සිංහල නීතිය (උඩරට නීතිය) අතීතයේ සිට සිංහල රාජධානියේ පැවති නීති පද්ධතියයි. ලන්දේසී සමය දක්වා මුළු රටම මෙම නීතියට යටත් විය. 1815 ඉංග්‍රීසීන්ට යටත් වන තෙක් කන්ද උඩරටට සීමා වූ සිංහල රාජධානියේ පැවති එකම නීති හා සිරිත් පද්ධතියයි. උඩරට නීතිය අලිඛිත එකක් වූ අතර සිරිත් ලෙස පැවති රීති සමුදායක් ලෙස සැලකිය හැකිය. 1815 ට පෙර උඩරට නීතිය එම ප්‍රදේශයේ සියලුම පුරවැසියන්ට ජාතිය, ආගම හෝ කුලය නොසලකා අදාල වූ ප්‍රාදේශීය නීතියක් ලෙස පැවතිනි.
සිංහල නීතියේ කොටස්
වංශ කථා සහ සෙල්ලිපි අනුව
- චාරිත්‍ර ධර්ම හෙවත් වෝහාර ධර්ම
- පුබ්බ චාරිත්ත
- වැවස්තා සිරිතැ
1976 රජසිරිත් හා ලෝ සිරිත් පිලිතුරු ලිපිය අනුව
- ලෝක චාරිත්‍ර
- රාජ නීතිය
1815ට පසු සැකසූ නීති නිඝණ්ඩුව අනුව
- ධර්ම නීතිය
- සිරිත් නීතිය
- රාජ නීතිය
උඩරට ගිවිසුම
යුද්ධය අවසානයේ දී 1815 මාර්තු මස 02 වන දින මහනුවර මගුල් මඩුවක රැස් වූ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර රොබට් බ්රවුන්රිග් සහ උඩ රට ප්‍රධානීන් අතර ඇති කොට ගත් ගිවිසුමෙන් උඩරට රාජ්‍යයේ පාලනය බ්‍රිතාන්‍යයන් වෙත පවරා දෙනු ලැබිය.බ්‍රිතාන්‍ය 3වන ජෝර්ජ් රජු නියෝජනය කරමින් බ්‍රවුන්ග් ආණ්ඩුකාර වරයාද උඩරට වැසියන් වෙනුවෙන් අදිකාරම්,දිසාවේවරු සහ වෙනත් නිලධාරීහු පිරිසක් ද 1815 මාර්තු 10 දින මෙම ගිවිසුම අත්සන් තැබුවේ ය.මෙය 1815 උඩරට ගිවිසුම ලෙස හැඳි වේ. Edite by shamal asith
උඩරට නිති අදාලත්වය සීමා වීම
ඉංග්‍රීසීන් උඩරට නීතිය අශිශ්ට නීතියක් ලෙස සලකන ලද අතර අත් පා කපා දැමීම, අනුමත කිරීම යනාදී කරුණු ඔවුන් නොරිස්සූහ. එම නිසා උඩරට නීතියේ එවැනි කොටස් අවලංගු කිරීමට ඉංග්‍රීසීන් කටයුතු කලහ.
උඩරට නිතිය පුද්ගල නීතියක් බවට පත්වීම
ඉංග්‍රීසි නීතිය ප්‍රාදේශීය නීතියක් වශයෙන් උඩරට පලාතට ඇතුලත් වන සියලු දෙනාටම අදාල වන බව ඉංග්‍රීසීහු දැන සිටියහ. එනිසා ක්‍රමිකව එම තත්වය වෙනස් කිරීමට ඉංග්‍රීසීන් කටයුතු කලහ.
උඩරට පළාත් යනු
දැනට වලංගුව පවතින 1952 අංක 44 දරණ උඩරට විවාහ සහ දික්කසාද පනතේ පළමුවන උපලේඛනයේ 1. මධ්‍යම පළාත 2. උතුරු මැද පළාත 3. ඌව පළාත 4.සබරගමුව යන පළාත් හතරත්
දෙවන උපලේඛනයේ 1. උතුරු පළාතේ වවුනියා දිස්ත්‍රික්කයේ නැගෙනහිර චින්න චෙට්ටිකුලම් කෝරලය සහ බටහිර චින්න චෙට්ටිකුලම් කෝරලයත් තිරුක්කුමුලෙයි දකුණු කෝරලයත් 2. නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ බිම්තැන්න පත්තුව, වෑගම්පත්තුව සහ පානම් පත්තුවත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කඩ්ඩුකුලම් පත්තුවත් 3. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයත්, පුත්තලම් දිස්ත්‍රික්කයේ දෙමළ ගත්පත්තුවත් උඩරට පළාත් වශයෙන් නීතිගත කර තිබේ.
උඩරට නීති ප්රකාශනය
1938 අංක 39 දරණ ආඥාපනතින් නීතිගත කර ඇති අතර 1944 අංක 25 දරණ ආඥාපනතින් සංශෝධනයට ලක්කර ඇත.
මෙම ආඥාපනතේ
- දේපල පැවරීම
- දරුකමට හදාගැනීම
- විවාහය
- නිශ්චල දේපල උරුම වීම
- චංචල දේපල උරුම වීම
- සාමාන්‍ය කරුණු
යන ශීර්ෂ හයක් යටතේ විධිවිධාන සලසා ඇත.
- දේපල පැවරීම
- වයෝපූර්ණත්වයට පත් මනා සිහිබුද්ධියෙන් යුක්ත කෙනෙකු විසින් තමන් සතු දේපළ වෙනත් කෙනෙකුට පවරාදිය හැකියි.
- එමෙන්ම තෑගි දීමනාකරුගේ ජීවිත කාලය තුලදී ඕනෑම අවස්ථාවක තෑගි ලැබුම්කරුගේ හෝ වෙනත් කෙනෙකුගේ අනුමැතියකින් තොරව තනි කැමැත්ත මත යම් තෑගි දීමේ ඔප්පුවක් සම්පූර්ණයෙන්ම හෝ එහි කොටසක් අවලංගු කළ හැකියි. එසේ අවලංගු කළ හැක්කේ අවලංගු කිරීමේ ඔප්පුවක් මගින් පමණි.
- වයෝපූර්ණත්වයට පත් මනා සිහිබුද්ධියෙන් යුක්ත කෙනෙකු විසින් තමන් සතු දේපළ වෙනත් කෙනෙකුට පවරාදිය හැකියි.
අවලංගු කළ නොහැකි ඔප්පු
- විහාරස්ථානයක විහාරාධිපති භික්ෂුවකගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට හිමිවනසේ බෞද්ධ විහාර දේවාලගම් පනතේ 20 වන වගන්තිය අනුව පෞද්ගලික නොවන සේ පවරන ලද පූජා ඔප්පුද,
- අනාගතයේදී සිදුවීමට නියමිත විවාහයක දායාදයක් වශයෙන් ප්රදානය කරන ලද තෑගි ඔප්පු, ඒ විවාහය සිදුකර වලංගුව පවත්නා තුරුත්
- භාර ආඥා පනතේ 99 වන වගන්තිය අනුව කිසියම් පුණ්‍ය භාරයකට කරන ලද පරිත්‍යාග ඔප්පුද,
- අවලංගු කිරීමේ අයිතිය අතහැර ස්ථිර ලෙස පරිත්‍යාග කරන ලදැයි සඳහන් තෑගි ඔප්පුද,
කිසිසේත් අවලංගු කළ නොහැකිය.
අවලංගු කළ නොහැකි ගණයට නොවැටෙන යම් තෑගි දීමක්, ප්‍රදානයක් අවලංගු කරනු ලබන විට එයින් ප්රදානලාභියාට සිදුවූ පාඩුවක් වෙතොත් ඒ සඳහාද ඔහු විසින් ඒ දේපොලෙහි යම් සංවර්ධනයක් හෝ ඉදිකිරීමක් කර ඇත්නම් ඒ සඳහා දරන්නට වූ වියදම්ද සැලකිල්ලට ගෙන යම් වන්දියක් තෑගි ලැබුම්කරුට දීමනාකරු විසින් ගෙවිය යුතුවේ.
ඉඩම් උරුමය පිළිබඳ සිංහල නීතිය
අවිවාහකයන්ගේ ඉඩම්
අයෙකුගේ මරණින් පසු ඉඩම් උරුමය පිළිබඳ සිංහල නීතිය
- දෙමාපියන් ජීවත්වන අවිවාහකයන්ගේ ඉඩම්: දෙමාපියන්ට
- අම්මා හෝ අප්පච්චී පමණකි ජීවත්වන අවිවාහකයන්ගේ ඉඩම්: 1/2 අම්මාට හෝ අප්පච්චීට, ඉතිරිය සමව බෙදා සහෝදර සහෝදරියන්ට
- දෙමාපියන් ජීවතුන් අතර නැති අවිවාහකයන්ගේ ඉඩම්: සමව බෙදා සහෝදර සහෝදරියන්ට
විවාහකයන්ගේ ඉඩම්
තරමක් සංකීර්ණ නීතියකි.
= මූලාශ්‍ර =.
- ශ්‍රී ලංකාවේ නීති පිලිබඳව හැඳින්වීමක් , ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය , පිටුව 1 , පිටු 23
- පැරණි හා මධ්‍ය ශ්‍රී ලංකාවේ නීතිය සහ අධිකරණ ක්‍රමය, ගුණසේන ගමලත්, සරස්වතී ප්‍රකාශන; 2007.
- 1952 අංක 44 දරණ උඩරට විවාහ හා දික්කසාද පනත
- 1938 අංක 39 දරණ උඩරට නීති ප්රකාශනය සම්බන්ධ ආඥාපනත