තුංමංහංදිය යනු 1970 වර්ෂයේ ශ්‍රී ලංකාවේ තිරගත වූ මහගම සේකර මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද, සිංහල චිත්‍රපටයකි.
තුංමං හංදිය Thun Man Handiya | |
---|---|
ගොනුව:DVD Cover for the movie "Thunmanhandiya".jpg DVD Cover for the film | |
අධ්‍යක්ෂණය කලේ | මහගම සේකර |
නිෂ්පාදනය කලේ | චිත්‍රා බාලසූරිය |
ලියන ලද්දේ | මහගම සේකර |
රඟ පාන්නේ | ජෝ අබේවික්‍රම කරුණාරත්න රණසිංහ |
සංගීතය සැපයුවේ | ඩබ්. ඩී. අමරදේව |
සංස්කරණය කලේ | දිලිමුණි ජයතිස්ස |
Release date | 1970 |
Running time | මිනිත්තු 93 |
Country | |
Language | සිංහල |
==කථාව==ඉතුරු ටික කථාව පාදක වන්නේ කුඩා ගම්මානයක වෙසෙන විත්ර ශිල්පියෙක් වූ අබිලිං (ජෝ අබේවික්‍රම) ගේ ජීවිතය සහ ඔහුගේ බෑණා වූ සිරිසේන (කුමාර බාලසූරිය, කරුණාරත්න රණසිංහ) යන අය වටායි. අබිලිං යනු මත්පැනට ලොල් වූ සහ ණය බරින් පෙළෙන, අරමුණකින් තොරව ජීවත් වන්නෙකි. සිය සහෝදරයා (ධර්මදාස කුරුප්පු) සහ අනෙකුත් ගම්වැසියන් සමග විවාදයෙහි පැටලෙන ඔහු පසුව, ධනවත් ඉඩම් හිමියෙකු (ඒ. පී. ගුණරත්න) සමග රැකියාවක් ලබා ගැනීමට තීරණය කරයි.
මේ අතර සිය මාමාගේ පෙළඹවීම මත සිරිසේන, චිත්‍ර පාසලට ඇතුලත්ව ඔහුගේ හැකියාවන් දියුණු කර ගනියි. එහිදී ඔහුගේ අපේක්ෂාව වන්නේ සිය දක්ෂතාවන්, මාමා වූ අබිලින් හට පෙන්වීමයි.
රංගන ශිල්පීන්
රංගන ශිල්පියා | චරිතය |
---|---|
ජෝ අබේවික්‍රම | අබිලිං |
කුමාර බාලසූරිය | සිරිසේන - තරුණ |
කරුණාරත්න රණසිංහ | සිරිසේන - ගැටවර |
මව | |
ධර්මදාස කුරුප්පු | මාමා |
දෙනවක හාමිනේ | ආච්චි |
ඩී. ඒ. බාල්සූරිය | පියා |
ඒ. පී. ගුණරත්න | රාළහාමි |
ගැමුණු විජේසූරිය | අයිසෙ |
ජේමිස් | |
ඩී. එස්. කරුණාරත්න | |
ශ්‍රිමත් බී. ලේකම්ගේ | දොස්තර |
චන්ද්‍රා කළුආරච්චි | සොපී |
චන්ද්‍රපාල විජේසූරිය | පොඩි මහත්තයා |
සෝමා බෝපිටිය | හාමිනේ |
ගීතානි වික්‍රමසිංහ | සුදු මැණිකේ |
සුනිල් ජයවීර | චිත්‍ර ගුරුතුමා |
කරුණාරත්න රණවක | නැපෝ සිංඥො |
ධර්මසිරි අත්රකෝරල | ජයසිංහ ගුරුතුමා |
විජේරත්න වරකාගොඩ | ගායකයා |
සංගීතය
චිත්‍රපටයට සංගීතයෙන් දායකත්වය ලබා දී තිබෙන්නේ ඩබ්. ඩී. අමරදේව මහතායි.
මීට අමතරව චිත්‍රපටියේ වූ ඩබ්. ඩී. අමරදේව විසින් ගායනා කල "අතීතයෙන් ගංගා" ගීතය සහ, විජේරත්න වරකාගොඩ විසින් ගායනා කරන "යන්නෙම් දක්නා සේ මා" යන ගීත ද්විත්වයම රචනා කොට තිබෙන්නේ මහගම සේකර මහතා විසිනි.
සම්මානයට පාත්‍රවීම්
- 1970 OCIC සම්මානය- හොඳම චිත්‍රපටිය.
- පළමු වසර 50 සඳහා ජනපති කවුන්සිලය මගින් නම්කල හොඳම චිත්‍රපටි අතරට එක් වීම.