ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය ශ්‍රී ලංකාවේ ඉදිකොට ඇති එකම වේ. එය කොළඹ 7 ස්ටැන්ලි තිලකරත්න මාවතේ ස්ථාපනය කොට ඇත. වර්ථමානයේ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් ලෙස ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය ක්‍රියාත්මක වේ.
ඉදිකිරීම
1965 වසරේ පවත්වන ලද කර්මාන්ත ප්‍රදර්ශනයේ එක් විශේෂිත අංගයක් ලෙස ගහලෝකාගාරය පිහිටුවන ලදී. නෙළුම් මලක් පිබිදෙන අයුරින් නිර්මාණය කොට ඇති මෙහි නිර්මාණ කටයුතු ප්‍රවීණ ඉංජිනේරුවකු වූ ඒ.එන්.එස්. කුලසිංහ මහතා විසින් සිදු කොට ඇත. ග්‍රහලෝකාගාරයේ ඉදිකිරීම් ජර්මනියේ ඉංජිනේරුවන් විසින් සිදුකර ඇත.
පහසුකම්
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය ලෝකයේ ඇති ග්‍රහලෝකාගාර අතුරින් විශාල ගණයේ ග්‍රහලෝකාගාර කණ්ඩයට අයත් වේ. එහි ඕනෑම දිනයක, සතියක, මාසයක හෝ වසරක දහස් ගණනක අහස් දර්ශන ප්‍රක්ශේපනය කළ හැකි අතර අක්ෂාංශ හා දේශාංශ වෙනස් කිරීම මගින් ඕනෑම රටක අහසක් නිරික්ෂණය කිරීමේ හැකියාව පවතී. ශ්‍රවනාගාරය තුල ප්‍රේක්ෂකයින් 500 කට පමණ නැරඹීමේ පහසුකම් ඇත. මීට අමතරව අන්තර්ජාලික පහසුකම්, පුස්තකාල පහසුකම් ද මෙහි සපයා ඇත. 1999 වසරේදී මෙහි ජංගම ග්‍රහලෝකාගාරයක පහසුකම්ද ඇතිකරන ලදී.
- "කොන්ක්‍රීට් විශ්වකර්මයා". බද්දරමල්ල. 2014-07-22. සම්ප්‍රවේශය 2015-03-21.
- "ග්‍රහලෝකාගාරය". තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය. 2011. සම්ප්‍රවේශය 2015-03-21.
- "ග්‍රහලෝකාගාරය තුළ ඩිජිටල් තාක්ෂණයෙන් ගෝලීය දර්ශන නැරඹීමේ පහසුකම්". ලංකාපුවත්. 2014-12-07. සම්ප්‍රවේශය 2015-03-21.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය