මහාවංශය යනු ලක්දිව මහා විහාර ඉතිහාසය ප්‍රධානකොට රජරට රාජධානියේ ඉතිහාසය පිළිබඳව මහා විහාරික මහානාම හිමි විසින් පාලි භාෂාවෙන් ලියනලද, ඓතිහාසික කාව්‍යයකි
මහානාම හිමියන් විසින් කරවන ලද කොටස
මහාවංශය ආවරණය කරන කාල පරිච්ඡේදය වනුයේ, බුදුන් වහන්සේගේ ලංකා ගමනය සිට .පූ. 543 දී කාලිංගයේ (පුරාතන ) විජය රජතුමා ගේ ආගමනයෙහි සිට, මහාසේන රජතුමා (ක්‍රි.ව. 334–361) ගේ රාජ්‍ය කාලය දක්වා කාලයයි.
- පරිච්ඡේද-37 ගාථා -2913
- මුල් පරිචේද 5 -දඹදිව බුදුසසුන ආරම්භයේ සිට 3 වැනි ධර්ම සංගායනාව දක්වා වු කොටසයි.
- පරිචේද 5 සිට 15 දක්වා පරිචේද 10-බුදු සසුන පිහිටවීමට දායකවූ දේවානම් පියතිස්ස රජුගේ කාලය සදහා
- පපරිච්ඡේද 15 සිට 26 දක්වා පරිචේඡදය 11 බුදුසසුනේ චිරස්ථිතිය සදහා කැපවූ දුටුගැමුණු මහා රජතුමා ගැන විස්තරය.
- පරිච්ඡේද 26 සිට 32 දක්වා පරිච්ඡේද 5 ගාථා 520 -දුටුගැමුණු රජුගේ සිට මහසෙන් රජු දක්වා රජවරු 43 දෙනෙකුගේ විස්තර ඇතුලත් පරිච්ඡේද 5(එයිතිහාසික වටිනාකම වැඩි කොටසයි (මහානාම හිමියන් සිටි කාලයතුල ලියවුන මෙම කොටසේ නිරවද්‍යතාවය ඉතාමත් ඉහලයි.)
13 වැනි සියවසයේ වැඩ සිටි ධම්මකිත්ති හිමියන් විසින්කරවන ලද කොටස
- මහසෙන් රජුගේ සිට මහා පරාක්‍රමබාහු රජු ගේ අවසන් කාලය දක්වා ලියන ලද කොටසයි.
පරිච්ඡේද 37-79 දකවා රචිතයි. පරාක්‍රමබාහු රජු පිළිබඳ පමණක් අධ්‍යාය 18ක් භාවිතා කොට වීරත්වයක් ආරෝපණය කොට තිබේ. හුදෙක් ඉතිහාසය දැක්වීම ම අරමුණු කොට ඇත.