සුද්‍රාව්‍ය පද්ධතියක්, ග්‍රීක "ευ" (eu = පහසු) සහ "Τήξις" (tecsis = දියවීම), වෙතින් විස්තර කෙරෙනුයේ, එක් එක් ශුද්ධ සංඝටකය විසින් එහි ස්වීය මහත් දැලිස සැකසුම තබාගන්නා පරිදී, සංඝටක අතර අතිවිශිෂ්ට පරමාණුක ප්‍රතිශත අනුපාතයක් සාක්ෂාත් කරගනිමින්, සහබද්ධ තනන, පරමාණුක සහ /හෝ රසායනික විශේෂයන්ගේ සමජාතීය ඝන මිශ්‍රණයකි. . සුද්‍රාව්‍ය පද්ධතිය සමස්තයක් ලෙසින් මෙම පරමාණුක /අණුක අනුපාතයෙහිදී පමණක් වන අතර, සුවිශේෂ උෂ්ණත්වයකදී (සුද්‍රාව්‍ය උෂ්ණත්වය හෝ ET) සුපිරි-දැලිස වෙතින් එක විටම එහි සියළු සංඝටක නිදහස් කොට ද්‍රව මිශුණයක් බවට පත් කෙරෙයි. සම්බන්ධිත සංඝටක විශේෂ සඳහා මිශ්‍රණ අනුපාතයන් සමස්තය සැලකූ කල අඩුතම විලයන උෂ්ණත්වය ET වෙයි.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgxTHpVekwwVjFkR1ZqZEdsalgzTjVjM1JsYlY5d2FHRnpaVjlrYVdGbmNtRnRMbk4yWnk4ek5UQndlQzFGZFhSbFkzUnBZMTl6ZVhOMFpXMWZjR2hoYzJWZlpHbGhaM0poYlM1emRtY3VjRzVuLnBuZw==.png)
වෙනත් ඕනෑම මිශ්‍රණ අනුපාතයක් රත් කිරීමේදී, ET වෙත ලඟාවීමේදී — දකුණේ ඇති බලන්න — එක් සංඝටකයක දැලිස මුලින්ම විලයනය වන අතර, අනෙකුත් සංඝටක ලැටිස(ය) (සමස්තය) දියවීමට මිශ්‍රණයෙහි උෂ්ණත්වය තවදුරටත් වැඩිවිය යුතුය. ප්‍රතිලෝම ලෙසින්, සුද්‍රාව්‍ය-නොවන මිශ්‍රණයක් සිසිල්වත්ම, සියළුම ද්‍රව්‍යය ඝන වන තුරු, මිශ්‍රණයෙහි එක් එත් සංඝටකය ප්‍රභින්න උෂ්ණත්වයකදී ඝනීභවනය වෙයි (එහි දැලිස තනයි).
සුද්‍රාව්‍ය ලක්ෂ්‍යයක් අර්ථ දක්වන්නාවූ ඛණ්ඩාංක වන්නේ, සුද්‍රාව්‍ය ප්‍රතිශත අනුපාතය (සටහනෙහි ) සහ සුද්‍රාව්‍ය උෂ්ණත්වය (සටහනෙහි උෂ්ණත්ව ) වෙති.
ආශ්රිත
- Script error: The function "harvard_citation_no_bracket" does not exist..