සෞරග්‍රහ මණ්ඩලයේ 8 වෙනි සහ සූර්යයාගේන් දුරින්ම පිහිටි ගහලෝකය වන්නේ නෙප්චූන් ය.
![]() Neptune from Voyager 2 with at left and at lower right. White clouds are composed of ice; overall blue coloration is due at least in part to methane of red light. | |||||||||||||
සොයාගැනීම | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
සොයාගත් තැනැත්තේ | |||||||||||||
සොයාගත් දිනය | 23 සැප්තැම්බර් 1846 | ||||||||||||
නිලනාමයන් | |||||||||||||
ශබ්දනැගීම | |||||||||||||
Neptunian | |||||||||||||
කක්ෂීය ලක්ෂණ | |||||||||||||
විහේලිකය | 4,553,946,490 km 30.44125206 | ||||||||||||
අපහේලිකය | 4,452,940,833 km 29.76607095 AU | ||||||||||||
අඩ-මහා අක්ෂය | 4,503,443,661 km 30.10366151 AU | ||||||||||||
උත්කේන්ද්‍රියතාවය | 0.011214269 | ||||||||||||
කක්ෂීය කාලාවර්තය | 60,190.03 days 164.79 89,666 Neptune | ||||||||||||
චන්ද්‍ර කාලාවර්තය | 367.49 day | ||||||||||||
සාමාන්‍යය කක්ෂීය වේගය | 5.43 km/s | ||||||||||||
මධ්‍යන්‍යය විෂමතාවය | 267.767281° | ||||||||||||
ආනතිය | 1.767975° to 6.43° to 0.72° to | ||||||||||||
131.794310° | |||||||||||||
265.646853° | |||||||||||||
චන්ද්‍රිකා | 13 | ||||||||||||
භෞතික ගුණාංග | |||||||||||||
සමක අරය | 24,764 ± 15 km 3.883 Earths | ||||||||||||
අරය | 24,341 ± 30 km 3.829 Earths | ||||||||||||
0.0171 ± 0.0013 | |||||||||||||
7.6183×109 km2 14.98 Earths | |||||||||||||
6.254×1013 km3 57.74 Earths | |||||||||||||
ස්කන්ධය | 1.0243×1026 kg 17.147 Earths | ||||||||||||
මධ්‍යන්‍යය | 1.638 g/cm3 | ||||||||||||
11.15 1.14 | |||||||||||||
මිදුම් ප්‍රවේගය | 23.5 km/s | ||||||||||||
0.6713 day 16 h 6 min 36 s | |||||||||||||
නිරක්ෂීය භ්‍රමණ ප්‍රවේගය | 2.68 km/s 9,660 km/h | ||||||||||||
ආක්ෂක ආනතිය | 28.32° | ||||||||||||
උත්තර ධ්‍රැවය | 19පැය 57විනා 20තත් 299.3° | ||||||||||||
උත්තර ධ්‍රැවය | 42.950° | ||||||||||||
0.290 () 0.41 () | |||||||||||||
| |||||||||||||
දෘශ්‍ය විශාලත්වය | 8.02 to 7.78 | ||||||||||||
2.2–2.4 | |||||||||||||
වායුගෝලය | |||||||||||||
19.7 ± 0.6 km | |||||||||||||
සංයුතිය |
| ||||||||||||
කක්ෂීය හැසිරීම්
විහේලිකය 4,553,946,490 km(30.44125206}} උපහේලිකය 4,452,940,833km(29.76607095AV)
උප ප්‍රධාන අක්ෂය4,503,443,661km (30.10366151AU)
විකේන්ද්‍රිකතාවය0.011214269
කක්ෂීය කාලයදින 60,190 (වසර 164,79)
සංගම කාලයදින 367.49
දළ කක්ෂීය වේගය5.43km/s
මධ්‍යන්‍ය කෞරිකාන්තරය267.7672810
ආනතිය1,7679750 (6.430 සූර්යයාගේ නිරක්ෂයේ සිට)
ආරෝහණ ගණිථීය දේශාංශ131.7943100
(Longitude of ascending node)
උපහේලික්සයේ සිට විස්තාරය265.6468530
උපග්‍රහයින් 13\
භෞතික ලක්ෂණ
මධ්‍යන්‍ය හරස්කඩ අරය24,764 + 5 km (පෘථිවිය මෙන් 3.883)
ධ්‍රැවිත අරය 24,341 + 30km (පෘථිවිය මෙන් 3.829)
පැතලිවීම0.0171 + 0.0013 (Flattening)
පෘෂ්ඨ මලු7.6408 X 109 km2 (පෘථිවිය මෙන් 14.98)
පරිමාව6.254 x 1013km3 (පෘථිවිය මෙන් 57.74)
ස්කන්ධය1.0243 x 1026kg (පෘථිවිය මෙන් 17.142)
මධ්‍යන්‍ය ඝනත්වය1.638 g/cm3
සාමාන්‍ය පෘෂ්ට ගුරුත්වය11.15m/s2 (1.14g)
වියෝග ප්‍රවේගය23.5km/s
භ්‍රමණ කාලයදින 0.6713 (පැය 16 මිනිත්තු 6 විනාඩි 36)
සාමාන්‍ය භ්‍රමණ ප්‍රවේගය2.68 km/s (9.660km/h)
අක්ෂිය ඇලය28.320
උතුරු ධ්‍රැවයේ දකුණු ආරෝහණයපැය 19 විනාඩි 57 තත්පර 20
උත්තර ධ්රැව අවනතිය42.9500
(Albedo / සුදු බව / සුදුව) දීප්තිය0.290(bond) [0.41(geom.)]
දෘශ්‍ය ප්‍රමාණය8.0 සිට 7.78
කෝණික විෂ්කම්භය2.2” – 2.4”
විශේෂණ නෙප්චූනියන්
වායුගෝලය
සංයුතිය | 803.2% හයිඩ්රජන් |
---|---|
193.2% හීලියම් | |
1.53.2% 0.5% මීතේන් | |
~0.0019% හයිඩ්රජන් ඩියුටරයිඩ් (HD) | |
~0.00015% ඊතේන් | |
ඝණ සංයුති | අැමෝනියා |
ජලය | |
අැමෝනියම් හයිඩ්‍රෝ සල්ෆයිඩ් (NH4SH) |
පැතිරී ඇති දුර19.7 + 0.6 km
සොයාගැනීම
වර්ෂ 1612 දෙසැම්බර් මස 28 වැනිදා ගැලීලියෝ විසින් නෙප්චූන් ප්‍රථම වරට දකින ලද බවත් නැවත 1613 ජනවාරි 27 වැනිදා එය දර්ශනය වූ බවත් ඔහුගේ චිත්‍ර පෙන්වා දෙයි.එම අවස්ථා දෙකේ දීම එය රාත්‍රී ආකාශයේ බ්රහස්පතීට සංයුඤ්ජනව දිස් වූ නිසා ගැලීලියෝ එය ස්ථිර තාරකාවක් බවට වරදවා වටහා ගත්තේය. එම නිසා නෙප්චූන් සොයා ගැනීමේ ගෞරවය ඔහුට අත් නොවීය. 1612 දෙසැම්බර් මස ඔහුගේ ප්‍රථම පර්යේෂණ කාලය තුළ එය ආකාශයේ නිශ්චලව තිබුණි. එයට හේතුව හරියටම එම කාලයේම නෙප්චූන් වක්‍ර වීමට හැරුණු නිසාය. මෙම දෘශ්‍ය ආපසු ගමන් කිරීම ඇති වන්නේ පෘථිවි කක්ෂය ඊට පිටතින් පිහිටි ග්‍රහ ලොවක් පසුකර යන විටය. නෙප්චූන් එහි වාර්ෂික වක්‍ර වීමේ චක්‍රය ආරම්භ කරමින් තිබූ නිසා ගැලීලියෝගේ කුඩා දුරේක්ෂයට හසු නොවන තරම් එය මන්දගාමී විය.වර්ෂ 1812 දී ඇලෙක්ස් බෝ වාර්ඩ් යුරේනස් කක්ෂයේ තාරකා විද්‍යාත්මක වගු ප්‍රකාශයට පත් කළේය. පසුව කළ ගවේෂණ මඟින් හෙළි වූයේ ග්‍රහලොවෙහි චලිතය වගුවලට වඩා මඳක් වෙනස් බවයි. මෙම සිද්ධිය , නොදන්නා වස්තුවක ගුරුත්වාකර්ෂණ බලය මඟින් නෙප්චූන්හි පථය කළඹනවා යන කල්පිතය කරා බෝවාර්ඩ් මෙහෙය වීය. 1843 දී ජෝන් කවුච් ඇඩම්ස් විසින් යුරේනස්ගේ පථයට බාධා කරන අට වැනි ග්‍රහ ලොවේ කක්ෂය ගණනය කරන ලදී. ඔහු සිය ගණනය කිරීම් රාජකීය තාරකා විද්‍යාඥ සර් ජෝර්ජ් අයිරිට ලබා දුන්නේය.සර් ජෝර්ජ් අයිරි ඔහුගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියේය. ඇඩම්ස් පිළිතුරක් ලිවීම ආරම්භ කළ මුත් කෙදිනකවත් පිළිතුරු නොයැවූ අතර යුරේනස් හි ප්රශ්නය පිළිබඳව උනන්දු වී විමසා බැලුවේ ද නැත.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTg0THpnNUwxVnlZbUZwYmw5TVpWOVdaWEp5YVdWeUxtcHdaeTh5TWpCd2VDMVZjbUpoYVc1ZlRHVmZWbVZ5Y21sbGNpNXFjR2M9LmpwZw==.jpg)
අර්බන් ලි වෙරියර් (නෙප්චූන්ගේ සම සොයාගන්නෙකු වූ ගණිතඥයා) 1945 - 46 දී අර්බේන් ලි වෙරියර් , ඇඩම්ගෙන් ස්වාධීනව ඔහුගේ ගණනය කිරීම වේගවත්ව සිදු කළ නමුත් ඔහුගේ අනුගාමිකයන් තුළ ඒ පිළිබඳ උනන්දුවක් ඇති කිරීමේ දී අසීරුතාවයන්ට මුහුණ දුනි. කෙසේ හෝ ජුනි මාසයේ දී ප්‍රකාශයට පත් වු ලී වෙර්යර්ගේ ප්‍රථම තක්සේරුව ඇඩම්ස්ගේ තක්සේරුවට සමාන වීය, කේම්බ්‍රිජ් නිරීක්ෂණාගාරයේ අධ්යක්ෂ ජේම්ස් චාලිස් මහතා නව ග්‍රහලොව සෙවීමට පෙළබුණි. චාලිස් විසින් අගෝස්තු හා සැප්තැම්බර් මාස පුරාවටම අහස නිරීක්ෂණය කරමින් එය සොයන ලදී. මේ අතරතුර , ලී වෙරියර් ලිපියක් මඟින් බර්ලින් නිරීක්ෂණාගාරයේ තාරකා විද්‍යාඥ ජොහෑන් ගොට්ෆ්‍රයිඩ් ගෝල්ට වර්තනමානය භාවිතයෙන් මෙය සොයා බලන මෙන් දන්වා සිටියේය. නිරීක්ෂණාගාරයේ ශිෂ්‍යයකු වූ හෙන්රිච් ඩී ඇරෙස්ට් , ග්‍රහලෝකයක විස්ථාපන, ගතිලක්ෂණ සෙවීම, වෙරියර් විසින් අනුමාන කරන ලද ආකාශ ප්‍රදේශයේ මෑතකදී අඳින ලද සටහන්වලට අනුව හා දැනට පවතින අහස සම්බන්ධයෙන් සංසන්දනයන් සිදු කළ හැකි බව ගෝල්ට යෝජනා කරන ලදී. 1846 සැප්තැම්බර් 23 වැනිදා එනම් වෙරියර්ගේ ලිපිය ලැබුණු දිනම සන්ධ්‍යා භාගයේ දී නෙප්චූන් ග්‍රහලෝකය සොයා ගැනුණි. එය වෙරියර් අනුමාන කළ ස්ථානයට 10 ඇතුළතින්ද ඇඩම්ස් අනුමාන කළ ස්ථානයට 120 දුරිනුද පිහිටා තිබිණි. තමන් අගෝස්තු මාසයේ දී දෙවරක් ග්‍රහලොව දැක ඇති නමුත් සිය ක්‍රියා පිළිවෙලෙහි වූ අපරික්ෂාකාරී බව නිසා එය හඳුනා ගැනීමට නොහැකි වූ බව පසුව චාලිස්ට තේරුම් ගියේය. එය සොයා ගැනීමත් සමඟම නෙප්චූන් සොයා ගැනීමේ ගෞරවය හිමි විය යුත්තේ කාට ද යන ප්රශ්නය මත බ්‍රිතාන්‍ය හා ප්‍රංශය අතර ජාතිවාදී ගැටුමක් නිර්මාණය විය. එසේම ලී වෙරියර් හා ඇඩම්ස් යන දෙදෙනාට මෙම ගෞරවය හිමි විය යුතු බවට ජාත්‍යන්තර සම්මුතියක් ගොඩ නැඟිණි. කෙසේ නමුත් වර්ෂ 1998 දී “නෙප්චූන් පත්‍රය” හි (ග්‍රීන් විචර්හි රාජකීය නිරීක්ෂණාගාරයේ ඓතිහාසික ලියවිල්ලක්) නැවත සොයා ගැනීමත් සමඟ ඉතිහාසඥයන් විසින් නෙප්චූන් සොයාගැනීම පිළිබඳ ප්රශ්නය නැවත කරළියට ගෙන එන ලදී. දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ඕලින් ජේ. ඊගන් නම් තාරකා විද්‍යාඥයා විසින් අයුතු ලෙස අත්පත් කරගෙන සිටි එය ඔහුගේ මරණයෙන් පසුව නැවත සොයා ගැනුණි. ඇතැම් ඉතිහාසඥයන් දැන් කියා සිටින්නේ ඇඩම්ස් ලී වෙරියර් සමඟි සමාන ගෞරවයක් නොලබන බවයි. 1966 සිටම ඩෙනිස් රෝලින්ස් විසින් ඇඩම්ස්ට නෙප්චුන් සොයාගත් සම සොයා ගන්නෙක් ලෙස ගෞරව කිරීමේ ප්‍රශ්න පිළිබඳව මතු කරන ලදි. ඔහු ඩිගෝ (Dio) සඟරාවෙහි ලිපියක දී එය හොරකමක් ලෙස දක්වා තිබුණි. “ඇඩම්ස් ගණනය කිරීම් කිහිපයක් සිදුකළ මුත් නෙප්චූන් ඇතැයි කියන ස්ථානය පිළිබඳ ඔහුට නිවැරදි හැඟීමක් නොතිබුණි” යැයි ලන්ඩන් විශ්ව විද්‍යාලයේ නිකොලස් කොලෙස්ට්රොම් 2003 වර්ෂයේදී පැවසීය.
නෙප්චූන් යනු සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යාගේ සිට අටවෙනි හා ඉතාමත් දුරින්ම පිහිටා ඇති ඇති ග්‍රහලොව වේ. එය විෂ්කම්භයෙන් හතරවන ස්ථානය අයත් කරගනී. එමෙන්ම එය ස්කන්ධය අනුව තෙවන විශාලම ග්‍රහලොවයි. එය පෘථිවිය මෙන් 17 ගුණයක් ස්කන්ධයෙන් විශාල වේ. තවද එය එහි යාබද ග්‍රහයාවන යුරේනස්ට වඩා ස්වල්ප වශයෙන් ස්කන්ධයෙන් වැඩි අතර යුරේනස් පෘථිවිය මෙන් 15 ගුණයක ස්කන්ධයෙන් යුක්තයි. මුහුදට අධිපති රෝමාණු දෙවියෙකුගේ නමින් එය නම් ඇති අතර එහි තාරකා විද්‍යාත්මක සංකේතය වන අතර එය නෙප්චූන් දෙවියාගේ ත්රිශූලයෙහි අලංකාර කරන සංකේතයයි. 1846 සැප්තැම්බර් 23 සොයා ගන්නා ලද අතර එය සාමාන්‍ය නිරීක්ෂයකින් තොරව ගණිතමය අනාවැකියකින් සොයාගන්නා ලද ප්‍රථම ග්‍රහලෝකය වේ. යුරේනස්ගේ බලාපොරොත්තු නොවූ කක්ෂීය වෙනස්වීමකින් පසුව අභ්‍යවකාෂ විද්‍යාඥයින්ට නොදන්නා ග්‍රහලොවක ගුරුත්වාකර්ෂණ කැළඹීම් ව්‍යුත්පන්න කිරීමට මඟ පාදන ලදී. නෙප්චූන් සොයාගනු ලැබුවේ අනුමාන කල ස්ථානයට අංශකයක් ඇතුලතිනි. එහි චන්ද්‍රයා සතුවන ටයිටන් කෙටි කාලයකින් සොයාගන්නා ලදී. නමුත් 20 වන ශතවර්ෂයට පෙර එහි අනෙක් චන්ද්‍රයින් 12 දෙනා සොයාගැනීමට නොහැකි විය. නෙප්චුන් කරා ළඟාවී ඇත්තේ එක් අභ්‍යාවකාෂ යානාවක් පමණි. ඒ වොයේජර් 2 යානාව වන අතර එය 1989 අගෝස්තු 25 දින ග්‍රහ ලොව අසලින් පියාඹා ගියේය.
නෙප්චූන්හි වායුගෝලය ප්රාථමිකව හයිඩ්රජන් හා හීලියම් වලින්ද මීතේන් සුළු ප්‍රමාණයකින්ද සමන්විත වේ. නෙප්චූන්හි වායුගෝලයේ ඇති මීතේන් වායුව නෙප්චූන්හි නිල් පැහැයට හේතු වේ. තවද නෙප්චූන් සෞරග්‍රහ මණ්ඩලයේ සුළං අධිකම ග්‍රහලොව වන අතර එහි සුළගේ ප්‍රභලත්වය පැයට කිලෝ මීටර 2,100 (1,300mph) පමණ වේ. 1989 වොයෙජර් යානය එය අසලින් පියඹා යන කාලයේ පසුව එහි දක්ෂිණ අර්ධ ගෝලයේ විශාල අඳුරු ප්‍රදේශයක් නිරීක්ෂණය කරන ලදී. එය බ්‍රහස්පති මත ඇති විශාල රතු ප්‍රදේශය වැන්නකි. නෙප්චූන් සූර්යාගේ සිට ඉතා ඈතින් පිහිටා තිබීම නිසා එහි වළාකුළු මුදුන් මත උෂ්ණත්වය 55 K (−218 °C; −361 ) තරම් වන අතර එය සෞරග්‍රහ මණ්ඩලයේ සිසිල්ම ස්ථාන අතරින් එකකි. එහි අභ්‍යන්තරයේ උෂ්ණත්වය 5,400 K (5,100 °C; 9,300 °F) පමණ වන අතර එය සූර්යයාගේ පෘෂ්ටීය උෂ්ණත්වයට හා වෙනත් දන්නා ග්‍රහලෝකවල ගර්භ උෂ්ණත්වයට සමාන වේ. තවද නෙප්චූන් සතුව අපැහැදිලි බිඳුණු වළලු පද්ධතියක් ඇති බව 1960 දී නිරීක්ෂණය කළ අතර වොයේජර් 2 මගින් තහවුරු කරන ලදී.
සටහන්
Neptune Discovery
- Hamilton, Calvin J. (4 August 2001). "Neptune". Views of the Solar System. සම්ප්‍රවේශය 13 August 2007.
- Walter, Elizabeth (21 April 2003). Cambridge Advanced Learner's Dictionary (2nd ed.). Cambridge University Press. ISBN .
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;fact2
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Seligman, Courtney. "Rotation Period and Day Length". සම්ප්‍රවේශය 13 August 2009.
- Williams, David R. (1 September 2004). "Neptune Fact Sheet". NASA. සම්ප්‍රවේශය 14 August 2007.
- "The MeanPlane (Invariable plane) of the Solar System passing through the barycenter". 3 April 2009. සම්ප්‍රවේශය 10 April 2009. (produced with Solex 10 written by Aldo Vitagliano; see also )
- Yeomans, Donald K. "HORIZONS Web-Interface for Neptune Barycenter (Major Body=8)". . සම්ප්‍රවේශය 8 August 2007. At the site, go to the "web interface" then select "Ephemeris Type: Elements", "Target Body: Neptune Barycenter" and "Center: Sun".
- Orbital elements refer to the barycentre of the Neptune system, and are the instantaneous values at the precise epoch. Barycentre quantities are given because, in contrast to the planetary centre, they do not experience appreciable changes on a day-to-day basis from the motion of the moons.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Seidelmann Archinal A'hearn et al. 2007
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Refers to the level of 1 bar (100 kPa) atmospheric pressure
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;ephemeris
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය