පොදු වශයෙන් නින්දෙහි මුත්‍රා කිරීම ලෙසින් හැඳින්වෙන, නිශාගත ආමුත්රලය යනු, සාමාන්‍යයෙන් මුත්‍රාශ පාලනය කර ගැනීමේ හැකියාව ඇතිවන වයසට පසුව සිදු වන නිදිගත් විටෙක අනිච්ඡානුගව සඳහා භාවිතා වන කි. නිශාගත ආමුත්රලය ප්‍රාථමික (PNE) යැයි සැලකෙන්නේ, කුඩා දරුවා නොතෙත් නින්දක් දිගු හා සන්තත කාලයක් තුල අත්විඳීමට පෙර මෙය සිදුවෙයි නම්ය. ද්විතීයික නිශාගත ආමුත්රලය (SNE) යනු දරුවෙකු හෝ වැඩිහිටියෙකු, නොතෙත් නින්ද අත්විඳීමට හුරු වීමට පසු කලෙක යලි නින්දෙහි මුත්‍රා කිරීම ඇරඹීමේ අවස්ථාවක්ය.
නින්දෙහි මුත්‍රා කිරීම ළමාවියෙහිදී වඩාත් බහුල මෞත්‍රික රෝගී මැසිවිල්ල වන අතර අති බහුල බාලචිකිත්සක-සෞඛ්‍ය ගැටළු අතුරින් එකකි.. එනමුදු, බොහෝ නින්දෙහි මුත්‍රා කිරීම්, හුදෙක් විකසන ප්‍රමාදයක් පමණකි—චිත්තවේගාත්මක ගැටළුවක් හෝ භෞතික රෝගයක් හෝ නොවේ. විශේෂිත වෛද්‍ය විද්‍යාත්මක ගැටළුකාරී තත්ත්වයන් නිසාවෙන් ඇතිවන්නේ නින්දෙහි මුත්‍රා කිරීම් අතුරින් සුළු ප්‍රතිශතයක් (5% සිට 10% දක්වා) පමණි. මෙම ගැටළුව පිළිබඳ තිබේ නම් බොහෝ විට නින්දෙහි මුත්‍රා කිරීම ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතියි.
බොහෝ ගැහැණු දරුවන්ට නොතෙත් නින්දක සුව විඳීමට වයස අවුරුසු හයෙහිදී පමණ හැකි වන අතර බොහෝ පිරිමි දරුවනට මෙම තත්ත්වය වයස අවුරුදු සතෙහි සිට භුක්තිවිඳිය හැක. වයස අවුරුදු දහය පසුවත්ම, ළමුන් අතුරින් 95% ක් රාත්‍රියෙහිදී නොතෙත් නින්දක් ලබති. සිදුකර ඇති අධ්‍යයනයන් අනුව, වැඩිහිටි නින්දෙහි මුත්‍රා කිරීම් ප්‍රතිශතය 0.5% සිට 2.3% අතර පවතියි.
වැනි විකල්පයන්හි සිට, හෝමෝන ප්‍රතිස්ථාපනය වැනි ඔසු භාවිතය හා, මුත්‍රමාර්ගය විශාල කිරීම වැනි ශල්‍ය චිකිත්සක ක්‍රියාවන් දක්වා පවා පුළුල් පරාසයක ප්‍රතිකාරයන් මේ සඳහා නියම විය හැක. බොහෝ නින්දෙහි මුත්‍රා කිරීම් හුදෙක් විකසන ප්‍රමාදයන් නිසා, බොහෝ ප්‍රතිකාර සැලසුම් රැකගැනීම හෝ වැඩිදියුණුව කෙරෙහි යොමු වී ඇත. පවතින තත්ත්වය නිසාවෙන් ලජ්ජාවට පත්වුවහොත්, නින්දෙහි මුත්‍රා කිරීම් වලට ලක්වන දරුවන් හා වැඩිහිටියන්, චිත්තවේගී ආතතිය හෝ මානසික අනර්ථය වැන්නට ගොදුරු විය හැක. තමන්හට පාලනය කර ගත නොහැකි තත්ත්වයකට මුහුණ දෙන දරුවන්ට පීඩනය යෙදීම, ලජ්ජාවට පත්කිරීම, හෝ දඬුවම් දීම නිසාවෙන් ඇතිවිය හැකි මානසික හානිය පිළිබඳව වෛද්‍යවරයා විසින් දෙමව්පියන් හට උපදේශනය ලබාදී අනතුරු ඇඟවිය යුතු බවට ප්‍රතිකාර මාර්ගෝපදේශන විසින් නිර්දේශනය කෙරෙයි.
ආශ්රිත
- රෙයිනෝසෝ පැරිඩේස්, MD, පොටෙන්සියානෝ. "කේස් බේස්ඩ් පීඩියට්‍රික්ස් ෆො මෙඩිකල් ස්ටූඩන්ට්ස් ඇන්ඩ් රෙසිඩන්ට්ස්". බාලචිකිත්සක අධ්‍යයනාංශය, හවායි විශ්වවිද්‍යාලය ජෝන් ඒ. බර්න්ස් වෛද්‍ය විද්‍යාලයය. සම්ප්‍රවේශය 2010-05-28.
- "නොක්ටර්නල් එනියුරෙසිස්". UCLA යුරොලොජි. සම්ප්‍රවේශය 2010-05-28.
- ජොන්සන්, මේරි. "නොක්ටර්නල් එනියුරෙසිස්". www.duj.com. 2008-01-22 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-02-02.
- "බෙඩ්වෙටිං". මෙල්බර්න්හී රාජකීය ළමා රෝහල. සම්ප්‍රවේශය 2009-10-20.
- "පීඩියට්‍රික්ස්". www.pediatriceducation.org. සම්ප්‍රවේශය 2008-02-02.
{{}}
: Text "පීඩියට්රික් එඩියුකේෂන්- PediatricEducation.org" ignored ()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය