අලගක්කෝනාර නැතහොත් අලකේශ්වර( දෙමළ:அழகக்கோன் ) යනු 3 වන වික්‍රමබාහුගේ රජුගේ කාලයේ (1357-1374 ) ශ්‍රී ලංකාවේ සිටි සේනාධිනායකයෙකි. සමහර විද්වතුන්ගේ මතය වන්නේ ඔහුගේ පවුලට මලයාලම් සමිභවයක් ඇති බවයි , සමහරෙක් ඔවුන්ගේ ආරමිභය ඉන්දියාවේ තමිල්නාඩු වල කාංචිපුර යයි පවසති. 13 වන සියවසේ පමණ ශ්‍රී ලංකාවට පැමිණි ඔවුන්,ශ්‍රී ලංකාවට අනුව හැඩගැසුණි[]. එම පවුලේ එක් සාමාජිකයෙක් ශ්‍රී ලංකාවේ වර්තමාන අගනුවර වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරමිභයට මූලික විය. එකල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හා රයිගම බලකොටු , යාපන රාජධානියෙහි ආර්ය චක්‍රවර්ති ගේ ආක්රමණයන්ට එරෙහි ව භාවිතා කරන ලදි. ක්‍රි: ව 1411 දි චින අද්මිරාල් විසින් අලගක්කෝනාර පවුලේ නායක වු වීර අලකේශ්වර ඔවුන්ගේ සිර භාරයට ගත් පසු එම පවුලේ බලය බෙහෙවින් පිරිහුණි.
පවුල් සම්භවය
එම පවුලේ ශ්‍රී ලංකාවට පැමිණි මුල්ම සාමාජිකයා නිශ්ශංක අලගක්කෝනාර නම් විය. ඔහු ඉන්දියාවේ වාංචිපුර හෝ කාංචිපුර සිට පැමිණියේය. එකල ඔහුගේ මව්බිම මුස්ලිම් ආක්‍රමණ වලට ලක්වී තිබුණි. ප්‍රධාන වශයෙන් වෙළදාමට හිත යොමු කල අලගක්කෝනාරවරු එයින් ධනවතුන් බට පත් විය. අවසානයේදි 14 වන සියවසේ ගම්පොළ රාජධානියේ ප්රමුඛ දේශපාලන බලයක් ඇති වුවන් බවට පත් විමට ඔවුනට හැකියාව ලැබිණ. මෙයට ඔවුන් බෞද්ධයන් බවට පත්වීමද මහඟු පිටුවහලක් විය.
රයිගම් කෝරළ ජනප්‍රවාද අනුව ඇත්තේ මීට වඩා වෙනස් අදහසකි. දුරාතයේ පටන් පැවති රවි ශෛලාෂ හෙවත් ඉරුගල් පරපුරේ හිරුගොත් හෙවත් සූරාය ගුප්ත කුමරුත් දේවානම් පියතිස්ස රජුගේ දියැණිය මයුරවතී දේවියත් එක්ව සෑදුනු වංශය ගිරි වංශය නමින් හැදින්විය. මෙම ගිරි වංශයේ කීර්තිමත් භික්ප්ෂූන්ර වහන්සේලා, පාලකයින්, ප්‍රභූන්, සාහිත්‍යධරයන් බිහිවිය. රදළ ග්‍රාම හෙවත් රයිගම ඔවුන්ගේ ජන්ම ප්රවිනිය විය. මහා පරාකුමබාහු රජ සමයේ වංචි පුරයෙන් පැමිනෙන ප්රභූවරයෙක් මෙම ගිරි වංශයෙන් විවාහ ප්රප්ථිව රයිගම් පුරය වාසභූමි කර ගනී. ඔහුට ලැබෙන ගෞරව නාමයක් වන්නේ අලකේෂ්වර අභිදානයයි. ඉන් අනතුරුව ගිරි වංශයේ පුතුන් හා බෑණා වරුන් අලකේෂ්වර විරුදය භාවිතා කර ඇති බව පෙනේ.
මේවාත් බලන්න
මූලාශ්‍ර
- de Silva, K. M. (2005). A History of Sri Lanka. Colombo: Vijitha Yapa. p. 782. ISBN .
- Rasanayagam, Mudaliyar (1926). Ancient Jaffna, being a research into the History of Jaffna from very early times to the Portuguese Period. Everymans Publishers Ltd, Madras (Reprint by New Delhi, AES in 2003). p. 390. ISBN .
අඩවියෙන් බැහැර පිටු
- Kings of Gampola, Sri Lanka 2008-11-20 at the Wayback Machine
- The new Parliament 2010-06-19 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය