවාව ජලාශ රක්ෂිතයෙන් ද, නැගෙනහිරින් කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් හා කළු ගඟේ කොටසකින් ද, දකුණින් කළු ගඟෙන් ද, බටහිරින් මාවක් ඔයෙන් හා පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මලගල මිරියගල්ල ග්‍රාම නිලධාරී වසම් වලින්ද මායිම් වී ඇත.
හෙක්ටයාර 9204 (ව.කි.92.04) විශාලත්වයකින් යුත් මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දිස්ත්‍රික්කයේ මුළු බිම් ප්‍රමාණයෙන් 5.75% වේ. කලාපයේ මධ්‍යම ප්‍රදේශය නැගෙනහිර හා ඊසාන ගිණිකොන කඳු සහිත වේ.
ග්‍රාම නිළධාරි වසම්
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgzTHpjd0wwbHVaMmx5YVhsaFgwUnBkbWx6YVc5dWN5NXFjR2N2TWpJd2NIZ3RTVzVuYVhKcGVXRmZSR2wyYVhOcGIyNXpMbXB3Wnc9PS5qcGc=.jpg)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgzTHpjM0wwbHVaMmx5YVhsaFgwRmtiV2x1YVhOMGNtRjBhVzl1TURRdWFuQm5Mekl5TUhCNExVbHVaMmx5YVhsaFgwRmtiV2x1YVhOMGNtRjBhVzl1TURRdWFuQm4uanBn.jpg)
ග්‍රාම නිලධාරී වසමේ නම | වසමේ අංකය | විශාලත්වය (ව.කි) | අයත් ගම් කාණ්ඩ |
---|---|---|---|
වගවත්ත | 618 | 7.21 | දම්මින්න, වගවත්ත කොටසක්, ගනේ තැන්න, කනුමස්සාගල |
පොරුවදණ්ඩ නැගෙනහිර | 618 ඒ | 2.5 | බොරළුගොඩ, මානාන කොටසක්, පෝරුවදණ්ඩ නැගෙනහිර, නැගෙනහිර වෝටර් ලෑන්ඩ් |
කැකුළලිය | 618 බී | 1.75 | බතලහේන පිට්ටනිය, ගෝනාවල, කැකුළලිය කොටසක්, මගුරුවෙල, කොස්ගහගොඩැල්ල |
පෝරුවදණ්ඩ බටහිර | 618 සී | 1.12 | අරුණගම, කළුපහන, පර්ත් වත්ත කොටසක්, මානාන, පහන් පියස |
ඌරුගල නැගෙනහිර | 619 | 1.76 | ඌරුගල, උඩහ ඌරුගල, මැද ඌරුගල |
නම්බපාන | 619 ඒ | 2.7 | නම්බපාන, එළවල්වතුරාන, ශ්රීයාරිය කොත, වෝල්ටලූ වත්ත, නවගම්මානය |
ඌරුගල බටහිර | 619 බී | 1.9 | ඌරුගල කොටසක්, ගල්කන්ද වත්ත, ගල්කන්ද |
ඉංගිරිය නැගෙනහිර | 620 | 2.42 | නාගස්මණ්ඩිය, දිවුල්පත, සපුගහගොඩ කන්ද, රඹුක්කනගම |
ඉංගිරිය බටහිර | 620 ඒ | 1.62 | අක්කර 20, එල්ස්මෝර්වත්ත, සේනානායක වත්ත |
රයිගම්වත්ත | 620 බී | 5.02 | රයිගම්වත්ත ඉහල හා පහල කොටස් |
ඉංගිරිය උතුර | 620 සී | 1.6 | ගාල්ලගම, ජයලත්ගම, පීබ්ලන්ඩ් වත්ත, තානායම් ගොඩැල්ල |
නිමලගම | 620 ඩී | 3.2 | ඉංගිරිය වත්ත, නිමලගම |
ඇදුරාගල | 620 ඊ | 3.3 | ඇදුරාගල, ඇදුරාගල වත්ත, මානාන |
දොඹගස්කන්ද | 620 එෆ් | 1.6 | දොඹගස්කන්ද, විජය ගොවි ජනපදය |
මහ ඉංගිරිය | 621 ජී | 3.46 | ඇලබඩ පාර පෙදෙස, ජනාධිපති මාවත පෙදෙස, කටහය බෝක්කුව පෙදෙස, මහ ඉංගිරිය, ඉමගිර ජනපදය, ශාන්ත පීතර ජනපදය, විදෙස් මිතුගම |
මාපුටුගල | 621 | 6.46 | කලල්දොල, ඇංපිපොරස්ටිවත්ත, මැදමූකලාන, ගංගොඩ, පර්ත්වත්ත, කැකුළලිය කොටසක්, මාපුටුගල |
රත්මල්ගොඩ නැගෙනහිර | 621 ඒ | 2.75 | ප්‍රනාන්දු පෙදෙස, හේන්යාය ශ්‍රී ධීරානන්ද මාවත, රත්මල්ගොඩ කොටසක් |
රත්මල්ගොඩ බටහිර | 621 ඒ | 1.73 | ගෝඩන් කොස්වත්ත, හොරකැටියවත්ත, රත්මල්ගම, රත්මල්ගොඩ ජනපදය, රත්මල්ගොඩ කොටසක්, පහළ කුඹුර |
පැල්පිටිගොඩ | 622 | 1.25 | පැල්පිටිගොඩ, පනන්ගල වත්ත, පුවක්වත්ත, පහුරුතොට, පැල්පිටිගොඩ දකුණ, පැල්පිටිගොඩ උතුර |
හඳපාන්ගොඩ දකුණ | 623 | 2.01 | හලේවිල, කන්දෙවත්ත, කිරිගල, කිතුල්කන්ද, කෝම්පෙ, වෙල ඉහල |
හඳපාන්ගොඩ නැගෙනහිර | 623 ඒ | 1.9 | බණ්ඩාර හේන, කොටිගල හංදිය කොටසක්, පංසල හංදිය, පැලකෙටියාව |
හඳපාන්ගොඩ බටහිර | 623 බී | 1.83 | බාලගේ කොටුකැලේ, ගැටකොස්සාව, ඉදිකටු හංදිය, කොස්හේන, වෙල්පල්ල, පාසල් හන්දිය |
බටුලම්පල | 624 | 2.5 | බටුගම්පල උතුර, බටුගම්පල දකුණ, ජනඋදාන ගම්මානය, අළුතින් බෙදන ලද අක්කර 07 |
කැකුළදොල | 624 ඒ | 1.25 | කැකුළදොල, පෙට්ටගම්කන්ද |
අරකාවිල | 625 | 5.01 | අරකාවිල, කොස්හේන, ගනෙල්ලාගොඩ, ලිහිණියාවත්ත, කොස්වත්ත |
මෙනේරිගම | 625 ඒ | 4.5 | මෙනේරිගම, මෙනේරිගම වත්ත |
කඳනපිටිය | 626 | 5.56 | කඳනපිටිය, කටුගාල්ගම, පොල්ගහතොට |
කොට්ටියාවත්ත | 626 ඒ | 10.33 | බඹරලිය, කොට්ටියාවත්ත, මඩකඩ, මැරේකන්ද |
කුරණ දකුණ | 627 | 1.2 | අක්කර 15, අක්කර 40, අක්කර 60, කුරණ ගම්ගොඩ |
කොටිගල | 627 ඒ | 1.3 | කොටිගල, අඹේපිටිය වත්ත, හිගුරෙගෙවත්ත(අක්කර 09) |
කුරණ උතුර | 627 බී | 1.3 | ඇලපාතගොඩ, ගිරංචිකන්ද, නැදුන්ගස්මණ්ඩිය, කුරා උඩ, ඔලිමුල්ල, දුල්ලැහැර |
ප්‍රාදේශීය ලේකම්වරුන්
චම්පා උපසේන මිය (2013)
ආශ්රිත ලිපි
මූලාශ්‍ර
- ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙබ් අඩවිය 2014-11-29 at the Wayback Machine
- ඉංගිරිය වෙබ් අඩවිය[]
සටහන්
- ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
අඩවියෙන් බැහැර පිටු
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)