නත්තල් පෙරරැය යනු, ලොව පුරා පුළුල් ලෙසින් සැමරෙන වාර්ෂික නිවාඩු දිනයක් වන නත්තල් දිනයට පෙර, සම්පූර්ණ දිනය හෝ සැඳෑව හෝ වෙයි. බටහිර ක්‍රිස්තියානි සභාවෙහි එය සැමරෙන්නේ දෙසැම්බර් 24 දිනදී වන අතර, නත්තල් දිනය බලාපොරොත්තුවෙන් සම්පූර්ණ හෝ භාගික හෝ නිවාඩු දිනයක් ලෙසින් ක්‍රිස්තියානි ලෝකයේ සහ බටහිර ලෝකයේ පුළුල් ලෙසින් සැමරෙන එය, ඉතා වැදගත් සංස්කෘතික උත්සවයන්ගෙන් එකක් ලෙසින් සැලකෙයි.
නත්තල් පෙරරැය | |
---|---|
![]() 1904–05 කාලයෙහි කාල් ලාසන් විසින් නිර්මිත දියසායම් සිත්තමක් වූ ජූලෆ්ටන් (නත්තලට පෙරරැය), | |
Also called | නත්තල් සැඳෑව, නත්තල් බලාපොරොත්තුව, නත්තල් උදාව, නත්තලට පෙර රාත්‍රිය |
Observed by | කිතුනුවන්, බොහෝ අන්‍යාගමිකයින් |
Type | ක්‍රිස්තියානි, සංස්කෘතික |
Significance | ජේසුස් වහන්සේගේ උපන්දිනයට පෙරාතුව දිනය හෝ සන්ධ්‍යාව |
Observances | තෑගි සඳහා සාප්පු යෑම, තෑගි දීම, නිවාඩු දින සුබ පැතීම, මැදියම් රැය දේව මෙහෙය, අනෙකුත් දේවස්ථාන මෙහෙයයන්, ආහාර ගැනුම, නත්තල් තෑගි රැගෙන එන්නන් පැමිණීම සඳහා සූදානම් වීම, නත්තල සඳහා සූදානම් වීම |
Date | දෙසැම්බර් 24 (විකල්ප වශයෙන් ජනවාරි 6 or 18) |
Frequency | වාර්ෂික |
Related to | නත්තල් දිනය, නත්තල් සමය |
නත්තලට පෙර දින උත්සව සැමරීමට එක් හේතුවක් වන්නේ, සාම්ප්‍රදායික ක්‍රිස්තියානි ජනවන්දනාමය දිනය ඇරඹෙන්නේ ඉරුබැසීමත් සමග බැවින් වන අතර, මෙම සංකල්පය යුදෙව් සම්ප්රදායයෙන් ලැබූ දායාදයකි. මෙම ප්‍රගුණනය පදනම්ව ඇත්තේ උප්පත්ති පොතෙහි මැවීමේ කතාන්තරයෙහි: "සවස ගතවිය, උදය උදාවිය, ඒ පළමු වන දවසය " යන්න සමගිනි. නැගෙනහිර සම්ප්‍රදායයෙහිදී වසර පුරා සියළුම මංගල්‍යය දිනයන් සඳහා ජනවන්දනාමය දිනය අරභයා මෙම ආකෘතිය භාවිතා කරන අතර සාමාන්‍යයෙන් ජනවන්දනාමය දිනය මධ්‍යම රාත්‍රියෙහි ඇරඹෙන බටහිර සම්ප්රදායයෙහි, මෙය නත්තල (මෙන්ම ඉරිදා දිනයන් සහ අනෙකුත් ප්‍රධාන උත්සව) සඳහා පවත්වාගෙන යනු ලැබෙයි. නිවාඩු දිනයට පෙර සන්ධ්‍යාවේ බොහෝ දේවස්ථානවල දේවස්ථාන සීනු නාද කරන අතර යාච්ඤා සිදු කරනු ලැබේ; නිදසුනක් වශයෙන්, ස්කැන්ඩිනේවියානු (ලූතරානු) දේවස්ථාන. ස්කැන්ඩිනේවියානු වැනි සමහරක් භාෂා වලින්, නත්තලට පෙර දිනට ව්‍යවහාර වන්නේ "නත්තල් සන්ධ්‍යාව" යන නමය.
ක්‍රිස්තියානු සම්ප්රදායය අනුව ජේසුස් වහන්සේ උපන්නේ රාත්‍රියේ බැව් සැලකෙන හෙයින් ( ලූක් 2:6-8 පදනම් කොට ගෙන), නත්තලට පෙර දිනයේදී මධ්‍යම රාත්‍රි මෙහෙයය, සාම්ප්‍රදායික ලෙසින් මධ්‍යම රාත්රියේදී, පැවැත්වෙන්නේ උන්වහන්සේගේ උපත සිහිකිරීම සඳහාය. ජේසුස් වහන්සේ රාත්‍රියේ උපත ලද බවට සංකල්පය හුවා දැක්වෙන්නේ, ජර්මානු භාෂාවෙන් නත්තලට පෙර දිනය "හයිලිගේ නාට්" ("ශුද්ධවූ රාත්‍රිය") ලෙසින් හැඳින්වීමෙන්ද, ස්පාඤ්ඤ භාෂාවෙන් "නොචෙවුයෙනා" ("සුභ රාත්‍රිය") ලෙසින් හැඳින්වීමෙන් සහ, "සයිලන්ට් නයිට්,ඕ හෝලි නයිට්" ගීතය වැනි අනෙකුත් නත්තල් අධ්‍යාත්මික ප්‍රකාශයන් වෙතින් වෙති.
මූලාශ්‍ර
- "Christmas as a multi-faith festival - BBC NEWS - PDF Retrieved 24 November, 2011" (PDF).
- Ramsy, John. "The Glorious feast of Nativity". Coptic Orthodox and Network. සම්ප්‍රවේශය 2011-01-17.
- Mary Patt Phisher (1997). "Living Religions: an encyclopedia of the world faiths". I. B. Toris. සම්ප්‍රවේශය 2010-12-29.
Christmas is the celebration of Jesus' birth on earth.
- "Christian Calendar". යුදෙව්-ක්‍රිස්තියානි සම්බන්ධතා සඳහා ජෙරුසලෙම් කේන්ද්‍රය. සම්ප්‍රවේශය 2010-12-29.
- කෙස්ලර්, එඩ්වඩ් (2005). අ ඩික්ෂනරි ඔෆ් ජුවිෂ්-ක්‍රිස්ටියන් රිලේෂන්ස්. කේම්බ්‍රිජ්, කේම්බ්‍රිජ්ෂයර්, එක්සත් රාජධානිය: කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. p. 274.
{{}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) () - "Bible - NIV". 2005.
- "ද ඩේලි සයිකල් ඔෆ් සර්විසර්ස්". මෙට්‍රොපොලිටන් කැන්ටර් ඉන්ස්ටිට්යුට්. සම්ප්‍රවේශය 2010-12-29.
- "කැතලික් ලිටර්ජි". වතිකානුව. සම්ප්‍රවේශය 2010-12-29.
- "Helgmålsringning". Natinalencyclopedin. සම්ප්‍රවේශය 2010-12-29.
- "වැටිකන් ටුඩේ". සම්ප්‍රවේශය 2010-12-29.