පොළොන්නරුව පුරාණ නගරයේ හි විසූ භික්ෂූන් වහන්සේලාගේ පොහොය කර්ම කිරීම පිණිස, එම භූමිය තුල ඉදිකල පොහොය ගෙය හෙවත් උපෝසථඝරය බද්ධසීමා ප්‍රාසාදය ලෙස හැඳින්වේ. ගල් කණු ඇතුලත් ගඩොල් බිත්ති මත, මහල් ගොඩනැගිල්ලක් තිබූ බවට සාධක වර්තමානයේ දැකගත හැකිවේ. පැරණි ශ්‍රී ලංකාවේ විශාලතම උපෝසථඝරය වන මෙහි දොළොස් මහල් ගොඩනැගිල්ලක් තිබූ බවට මහාවංශයේ විස්තර කෙරේ.
බද්ධසීමා ප්‍රාසාදය | |
---|---|
![]() | |
මූලික තොරතුරු | |
පිහිටීම | පොළොන්නරුව, ශ්‍රී ලංකාව |
බුද්ධාගම | |
දිස්ත්‍රික්කය | පොළොන්නරුව |
පළාත | උතුරුමැද පළාත |
උරුම නාමකරණය | පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකය |
ගොඩනැගිල්ල තුල වූ මධ්‍ය වේදිකාව මත ධාතු කරඬුවක් තැම්පත් කරන අයුරින්ද, සිවු දිශාවට මුහුණලා ශෙෙලමය පීඨිකා මත හිඳි භික්ෂූන් සතර නමක් පිරිත් සජ්ජායනා කරන අයුරින්ද මෙය නිර්මාණය කොට ඇත.
මූලාශ්‍ර
- හැඳින්වීමේ පුවරුව -
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය