වස්කඩුවේ ශ්‍රී සුභූති මහ නාහිමි (1835 - 1917 අප්‍රියෙල් 19) ශ්‍රී ලංකාවේ පහලවූ කීර්තිමත් බෞද්ධ භික්ෂූන්වහන්සේ නමකි. පාලි, සංස්කෘත, සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා පිළිබඳව මනා ප්‍රගුණත්වයක් හිමි කර ගෙන තුබූ උන්වහන්සේ, මෙරට කැපී පෙනුනු භාෂා පඬිවරයෙක් ලෙසද හැඳින්වෙයි.
අති පූජ්‍ය වස්කඩුවේ ශ්‍රී සුභූති නාහිමි | |
---|---|
ආගම | බෞද්ධ |
ගුරුකුලය | ථේරවාද |
වස්කඩුවේ ශ්‍රී සුභූති | |
පෞද්ගලික තොරතුරු | |
ජාතිකත්වය | ![]() |
Senior posting | |
පදවියන් | අමරපුර සද්ධම්මවංශ නිකායේ නායක ධූරය |
ආගමික වෘත්තිය | |
ගුරුවරයා | සරණපාල සීලක්ඛන්ධ හිමි |
මුල් අවධිය
කළුතර තොටමුණේ වස්කඩුව නම් ග්‍රාමයෙහි ජීවත් වූ කරුණාමුනි පනිස්ද සිල්වා මහතාට සහ පුංචි හාමි මැතිණියට දාව, සොයුරන් පස්දෙනෙකුට සහ සොහොයුරියන් දෙදෙනෙකුට පසු පවුලේ බාලම දරුවා ලෙසින්, එතුමා උපත ලදහ. ග්‍රාමයෙහි වූ ගොගර්ලි පාදිලිතුමා යටතේ පාලනය වූ වැස්ලියන් පාසලෙන් සිය මුල් අධ්‍යාපනය හැදෑරූ එතුමා, කුඩා කල සිටම අධ්‍යාපන කටයුතු කෙරේ දක්ෂතා පෙන්වූ දරුවෙකු බව සඳහන් වෙයි.
ඉගෙනීමට තිබූ දක්ෂතාව හේතුවෙන්, එතුමන්ගේ දෙමව්පියන් විසින් ඔහුව, වස්කඩුවේ කන්ද විහාරයේ ශ්‍රී සුමංගල නායක හිමියන්ගේ ප්‍රධන ගෝල වහන්සේ වූ කලමුල්ලේ සුමනාරාමයෙහි වැඩසිටි සරණපාල සීලක්ඛන්ධ හිමියන් වෙත භාර දෙනු ලැබූහ. සරණපාල සීලක්ඛන්ධ හිමියන් යටතේදී සිය දහම් අධ්‍යාපනය මනා ලෙස වැඩි දියුණු කර ගත් එතුමා, අවසානයේදී වස්කඩුවේ ශ්‍රී සුභූති නමින් පැවිදි දිවියට එකතු විය.
පැවිදි දිවියේ මුල් සමය
ඉනික්බිතිව, වස්කඩුවේ සුභූති සාමණේරයන් වහන්සේ, පැල්මඩුල්ලේ විහාරාධිපති, ශ්‍රී පාදස්ථාන හා සබරගමු පළාත් නායක ධූරය දැරූ ශ්‍රී සුමංගල හිමියන් යටතේ තවත් සත් වසරක් සිය අධ්‍යාපන කටයුතු හදාරමින්, පාලිභාෂාව, ත්‍රිපිටක ධර්මය හා අනෙකුත් සමයාන්තර ධර්මයන්ද මැනවින් හදාරණ ලදී.
උපසම්පදාව ලැබීම
සිය දිවියට විසිහතර විය සැපිරෙද්දී එනම් බුද්ධ වර්ෂ 2002 (ක්‍රි. ව. 1859) දී, බලපිටිය උදකුකුඛේප සීමා මාලකයේ රැස්වූ මහ සඟ රුවන වෙතින් සහ සිරිසද්ධම්ම වංශපාල ධීරානන්ද නායක හිමියන්ගේ උපාධ්යානත්වයෙන්, පාරිශුද්ධ උපසම්පදාව ලබා ගැනීමට සුභූති හිමියන්ට හැකිවිය.
ධර්මය ප්‍රචාරණය
උපසම්පදාව ලැබීමෙන් අනතුරුව සුභූති හිමියන් වහන්සේ සිය දිවියේ ඊළඟ පනස්අට වසර තුල, වස්කඩුව අභිනවාරාමයේ වැඩවසමින් දෙස්විදෙස් හී පැතිරුණු ශාසනික සහ භාෂාමය සේවාවේ යෙදුණු බව සඳහන් වෙයි.
ශාසනික සේවය
කොළඹ විද්‍යෝදය පිරිවෙන ආරම්භ කරන ලද, හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ ධර්ම ශාස්ත්‍රීය සේවයට, වස්කඩුවේ සුභූති හිමියෝද මහත් සේ දායක වූ බව සඳහන් වේ.
භාෂාමය සේවය
උපසම්පදාව ලබා පස් වසරකින්, එනම් 1864 වර්ෂයේදී සිය මුල්ම ශාස්ත්‍රීය ධර්ම ග්‍රන්ථය එළිදැක්වූ සුභූති හිමියන්, 1876 වසරේදී උන්වහන්සේ විසින් සකස් කරන ලද නාමමාලා පාලි ග්‍රන්ථය, එකල ලංකාවට සපැමිණි හත්වන එඩ්වඩ් මහ රජ වෙත ලබා දීමට කටයුතු කරන ලදී. ඉනික්බිතිව සිදුවූ සියම් රජුගේ ලංකාගමනය වෙනුවෙන්ද සුභූති හිමියන් වහන්සේ, සියම් පිරිත් පොත, සිංහල හා බුරුම හෝඩිය සමග සකස් කොට මුද්‍රණය කරවීමට පියවර ගන්නා ලදී.
පසු කාලීනව ආර්. ඩී. විල්ඩර්ස් පඬිතුමා සහ ලන්ඩන් හී ඉන්දියා ඔෆිස් පුස්තකාලාධීපති ආර්. රෝසට් මහතා විසින් සිදුකල ඉල්ලීමක් පරිදි, අභිධානප්පදීපිකාවේ අන්තර්ගත සියළු වචන පද විග්රාහාදිය සහිතව අභිධානප්පදීපිකා සූචී අකාරාදිය (ග්රන්ථො) නමින් මුද්‍රණය කරවීමට, සුභූති හිමියෝ පියවර ගත්හ. එම ග්‍රන්ථය 1893 වසරේදී මෙරටට පැමිණි වික්ටෝරියා අධිරාජිණියගේ තෙවන පුතු ඩියුක් ඔෆ් කොනට් ආදිපාදයන්ට, ලබාදීමට උන්වහන්සේ ක්‍රියා කරන ලදී.
ගෞරවාදරයට පාත්රවීම
වස්කඩුවේ ශ්‍රී සුභූති හිමියන් පිළිබඳව පැහැදුණු, සියම් රාජ්‍යයේ චූලාලංකාර රජතුමා වරක් උන්වහන්සේ වෙත අභිධර්ම පිටකයේ පද යෝජනා සහිත පොත් පෙට්ටි දෙකක් සහ වටිනා පිරිකර එවූ බව පැවසෙයි. ඊට අමතරව රජතුමා ලංකාවට පැමිණි අවස්ථාවකදී, උන්වහන්සේ වෙත කොළඹ රජවාසලේදී සියම් පිළියෙන් නිර්මාණය කල තුන් සිවුරු පූජා කල බවද සඳහන් වෙයි.
සර්වඥධාතුන් වහන්සේලා
1898 දී වස්කඩුවේ රාජගුරු ශ්‍රී සුභූති නාහිමිපාණන් වහන්සේට ඉන්දියාව විසින් කපිලවස්තුපුර ශ්‍රී සර්වඥධාතුන් වහන්සේලා පිරිනැමූ බව පැවසෙයි.
සද්ධම්මවංශ නිකායේ නායක ධූරය
රන්දොඹ මහා මංගල සමුදාරාමාධිපතිව වැඩ විසූ ධම්මාලංකාර නාහිමියන්ගේ අපවත් වීමෙන් අනතුරුව, පුරප්පාඩු වූ අමරපුර සද්ධම්මවංශ නිකායේ නායක ධූරය, 1893 වසරේදී වස්කඩුවේ සුභූති හිමිපාණන් වෙත පිළිගැන්වුණි.
අපවත් වීම
මෙලෙස බුද්ධ ශාසනයට සහ භාෂාවට අමිල සේවයක් සිදුකල වස්කඩුවේ ශ්‍රී සුභූති හිමියන්, 1917 වසරේ අප්‍රියෙල් මස 19 වන දිනදී, වසර 82 ක් ආයු වැළඳීමෙන් අනතුරුව වස්කඩුවේ පිහිටි සිය ආරාමයේදී අපවත් විය.
මූලාශ්‍ර
- ජාතික වීරයෝ - ගම්පාතේ සතරසිංහ හිමි.
- කළුතර - , මනෝ ප්‍රනාන්දු (2003)
ආශ්රිත
- "අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ උපසම්පදාව අරඹා දෙසිය වසරක් සපිරීමේ මහා පුණ්‍යෝත්සවය 18, 19, 20 දිනවල දී කුප්පියාවත්ත ජයශේඛරාරාමයේ දී". බුදුසරණ. 2010 ක් වූ ජුනි මස 19. සම්ප්‍රවේශය 16 මැයි 2014.
{{}}
: Check date values in:|date=
() - බුදුසරණ අන්තර්ජාල කලාපය 2012 අප්‍රේල් 20[]
- "කපිලවස්තුපුර ශ්‍රී සර්වඥධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කෙරෙන කොටහේන දිපදුත්තමාරාම තායි රජමහා විහාරය". බුදුසරණ. 2013 දෙසැම්බර් 09. සම්ප්‍රවේශය 16 මැයි 2014.
{{}}
: Check date values in:|date=
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය