ගුහා සිතුවම් නිර්මාණය යනු ගුහා බිත්ති වල හා සිවිලිම් වල ප්රාග් ඓතිහාසික යුගයන් වලදී කළ සිතුවම් නිර්මාණයන් යුරෝපයේ පැරණිම සිතුවම් නිර්මාණයන් වසර 32000 ක් පැරණිය. මේවායේ අරමුණ නොදනියි. ඇතැම් විට අරමුණක් නොමැති වන්නටද ඉඩ ඇත. සාක්ෂි මගින් පැවසෙන පරිදි සජීවි ප්‍රදේශ වල කළ සැරසිලි ගණයට මේවා අයත් නොවෙයි. ඒ ඒවා හමුවු ගුහා වල ජනාවාස පිළිබද සලකුණු හමු නොවු බැවිනි. පහසුවෙන් ළඟානොවිය හැකි ගුහා ප්‍රදේශ වල මේවා පවතින බැවින් ඇතැම් න්‍යායන්ට අනුව තොරතුරු සම්ප්‍රේෂණ ක්‍රමයක් ලෙස ද තවත් න්‍යායන්ට අනුව ආගමික හෝ උත්සව අරමුණක් සදහා ද මේවා භාවිත කරන්නට ඇත.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpRMkwwTmhkbVZmY0dGcGJuUnBibWR6WDNOcGJtaGhiR0V1YW5Cbkx6VXhNWEI0TFVOaGRtVmZjR0ZwYm5ScGJtZHpYM05wYm1oaGJHRXVhbkJuLmpwZw==.jpg)
අප්‍රිකාව
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpRekwxTnZkWFJvWVdaeWFXTmhORFk0WW5WemFHMWhiaTVxY0djdk1qSXdjSGd0VTI5MWRHaGhabkpwWTJFME5qaGlkWE5vYldGdUxtcHdadz09LmpwZw==.jpg)
දකුණු අප්‍රිකාවේ උක්තාලම්බා ඩ්‍රැකන්ස්බර්ග් වසර 3000 ක් පමණ පැරණි යැයි සැලකේ. එසේ වුවද එහි ජිවත් වු සාන් ජන කොටස් දැනට වසර 8000 කට පමණ පෙර චිත්‍ර ඇඳ තිබේ. මිනිසුන්ගේ හා සත්වයන්ගේ රූපවලින් යුත් එම චිත්රවලින් ආගමික ඇඳහිලි නිරූපණය කරන බව විශ්වාස කරයි.
පුරා විද්‍යා කැණිම් කණ්ඩායමක් විසින් මෑතක දී සෝමාලියාවෙහි හාගේසාවලින් පිටත පිහිටි ලාස් ගා 1 ලෙන් සිතුවම් සොයා ගන්නා ලදි. මෙම සිතුවම් වලින් පැරණි වාසස්ථාන හා ගවයන් වන්දනාමාන කරමින් ආගමික උත්සව පවත්වන ආකාරය නිරූපණය වේ.
නැමීබියාවේ ඇපලෝ 11 ලෙන් වලින් හමුවූ චිත්‍ර ඉපැරණි ලෙන් සිතුවම් වලට අයත්ය. ක්‍රි.පු. 230000 – 250000 කාලයේදී ඒවා මේවා නිර්මාණය කර ඇතැයි සැලකේ. ලෙන් සිතුවම් අග්නි දිග ඇල්ජීරියාවේ මැසිලි එන් ආජර් කඳුවලද, අකකුස්, මෙස්සක් සෙට්ටෆෙට් හා ලිබියාවේ හා අයර් කඳු, නයිජිර්, ටිබෙස්ටි හා ඩැඩි වැනි සහරා ප්‍රදේශ වලද හමු වි ඇත.
ඕස්ට්‍රේලියාව
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlpTDJJMkwwSm9hVzFpWlhScllWOXliMk5yWDNCaGFXNTBibWN4TG1wd1p5OHlNakJ3ZUMxQ2FHbHRZbVYwYTJGZmNtOWphMTl3WVdsdWRHNW5NUzVxY0djPS5qcGc=.jpg)
ඕස්ට්‍රේලියාවේ කැකඩු ජාතික උද්‍යානයෙන් ද පැරණි ලෙන් සිතුවම් හමු වී තිබේ. එම උද්‍යානයේ රතු හිරියල් පැහැ සිතුවම් විශාල ප්‍රමාණයක් ඇත. රතු හිරියල් කාබනික අමුද්‍රව්‍යයක් නොවේ. එම නිසා මෙම සිතුවම්වල කාබන් දිනැයුම පරීක්ෂා කිරීම අපහසුය. චිත්රයේ අන්තර්ගතය අනුව සමහරවිට එහි කාලසීමාව නිර්ණය කළ හැක.
අග්නිදිග ආසියාව
ගල්ලෙන් සිතුවම්, ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව හා ඉන්දුනීසියාව ආදී රටවලද දැකිය හැකිය. තායිලන්තයේ ගල්ලෙන් හා බෑවුම් පිහිටා ඇත්තේ තායිලන්ත - බුරුම දේශ සීමාව ඔස්සේ මධ්‍යම තායිලන්තයේ පෙචබුන් කඳුවැටියේ හා මීකොං ගංගාවට මුහුණ ලා නැකෝන් ඒවොන් ප්රාන්තයේය. එම ස්ථාන සියල්ලකම ලෙන් සිතුවම් විශාල ප්‍රමාණයක් දැකිය හැක. මැලේසියාවේ පැරණිම සිතුවම් ඇත්තේ පෙරක්හි ගුවා කම්බුන් හීය. ඒවා වසර 2000 පමණ පැරණිය. නිආන් ලෙන් වල ඇති සිතුවම් වසර 1200 ක් පමණ පැරණිය. ඉන්දුනිසියාවේ සුලාවෙයි දූපත් වල මැරොස් හි ඇති ලෙන් එහි ඇති අත් සලකුණු සඳහා ප්‍රසිද්ධය. කලිමන්ක්න් ප්‍රදේශයේ අසංකුලිරන් හීද මෙවැනි අත් සලකුණු දැකිය හැකිය.
යුරෝපය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh5THpKaUwwRnNkR0Z0YVhKaEpUSkRYMkpwYzI5dUxtcHdaeTh5TWpCd2VDMUJiSFJoYldseVlTVXlRMTlpYVhOdmJpNXFjR2M9LmpwZw==.jpg)
'වාසිලීනෝ සැන් ද සයුමෝලං’, මැග්ලඩේනියන් කලාව තුළදී හමුවීමේ දී, 1079 දී අල්මයිරා ගුහාවේ 'කැන්ටබ්‍රියා' බිතුසිතුවම්, ස්පාඤ්ඤයේ හි දී සසඳා බැලීමේ දී ඉතා සුක්ෂම ලෙස වංචාවක් සිදු කර ඇති බව පෙනී යයි. වර්තමානයේදී නැවත තක්සේරු කිරීමේදී හා වැඩිදියුණු කිරීමේදී එම නිර්මාණය, ඔවුන්ගේ බලතල හා දර්ශන ප්‍රධාන උපකරණ භාවිතා කරන මිනිසුන්ට වඩා ඔවුන්ගේ කලාත්මකභාවය ඉහළ පුරාශිලා වල දක්නට ලැබේ. ගුහාවල ඇති බිතුසිතුවම් එම සංස්කෘතියේ සහ එම යුගයේ වැදගත්කම පෙන්වයි.
පිහිටීම
ඉතා හොඳින් දන්නා ගුහා
- ලස්තෝස්, ප්‍රංශය
- ලා මාර්ඩි, ලූසැක් - ලේස් මැටේම්ස් ආසන්නයේ ප්‍රංශය
- මාර්වුම් ගුහාව, වැලෝන්, පොන්ට් ඩී ආක්, ආසන්නයේ ප්‍රංශයේ
- ඇල්ටමීරා, සැන්මිලීනා ඩෙල් මාර් හා කැන්ට්රබ්රිටා ආසන්නයේ ස්පාඤ්ඤයේ
- කොස්කර් ගුහාවේ පිවිසුම මුහුදු මට්ටමට වඩා අඩු මර්සිලිස් වලට ආසන්නයේ ප්‍රංශයේ
- ෆොන් ඩී ගැටු ඩොග්ඩොන් ප්‍රංශ නිම්නය, ගල්වල ඇඳි බිතිසිතුවම් හඳ බෑවුම් ලෙස ඉදිරිපත් කරයි. ඛාදනය නිසා ඒවා නාස්ති වී ඇත.
වඩාත් ප්‍රචලිත උදාහරණයක් ලෙස 'අන්ටුවන්සලිටි' , පින්ලන්තයේ 'සමී' ප්‍රදේශය ආසන්නයේ පිහිටයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය