ලී යෝ-වොන් (උපත අප්‍රේල් 9, 1980) යුනවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු නිළියකි. ඇය ප්‍රකට වූයේ ඇය විසින් චරිත නිරූපණයෙහි යෙදුණු සොන්දොක් රැජිනගේ චරිතය තේමාකරගත් සුප්‍රකට කාලාන්තර නාට්‍යය හේතුවෙනි.
ලී යෝ-වොන් | |
---|---|
![]() ලී යෝ-වොන් 2018 දී | |
උපත | අප්‍රේල් 9, 1980 |
අධ්‍යාපනය | - වේදිකා සහ චිත්‍රපට |
රැකියාව | නිළිය |
සක්‍රීය වසර | 1998–වර්තමානය |
නියෝජිතයා | මැනේජ්මන්ට් කූ |
උස | 1.73 m (5 ft 8 in) (අඩි 5 අඟල් 8) |
කලත්‍රයා(යන්) | පාක් ජින්-වූ (විවාහය 2003) |
දරුවන් | 3 |
කොරියානු නම | |
හංගුල් | 이요원 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | I Yo-won |
මැකූන්–රයිෂවර් | I Yowŏn |
වෘත්තිය
නිරූපණ තරගයකින් ජය ලබා, පළමු වරට ලෙස 1997 නොවැම්බරයේ ෆිගාරෝ මෝස්තර සඟරාවේ පෙනී සිටින විට ළී යෝ-වොන් උසස් පාසලේ දෙවන වර්ෂයේ ශිෂ්‍යාවක වූවා ය. මේ හේතුවෙන් ඇයට වෙළඳ දැන්වීම්වල පෙනී සිටීමටත් පසුව, රූපවාහිනී කතාමාලා සහ චිත්‍රපටවල සුළු චරිත නිරූපණයටත් අවස්ථාව හිමි විය. ඇය මුල්වරට මහජනයා විසින් හඳුනාගත්තේ බොක්ස්-ඔෆිස් සාර්ථකත්වයට පත් (1999) නැමැති විකට චිත්‍රපටයෙන් වුව ද, ඇගේ පළමු විශේෂිත චරිත නිරූපණය ලෙස සැලකෙන්නේ මතභේදාත්මක ක් වූ Blue Mist (2001) කතාමාලාවයි. මෙහි ඇය 40 වියේ පසුවන විවාහක පිරිමියකු සමග පෙමින් බැඳෙන 20 වියැති තරුණ කාන්තාවකගේ චරිතය නිරූපණය කළා ය.
ඉන් අනතුරුව ඇය රඟපෑ (2001) චිත්‍රපටය විචාරක පැසසුමට ලක්වූ අතර, ඒ වෙනුවෙන් ඇය නවක සම්මාන කිහිපයක් ද දිනා ගත්තා ය. පසුකලෙක 2009දී සඟරාව වෙනුවෙන් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී ඇය පැවසූයේ මෙම චිත්‍රපටය ඇගේ වඩාත් සිහිකටයුතු කෘතිය බවයි.
නමුත් විශාල-තිරයේ නිර්මාණ කටයුතු කිහිපයකටම ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වුව ද, ඒවා ප්‍රේක්ෂකයන් සහ විචාරකයන්ගෙන් ධනාත්මක ප්‍රතිචාර නොලද හෙයින් ලී හට මානසිකව සහ කායිකව හිස් බවක් දැනිණි. එනිසා දේමං (සාහිත්‍ය. "මහා අපේක්ෂාව", 2002) නැමැති ඓතිහාසික නාට්‍යයේ කටයුතු අවසන් වීමෙන් පසු ඇය සෑම දෙනාම මවිතයට පත් කරමින් නිවේදනය කළේ තමන් තාවකාලිකව රංගන ක්ෂේත්රයෙන් විශ්‍රාම ගන්නා බවයි.
2005දී, ලී නැවත වරක් සාර්ථකව රංගනයට පිවිසියා ය. එහි දී ඇය නැමැති කාලාන්තර නාට්‍යයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කළා ය. ඇය එය තෝරාගත්තේ රූපවාහිනී අධ්‍යක්ෂක ලී ජේ-ග්යු (මින් පෙර රූපවාහිනී කතාමාලාව අධ්‍යක්ෂණය කළ) සමග වැඩ කිරීමට අවශය වූ නිසාත්, එය දර්ශීය ප්‍රේම කථාවක් නොවීමත් සහ ඉන් දිවිය හා රැකියාව ජයගන්නා දිරිය කාන්තාවකගේ චරිතයක් නිරූපණය වීමත් නිසායි. පුසව ඇය නම් හාස්‍යෝත්පාදක චිත්‍රපටයේ සහාය චරිතයක් නිරූපණය කළා ය.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh3THpCakwweGxaVjlaYnkxM2IyNWZhVzVmVFdGeVkyaGZNakF4TVY4bE1qZ3lKVEk1TG1wd1p5OHhPVEp3ZUMxTVpXVmZXVzh0ZDI5dVgybHVYMDFoY21Ob1h6SXdNVEZmSlRJNE1pVXlPUzVxY0djPS5qcGc=.jpg)
2007දී, ලී සුප්‍රකට /ප්‍රේම කථාවක් වූ කතාමාලාවේ බොං දල්-හී වෛද්‍යවරියගේ චරිතය නිරූපණය කළා ය. නමුත් ඇගේ ඊළඟ කතාමාලාව වූ ප්‍රේක්ෂක ප්‍රතිචාර අතින් තරමක් අසාර්ථක විය. අනතුරුව ඇය තරමක් බැරෑරුම් චිත්‍රපටයට දායක වූවා ය. තේමා කරගත් මෙම චිත්‍රපටය ලෙස සැලකේ.
ඒකාකාරී චරිත රැසක් නිරූපණයෙන් විඩාපත් වූ ඇය, Queen Seondeok (2009) නැමැති අතිශය ජනප්‍රිය කාලාන්තර නාට්‍යයේ සිල්ලාහි සොන්දොක් රැජිනගේ චරිතය නිරූපණය කළා ය. අනතුරුව ඇය රඟපෑ ෆැන්ටසි උද්වේග නාට්‍යයක් වූ (2011) කතාමාලාවේ ඇය ආවේශ වූ කාන්තාවක ලෙස ද්විත්ව රංගනයක නියැළුණා ය. මෙය ද ප්‍රේක්ෂකයන් ඇද බැඳ තබාගැනීමට සමත් විය. ඉන් අනතුරුව ඇය ජොසොන් යුගයේ රාජකීය වෙදැදුරු බවට පත් පශු වෛද්‍යවරයකු පිළිබඳ කියැවෙන (2012) කතාමාලාවේත්,හි බල අරගලයක් පිළිබඳ දිග හැරෙන (2013) කතාමාලාවේත් චරිත නිරූපණය කළා ය.
සුවිසල් තිරය තුළ, නැමැති අධ්‍යක්ෂකවරිය සමග Take Care of My Cat චිත්‍රපටයේ කටයුතු කිරීමෙන් පසු, තවත් සමග කටයුතු කිරීමට අවශ්‍ය බව ඇය පවසා සිටියා ය. මේ නිසා, ඇය ඇනා ලීගේ ප්‍රේමනීය අද්භූත කථාවක් වූ (2010) චිත්‍රපටය සහ ගේ ත්‍රාසජනක (2012) සඳහා දායක වූවා ය. රූපවාහිනී මිශ්‍ර සටන් කලා වැඩසටහනකට සහභාගී වන මැදි වියේ මිනිසුන් පිරිසක් පිළිබඳ කියැවෙන ගේ (2013) චිත්‍රපටයේ එකම ප්‍රධාන කාන්තා චරිතය වූයේ ඇයයි.
2016දී, ලී පුංචි තිරය වෙත සිය පුනරාගමනය සනිටුහන් කරමින් උපහාසාත්මක, ප්‍රේමනීය කතාමාලාවක් වූ සඳහා සිය දායකත්වය සැපයූවා ය. මෙහි ඇය විසින් නිරූපණය කළ කෝපාවිෂ්ඨ ව්‍යාපාරික කාන්තාකගේ චරිතය විචාරක පැසසුමට ලක් විය. අනතුරුව ඇය Youngest නැමැති චිත්‍රපටයකට දායක වූවා ය. මෙහි ඇය සොහොයුරු සොහොයුරියන් සතර දෙනකුගෙන් යුත් පවුල වැඩිමල් වාර්තාකාරිණියකගේ චරිතය නිරූපණය කළා ය. මීට අමතරව ලී MBC නාළිකාවේ නාට්‍යයක් වන කතාමාලාවේ සහ සමග ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වූවා ය.
පෞද්ගලික දිවිය
2003 ජනවාරි 10 දින ලී ව්‍යාපාරිකයකු සහ වෘත්තීය ගොල්ෆ් ක්‍රීඩකයකු වූ පාක් ජින්-වූ සමග විවාහ වූවා ය. මෙම යුවළට දියණියන් දෙදෙනකු සහ එක් පුත්‍රයකු සිටියි. (2003 දෙසැම්බර්, 2014 මැයි සහ 2015 මැයි මස උපන්).
නිර්මාණ දායකත්වයන්
චිත්‍රපට
වර්ෂය | තේමාව | චරිතය |
---|---|---|
1998 | Scent of a Man | ලාබාල යුන්-හ්යේ |
1999 | ගල්-චි | |
2001 | ෂින් හ්යේ-ජූ | |
2002 | ලී ජි-වොන් | |
Surprise Party | වං හා-යොං | |
2005 | ගෝ යුන්-ක්යුං | |
2007 | පාක් ෂින්-ඒ | |
2010 | ජං හ්යේ-ජින් | |
2012 | බෙක් හ්වා-සුන් | |
2013 | හොං ග්යු-මින් | |
2016 | The Youngest | ඕ සූ-ක්යුං |
රූපවාහිනී කතාමාලා
වර්ෂය | තේමාව | චරිතය | ජාලය |
---|---|---|---|
1998 | I Hate You, But It's Fine | ලී බිට්-නා | SBS |
1999 | March | ජුං යෝ-වොන් | SBS |
School 2 | කිම් යොන්-ජින් | ||
2000 | Tough Guy's Love | හෝ ජි-හ්යේ | |
2001 | Blue Mist | ලී ෂින්-වූ | |
Pure Heart | හන් සේ-ජින්/කං හ්යුන්-ජූ | ||
2002 | The Great Ambition | යූන් යෝ-ජින් | SBS |
2005 | හන් දෝ-මි | SBS | |
2007 | බොං දල්-හී | SBS | |
නා ඉන්-ජුං | |||
2009 | ක්වීන් සොන්දොක් | දියොක්මාන් කුමරිය/සොන්දොක් රැජින | MBC |
2011 | සොං යි-ක්යුං | SBS | |
2012 | හෝර්ස් ඩොක්ටර් | කං ජි-න්යොං | MBC |
2013 | චෝයි සෝ-යූන් | SBS | |
2016 | ඔක් දා-ජුං | ||
සෝ යි-ක්යුං | MBC |
සංගීත වීඩියෝ
වර්ෂය | ගීත තේමාව | ශිල්පියා |
---|---|---|
1998 | "Please Baby Don't Cry" | ඩීප් |
"WAYO!WAYO!" | O.P.P.A | |
1999 | "Will You Forgive Me" | A4 |
"To Her Lover" | K2 | |
2000 | "I Love You" | පොසිෂන් |
2001 | "I Wish You Happiness (Joy Project - 1 Year of Love)" | WHY |
2002 | "울고 싶어지는 오후" | ජි සෝ-ර්යොන් |
2006 | "Liquor" | |
2007 | "Ice Doll" | |
"Love's Greeting" | ||
2009 | "I'm Terrible in Love" | |
2012 | "Love Is All the Same" |
ඩිස්කෝ සංගීත නාමාවලිය
වර්ෂය | ගීත තේමාව | සටහන් |
---|---|---|
2009 | "Bidam (A Sad Story)" | Queen Seondeok කතාමාලාවේ විශේෂ 2 කොටසේ එන පටයකි. |
සම්මාන සහ නිර්දේශ
වර්ෂය | සම්මානය | ප්‍රවර්ගය | නිර්දේශිත කෘතිය | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2001 | හොඳම නවක නිළිය | දිනාගති | ||
හොඳම නිළිය | දිනාගති | |||
හොඳම නවක නිළිය | දිනාගති | |||
ජනප්‍රියතා සම්මානය | Blue Mist | දිනාගති | ||
2002 | හොඳම නවක නිළිය | දිනාගති | ||
නවක තරුව සම්මානය | The Great Ambition | දිනාගති | ||
2005 | ඉහළම තරු 10 | දිනාගති | ||
විශිෂ්ට සම්මානය, විශේෂ සැලසුම් නාට්‍යයක නිළිය | දිනාගති | |||
2007 | හොඳම නිළිය | නිර්දේශිත | ||
හොඳම යුවළ සම්මානය ( සමග) | දිනාගති | |||
නෙටිසන් ජනප්‍රියතා සම්මාන | දිනාගති | |||
ඉහළම තරු 10 | දිනාගති | |||
විශිෂ්ටතම සම්මානය, නිළිය | දිනාගති | |||
විශිෂ්ටතම සම්මානය, නිළිය | නිර්දේශිත | |||
2009 | ග්‍රිමේ සම්මාන | හොඳම නිළිය | Queen Seondeok | දිනාගති |
කොරියා දෘශ්‍ය කලා උළෙල | රුහුරු සම්මානය | දිනාගති | ||
හොඳම යුවළ සම්මානය ( සමග) | දිනාගති | |||
විශිෂ්ටතම සම්මානය, නිළිය | දිනාගති | |||
2010 | ආසියා නිරූපණය උළෙල සම්මාන | ආසියානු නාට්‍ය වෙනුවෙන් විශේෂ සම්මානය | දිනාගති | |
2011 | කැපීපෙනෙන කොරියානු නිළිය | නිර්දේශිත | ||
ඉහළම තරු 10 | දිනාගති | |||
නිෂ්පාදකයන්ගේ සම්මානය, නිළිය | දිනාගති | |||
විශිෂ්ටතම සම්මානය, විශේෂ නාට්‍යයක නිළිය | නිර්දේශිත | |||
2012 | විශිෂ්ටතම සම්මානය, විශේෂ ව්‍යාපෘති නාට්‍යයක නිළිය | Horse Doctor | නිර්දේශිත | |
2013 | විශිෂ්ටතම සම්මානය, නිළිය | නිර්දේශිත | ||
ඉහළම තරු 10 | දිනාගති | |||
විශිෂ්ටතම සම්මානය, විශේෂ නාට්‍යයක නිළිය | දිනාගති |
ආශ්‍රේයයන්
- "Lee Yo-won Talk Talk Talk". YouTube. සම්ප්‍රවේශය 2013-10-20.
- Shin, Yong-ho (10 June 2001). "Lee Transforms, Playing Vixen or Angel". . සම්ප්‍රවේශය 2012-11-18.
- Yoon, Tae-hee (15 December 2009). '선덕여왕' 이요원, 패션화보도 '여왕포스'. 10Asia (Korean බසින්). සම්ප්‍රවේශය 2014-03-19.
{{}}
: CS1 maint: unrecognized language () - "Lee Yo-Won Talks 광식이 동생 광태 (When Romance Meets Destiny)". Film2.0 via . 2 December 2005. සම්ප්‍රවේශය 2012-11-18.
- Suh, Jung-bo (12 May 2005). "Weekend Date: Lee Yo-won". . සම්ප්‍රවේශය 2012-11-18.
- "Dr. Drama". . 4 January 2007. සම්ප්‍රවේශය 2013-07-30.
- "Lee Yo-won Conjures the Spirits of May 18". . 25 July 2007. සම්ප්‍රවේශය 2012-11-18.
- Lee, Hyo-won (10 July 2007). "May 18 Remembers Heroes of Gwangju". . සම්ප්‍රවේශය 2012-12-17.
- Han, Sang-hee (9 May 2009). "New Epic Drama to Bring Rivalry, Love to TV". . සම්ප්‍රවේශය 2012-11-18.
- Lee, Ga-on (8 June 2011). "INTERVIEW: Actress Lee Yo-won - Part 1". 10Asia. සම්ප්‍රවේශය 2012-11-18.
- Lee, Ga-on (8 June 2011). "INTERVIEW: Actress Lee Yo-won - Part 2". 10Asia. සම්ප්‍රවේශය 2012-11-18.
- Nam, Woo-jeong (25 September 2012). "Horse Doctor Lee Yo Won talks about her relationship with Cho Seung Woo". StarN News. සම්ප්‍රවේශය 2014-03-19.
- Cho, Suyoun (24 January 2013). "Heroine of a hit series Empire of Gold Lee Yo won meets fashion magazine ELLE". BNTNews. සම්ප්‍රවේශය 2014-03-19.
- Hong, Lucia (16 May 2012). "Lee Yo-won to play a producer in Kang Woo-suk's new film". 10Asia. සම්ප්‍රවේශය 2014-03-19.
- "Lee Yo-won said that she became more muscular thanks to her husband". via Hancinema. 18 October 2010. සම්ප්‍රවේශය 2012-11-18.
- "Actress Lee Yo-won ties knot with businessman" (Korean බසින්). . 10 January 2003. සම්ප්‍රවේශය 2014-04-22.
{{}}
: CS1 maint: unrecognized language () - "Lee Yo-Won and Family First Time Appearance Captured by Media Camera after 9 Years Marriage". Dispatch (Korean බසින්). 9 August 2011.
{{}}
: CS1 maint: unrecognized language () - "Actress Lee Yo-won gives birth to her 2nd child". AJU Business Daily. 25 July 2014. සම්ප්‍රවේශය 2014-08-12.
- "Actress Lee Yo Won belatedly revealed to have given birth to her second child". . 25 July 2014. සම්ප්‍රවේශය 2014-07-26.
- "Actress Lee Yo Won revealed to have given birth to her third child". . 19 May 2015. සම්ප්‍රවේශය 2015-05-19.
- "SBS Drama Awards 2013 Winners". Hancinema. 31 December 2013. සම්ප්‍රවේශය 2014-04-22.
බාහිර සබැඳි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
- ලී යෝ-වොන් සඳහා මැනේජ්මන්ට් කූ හි ඇති ගිණුම (කොරියානු)
- ලී යෝ-වොන් ෆැන් කැෆේ සඳහා (කොරියානු)
- ලී යෝ-වොන්ට හි ඇති ගිණුම
- ලී යෝ-වොන් සඳහා ඉන්ටර්නෙට් මූවී ඩේටාබේස්හි ඇති ගිණුම
- ලී යෝ-වොන් සඳහා හන්සිනෙමාහි ඇති ගිණුම
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය