පින්නදුවගේ අරවින්ද ද සිල්වා 1965 ඔක්තෝබර් 17 වන දින කොළඹ දී උපත ලැබීය. ශ්‍රී ලංකා මාතාවට ගෞරවය ගෙන දුන් අති මහත් දක්ෂතා රැසක් හිමි කරගත් අනගිභවනීය ක්‍රීඩකයකු ලෙස ඔහුව හැඳින්විය හැකිය.
![]() | ||||
පුද්ගලික තොරතුරු | ||||
---|---|---|---|---|
සම්පූර්ණ නම | පින්නදූවගේ අරවින්ද ද සිල්වා | |||
උපත | 17 ඔක්තෝබර් 1965 කොළඹ, ශ්‍රී ලංකාව | |||
අපනාමය | මෑඩ් මැක්ස් | |||
පන්දුවට පහර දීමේ ශෛලිය | දකුණත-හුරු | |||
පක්දු යැවීමේ ශෛලිය | දකුණතින් | |||
භූමිකාව | ||||
ජාත්‍යන්තර තොරතුරු | ||||
ජාතික කණ්ඩායම | ||||
ටෙස්ට් මංගලාවතරණය (වරම ) | 23 අගෝස්තු 1984 සඳහා ට එරෙහිව | |||
අවසාන ටෙස්ට් තරගය | 23 ජූලි 2002 සඳහා ට එරෙහිව | |||
එදිජා මංගලවාතරණය (cap ) | 31 මාර්තු 1984 v | |||
අවසාන එදිජා තරගය | 18 මාර්තු 2003 v | |||
Domestic team information | ||||
වසර | කණ්ඩායම | |||
1989–2002 | ||||
1995 | ||||
1996/1997 | ||||
වෘත්තීමය සංඛ්‍යායන | ||||
තරගාවලිය | ටෙස්ට් තරග | එදිජා | ||
තරග | 93 | 308 | 220 | 392 |
රැස්කල ලකුණු ගණන | 6361 | 9284 | 15000 | 12095 |
42.97 | 34.90 | 48.38 | 36.32 | |
100s/50s | 20/22 | 11/64 | 43/71 | 17/77 |
වැඩිම ලකුණු ගණන | 267 | 145 | 267 | 158* |
යැවීම් | 2595 | 5148 | 9005 | 7377 |
කඩුලු | 29 | 106 | 129 | 156 |
41.65 | 39.40 | 29.17 | 36.30 | |
කඩුලු 5 | 0 | 0 | 8 | 0 |
තරගයකදී කඩුලු 10 | 0 | n/a | 1 | n/a |
හොඳම පන්දු යැවීම | 3/30 | 4/30 | 7/24 | 4/28 |
පන්දු ඇල්ලීම්/ | 43/– | 95/– | 108/– | 116/– |
මූලාශ්‍රය: Cricinfo, 25 අගෝස්තු 2007 |
ක්‍රිකට් වෘත්තීය ජීවිතය
අරවින්ද ද සිල්වාගේ ටෙස්ට් , ක්‍රිකට් දිවිය ආරම්භවන්නේ 1984 එංගලන්තයේ “ලෝඩ්ස්” ක්‍රීඩා පිටියෙනි. ක්‍රිකට් දිවියේ මුල් අවධියේ දී ඔහුව හඳුනාගනු ලැබුවේ පන්දුවට දැවැන්තව පහර දෙන නමුත් අස්තිර පිතිකරුවකු ලෙසිණි. ඒ නිසාම ඔහුට “Mad Max” යන අනවර්ථ නාමය ලැබුණි. ඔහු ඔහුගේ සුපුරුදු දැඩි ප්‍රහාර ගැන පැවසුවේ එය ඔහුගේ සුපුරුදු ආර බවත් එවැනි ප්රහාරයක දී ඔහුට තම පහර ගැන විශ්වාසය ගොඩනැගෙන බවත්ය. එම නිසා ඔහුට එම සුපුරුදු ආර වෙනස් කර ගැනීමට අවශ්‍ය නැති බවත්ය. යමෙකුට පන්දු එවන්නා සිය පාලනයට නතු කරගත හැකිනම් ඔහු එය කළ යුතු බව ඔහුගේ අදහසයි. කුඩා කළ සිටම එය ඔහුගේ ප්‍රතිපත්තිය වූ බව ද ඔහු වැඩි දුරටත් පවසයි.
නමුත් 1995 එංගලන්තයේ කෙන්ට්හි ක්‍රීඩා කළ සාර්ථක පළමු පෙළේ තරඟාවලියකින් පසු ඔහුගේ ක්‍රිකට් දිවියේ සැබෑ පරිවර්තනයක් සිදුවිය. 1996 ලෝක කුසලාන තරඟාවලියේ ඔහු ජයග්‍රාහී බල කණුවක් වූයේ සිය විජයග්‍රාහී ශතකය හා විකට් තුනක් ලබාගෙන ඕස්ට්‍රේලියාවට එරෙහිව හොඳම ක්‍රීඩකයා වීමෙනි. එපමණක් නොව ටෙස්ට් තරඟ දෙකකදීම ඒ සෑම ඉනිමකම ඔහු ශතක වාර්තා ඔහුගේ උසස් ජයග්‍රහණයක් වන අතර ඒ අවධියේ දී ඔහුට අභියෝගයක් වූයේ ඉන්දියානු කණ්ඩායමේ සුනිල් ගවස්කාර් හා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ රිකී පොන්ටින්ය. ඔහුගේ ශතක ඉක්මවූ ලකුණු රැස් කිරීම වූයේ 138 හා 105 වශයෙනි. එය නොදැවී ලබාගත් ලකුණු වීම විශේෂත්වයකි. ඒ 1997 පකිස්ථානයට එරෙහිව කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේ දීය. මෙය ඔහු තැබූ අනගි වාර්තාවක් විය. දෙවන ටෙස්ට් තරගයේ දී ලබාගත් ලකුණු 168 නිසා එම වසර අවසාන ලකුණු 1220 ක් ඉහළ නැගුණු අතර වේගය 76.25 ක් විය.
ඔහුගේ ඉහළම ලකුණු රැස් කිරීම වූයේ 1991 නවසීලන්තයට එරෙහිව “Basin Reserve” හි දී ලකුණු 267 කි. එසේ 2002 ඔහුගේ අවසාන ටෙස්ට් තරගයේ දී බංග්ලාදේශයට එරෙහි ශතක දෙකක් ලබා ගත්තේය. මෙවැනි අනගිභවනීය නමක් ක්‍රිකට් ඉතිහාසයේ රඳවා 2003 ලෝක කුසලාන තරඟාවලියෙන් පසු ඔහු ක්‍රිකට් දිවියෙන් සමුගත්තේය. ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඔහු කළ අනූපමේය සත්කාරයට ශ්‍රී ලාංකිකයෝ වන අපි ණය ගැති වෙමු.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය